..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, April 19, 2010

~~ නික්මීම ~~




සුවඳ කොඳ මල් පිපුන
සුමුදු සුකොමල පහස
දඟපාපු කෙහෙරැල්ල
තුටු කෙරුව රතු දෙතොල
අද කොහිද සුකොමළියෙ
අඩවන් වු නුග නයන
ලඟට විත්
බැලුවොත් සුවඳ පමණක් දැනෙන
මුදු පහස රස සුවය
අතරමං වූ එදින
අද අපට ඇත බොහොම
වටින දේ පිවිතුරුව
ආදරය ආදරය
සැබැවින්ම ආදරය
මතක මං තුළ සරණ
පණ ගැහෙන එකම දෙය

ගිලිහෙන තාරුණ්‍ය දුටු  
මම
~ වත් ~

24 ප්‍රතිචාර:

ගීත් said...

හිතන්න අකමැතී සැබැම සත්ය. මෙ රූපේ ඉන්න කෙනා ඒ දවස්වල කොච්චර ලස්සනට ඉන්න ඇතිද නේද?

හොද නිර්මාණයක්

වැප් said...

හම් .... !!!!!!!

රවා said...

:)

දිල් said...

ඕනෙම දෙයක් සදාකලික නෑනෙ වත්සලා ..නේද ?

හරිම අපූරු නිර්මානයක්

හේම ජයන්ත කොළඹගේ said...

අතීත රූපය අතීතයේදීම නිරුද්ධ විය..
වර්තමාන රූපය වර්තමානයේදීම නිරුද්ධ වෙයි..
අනාගත රූපය අනාගතයේදීම නිරුද්ධ වෙයි..
මම කොතැන සිටින්නෙමිද....
අතීත ආදරය නම් සිත අතීතයේදී නිරුද්ධ විය..
අද කෝ එය...
මතකයක් විතරයි...
මතකයද අනිත්‍යයි...
ගැඹුරු චංචල විලෙක මඩ අතර සැඟව ගිය
සඳකත්මිණ වගේ...

Ravin Caldera said...

තාරුණ්‍ය ඇති කල, එයින් සතුටු වන්න. . . හොඳ අදහසක්!

LishWish said...

වර්තමානයට ආදරය කරන්න වත් අක්කා..!!! ඒක හරි හිතට සැනසිල්ලයි..! මට මේක කියවනකොට මතක් උනේ අමරදේව මහත්මයාගේ කොළොම්තොට නැත මහලු වී ගීතය..!

ලස්සන පද වැලක්..!
ජයෙන් ජය ම පතනවා...!

තිස්ස දොඩන්ගොඩ said...

කවියනම් බොහොම අගේ...!
පේනවානේ දැන් මට මේ කොල්ලෝ කියන කතා... මාමලු සීයලු... මක් කරන්නද... රට ඉඳි වලින් වත් ගොඩ ගන්න පුලුවන් කේස් එකක් නෙමේ මේක... රූපං ජීරතී... මේ ලීෂාන් මල්ලි (පුතා..?) ලස්සන කතාවක් කියලා තිබ්බා නේ සොඳුරු සිත...?

"වර්තමානයට ආදරය කරන්න..."

indi said...

ආදරේ හරියට පූජාසනේ තියපු මලකට සම කරගෙන ආසාවෙන් ඇස් අඳ කරගන්න තතනන පොඩි එවුනේ මේ අක්කගෙ වාක්කය නිදහසේ කියෝල බලාපන්......

පුංචි සමනලී said...

අපි හැමෝටම කවදාහරි වෙන්නේ ඔය ටිකනේ.... ඒ වෙනකල් මිනිස්සු කීයක් ජාති කරනවද රූපේ ගැන හිතලා..... අනේ අපොයි!!!!

කවිය නම් හරිම ලස්සනයි අක්කා....

ගල්මල්-Coral said...

අපූරු කවිය, ගොඩාක් රසවින්ඳා.

අනිත්‍ය ලොවේ නිත්‍ය එකම දෙය සියල්ල අනිත්‍යබව මනාවට කියාපන ලස්සන පදවැල.

සොයුරිය, ඔබේ නිර්මාණවල සුවිශේෂිත දෙයක් රූප සංකලනය - හැම විටම උපරිමයි.

බිඟුවා...! said...

ලඟට විත්
බැලුවොත් සුවඳ පමණක් දැනෙන

200% agreed.

සුවඳ නම් නැති වෙන්නේ නෑ කියලා මාත් හිතනවා

wath said...

@ ගල්මල්-Coral
මම මගේ හිතේ තියන අදහසට හරියන පින්තූර මගේ හිතට හොඳට පිටි වෙනම් හොයනවා. පින්තූර හරි නැත්තම් ලියන්නේ නැහැ. ඒත් සමහර වෙලාවට සමහර පින්තූර දැක්කම ලියන්න ගත්ත අදහස පසෙක තියල පින්තූරය නිසා මගේ හිතේ ඈතිවුන සිතුවිලි අකුරු කරනව. සමහර පින්තූර අපිට කතා කරනව. ඒ පින්තුර වල ලොකු කතාවක් තියනව කියල මට හිතුනම ඒ ගැන ලියනව. අයියා කීව කතාව මට කිහිපදෙනෙක්ම කිව. පින්තූර සංවේදි හිත් වලට කතා කරනව....

wath said...

@ ගීත්
බොහෙම තරුණ වයසෙ ඉන්න ගීත් මල්ලිටත් ඈත්ත තේරුණා එහෙනම්....

@ වැප්
වැප් දැම්මම නාකි වුනාද? මේ සිතුවිල්ලට මුල ඔයා. ඈයි දන්නවද ? තිස්ස අයියට ඔයා "මාමා" කීවම තමයි මට මේ අදහස ආවෙ...

@ රවා
:)

wath said...

@ දිල්
ඔයා හරි දිල්... මට වත් කියනව නම් මම ගොඩක් කැමති.

@ හේම ජයන්ත කොළඹගේ
ඔබතුමාගේ අදහස හරිම ලස්සනට ලියල. හඳුනා ගන්න ලැබීමත් මේ වගේ comment එකත් ලැබීමත් ඉතාමත් අගය කර සලකමි. ඔබතුමාට තුති.

@Ravin Caldera
රවීන් අයියා... මම හිතුවෙවත් නැති අදහසක් මට පෙන්නා දුන්නා. බොහොම තුති...

wath said...

@ LishWish
ඈත්ත මල්ලියෝ. වර්තමානයට ආදරය කරන්න ඕනි තමයි. ඒත් ඒ මත්තෙම නැහීලෙන මැරී ගෙන දුක් විදින අපේ සහෝදර සහෝදරියන් දැක්කම මට හිතුනා සත්‍ය පෙන්වා දීල දුක තරමක් හෝ තුනී කරන්න....

@තිස්ස දොඩන්ගොඩ
කොල්ලො විහිළුවට "මාමා" කීවට අයියා තාමත් ආදරයෙන් ඒ හැමෝටම වඩා තරුණයි බොළඳයි අවංකයි...

@ indi
අන්න ඈත්ත... කැඩුණ බිදුණ හිත්වලට සහනයක් වෙයි නම් ලොකු දෙයක්...

@ පුංචි සමනලී
චුංචි සමණළී ... පුංචී වුනත් ඈත්ත වටහා ගන්න පුලුවන් දැරිවියක්....

@බිඟුවා...!
ඔවු බිඟුවා
සුවඳ අනන්න්‍යයි...

හසිත ජයසූරිය said...

අති විශිශ්ට නිර්මාණයක්.....කියල වැඩක් නෑ....කතාවනම් ඇත්ත වගේ ......වෙනස් නොවන එකම දේ වෙනස් වීම කියනවනෙ

චමිදේවා said...

සමහරු ඉතිං ඔහොම වෙන්නේ නෑ කියලනේ හිතන්නේ...
මමනම් ආසයි ඉක්මනටම ඔය වගේ වෙන්න.ඇයිද දන්නේ නෑ...

චමිල said...

රුවෙන් මත් වූ කාලයේදිත්
ආදරය මේ ලෙසම තිබුනී....
නමුත් එය වසාගෙන
රූපයම යලි යලිත් දිලුනී....

ලස්සන අපූරු කවියක් අක්කේ.....

wath said...

@ හසිත ජයසූරිය
thank u මල්ලියා

@ චමිදේවා
ඉක්මනට නාකි වෙන්නද කල්පනාව. හා හා ඒව ඔට්ටු නැහැ.තමන්ගෙ යුතුකම් ටික ඉටු කරල නාකි වෙන්න. නාකි වෙලා ආපස්ස හැරිල බලල දුක් වෙන්න වෙයි නැත්තම්.

@ චමිල
සැබෑ ලස්සන , සැබෑ ආදරේ ඒකතමයි චමිල

රවා said...

අක්කා අපි කරන්න ඔනා වෙනස් විම හදවතින් පිළිගන්න එක .. නැත්නම් එතන දුකක් , වෙදනාවක් හට ගන්නෙ..ඔයාට හැමදාම මම ම එන්න ඔනා මෙව්වා කියලා දෙන්න..

මම නම් තිස්ස අයියට මාරයගෙ බ්ලොග් එකෙදි තිස්ස සීයා කිව්වෙ නැතො...

මිත්‍රයා said...

වෙනස් නොවන එකම දේ වෙනස්වීම විතරයි...

මාරයාගේ හෝරාව said...

රූපං ජීරති මච්ඡානං
නාම ගොත්තං න ජීරතී...

කුමාරගේ පන්හිඳ said...

ලස්සනයි ෙගාඩක්
ජය

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...