..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, April 17, 2010

~ ආදරය මෙයයි ~

 
සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ මට නම් හරිම කම්මැලි දවස් ටිකක් තමයි. කොල්ලෙක්වත් වුනා නම් කාලා බීලා ජොලියෙ ඉන්න තිබ්බා. අවුරුදු එන්නෙ ගැහැණුන්ට නැහෙන්නයි පිරිමින්ට විනෝද වෙන්නයි කියල කවුදෝ කීව මට මතකයි. ඒත් ඉතින් අවුරුද්දක් එන්නෙ නැත්තම් සමහරු ගම්පළාත් වලට එන්නෙත් නැහැ නෙව.
පත්තර කඩත් වහල නිසා පත්තරයක්වත් ගන්න ක්‍රමයක් තිබ්බෙ නැහැ. දැන් ටික දවසක ඉඳල ජංජාලෙත් එපා වෙලා.
"මොනාද ළමයො, ගෙදරටම වෙලා ඉන්නෙ. එනව මාත් එක්ක ලොකු අම්මලාගේ ගෙදර ගිහින් එන්න." ඇත්ත තමයි නිවාඩු දවසට මම ගෙයින් එළියට බහින්න නම් හරිම කම්මැලිය. හැබැයි සෙනසුරාදට පත්තරේ ගේන්න(සෙනසුරාදට ගිහින් ගේන්නෙ ඉරිද පත්තරේ) යන්නෙ නම් ස්වකැමැත්තෙන්මයි. මොකද පත්තරේ බැලුවෙ නැත්තම් එදාට නිකම් හාමතේ හිටිය වගේ තමයි. ජංජාලෙන් පත්තර බලන්න මම කැමති නැහැ.මම ඒ ගැන ඉරිද පත්තරේ කියන පොස්ට් එකෙන් කියල ඇති.
ඔන්න ඉතින් ලක ලෑස්ති වෙලා පාරට බැස්ස. නැකැත් වෙලාවල් හින්දද කොහෙද හීන් හිරිපොද වැස්ස.බසුත් නැහැ . වෙනදට පෝළිමට රදවල තියන ත්‍රීවීල් එකක්වත් නැහැ. ඔන්න ඔහේ ත්‍රීවිල් එකක් හම්බෙනකම් පයින් යමු. ඒක මතික තිරණයෙන් දැන් අපි පයින් යනව.

ලස්සන තුන්පත් රෑනක් අපෙ ඉස්සරහට එනව. පොඩි එකා ආන්බාන් කර ගන්නෙත් අමාරුවෙන් වගේ. එකම කුඩේ යට තුන්දෙනා. ටික ටික ලං වෙනකොට මට දැනුනා ඒ පිරිමි මුහුණ මම දැකල පුරුදු බව. හරියටම නිච්චියක් නැහැ.
සිවුනෙත් එකට ගැටුන. 
"ආහ් වත්... ,මාව අඳරගන්න බෑද? නැත්තම් අදුරන්නෙ නැතිව වගේ ඉන්නවද?" 
අප්පොච්චියේ දැන්නෙ මට මතක් වුනේ මේ අපේ කැම්පස් එකේ හිටිය SPBR . ඒත් මේ ගැහැණු ළමය නම් ඒ දවස් වල පණ පණ කියල හිටිය තැනැත්ති නෙමෙයි. 
මගේ හිතේ දහසකුත් එකක් ප්‍රශ්ණ. 

"ආහ් මවුන්ටන් (කැම්පස් කාලෙ card එක මට තාමත් එයාගෙ ඈත්ත නම මතක නැහැ) ඔයා කොහෙද මෙහෙ ? ඒ මගෙන් ප්‍රශ්ණයක්.

"අපි අවුරුද්දට ආව නෙ wife ලගෙගෙදර. මෙ මගේ wife . අපි මේ town එකට යනව පොඩි වුවමනාවකට. බසුත් නැති නිසා පයින්ම ආව."
 
ඉතින් ​පුංචි එකාවත් පොඩ්ඩක් හුරතල් කරල. wife එක්කත් පුංචි කතාවක් දාලා ඒ තුන්දෙනා ඒ ගමනත් අම්මයි මායි මේ ගමනත් යන්න පටන් ගත්ත. එතකොට ලාබසිනාට මොකද වුනේ ( ලාබ සිනා කියන්නෙ එයා ඒ දවස් වල පණ මගේ පණ කිය කිය හිටිය කෙල්ල). ඒ දෙන්න තමයි ඒ දවස් වල මුළු කැම්පස් එකේම හිටිය පරමාදර්ශි පෙම් යුවල. මම ඒ ගැන හිත හිත යන කොට අම්ම ඒ අස්සෙ මට දෙහි කපනව. 

"ඒ කවුද? කැම්පස් එකේ ළමයි නේද? " "එක වයසෙ ළමයි වෙලත් ඒ දරුවන්ටත් දැන් දරුවො ඉන්නව.ලොකු පුතේ උඹ මට වදදිදී කවි ලිය ලිය ඉන්නද කල්පනාව තවත්."

ඉස්සර මාත් කල්පනා කලේ SPBR වගේ කොල්ලෙක් මටත් හම්බෙනව නම් කියල. දැන් නම් හිතෙනව ආදරේ අමුම අමු බොරුවක් කියල.

මම ආයෙත් සැරයක් හැරිලා මට පිටුපා යන ඔවුන් තිදෙනා දෙස අවසන් වතාවටත් බැලුව. හීන්හිරිපොද වැස්සෙ වැහි පින්නටද කොහෙද බොද වූ සිත්තමක් ලෙස ඔවුන් මගේ ඈසින් ඈතුලු වෙලා මගේ හදවතේ ලැගුම් ගත්ත.සුනි
ල් එදිරිසිංහ මහත්තයා මගේ කණට කොඳුරල හිතට මෙහෙම කීව...

එදා ළඟ සිට දුටුව ඔබ නොව
 මෙදා දුර සිට මා දකින්නේ
 සදා කාලික නොවූ ලෝකෙක
 සදා කෙලෙසද පෙම් බඳින්නේ


සදාතනික ආදරයක් සෙවුව  
මම
~ වත් ~

27 comments:

  1. "සදාතනික ආදරයක්" හොයාගන්න එක නම් ටිකක් අමාරු වැඩක්. නමුත් බැරි නැහැ. ඒ හින්දා අපට තියෙන්නෙ අත් නොහැර උත්සහ කරන එක තමයි. මට විශ්වාසයි. දවසක අපි දිනනවා. මම එහෙම කියන්නෙ ඒ විදිහට දිනපු අය ඉන්නවා....

    ReplyDelete
  2. සොයුරිය ලස්සන මතකයක් ගෙනහැර පාමින් වටිනා විමසීමක් කර තියෙන්නේ.

    මින්ද්ද මල්ලි ගේ සටහන හරියටම හරි.

    ReplyDelete
  3. අපොයි කැම්පස් සනාතනික ආදර්ශමත් පෙම් පුරාවෘත නම් කියලා වැඩක් නෑ.... අවුරුදු 3 short course තමා.... පවු කෙල්ලෝ... ඒත් ඉතින් එහෙම නොවුන, අදටත් බෝම ලස්සනට ඉන්න යුගල් හෙමත් නැතුවා නොවේ.. ඒත් අවාසනාවකට වගේ බහුතරයක්, අද හොයා ගන්නවත් නෑ..ඔය සංතෑසියම තමා...

    ReplyDelete
  4. අක්කට පුළුවන් නම් කාට හරි සදාකාලික ආදරයක් දෙන්න.. අක්කට එවගෙ දෙයක් ලබාගන්නත් වාසනාව තියෙයි... මම නම් මෙ සම්භන්දව එක්ස්පර්ට් කෙනෙක් නෙමෙ.

    ඔයාට මතකද දවසක් දාපු පොස්ට් දෙක, විදුහල්පතිවරයෙකුගෙයි, බයික් එක පැදගෙන ගිය කොල්ලගෙයි, ඉතින් එ දෙවල් වලින් ඔයගෙ හිත සදාකාලික ආදරයක් බලාපොරොත්තු වෙනවා කියලා.

    සමහර මිනිස්සු ඔයා ලියපු දෙට හිනාවෙන්නත් පුලුවන්. නමුත් වැදගත්ම දෙ ලොකයෙ ගොඩාක් දෙවල් පවතිනවා. අපිට හැම දෙයක්ම හම්බ වෙන්නෙ නැහැ.. අපිට එහෙම දෙයක් දෙන්න පුළුවන්නම්.. අපි එ දෙ ගන්නත් දත් මැදගෙන ඉන්න ඔනා.. හොදට බලන්න ඔයගෙ වටෙම කිපදෙනෙක්ම ඉන්නවා සදාකාලික බැදිම් වලින් එයාලව හිර කරගෙන. සදාකාලික ආදරයක් හොයන්න එපා.. එක දෙන්න උත්සහායක් දෙමු. ඔයා ගොඩාක් වෙගයෙන් වෙනස් වෙන කෙනෙක්. ඔයාට එ වගෙ දෙයක් කරන්න පුළුවන් නමුත් ගොඩාක් මහන්සි වෙන්න, කැපවිම් කරන්න වෙනවා..

    ඔයා මිතුරව දැක්ක හින්දා එහෙම දෙයක් නැහැයි කියලා හිතාගන්න එපා.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඕං ඉතින් තැපෑලෙන් පීනන්න ඉගෙනගන්න හදනවා.......

    ReplyDelete
  7. සදාකාලික ආදරයක්.....එහෙම දෙයක් තියෙනවද???

    ReplyDelete
  8. සියල්ල වෙනස් වන සුලු වුවත් සමජ සම්මතයන් අභිමවා යා නොහැක

    ReplyDelete
  9. නංගී, විශ්ව විද්‍යාලේ ප්‍රේම පුරාවෘත්ත ගැන නම් නොහිතන තරමට හොඳයි! පවතින ඒවා නැතිවමත් නෙමෙයි. ඒත් බහුතරයක් දිහා බැලුවහම එහෙම දෙයක් නොවුන එක හොඳයි කියලා ඔයාටම හිතෙනවනේ.සදාකාලික ප්‍රේමයක් නැහැ නංගී.එක එක කාලෙට ජීවිතේ සතුට දුක මාරු වෙන එක විතරයි වෙන්නේ.හිමි වෙන්න තියෙන දෙයක් හිමි වීමත්, අහිමි වෙන්න තියෙන දෙයක් අහිමි වීමත් කාටවත් වළක්වන්න බැහැ කියලා විතරයි මට නම් තේරෙන්නේ.

    ReplyDelete
  10. යමක් හිමි වෙන්න තියෙනවා නම් ඉක්මනටම හරි පරක්කු වෙලා හරි ඒ දේ ලැබෙනවාමයි...

    ReplyDelete
  11. කැම්පස් ආදරය මම දැක්කෙ නම් එක්තර විහිළුවක් විදියට. සැබෑවටම මම නම් සතුටු වෙනවා කැම්පස් ආදරයට ගොදුරු නොවීම ගැන.

    මම දන්න අය ආදරය කලා. කාලෙන් කාලෙට වෙනස් කලා. Degree එක දාගන්නකම් ඉදලා බැදපු අයත් උන්නා. අනේ මන්දා...

    කිසිම දෙයක් සදාකලික නොවෙන ලෝකයේ ආදරය උනත් සදාකලික නෑ කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
  12. "ලොකු පුතේ උඹ මට වදදිදී කවි ලිය ලිය ඉන්නද කල්පනාව තවත්"... එහෙම කරන්න එපා අම්ම පව්නෙ..උත්සහ වන්තය ජයගන්නව කියනවනෙ!

    අපේ වත් අක්කට මලක් වගේ හිතක් තියෙන ගලක් වගේ කොල්ලෙක් ඉක්මනටම හම්බවේවා.............

    ReplyDelete
  13. @ මින්දද
    +ve thinking .ම්න්දද තැන්ක්යූ.

    @ ගල්මල්-Coral
    මින්දද වගේම +ve thinking. හොඳයි උත්සාහය අතැර නොයමි.

    @ ජීවිතේමල්
    කෙල්ලො විතරක් නෙමෙයි .පවු වෙන කොල්ලොත් මම දැකල තියනව. මගේ හිත ඕවට සැලෙන්නෙ නැහැ. එහෙම සැලෙනව නම් ජීවිතේ මල් කියන්න බැරි වෙනව නෙ නේද?

    @ රවා
    හොඳයි .

    ReplyDelete
  14. @ තිස්ස දොඩන්ගොඩ
    දැන් තැපෑලෙන් නෙමෙයි අයියා. ඒ ඉස්සර. දැව් කෙලින්ම on line තමා පිහිනන්න ඉගෙන ගන්නෙ.... මට නම් දැන් ජංජාලෙ එපා වේගෙන එනව... අජීර්ණයි වගේ...

    @ Yasela Sumanasinghe
    හා හා ... ඔයා එහෙනම් දන්නව ඈත්ත තත්ත්වය නේද? එහෙම දේවල් තියනව.සින්දුවල,චිත්‍රපටි වල, සිහින වල ,පෙම් හසුන් වල සහ ආදරේ පටන් ගත්ත මුල් කාලෙ වචන වල...

    ReplyDelete
  15. @ වැප්
    ම් ම් දැන් වෙලාවක් හම්බුනාද වැප්... ඈත්ත ඈත්ත මොනදේ වුනත් අපි ඉන්න ඕන සමාජයට ඕන විදිහට තමයි.

    @ malithi
    ඔබ හරි සහෝදරී. අර මම කලින් කීව වගේ සදාතනික ප්‍රේමය තියෙන්නේ එහෙම දේවල් තියනව.සින්දුවල,චිත්‍රපටි වල, සිහින වල ,පෙම් හසුන් වල සහ ආදරේ පටන් ගත්ත මුල් කාලෙ වචන වල...

    ReplyDelete
  16. @ මිත්‍රයා
    මිත්‍රයා ඔයාගෙ කතාව ඈත්තද කියල දැනගන්නෙ කොහොමද?

    @ දිල්
    ආදරේ විහිළුවක් විදිහට දකින එක තමයි ආදරේට කරන ලොකුම වරද. ආදරේ බොරුවක් කියල හිතෙනව නම් එයින් ඈත්වී ඉන්න ඕන. එහෙම නැත්තම් විහිළුවට ආදරේ කරන එක හෝ දකින එක අනිත් පාර්ශවයට කරන දරුණුතම හානියක්.

    @ හසිත ජයසූරිය
    thank u මල්ලියා. ඔයා ඉතින් මගේම සහෝදරයා වගේ කියල මම දන්නව.

    ReplyDelete
  17. ම්ම්ම් අදරේ නෙද ම්ම්....!

    එ මොකක්ද අනෙ ?
    අනෙ මට තෙරෙන්නැ

    ආ මේ අදරේ නේ...!
    අ දන්නෑ දන්නැ
    ...
    ආ ඒකද මේ !
    හෆොයි තෙරෙන්නෙම නැ...!

    ReplyDelete
  18. @ Bunny !
    ආහ්... හා පැටියත් ඇවිත් තියෙන්නෙ. අර මගේ යාළුව බොහොම අමාරුවෙන් පොඩි එකාව ආන්බාන් කරන් එනව දැක්කම මට හා පැටියව මතක් වුනා.
    මම දන්නව හා පැටියෝ. ආදරේ කියන්නේ...ම් ම් ම්... ඔයා අර උඳුපියලි වලට කැරට් වලට තව අර ආහ් අර ඔයාගෙ ලැප් ටොප් (හාවි) එකට ඔයා ගොඩක් කැමති නේද? අන්න ඒ වගේ දෙයක් තමයි ආදරේ කියන්නේ....

    ReplyDelete
  19. හෆොයි වත් අක්කේ වෙලාවට මම ලැප්ටොප් එකකට අදරේ කලේ..හික් හික් එයාට තෙරෙන් නෑ නෙවැ :D මිනිස් දුවකට අදරේ කලා නම් ගුටි කන්නත් වෙනවා :D

    ReplyDelete
  20. අයි දෙයියනේ ඔය සිංහලෙන්ම කියලා තියෙන්නේ

    "සදාකාලික නොවූ ලොකේ සදා කෙලෙසද පෙම් බඳින්නේ" කියලා. . .

    ඉතිං ඇයි සදාකාලික ප්‍රේමයක් ගන හිත හිතා ලත වෙන්නේ . . .

    ආත්මාර්තයෙන් තොරව ඒ කිව්වේ තමන්ට ප්‍රේම කරන කෙනෙක් නොසොයා තමන් කාට හරි 100% ම ප්‍රේම කරන්නකෝ . . .

    ඒ ප්‍රේම කරන කෙනා කසාද බඳින්න . . . ඔයාගේ 100% තියෙනවනම් අනිවාර්යෙන් කීයක හරි ප්‍රතිෂතයක් ඒ පැත්තෙනුත් ලැබෙයිනේ . . .

    ලැබෙන දරුවන් වත් ආදරේ නොකරයි ද ඔයාගේ උත්තරීතර ආදරේ ගැඹුර දැන ගත්තු දවසට . . . ?

    ReplyDelete
  21. වත්, ඔයාම ප්‍රශ්නෙ අහල ඔයාම උත්තරේ දීල නෙ...

    "සදාකාලික නොවූ ලොකේ සදා කෙලෙසද පෙම් බඳින්නේ"

    ReplyDelete
  22. @ මිත්‍රයා
    මිත්‍රයා ඔයාගෙ කතාව ඈත්තද කියල දැනගන්නෙ කොහොමද?

    එකත් ඇත්ත නෙව...O_o

    ReplyDelete
  23. ඔය ලාබ සිනා රුහුෙණද. අෙප් බැච් ඒෙකත් හිටියා ලාබ සිනා ෙකෙනක්.2000/2001 ඩබල් බැච් ඒෙක්.ෙකාෙහාම උනත් ඔයා කියපු ෙද්නම් අැත්ත තමයි වත්.

    ReplyDelete
  24. වත් අක්ක

    ඔන්න දැන් බලන්න පුළුවන් ඔයාට සදාකාලික ආදරයක් කරන්න පුළුවන්ද කියලා.. ඔයා කිව්වා ජංජාලෙ එපා වෙගන එනවා කියලා..එක එපා නොවෙන්න, එක ඔයගෙ ලොකයෙ රැක ගන්න බලමු ඔයා මොකද කරන්නෙ කියලා.........

    ReplyDelete
  25. @ කුමාරගේ පන්හිඳ
    ඔවු මම ඒ බැචි එකේ තමයි. සයන්ස් පැකල්ටි එකේ. හැබැයි මම මේ කීව ලාබ සිනා බණ්ඩාරවෙළ ලාබ සිනා නම් නෙමෙයි හොඳද. හඳුනා ගැනීම සතුටක්.....

    ReplyDelete
  26. ඉතිං මටත් සතුටුයි.අෙප් කැම්පස් ඒෙක් ෙකෙනක් සයිබර් අවකාෙසන් හමු වීම ගැන.ඔයා අැත්තටම ලස්සනට ලියනවා.මටත් ෙගාඩක් අදහස් ඒනවා.ඒ්ත් ඔෆිස් ඒෙක් වැඩත් සමග ෙවලාවක් නෑ.ලස්සනට ලියන්න

    ReplyDelete
  27. හපොයි දන් සරසවියෙ පලමු වසරෙ ඉගනගන්න මටත් හිතෙනව අක්කන්ඩි කියන්නෙ ඇත්ත කියලා.එත් ඉතින් වයසෙ වැ‍රැද්දත් එක්ක හිතෙනව නෙ ''කොක්කක්'' ගහන්න.හීඊඊඊඊඊඊඑ අන්තිමට සරසවියෙන් එලියට එද්දි වෙන්නෙ සහතිකේ විතරක් අරගන කත් කවුරුත් නැතුව එලියට එන්න.වෑඩේ තියෙන්නෙ ඔක තේරෙනකොට පහු වෙලා වැඩි වෙන එකනෙ අක්කන්ඩියෙ......................

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...