..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, April 16, 2010

~~ ජීවිතේ මලක් නෙමෙයි. ජීවිතේ ගලන ගඟක් ~~


මගේ සිතේ නිදන් වෙලා ඉන්න යහළුවෙක් ලඟදි දවසක මට මෙහෙම කීව "වත්සලා , ජීවිතේ මලක් නෙමෙයි. ජීවිතෙ ගලන ගඟක් ,ඒ ඇත්ත ඔයා තේරුම් ගත්ත දවසක ඔයා ජීවිතේ දිනනව"

මට ඒ වෙලාවෙ තමයි හිතුනෙ ඇත්තටම මම ජීවිතේ පැරදිලාද කියල. සත්තකින්ම, මගේ ව​යසෙ ගොඩක් මිතුරු මිතුරියන්ට තියන දේවල් මට නැහැ තමයි. ඒක සහතික ඇත්ත. ඒත් මට තියන එයාලට නැති දේවල් කිහිපයකුත් තියනව.

නැති දේ ගැන හිතල දුක් වෙන්නද? තියන දේ ගැන හිතල සතුටුවෙන්නද? නැතිදේට තියන දේ කැපිල ගියහම ආයෙත් මුකුත්ම නැහැ.

මේ අවුරුද්දෙ මගේ බලාපොරොත්තු 03ක් තියනව. ජීවිතේ අරමුණක් නැතිව ගෙවුව මම දැන් ජීවිතේට අරමුණක් දෙන්න පටන් අරන්.....

01) නැවතිලා තිබ්බ ඉගෙනීම සම්පූර්න කර ගන්න එක.

02) වෙන රටකට යන්න උත්සාහ කරන්න පටන් ගන්න එක. ( අඩු ගානේ දඹදිව හරි කමක්      නැහැ)

03) හතර කේන්දරේ හොයන්නෙ නැතිව අම්මා සොයා දෙන කෙනෙක්ට කැමති වෙන එක.

 මම මේ අරමුණු 03 ලීවෙ ප්‍රමුඛතාව අඩු වන අනුපිළිවලට... පලමු අරමුණු 02 මගේ සුභ සිද්ධිය වෙනුවෙනුත් 03 වෙනි අරමුණ අම්මාගේ සහ මගේ සුබසිද්ධිය වෙනුවෙනුත් තමයි .

ගලන ගඟේ දිය රැළි අතරේ
ඔබගේ ආදරයයි සෙවුවේ
ඡායාවක් පමණයි රුව නැත එහි
සිහිඑළඹෙන විට මා දුටුවේ

ගලන ගඟක් සේ සෙනෙහස ගඟුලෙන්
පැන් කළයක්වත් හිමි වේනම්
නටුවෙන් ගිලිහී ඔබ පය පාමුල
පිපී සුවඳ දී මිය යන්නම්

එනමුදු සබ​ඳේ හිමි නැති දියවර
 සාගර රැළි වෙත එක් වේ නම්
 මලක්ව ඉනු මිස කුමක් කරන්නද
                                        පූජාසනයත් හිස් වී නම්

 අලුත් අරමුණු ඔස්සේ ජීවිතේ සොයන 
මම
~ වත් ~

22 ප්‍රතිචාර:

තිස්ස දොඩන්ගොඩ said...

වැළි තල කිති කවන නටන...
පෙම් රළ වැල ඉවුරු බදන...
මිහිතලයට සුවය දැනෙන...
උකුලු තලය බඳු නැලවෙන....

පෙමට පෙම පුදා...
තුඩුට තුඩු දිදී...
කුරුලු ගී නඟයි...
ආදරෙන් බැඳීලා...

රවා said...

අක්කා දැන් මට විස්වාසයි ඔයා ඉතිරි දෙවල් සම්පුර්ණ කරගන්න කැපවෙන බව.. අරමුණු අපිව රවට්ටන බව වටහා ගන්න, ඔබෙ හදවතට අවශ්‍ය දෙ ඔබම සොයා ගන්න, ඇත්තටම මෙක ගලන ගඟක්. අපි හැමොගෙම ආශිර්වාදය, ආලොකය ඔයාට තියනවා එක අමතක කරන්න එපා.මෙ කියන වචන කිපය මම ඉගෙන ගත්තෙ forest gump කියන චිත්‍රපටියෙන්
" ජිවිතය කියන්නෙ චොකලට් පෙට්ට්යක් වගෙයි, ඔයා කවදාවත් දන්නෙ නැහැ ඔයාට එකෙන් මොනවගෙ රසයක් තියන චොකලට් එකක් හම්බ වෙයි ද කියලා"

RoshanHerath said...

~~ ජීවිතේ මලක් නෙමෙයි. ජීවිතේ ගලන ගඟක් ~~
මෙන්නෝ.. ජීවතේමල් ට බනිනවෝ.....

හතර කේන්දරේ හොයන්නෙ නැතිව අම්මා සොයා දෙන කෙනෙක්ට කැමති වෙන එක.
ඒක නම් හොඳයි..කේන්දර බලලා බැන්ද අයත් හැමවෙලේම රණ්ඩු වෙවී ජීවත් වෙන බවත් , කේන්දර නොබලපු සමහරු හොඳට සතුටින් ජීවත් වෙන බවත් මතක තියා ගන්න. මේකෙ අනික් පැත්තත් ඒ වගේම තමයි...

කතන්දර කාරයා said...

මං කැමතියි
ඔයා ගේ සිග්නේචර් එකට.
හැම ලිපියක්ම අවසාන කරන විදිය අසමසමයි (unique).

wath said...

@ තිස්ස දොඩන්ගොඩ
බොහොම ස්තූතියි අයියා. මොනව කිවත් ගිතයක කොටසක් මතක් වෙනව නේද? මේ ගිතයක කොටසක්ද ?

@ රවා
රවා ... මගෙ මල්ලි. ඔයා හරිම කරදරකාරයෙක් වුනාට මාව තරහ ගැස්සුවට ඉතින් මම තරහ වෙන්නෙ නැහැනෙ. කොච්චර බැන්නත් ඔයා තරහ වෙන්නෙත් නැහැ. ඒක තමයි නියම යාළුකම.
සමහරු අඳුර ගන්න ටිකක් කල් යනව. මගෙන් වරදක් වුනානම් සමාවෙන්න.

@ RoshanHerath
මාත් හිතුවෙ ජිවතේ මල් කියල තමයි. ජිවිතේ මල් කියල හිතන්තමයි තාමත් මම ඉන්නේ. ජිවතේ මලක් වගේ පිපිල සුවඳදීලා පර වෙලා යනව. ගඟ කාගෙත් පිපාසය සංසිදවාලා මුහුදට ගලා ගෙන යනව. බලන් ගියහම දෙකම එකයි.
කේන්දරේ තියෙන්නේ අපේ හිත්වල. හිතේ නැත්තම් ලෝක බැංකුවෙ සේප්පුවක තිබ්බත් පලක් නැහැ මල්ලි. හිත තමයි ඔක්කම.

wath said...

@ කතන්දර කාරයා
මම හිතන විදිහට හැමකෙනෙක්ම අනන්න්‍යයි. (වචනෙ වැරදිද) .... කතන්දරකාරයා එක්කෙනයි. මම එක්කෙනයි. අපිට එක් එක් අයගෙ සැගවුන අනන්න්‍යතාවයන් හඳුනාගන්න පුළුවන් නම් ගොඩක් සුන්දර සිත් හමුවේවි....
මගේ අනන්න්‍යතාවය හඳුනාගත් ඔබට ස්තූතියි.

තිස්ස දොඩන්ගොඩ said...

@වත්: හපොයි ලස්සනම ලස්සන සිංදුවක් කවියට ගැලපෙන වාගේ...

"ගලන ගඟකි ජීවිතේ...
දයාලූ ලෝකයේ...
මිහිර පතා ආදරේ...
ලපලු නටයි ගංතෙරේ.."

නාරද/ නන්දා..

@රවා: මගෙත් ප්‍රියතම ‍ෆිල්ම් එකක් බං Forest Gump ... මායි මගේ ඇත්තියි කඳුලු ගගහා බලාපු සිත්තර පටියක්...

wath said...

@ Rava & Tissa
My momma always said, "Life was like a box of chocolates. You never know what you're gonna get."
~ Forrest Gump ~

punchisamanalee said...

ඒක නම් ඇත්ත කතාවක්...... පිපිලා සුවද දීලා ඔහේ පරවෙන මලකට වඩා දෙයක් ජීවිතේ තියෙනවා..... හැලහැප්පීම් මැද... තව තවත් හැඩ වෙවී ගලන ගඟක් උනාම තමයි ජීවිතේ වටින්නේ....
අක්කාගේ ඒ හැම පැතුමක්ම ඉටුවෙලා ජීවිතේ හැමෝටම සිසිල ඉසින ජීවය දෙන ගඟක් වෙන්න කියලා සමනලී සුබපතන්නම්......!!! :-)

wath said...

a punchisamanalee
බොහොම ස්තූතියි නංගා...

රවා said...

මම බලාපු ලස්සන film ටික ගැන මම බ්ලොග් එකක් කරන්න හිතන් ඉන්නවා. වත් අක්කා අන්තිමට මගෙ ගඟ ඔයාලට ඔනා වුනා නෙද... ආහ්... කොහොමද මිට මාස 6 කට ඉස්සල්ලා මම යි දැම්මෙ නම ගඟ ගලන්නෙ අතීතයෙන් කියලා..

තිස්ස අයියා.. මෙ වගෙ ලස්සන හිට් වුනු ෆිල්ම් 150 ක් විතර තියනවා. ලස්සනම එවා..සුපිරි..

ගල්මල්-Coral said...

පූර්විකාවේ කෝට් කර ඇති නිල්පාට අකුරු වලින් දෙන අදහස ට සම අදහසක් මගෙ සිතට ආවා ඔබෙ හැඳින්වීමෙ සඳහන් "වතුර වගේ වැව් විල් වල පිරෙන්න මම ආසයි" කියවූ දා. අද ඔබ වඩාත් ගැඹුරින් එය පැහැදිලිව සඳහන් කර ඇත. සොබාදහමේ ඒ තිලිණයන් දෙකම ජල තලයන් වුනත් විවෘත-සංවෘත තාවය හා සැලසෙන සේවය මත වෙනස් වෙනවා.

ජීවිතය ද ගැලිය යුතුය.

දයාබර සොයුරියේ ඔබේ පැතුමන් පලදරන වචනයේ පරිසමාප්ත අරුතින්ම අලුත් අවුරුද්දක් වේවා සිදුවූ සංක්‍රාන්තිය.

චේජනා said...

වත්, පද පෙළ සැබෑවටම සුන්දරයි... සොඳුරු සිතේ ගොඩ නැංවූ සොඳුරු පැතුම් වගේම..

චේජනා said...
This comment has been removed by the author.
හසිත ජයසූරිය said...

අප්පොච්චියේ මේයාට හිතෙන ඒවා.....අර පලවෙනි දෙකනම් හොදයි.තුන්වෙනි එක තමයි........ඉතින් ........මේ නරකද ඔයාම ට්‍රයි පාරක් දැම්මනම්.......මොකද හිත ගිය තැන මාලිගාව කියනවනෙ.......ඕන් අක්කෙ තුනටම මන් විශ් කරනවා..... අවුරුද්දම ජය වේවා......පාර්ථනා සපල වේවා.........................

wath said...

@ ගල්මල්-Coral
@ චේජනා
@ හසිත ජයසූරිය
බොහොම ස්තූතියි .......

Thejan said...

mmmm .... ජීවිතේ කියන්නේ දිනන්න ඕන තරඟයක්. ඔහේ ලැබෙන දෙයක් බාර ගන්න එක නෙවෙයි.

ඒත් ගැටලුව වෙන්නේ ඔයාගේ පළමු දෙවන කරුණු දෙක ඒ තරඟය දිනන්න හේතු වන දේවල්. ඒත් තුන්වෙනි එක එහෙම නෑ නේද ? ඔයාම හිතලා බලන්න.

http//lankanthoughts.blogspot.com

wath said...

@ Thejan
සහතික ඈත්ත තේජාන්. ඒත් සමාජය ඒක දකින්නෙ වෙන විදිහකට. කසාදයක් වත් බැඳගන්න බැරි ගැහැණු ළමයෙක් කියලයි හිතන්නේ...

Ravin Caldera said...

ජීවිතය ජීවත් වෙන්න ලැබෙන්නේ එක් වරයි! ඒ නිසාවෙන් අරමුණක් ඇතිව ගමන් කරන එක හොඳයි. නැතිනම් ඉබාගාතේ ගමන් කරලා අවසානයේ අතරමංවෙලා පසුතැවිලි වෙ‍වී ඉන්න තමයි වෙන්නේ. මගේ ප්‍රශ්නය නම් කුමණ අරමුණක් නිසා ද රට යන්නේ? යන්නන්වාලේ රටකට ගිහිල්ලා ඇති වැඩක් නැහැ. නිකං වියදම විතරයි වෙන්නේ. මතකයන් අමතක වෙනවා. ඕනෑනම් රටකට ගියා කියලා පම්පොරි ගහන්න පුළුවන්. එහෙත් අනෙක් අරමුණු දෙක නම් ඉතාමත් අගෙයි! ඔබ ජය!! ඉදිරි දිවිය දේවාශිරාදයෙන් සිතූ පැතූ ලෙස ම සශ්‍රීක වේවා!!!

රවා said...

මම ඔයාව තරහා ගස්සන්නෙ ඔයා ගොඩක් දුකින් ඉන්න වෙලාවක් බලලා.. අනික ඔයා මොනවා කිව්වත් මට තරහා එන්නෙ නැහැනෙ.. ඔයා දන්නවනෙ.. ඔයා ටෙස් කරලත් බලලා තියනවානෙ.. දුකයි ,තරහයි හිතෙ මිශ්‍ර උනාහම හිතෙ ඇතිවන අසහානය ගොඩාක් වටින එකක්, එකෙ ලොකු වෙස්වලාගත් අශිර්වාදයක් තියනවා..මට දැනුන දෙයක් එක.. ගොඩාක් අමරු දෙවල් ඉතාම පහසුවෙන් මම කරලා තියනවා හිතෙ තියන දුකයි, තරහයි එකතු කරලා..

විහඟ ගීතය said...

දෙයක් වේ නම් යම්
සුදුස්සාටම ලැබිය යුතුවේ....
ළබැඳිය මනාවූ
ලැබිය යුතුමයි කෙනෙක්
පින්"වත්"

දුකේදී හැඬුමත්
සැපේදී හිනැහීමත්
එකා මෙන් බැඳි සිත්
කෙනෙකු නුඹහට
ලැබෙයි
පින් "වත්"

සී,එස් බණ්ඩාරනායක

මම said...

වත් අක්කේ,
මං ගොඩාක් වෙලාවට ඔයා ලියන ඒවා කියවනවා.ඒ හැම වෙලාවකම මට පුදුම වේදනාවක් දැනෙනවා...පුදුමේ කියන්නේ ඒ ඔයා ගැනද? මං ගැනමද කියලා මට තේරෙන්නේ නෑ.ඒ කොහොම උනත් හද වතින්ම ප්‍රර්තනා කරනවා ඔයාගේ හැම පැතුමක්ම ඔයා හිතන අයුරින්ම ඉටුවෙලා වාසනා වන්ත ආනගතයක සොඳූරු හිමිකරියක් වෙන්න ලැබෙන්න කියලා....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...