..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, April 15, 2010

~~~ මගේ කොම්පීටරේ සහ මම ~~~



ඉතින් සුබ අලුත් අවුරුද්දත් ඉවරයි.දැන් ඉතින් ඉතිරි දින ටික අනිත් අලුත් අවුරුද්ද එනකම් සුබ කර ගන්න එක තියෙන්නෙ තම තමන්ගාව තමයි ඕන්.හැබැයි ඉතින් හිතවත් හිතමිතුරන් මුළු හදින්ම කරන ආශිර්වාදයෙත් බලගතු ශක්තියක් තියනව.


මේ අවුරුද්දෙ මට සුබ පතන්න කතා කරපු බහුතරයක් දෙනා මගේ අනාගතයට සුබ පතන ගමන්ම මගේ අතිජාත මිත්‍රය වෙච්චි කොම්පිටරේ ගැනත් අහන්න අමතක කරේ නැහැ.මොකද එයා අසනිපෙන් කියල මගේ හිතවතුන් දන්නව.

එයාගේ මුහුනත් තහඩුව සනිපවුනාට පස්සෙ අලුත් ලෙඩක් ඇවිත් එයාව වැළඳ ගත්ත. මොකක්ද දන්නවද ඒ ..... කොම්පිටරේ ඕන් කරල පැය දෙකක් විතර වැඩ කරන කොට මෙන්න හිටිගමන් “පුහ් “ගාලා ඕප් වෙනව. ( UPS එකත් තියෙද්දිම )..ඉතින් අනේ මම ආයෙත් එයාව On කරාම ආයෙත් පැය බාගයක් වැඩ කරල Off වෙනව.. ආයෙත් On කරාම විනාඩි 10ක් විතර වැඩ කරල off වෙනව. ඊලග පාර නම් On කරනව බොරු.... ආයෙත් පැය 12කට විතර පස්සෙ තමයි එයාව On කරන්න පුලුවන් වෙන්නේ....ඒ කියන්නේ ඉතින් ආයෙත් ඊලඟ දවසෙ තමයි.
ඔන්න ඉතින් මම දන්න කියන කිහිපදෙනෙක්ගෙන් උපදෙස් ගත්ත. සමහරු උපදෙස් එක්ක අවවාද අනුශාසනා එහෙමත් දුන්නා.(අවවාද අනුශාසනා නම් මට ඉතින් .....)” මේක කරන්න නැත්තම් නිකා ඉන්න “ කියල කියන එකට මම කැමති.වැඩි වැල් වටාරම් (බණ) වලට මම කැමති නැහැ.


Heat Problem එකක් කියල තමයි ගොඩක් දෙනා කීවෙ. ඉතින් මම දන්න කියන ලඟ පාත ඉන්න සහෝදරයෙකුට කීව මේ ගැන. ඒයා තමයි මේ පලාතෙ කොම්පීටර් හදන්න ඉන්න ලොක්ක.ඉතින් ඒයා දන්න කියන සෙල්ලම් ඔක්කම දැම්මත් මේ කොම්පීටරේ පෙර පරිදිම ඒයාට ඕන වෙලාවට ”පුහ්”” ගාලා Off වෙනව. ඉතින් මාත් කොම්පිටරේ Off වුනාම ආයෙත් On කරන්න දගලන්නෙ නැහැ ආයෙත් Onකරන්නෙ ඊලග දවසෙ. ඉතින් පැයක් වැඩ කරල ඒයා Off වෙනව .ඉතින් මේ විදිහට මම ජංජාලෙයේ සැරිසරන ඒක ඉබේම සීමාසහිත වුනා.


ඉතින් දවසක් මම මල් ඉස්කුරුප්පු නියනකුත් හොයාගෙන වැඩේට බැස්ස.මැරෙන්න ඉන්න ලෙඩාගෙ ඔපරේශන් එක කවුරු කරාම මොකද නේද? අම්මත් මේක බලන් ඉදල මට හවුල් වුනා. ඔන්න ඉතින් දැන් අපි දෙන්නත් ඒක්ක පුල් ඔපෙර්ෂන් ඒකක්. වයර් වල පාටවල් එහෙම මතක තියාගෙන පැත්තවල් මතක තියාගෙන දෙන්නත් ඒක්ක වැඩ. ඔන්න ඉතින් ගලෝපුව ආයෙත් හයි කරල On කරල බැලින්නම් ... බීප් බීප් බීප්... වට පිට බැලින්නම් අර මොකක්ද මේස උඩ.... දෙයියනේ අර දිලිසි දිලිසි තියෙන්නෙ RAM එක...

අනේ හපොයි. ඉතින් ඔන්න ආයෙත් මෙයාව වයර් වලින් ගලවල මේස උඩින් තියල RAM ඒක හයිකරා. මට ඉතින් කම්මැලි ආයෙත් මෙයාව කෙලින් කටින් හිටවන්න. මේස උඩ දොයිය බබා වෙලා ඉන්න System unit ඒකට වයර් ටික හයි කරල On කරා මෙන්න බොලේ වැඩ... ඉතින් මම දැන් අන්තර්ජාලෙ සැරිසරණව මොකද මෙයා තව පැයකින් Off වෙනව නෙ.
( මට දැන ගන්න ඕන මේකට කියන හරි නම සමහරු කියනව CPU ලු සමහරු System Unit ලු සමහරුProcessor ලු මොකක්දහරි මන්ද )

පැයක් ගතවුනා දෙකක් ගත වුනා තුනක් ගත වුනා මෙයාට Off වෙන්න අමතක වෙලාද?

දැන් ඉතින් මට ඇති වෙලා shutdown කරන කම්ම ඒයා ඉන්නව . ඉතින් මම තීරණය කරා System unit ඒක දිගටම දොයි බබා කරල තිරස් අතටම තියන්න....කොම්පිටරේ වැඩ නම් සිරස්ද තිරස්ද නෙමේ ඔලුවෙන් හිටගෙන වුනත් මොකද නේද?

ඔන්න ඕකයි කතන්දෙර්..........



කවුරු හරි මේකට හේතුව දන්නවනම් මට කියනවද?


බැරි වැඩ කරන්න ගිය
මම
~ වත්~


17 ප්‍රතිචාර:

Ravin Caldera said...

සමරවිට "Hard Drive" වරදක් විය හැකි යි. රස්නය පිළිබඳ ප්‍රශ්නයක් නම් තිරස් අතට තියන විට පහසුවෙන් ම සිසිල් වෙන්නත් පුළුවන්. සමහර විට පොසෙසර්එත හා සිසිලන පංකා පද්ධතිය සවිවන තැන උෂ්ණත්වය උරා ගන්නා මලියම් විශේෂයක් යොදා තිබෙනවා. එය ඉවත් වූනාම හෝ දුර්වල වූ විට දී ත් ඔය වගේම ලෙඩ හැදෙනවා. මගේ ලැප්ටොප් එකටත් ඔය වගේ ම ලෙඩක් හැදුනා. ඉබෙ ම නිමෙනවා මං හිතන්නේ සිසිලන පංකාව හරියට වැඩ කරන්නේ නැහැ. අන්තර්ජාතික වොරන්ටියක් තියන නිසා ගළවන්න නෑ. දෙනවා මෙහේ අලුත්වැඩියා කරන නියෝජිතයන් ට. . . කෙසේ වෙතත් ඔබේ ප්‍රශ්නය ඉවරනේ. . .

wath said...

ඉවරම නැහැ. ඇයි ඉතින් කොහොමද මෙයාව කෙලින් /සිරස්ව තියන්නෙ. දැන් ඉන්නේ තිරස්ව. ගොඩක් ඉඩකඩ අවහිරයි. දකින අයත් හිනාවෙනව.
මාත් හිතන්නේ තිරස්ව තියන කොට සිසිල් වෙන්න පහසු ඇති. කූලින් පෑන් එකත් හොඳට වැඩ කරනව ඇති. බලමුකො යාළුවන්ගේ මතයන් විමසලා. මේ ටික හරි හදා ගත්තෙ යාලුවන්ගෙ උදවවෙන් තමයි.

රවා said...

මම නම් කියන්නෙ ඔක ඔය එහා පැත්තෙන් ගලා ගෙන යන ගඟට දාන්න කියලා.. දාලා තැන google එකෙ map වල පොඩි සටහනක් දාන්න..එච්චර දෙයක් නැහැ..
ඔය රවීන් අයියගෙ ලෙඩෙ මගෙ ලැප් එකටත් ආවා. ආපහු යවන්නැ රට. කියලා මම service manual එකත් ජංජාලයෙ න් අස්සක තිබිලා හොයාගෙන ගැලවලා තර්මල් යුනිට් දෙකෙ තිබුනු දුවිලි අයින් කරා.. අපි ගොඩක් මෙ වා පාවිච්චි කරන්නෙ දුවිලි සහිත තැන්වලනෙ.. එක හින්දා කොච්චර හොද එකක් වුනත් අවුරුද්දක් දෙකක් යද්දි ලෙඩෙ දෙන්න පටන් ගන්නවා.. වැදගත්ම දෙ වොරන්ට් එක ඉවරනම් තමුන්ම ගලවලා එක බලලා ,කල්පනා කරලා හදන්න උත්සහයක් දාලා, එක හයි කරද්දි ඇණ කිපයක් ඉතුරු කරලා හයි කරන එක... ලඟම මිතුරා අසනීපෙන් හින්දා අක්කට ගොඩක් දුක ඇති නෙ.. එක තමයි ඉයෙ එච්චර කාලා අද මහත් වෙලා තියන්නෙ..

indi said...

ඊකේ මමත් කරන චා වැඩ.... වෙද කමක් මෙලෝ දෙයක් දන් නැති මම අනුන්ගෙ ලෙඩ බලනවා....ඒවට කියපු බෙහෙතුත් දැක්ක......8 .....90ක් රෝග 9.....90ක් ව්යාදි නැති වෙන හොඳ යාලුවෙක් ලැබේවා...

හසිත ජයසූරිය said...

අනේ මන්ද මට නම් කිසිම දෙයක් හිතෙන් නෑ......මොකද මන් දන්නෙ මගෙ කොම්පියුටරේ හදන්න විතරයි.ඒක අවුලක් උනොත් මන් සම්පූර්ණයෙන් ගලෝල ආයි හයි කරනවා....බොලේ එතකොට මෙන්න මේක වැඩ...ඔන්න ඉතින් මන් ගොඩ....එච්චරයි!නරකද ඕකටත් ෆුල් සර්විස් පාරක් දැම්මොත් සමහර විට හරි යයි......හරි ගියොත් ඉතින් ගොඩම තමා!

ළමයා said...

හනේ අක්කා ඔයාගේ හොදම යාලුවට හැදිලා තියෙන හෙම්බිරිස්සාව, නියුමෝනියාව වෙන්න කලින් හොද වෙදෙක් ලගට ගෙනියන්නකෝ!!

කණිෂ්ක දිල්ශාන් said...

CPU කියන්නේ processor එකට (central processing unit). casing එක සහිත කොටසට system unit කියලා කියනවා.

ඔබගේ ගැටලුව බොහෝ විට ඔබගේ පරිගණකය over heat වීම නිසා සිදුවන දෙයක් වෙන්න පුලුවන්. පහත මෘදුකාංගය භාගත කරගෙන මෙය පරීක්ෂා කර බලන්න.
http://www.techpowerup.com/realtemp/
over heat වන්නේ නම් processor එකේ fan එක පරීක්ෂා කර බලන්න.
Tower casing සහිත පරිගණක තිරස්ව තැබීම Hard Disk එකට එතරම් හොඳ දෙයක් නම් නෙවෙයි.

wath said...

@ කණිෂ්ක දිල්ශාන්
බොහොම ස්තූතියි කණිෂ්ක ඔයාගේ ප්‍රතිචාරයට. මම හිතුවේ තිරස්ව තියන එකේ කිසිම දෝෂයක් නැහැ කියල. ඒ ගැන දැනුවත් කරාට ගොඩක් තුති.

system unit කියල කියන වචනෙ තමයි හරි නේද? අර කීවත් වගේ මම පණ්ඩිත වැඩ කරන්න ගිහින් hard disk එකටත් මොනා හරි වෙයි..

http://www.techpowerup.com/realtemp/
බාගත කරගෙන පරීක්ෂා කරමි.ඔබට තුති.

wath said...

@ හසිත ජයසූරිය
මාත් මෙතුවක් කල් කලේ ඒ දේම තමයි මලේ. ඒත් මේ පාර ප්‍රණ්ණය දුර දිග ගියා.

@ ළමයා
ළමයෙක් වුනත් ඔය ළමයා කියන කතාවත් ඈත්ත තමයි. අවුරුද්දට සල්ලි ටික ඉවර වුනා. ආයෙත් සල්ලි හම්බුනාම විශේෂඥ්ඥ ​වෛද්‍යවරයෙක් ගාවට ගෙනියනව.

@ indi
ඈත්ත. මගේ යාළුවො ටික නම් හරිම හොඳයි. අලුත් යාළුවො ත් හොද වුනොත් ගොඩක් හොඳයි.

Grey said...

Sorry for repling in English. Still in office so no time to type slowly.

First guess would be cooling issue placing connections to your fans and/or adding new fans might solve it. Using copper or some better heatsink for CPU is better too. Also if this is a old machine reapply silicon jel between CPU and heatsink.

Other reason is dust which leads to loose connection. with time machine get heated and things slots get expand a tiny bit so when you loose something machine will shutdown. Proper cleaning will solve this issue.

If you live closer to sea, corrotion can be main cause. You have to find something (sometimes I use sandpaper when I was in SL) and clean the card slots and pins on the cards. Becarefull when you do this and use the smallest grade of sandpaper.

Or...salli salli kiyala inne nethuwa oka wisi karala ganna aluth ekak. :P

තිස්ස දොඩන්ගොඩ said...

පුදුම උපදෙස් නේ මේ රවා දෙන්නේ අප්පා... අනේ අප්පේ අපි ඉතින් මක් කොරන්නද... පොඩ්ඩක් google කොරලා බැලුවා නම් හොඳ නැද්ද...? ඔය අනෙක් අය කියාපු උපදෙස් එක්කම...

Anonymous said...

power option wala prashnayakada kiyalaa baluwada?????????

m said...

මටනම් පේන්නෙ power supply එක පන අදිනව වගේ......

wath said...

@ Grey
අනේ Grey කඩ්ඩෙන් වුනත් දුන්න උපදෙස් ටික මසුරන් වගේ වටිනව මට... පිං...

@Anonymous
ඒ කීවෙ power supply ද?

@ m
power supply මාරු කරල බැලුව සහෝ... ඒත් පෙර පරිදිම තමයි.

m said...

හ්ම්ම්.....දැන් ඕක කොච්චර පරනද???? දාන්නකො බලන්න ඕකෙ පැටිකිරිය ලොල්..
හැබැයි මං නම් හිතන්නෙ ඕක බලශක්ති අර්බුදයක් කියල.....

Iroshan20008 said...

මචො ඔයගෙ තියෙන්නෙ 478 MotherBord එකක් ද.Bios Update කරන්න.motherbord එක ගලවල Hotgun එක කින් heat karanna 350C.ඔය තියන්නෙ Dry Soldaring.

PCEffectz

Indranatha Thenuwara said...

මමනං හාඩ්වෙයාර් ගැන දන්නෙ බොහෝ ම ටිකයි. ඒ ටිකෙනුත් කරන්නෙ හන්දියේ කඩෙන් යකඩ බඩුයි, පයිප්ප කෑළියි ගන්න එක විතරයි..
ප්‍රශ්නෙ හීට් වෙනවනම් කරන්න තියෙන්නෙ එක දෙයයි. දෙපැත්තෙ පියන් දෙකක් එන්නෙ බොරුවටනෙ. ඒ පියන් නැතත් කොම්පියුටර් අපූරුවට වැඩ කරන්නෙ..ගලවපං කෙල්ලෙ පියන් දෙක.. තියපං හෙලුවෙං..!!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...