..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, April 30, 2010

෴ ඇය මඟ බලන්නීය ෴



ඇය දැන් කිවාරයක් නම් සිය ජංගම දුරකතනය දෙස නෙත් හෙලුවා දැයි නිනවුවක් නැත. වයර් දිගේ ගලාගෙන එන ඔහුගේ වේගවත් කතා විලාශයට ඇය සවන් දෙන්නේ මුලු ලොවක් තමා දෙස බලා සිටන බව අමතක කරමිනි.

තමාට ඔහු හා එකම සෙවනක වාසය කිරීමට ලැබෙන හෝ නොලැබෙන බව දන්නේ දෙවියන්ම පමණි.එබැවින් ඇය ඒ ගැන සිතීමෙන් තම සිත නිදහස් කර ගෙන ඇත.

ඈගේ සම වයසේ පෙම්වතුන්, පෙම්වතියන්ට මුහුණ පෑමට වෙන ගැටළු වලට හාත්පසින්ම වෙනස් වන ගැටළු කිහිපයකටම ඇය මුහුණ දිය යුතුව ඇත.සැබැවින්ම ඒවා ගැටළු වන්නේ ඇයට හෝ ඔහුට නොවේ.ඔවුන් ජීවත් වන සමාජය තුල හා ඔවුන් අවට සිටිනා සහෝදර සහෝදරියන්ට හා නෑදෑ හිතමිතුරන්ටය.

මේ සියල්ල පසෙක තබා ඇයත් ඔහුත් ගැන විමසා බැලූ විට ඇය මෙතෙක් කල් සෙවූ දේ ඇයට ලැබී ඇති බැවි පැහැදිලි සත්‍යයකි. ඇඟේ දිදුලන දෑසත් ප්‍රිතිමත් මුහුණත් ඒ බව හඟවන කදිම සාක්ෂි වේ. මෙවන් කාරුණික උණූසුම් හදවතක් ඈති මිනිසකු ප්‍රතික්ෂේප කරන ගැහැණිය කවුදැයි ඇගේ සීතේ සීමා මායිම් වලට නම් හසු නොවේ... 

ඇය සිතන පරිදි ඇය කටු ඇති ලස්සන රෝස මලකට වඩා කාගේත් සිත් අඩුවෙන් පැහැර ගන්නා , බුදුන් පුදන්නට පමණක් නෙලා ගන්නා වතු සුද්ද මලකි.පමා වී හෝ ඒ මලේ පැහැය ,සුවඳ හා නියම වටිනාකම ඇදිනගැනිමට ඔහුට හැකියාව ලැබීම ඇගේ භාග්‍යක් බව ඇය සිතන්නීය....

ඔහු ඇගෙන් කෙතරම් දුරක සිටියත් ඔහුගේ සුවඳ , ඔහුගේ සෙනෙහස , ඔහුගේ සිතුවිලි ඇය වටා නිතරම දැවටෙමින් ඇති බැවි සිතෙන විට ඇය ළඟ ඇත්තේ ඇය පමණක් නොවේ නේදයි හැඟීමෙන් ඇගේ සොඳුරු දෑස් දීප්තියෙන් බබලයි....

අවසානයේ ඇය තීරණයක් ගත්තාය. ලොව කෙසේ කීවත් ඔහු වෙනුවෙන් ඇගේ සිතේ ආදරය දුරස් නොකිරීමියි ඇය සිතුවාය. 

ඔහු කෙරේ ඇගේ සිතේ පවතින පිරිසිදු ආදරය දළු දමා වැඩෙන දිනය වැඩි ඈතක නොවන බව මගේ මතයයි.... 

සියලු දේ පිළිබඳව මැදිහත් සිතින් විමසා බලා ඇගේ ජීවිතය ඇයට ලබා දීමට ඇගේ අවට සිටින පිරිවරට හැකිවේවා යි ප්‍රාර්ථනා කරමු......

ඇගේ ඇසින් ලොව දකින  
මම
෴වත්෴

22 comments:

  1. කොච්චර තර්ක කලත් සමාජය අපිට බැහැර කිරීමට අපහසු දෙයක් බව ඇත්තක්. එසේ වුවත් තමන්ගෙ ජීවිතයට යම් වටිනාකමක් ලැබෙනවානම් සහ දැනෙනවානම් ඒ තැන් වල රැඳිය යුතුයි කියලයි මගේ නම් අදහස.

    ReplyDelete
  2. ගලාගෙන යාම නියමයි. මේ සත්‍යයද ප්‍රභන්ධයද ??

    ReplyDelete
  3. ජීවත් වෙන්න පිඹිමින් වායුව ප්‍රාණ
    මාවත් මගෙ සිතත් සුවපත් කරලාන
    නෑවිත් යා නොදී දී නිසි වරදාන
    ඈවත් ඇගේ සුවදත් මා වෙත ගේන

    පිරිවර ඇගේ සැක සංකා හැරලාන
    පියවර ඉදිරියට නිරතුරුවම ගේන
    දියවර නැකතෙදී මංගල සිරිපාන
    පෙම්බර නුඹමදෝ සිරිකත ගෙට ගේන

    ReplyDelete
  4. මොනවා වෙලාද මෙ යසට උන්න ළමයාට...

    ReplyDelete
  5. කොට්ටප්පරි රතනසාර....!!!!

    ReplyDelete
  6. අක්කේ;
    1.)ඇගේ ඇසින් ලොව දකින මම==>ඇය=මම(අක්කා)
    2.)අක්කේ මම හිතන විදියට සමාජය කියන සාධකය නොසළකා හරින්න බෑ.(බුද්ධාගමේ නම් පරානුවාද බය.)
    3.)ඒ උනාට මෙහෙම කියමනකුත් තියෙනවා."ප්‍රංශ වරුන් කෝටි පහටම වරදින්නත් පුළුවන්."තමන් හරි නම් බය වෙන්න දෙයකුත් නෑ.
    4.)ඉතින් අක්කේ සුභ පතනවා!!!ඒ අස්සේ මට මෙහෙම කවි පදයකුත් මතක් උනා."ආදරයට කොහෙදෝ බාධා නැත්තේ......"
    5.)ගනන් ගන්න එපා අක්කේ!"ALL IZ WELL!!!!"

    ReplyDelete
  7. අලුත් පරම්පරාව මට කවුරුවත් ඕනේ නැහැ කියලා ජීවත් වෙන්න හැදුවට මනුස්සයෝ වෙච්චි අපිට එහෙම ජීවත් වෙනඑක ටිකක් අමාරුයි. කොයි වෙලාවක හරි කාගෙන් හරි උදව්වක් ඉල්ලගන්න වෙනවා...

    ඒත් සමහර වෙලාවට ඒ සමාජයම අපේ ජීවිත වල තීරණ වල සාධකයක් වෙනෙකොට කවුරුවත් ඕනේ නැහැ, මම මගේ පාරේ යනවා කියලා හිතෙනවා.

    අනේ මන්දා... මාව හිරවුනා. මේ පොඩි කොල්ලට සමාවෙන්න අක්කේ..

    ReplyDelete
  8. ඉවසනු මැනේ වත් අක්කේ පෙර ලෙසටා...
    මට සහතිකයි ඔහු එනවා හැකිවිගසා...
    වතු සුදු මලේ සිරියාවට හිත වැටිලා...
    ඔහු යන්නෑ වතු සුදු මල තනි කරලා....

    ReplyDelete
  9. ඇය මඟ බලන්නීය...

    මුළු නුවරම නිදිගත් මේ මොහොතේ..ඔබ පමණක් අවදිව ඇත යහනේ...
    එකම හඳක්..එක තරුවක් යට
    ඔබ ඔබේ පැලේ..මම මගේ පැලේ..

    වන උයන් පුරා මල් සමය උදාවේ..දියදම් දිනිතිය යොවුන් වියේ..
    අප මධුර මිලිනයේ කියූ ගී රාවේ...ප්‍රාර්ථනා කරන්නී..
    කවදාද අප හමු වන්නේ..
    ඔබ ඔබේ පැලේ..මම මගේ පැලේ..

    පෙර ආත්මයක මධූ සුවඳ සිනා සී..ඉඟිකරනා කල රාත්‍රියේ...
    හද සොවින් වලප්නා නිඳි නොලබා..මාළිගා මවන්නී
    උන්මාද චිත්‍රාවන් දෝ මා..
    ඔබ ඔබේ පැලේ...මම මගේ පැලේ..

    ගායනය: විශාරද නන්දා මාලනී

    සුලා..

    ReplyDelete
  10. @ Raven
    බොහොම ස්තූති රාවන්. බොහොම අගේට මම කියන දේ තේරුම් අරන් මගේ හිත හදාගන්න පුලුවන් විදිහෙ පිළිතුරක් ලගා දුන්නට.
    කාලයක් තිස්සෙ බලන් ඉදළ ඉඳළ ඒ හිතපු දේ ලැබිලත් ළං කරගන්න බැරි නම් ඒක හරිම වෙදනාවක් වෙනව..

    Raven බොහොම ස්තූතියි.......

    ReplyDelete
  11. @ DJ Slash (ස්ලෑෂ්)
    මේ සත්‍යයයි...සැබෑ ලෝකෙ සිද්ධ වෙන්න බැරි දෙයක් නැහැ DJ Slash.........

    @ මාරයාගේ හෝරාව
    බොහෙමෙ පුදුමයි ...කාලෙකට පස්සෙ මේ පැත්තෙ ඇවිත්. මම එදත් යසයි දැන් ඊටත් වඩා යසයි ....

    @ තිස්ස දොඩන්ගොඩ
    බොරැ කියන්නෙ මොටද? අයියනම් හරි කපටි. එක්කො මගෙ හිත රිදෙයි කියල කියන්න ඕනි දේ නොකිය ඉන්නව නේද?

    @ leks' world
    comment එක වෙනද වගේම තර්කානුකූලයි ... තැන්ක්යූ මල්ලියා...

    ReplyDelete
  12. @ මින්දද
    අපි කවුරුත් කවද හරි කොතනදි හරි හිරවෙනව. ජීවිතේ කියන්නෙ ඒක තමයි. තමන් ගැන පූර්ණ විශ්වාසය තියා ගන්න පුලුවන් නම් තමන් හරි නම් දිනන්නත් පුලුවන්.ඒත් සමහර වෙලාවට වෙනත් අයගෙ මතයන් හරියන වෙලාවල් තියනව...

    @ මම
    ඒක ඇත්ත ..
    ඔහු මා හැර නොයනා බව නම් මම හොඳින්ම දන්නව...

    ReplyDelete
  13. @ Anonymous (සුලා )
    හැමදාමත් වගේ සුළඟ වගේ ඇවිත් ගිහින්.
    සුළඟ
    මිනිස්සුනට අල්ලන්න බැහැ.
    නවත ගන්න බැහැ.
    එනව දන්නෙ නැහැ.
    යනව දන්නෙ නැහැ.
    ඉපදෙන තැනක් මිය යන තැනක් දන්නෙ නැහැ
    ආදරෙත් හරියටම ඒ වගේමයි නේද සුලා...

    නන්දා මහත්මියගේ ගීතය සිත හැරල ලීවම මගේ post එක වගේ කියල මටත් හිතුන...

    සුලා
    බොහොම ස්තූතියි.......

    ReplyDelete
  14. @ විහඟ ගීතය
    මලට බඹරු මිස වෙන කවුරුන්ද ලොවේ
    හිරුට අහස මිස හිමි නැත පොලෝ තලේ
    මගෙ හද ගත්ත නුඹ මිස මේ සොඳුරු ලොවේ
    වෙන කවුරුන්ද තරුවක් වී කතා කළේ..

    නිවසට එළිය සුන්දර මගෙ සඳ මුහුණයි
    නිවසට සැපත සුන්දර නුඹෙ නෙතු සඟලයි
    නිවසට මහිම සුන්දර නුඹෙ මුව මඪලයි
    නිවසක නිවස අපි දෙදෙනගෙ ආදරයයි

    ReplyDelete
  15. හා හා අක්කේ වටේ ඉදන් බලා ඉන්න අයගේ හිත් පුරවන්න කලින් අක්කාගේ හිත පුරවන්න....
    අක්කා කීවා වගේම ඔහුගේ හිතේ ඈ වෙනුවෙන් සුන්දර නොවෙනස් ප්‍රේමයක් ‍ගොඩනැගේවි.... අපි හැමෝම සුබපතනවා....!!!

    ReplyDelete
  16. අක්කි සියල්ල හොද විදිහටම සිදුවේවි

    ReplyDelete
  17. අගේ පැතුමන් ඉවසීමෙන්, කාලයේ ඔසුවෙන් ම ජය ලබන්නීය

    ඔබේ ජයම පතමු.

    ReplyDelete
  18. ඔරුවක් ලෙස ඔහේ ගිය ජීවිතේමය
    වරුවක් දෙකක් නොව ගව් දුර ගෙවීගිය
    බොරුවක් නොවේ දැන්නම් එය හැබෑමය
    තරුවක් නමුදු, තනිතරුවක් නොවේමය

    හිතකට එළිය දී හිත ගත් හිතවතිය
    සමකොට සිතන්නට උපමාවක් නැතිය
    මදකට හෝ සඳට සම නොකරත් බැරිය
    ගුරුකොට පේ කරමු ආදර සෙත් කවිය

    ReplyDelete
  19. වතුසුද්දා මලින් ලියැවුනු අකුරු පෙල
    කැළැඹූ වගයි මදකට හදවත පතුල
    මනසේ නැගුනි පෙර සේ පෙම් මුහුදු රළ
    මහදට දැනුනි විඳි පෙම් සිසිලස එකල

    ReplyDelete
  20. ප්‍රශ්න නම් හැමොටම තියෙනවා...ස්මාජයෙන්..සමාජයෙන් නොවන ආදී ලෙස..එත් හැමොටම හොද ආදරයක් ලබන්න හෝ දෙන්න ලැබෙන්නෙ නැ..හැබැ ආදරයක් හම්බුනා කියන්නෙ ප්‍රශ්න අඩු වෙනවා කියන එක නෙම...එත් ප්‍රශ්ණ වලට මුහුන දෙන්න ඒක හොද ශක්තියක්..

    ReplyDelete
  21. දැනෙනවා අක්කේ ප්‍රශ්නේ බැරෑරුම්කම...ඒත් අමාරු දේවලුත් ජයගත්ත අය ඉන්නේ ලෝකේ ඕන තරම්...ඉතිං හැකිවෙයි කියලා හිතෙනවා මට,ඒක ඔයාට ජය ගන්න...

    ReplyDelete
  22. කාලයට ඉඩදෙන්න අක්කේ...වතුසුදු මල් කවදාවත් තනිවෙන්නෙ නෑ. ඔක්කොම හරියාවි....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...