..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, April 11, 2010

~~~ මම දැන් අලුත් වෙලා ~~~




සිංහල අලුත් අවුරුද්දත් ළඟම ළඟයි . මම හිතුව වෙනස් වෙන්න. හැබැයි ඉතින් මම ජනවාරි පළමු වෙනිදට , උපන් දිනේ දවසට එහෙම එක එක අලුත් බලාපොරොත්තු ඈති කර ගන්නව. වෙනස් වෙන්න ඕන කියල එක එක විදිහෙ plan ගහනව. ඒත් ඉතින් කියක් ක්‍රියාත්මක වුනාද
කියාල නම් මතක නැහැ.

ඒත් මේ අවුරුද්දෙ නම් තියෙන්නෙ වෙනස්ම විදිහක බලාපොරොත්තු ගොඩක්....

දුක පිරුණ සිත මගේ පාවියන් නැලවියන්
සතුට සැනසුම සදා හිත්වලින් ලංවෙයන්
දුක ඉතින් සමුගනිමු ජීවිතෙන් නික්මියන්
මිතුරු කැල සිත සදයි එක් වෙලා ගීගයන්

සොඳුරු දිවි ගංතෙරේ දුක් වෙලා පල නොවේ
මලින් පිරි මාවතේ පියඹලා පල නොවේ
පිපාසය දිය සොයා සාගරේ පල නොවේ
ඔබ සොයා ජීවිතේ හඬාලා පල නොවේ

හෙට මගේ ලෝකයේ කිරුළ මා පළදින්න
අද දිනේ මට ඉතින් දිරිය ශක්තිය දෙන්න
කඳුළ මට සමු දෙන්න කාලයට ඉඩ දෙන්න
මලින් පිරි දිනක් අද මේ මලට ලැබ දෙන්න.

මම 
අලුත් අවුරුද්දේ අලුත් වෙන
~ වත් ~ 

38 ප්‍රතිචාර:

කතන්දර කාරයා said...

mage suba pethum!

ගල්මල්-Coral said...

සියලු සුන්දර පැතුමන් එලෙසින්ම මල්පල දරාවි.

මෙ විසිත්ත වූ බක් මහේ තව දින කිහිපයකින් එළඹෙන සංක්‍රාන්තියේ නව හිරු රැස් නව දිවියකට හේතු වාසනා වේවා!

wath said...

@ කතන්දර කාරයා
ආහ්.... .තැන්ක් යූ.. ඒත් ඒ මොකටද අනේ... ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් කතන්දර

@ ගල්මල්-Coral
ආශිර්වාදය ගොඩක් බලවත් අයියෙ. බොහොම ස්තූතියි.

රවා said...

මලින් පිරුනු මාවත කිසි වැඩක් නැති..
සාගරයෙ දිය සොයලා පලක් නැති..
ලැබෙන දෙයින් සැනසිලා නිමක් ඇති..
සැනසුම ගන්න ඇතුලෙන් හදවත් ඇත්තී...

දුකෙන් පිරුන සිතකට ඇති හයි හත්ති..
සැපෙන් ඉන්න සිතකට කිසි විට නැත්ති..
සැපෙන් ඉන්න විටකදි ඔබ වත්, ඇත්තී..
දුකෙන් පිරුනු හදකට දෙනු සවි ශක්ති..

රවා said...

ඔන්න ඔහොමයි කරන්න ඔනා.. දුකෙන් මෙතනට ඇවිල්ලා.. අනිත් මිනිස්සුන්ගෙ දුක දිහැ බලලා සතුටු වෙලා..( හක්ක... හක්ක..) තවත් දුකෙන් ඉන්න මනුස්සයෙක් ලඟට ගිහිල්ලා.. කතා කරලා ඌ ව එලියට අරගෙන ඌ ගෙ මුහුණටත් පුංචි හිනාවක් දෙන්න පුංචි උත්සහයක් ගන්න ඔනා...

තිස්ස දොඩන්ගොඩ said...

හැබෑමයි...! මට පේනවා අමුතු හයියක්... කොච්චර අපූරුද...!!!

Ansh Lucky Sri Jay said...

ආශිර්වාද කරනවා.
සුබ අලුත් අවුරුද්දක් වත්..
:)

දිlee said...

සුබ අලුත් අවුරුද්දක්.....

awrudda aluth awruddakma wewa

දුකා said...

නියමයි වත් . . හරිම සතුටුයි . . .

ඇත්තෙන්ම දුකෙන් පිරුනු ජීවිතේට සතුට පුරවන්න හිතහොඳ මිතුරු කැලක් වටේ ඉන්න කොට මොකට දුක් වෙනවද . .. දුක් වෙවී විඳෝනවද සතුටින් විඳින්න ඕන මේ ජීවිතය . . .

සැම ප්‍රාර්තනාවක්ම සඵල වෙවා කියලා පතන්නම් මමත් . . .

තව දෙයක් පුලුවන් නම් සුමනදාස සමරසිංහ ?? මහතාගේ මිනිස් සිතේ හාස්කම් පොත පුලුවන් නම් . . කියවලා නැත්නම් කියවන්න . . . ඔය ඇති කර ගත්තු අධිෂ්ඨාන දිය වෙන වෙලාවල් වලදී එහෙම නොවී තියා ගන්න ඒක ප්‍රයෝජනවත් වේවී . . .

Raven said...

නියමයි.
සියලු පැතුම් ඉටුවන අලුත් අවුරුද්දක්ම වේවා!!

ජීවිතේමල් said...

සියලු දේට ශක්තිමත්ව මුහුණ දෙන , අභියෝග හමුවේ යෝද ශක්තිය පහල වෙන සුබ අලුත් අවුරුද්දක් වත් ට පතනවා..

රවා..ඔබෙ පද පෙල අපූරුයි... ශා...... :-)

punchisamanalee said...

පුංචි සමනලීගෙන් පුංචි උණුසුම් සුභපැතුමක්!!!!!
අලුත් වෙලා තවත් අලුත් දේවල් අරන් එන්න අපිත් එක්ක බෙදාගන්න..... :-)

විශ්මි said...

සියළු පැතුමන් ඉටු වන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා කියල පතනව අක්කෙ...... :)

isimbuwa said...

අලුත් අවුරුද්දේ අලුත් පැතුම් එක්ක අලුත් වෙන්න වාසනාව ලැබෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරන්නම්කෝ

චේජනා said...

වත්...
අලුත් අවුරුද්දෙ බොහෝ සුබවාදීව වෙනස් වෙන්න අලුත් වෙන්න තනන
ඔයාට මගෙනුත් හෘදයාංගම සුබ පැතුම්..
සියළු යහපත් පැතුම් ඉ‍ටුවෙන...
වාසනාවන්තම වසරක් ඔබ වෙත ළඟාවේවා..

අනුරාධ said...

දුක පිරුණ සිත ඇගේ පාවියන් නැලවියන්
සතුට සැනසුම සදා ඇගෙ හිතට ලංවෙයන්
දුක ඇගේ ජීවිතෙන් සදහටම නික්මියන්
සියලු සුභ සිහිනයන් එලෙසින්ම ඉටුවෙයන්

wath said...

Ansh Lucky Sri Jay
දිlee
Raven
ජීවිතේමල්
pumchisamanali
විශ්මි‍
isimbuwa
‍වේජනා

සියළු දෙනාටම ස්තූතියි.... සුබ නව වසරක් මගේ යාළුවනේ...

wath said...

@ අනුරාධ
කවියෙන්ම සුබ පැතුව ඔයාටත් ගොඩක් ස්තූතියි අනුරාධ මල්ලියා.

- නිල් අහස - said...

සුභ අලුත් අවුරුද්දට...ඔබගේ නව වෙනස, නැවුම්
පැතුමන් පූදින්නට හේතුවක්ම වේවා....

තිස්ස දොඩන්ගොඩ said...

එහෙමනම් සොඳුරු සිතටත් මාව අමතක වුනා ඈ...? ලැයිස්තුවේ මම නැ‍තෝ.... :-(
දුකෝ උමේ කටෙත් පස් ... මගේ කටෙත් පස්....

naya said...

මේ ලබන අලුත් අවුරුද්දේදි සියලු පැතුම් ඉටු වේවා කියලා පතනවා...!!!

මාරයාගේ හෝරාව said...

මම දැන් වැඩට යනවා.. එන්න දවස් දෙක තුනක් යයි.
සුභ අළුත් අවුරුද්දක් වෙවා...

තිස්ස අයියා...
පවු දෙයියනේ...
අහිංසකයා...

හසිත ජයසූරිය said...

පිස්සු හැදෙන සද ඇයි ඔච්චර හැඩ....හි..හි..හි...........කිරි ඉතිරෙන පැණි බේරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා අක්කියො!!!!!!!!

wath said...

@ හසිත ජයසූරිය
අප්පොච්චයෝ ලැජ්ජාවෙ බැහැ. ඈයි ඔච්චර හැඩ කීවෙ මේ මටද?

Bunny ! said...

එළ එළ අක්කේ.. මරු මරූ.... මේ අලුත් අවුරුද්දේදි සියලු පැතුම් ඉටු වේවා කියලා මේ "හා" හදවතින්ම සුභ පතනවා...!!!

ආශිර්වාද කරන මම
~Bunny~

:P

රවා said...

තිස්ස අයියා තරහ ගන්න, දුක් වෙන්න දෙයක් නැහැ.. ලැයිස්තු වෙ මමත් නැහැ. බලන් ඉන්න මොකද වෙන්නෙ කියලා..
මතක් කරන්නෙ අමතක වෙන අයනෙ දැක්කෙ නැද්ද මගෙ බ්ලොග් එකෙ.. තියනවා... හා.. හා.. හ.. අපිව නම් මතක් නොකලත් කමක් නැහැ.. නැද්ද තිස්ස අයියා..

උදාරයා said...

අක්කි කවි කාරියෙක් නේ.. අලුත් වෙන්නම ලැබෙවා..

යෝගී... said...

සියළුම බලාපො‍රොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවා! ..

sansarasidu said...

ලැබුවා වූ සිංහල, දමිළ අළුත් අවුරුද්ද...
සාමය, සතුට සපිරි...
සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!

දුකා said...

"Ansh Lucky Sri Jay
දිlee
Raven
ජීවිතේමල්
pumchisamanali
විශ්මි‍
isimbuwa
‍වේජනා

සියළු දෙනාටම ස්තූතියි.... සුබ නව වසරක් මගේ යාළුවනේ..."

එතකොට අපි ඔටුවෝ ඈ . . .. ??? යාලුවෝ නෙමෙයි . . ???

දුකා said...
This comment has been removed by the author.
NUWAN"s lane said...

සියලු පෑතුම් ඉටුවන්නා වූ සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට

wath said...

@ NUWAN"s lane
@ sansarasidu
@ යෝගී..
@ උදාරයා
ඔබ සැමටත් සියලු බලාපොරොත්තු සපල වන සුබ නව වසරක් වේවා.

wath said...

@ Bunny !
ආහ් හා පැටියෝ ... මෙදා පාර නම් කවිය තේරිලා නේද?
හා පැටියටත් උඳුපියලිය ගොඩක් ලැබෙන රසවත් අවුරුද්දක් වේවා.
කැරට් වලට නම් රුවයෙන්න එපා ....

wath said...

@ දුකා
අනේ දුකෝ... මට හරිම දුකයි... මේ පද ටික දැක්කෙ නැද්ද....

දුකා වුනත් සතුටක් දෙයි අප හදට
ලියන කතා සිසිලක් දෙයි දිවිමගට
කොතරම් දුර වුනත් මිතුරේ සිරි ලකට
අවුරුදු සිරිය ඔබටත් ලැබ දෙයි සතුට

දුකා ... ඔබටත් ඔබගේ මිහිරි බාගයටත් ආදරණිය සොඳුරු ත්රස්තවාදියාටත් මේ ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සිරි සුබ වසරක් වේවා ..... මම වත්

Yasela Sumanasinghe said...

හා හා පුරා කියලා දාගත්ත සි0ග්ලිශ් ඇඩ් ඔන් එකෙන් ඔන්න ඉස්සලම ඔය ලමයටයි කොමෙන්ටුව දාන්නෙ...(අපි ඉතින් ගුත්තිල මුසිල ගැන ඉගන ගත්ත ලම්යි නෙ..)

අලුත් අවුරුද්ද සුබම සූබ වෙවායි පතනවා....

ලබන අවුරුද්දෙ ඔය ලමයගෙ පලාතෙ ගොඩක් පාලම් හැදෙයි..ඉතින්...
හෙට ලොකයේ කිරුල පලදින්න
එ පාලමෙන් ගොඩ වෙන්න...
හෑදෙන පාලම නොවෙයි
පාලම හදන උන් බලන්න....

Ravin Caldera said...

සුභ ම සුභ අලුත් අවුරුද්ධක් වේ වා!

දුකා said...

දැක්කා දැක්කා ඒත් මේකේ මොකුත් කියලා තිබුනේ නැති නිසා මේ . . හි හි

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...