..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, April 10, 2010

~~ ආදර හාදුව ~~


බෝ ආදරෙන් මාව
තුරුළු කර හදවතට
නලල සිප
සුවඳ විද  
යිද නුඹ ගියෙ දුරක

ඔබෙ සුවඳ
මුදු ගුණය
අමතකව නැත තාම
හාදුවද රැගෙන යළි
කවදාක එයිද නුඹ

නව වසර ඇරඹුමයි
පැතුම යළි දළු දමයි
හදේ ඉතිරි ගලන 
ආදරය ඔබ සොයයි

කාලයත් සීමිතයි
පන්තියත් බෝ දුරයි
එකම ගැලපීම නම්
ආදරය ස්ථිරයි

සියළු දොම්නස් නිවන
ඔසුව ඔබ ලග තමයි
නලලතත් හදවතත්
ඔබේ හාදුව සොයයි

නැති වූ හාදුව සොයන 
මම
~ වත් ~



14 ප්‍රතිචාර:

Ansh Lucky Sri Jay said...

nice...

රවා said...

කලින් එකකට කමෙන්ට් එකක් දාලා.. වෙච්චි වින්නැහියක්.. මගෙ අම්මෙ මෙදා සැරෙනම් කට වහගෙන ඉන්නවා.. කවිය ගැන මුකුත් කියන්නෙ නැහැ..........
:)

(නිශ්ශබ්දව මදක් වෙලා ඉඳ)

කවිය නම් හරිම ලස්සනයි,,, අදහස ගැන තමයි මම මෙ කියන්නෙ..

නලලතත් හදවතත්
ඔබේ හාදුව සොයයි
හරිම ලස්සනට කියන්න ඔනා දෙ කියනවා. රැකවරණය, සහායොගය..

wath said...

@ Ansh Lucky Sri Jay
බොහෙමෙ ස්තූතියි. ඔයා මම ලියන දේ බලන එක මට සතුටක්.

@ රවා
අපොයි ඔවු .රවා හාදු වලට බොහොම බය විත්තිය ලියල තිබිබ මතකයි. ආද​රය රැකවරණය සෙලින්කෝ ලයිප් ද?

රවා said...

නැහැ වත් අක්කා

මම කෙනෙකුගෙ නලලට හදුවක් දෙද්දි මම එයාට එකෙන් කියන්නෙ... මගෙ රැකවරණය, ආරක්ෂාව එයා කෙරෙහි හැමදාමත් තියනවා ,දෙනවා කියලා..

මම එයගෙ හදවතට හාදුවක් දෙද්දි මම එකෙන් කියන්නෙ එයාගෙ සහයොගය, විශ්වාසය මම හැමදාමත් අගය කරනවා කියලා..

ඔයා සෙලින්කො ලයිෆ් එකක් දාලා මෙතන මාව යකා නටොනවා...

දුකා said...

නැති උනු හාදුව වැඩි කල් නොයවාම . . . කලින්ට වඩා ආදරෙන් ලබා දිය හැකි කෙනෙකුගෙන් ලැබේවායි එක සිතින් පතමි . ..

Local Taboo said...
This comment has been removed by the author.
Bunny ! said...

මොන මගුලක්ද මන්දා මට ඔයා ලියන එවා තේරෙන් නෑ නෙවැ :-(

ම්ම්ම්ම්

එළ වගේ කවිය :-D
ශා මරුනෙ
ශෝක් කවිය....
දිගටම ලියන්ට තේරුනේ නැතත් කමෙන්ට් දෛර්‍ය දෙන්න අපි ඉන්නවා :-D

හසිත ජයසූරිය said...

නැති වූ හාදුව සොයන වත් අක්කිට ඉක්මනටම ඒක හම්බුවෙන්න කියල පාර්ථනා කරනවා...කවියනම් එල අක්කි!

ඒක නෙනෙමේ නැතිවුන හාදුව හම්බවුනොත් අපිටත් කියන්න.....ඕන්!

wath said...

@Bunny !
මම එකපාරකුත් කීව නේද? පුංචි හාවුන්ට මේව තේරෙන්නෙ නැහැ.
ඔයාගේ අර හාවිට bag එකක් ගන්න මුළු කොලොම්පුරේම visit කරා කියල ආරංචියි....

@ දුකා
බොහොම ස්තූතියි අයියා.

@ හසිත ජයසූරිය
බොහොම ස්තූතියි මල්ලියා. හරි හරි හමුබුන දවසක අනිවාර්යෙන් කියන්නමි කො. දැන් ඉතින් වැඩපටාන් ගන්න තියෙන්නෙ නෙද් මල්ලියා (AL වලට)

ගල්මල්-Coral said...

පද කිරීම පංකාදුයි, උපරිමයි.

ඈත්වීමෙ දුක කියාපෑවත් පදතුල ඇති බාලපොරොත්තුවේ දලු මෙ බක් මහේ සිරියත් සමඟ එක්වෙනවා යැයි සිතේ. එය මල් පල ගැන්වේවා කියා එකම පැතුම!

සුබ පැතුම්!

wath said...

@ ගල්මල්-Coral
බොහොම ස්තූතියි Deen අයියා. මේ වගේ ආශිර්වාද තියනවනම් හිතේ තියන බලාපොරොත්තු හැමදෙයක්ම හරියනව අයියා.
බොහොම ස්තුතියි.

Yasela Sumanasinghe said...

මේ නව වසරේ...සියලු දොම්නස් නසන ඔසුව හමුවේවයි පතමි

isimbuwa said...

ලස්සන පද ගැලපුමක්

විහඟ ගීතය said...

හරිම ලස්සනයි.. මමත් හොයනවා

මම
සි.එස් බණ්ඩාරනායක

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...