..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, April 6, 2010

~~~~ අන්සතු වූ මගේ කිරුළ ~~~~~



සඳේ තනියට සිටපු සාවා කොහි ගියාදෝ
මලේ තනියට සිටපු බඹරු කොහි ගියාදෝ
විලේ තනියට පිපුන නෙළුම පරවෙලාදෝ
මගේ හිත ළඟ සිටිය කුමරු කොහෙ ගියාදෝ 

සියක් දහසක් අතර දැනෙන්නේ තනිකමයි
ගමක් වීදියක් ලඟ සොයන්නේ ඔබෙ රුවයි
හමන මඳ නල වුවද ගෙනෙන්නේ රුදු බවයි
කිරුළු පලදින්න මම දුටුව දේ මිරිඟුවයි

අවසානේ හමු වුවද ලං වීම බෝ දුරයි
  සඳත් සාවාත් සමඟ අහසෙ නුඹ රජ කරයි 
විලට හිමි නෙළුම මම නෙලා ගන්නේ කිමැයි
කුමරු නුඹ අතහරිමි එය මගේ ප්‍රේමයයි 

සඳ ගාව සඳ සාවා සැමදාම සිටින්නයි
මල ගාව හිමි බඹරු රොනින් සැතපෙවෙන්නයි
විලට හිමි නිල් නෙළුම පරවීලා නොයන්නයි
මගෙ කුමරු ඈ ලඟම කිරුළු පලදවන්නයි 

මම 
කිරුළ අහිමි කුමරිය
 ~ වත් ~

26 comments:

  1. විරහව උතුරා ගලන නමුත් ලස්සන පදවැලක් සොයුරිය.

    ReplyDelete
  2. ආයෙත් අහලා, :)
    හරිම ලස්සන පද වැලක්.

    ReplyDelete
  3. සඳෙ සාවා සඳ ඇතුලෙම හිටියාවෙ..
    මලෙ බමරු මල වට කැරකුනාවෙ..
    විලෙ නෙලුම් පොකුරින් සැරසුනාවෙ..
    ඔබෙ කුමරු ඔබ හට හිමි උනාවෙ..

    සඳ කිරණින් ඔබෙ ලොකය එලිවෙන්නයි
    හිරු කිරණින් ඔබෙ ලොකය බැබලෙන්නයි.
    සොදුරු අරණ තව තව ලස්සන වෙන්නයි.
    සොදුරු සිතට තව තව කවි ලිය වෙන්නයි..

    ReplyDelete
  4. මැක්කා...ආ නැ වැරදුනා ! මැක්සා...!!
    කියලා වැඩක් නෑ හරිම සෝක් :-D

    හැබැයි මට කවිය තෙරුනේ නෑ :-D

    ReplyDelete
  5. මේක මගෙත් කවිය වෙනවා අක්කේ කුමරු වෙනුවට කුමරිය දැම්මාම...

    ReplyDelete
  6. හරිම සංවේදියි මේ කවි පෙළ....

    ReplyDelete
  7. @ ගල්මල්-Coral
    @ Ansh Lucky Sri Jay
    දෙන්නටම බොහොම ස්තූතියි. අපේ ගල්මලුත් ලස්සනට කවි ලියනව මම දැකල තියේ ...


    @ රවා
    මෙන්න වැඩක් අපේ රවත් කවිකාරයෙක් වෙලා....ම් ම් ම්
    හොදයි හොඳයි ලස්සනයි.(මදිද ???)

    @ Bunny !
    ​අනේ පුංචි හා පැටියෝ.. ඔයාට මේව දැන්ම තේරෙන්නෙ නැහැ ....

    ReplyDelete
  8. "විලට හිමි නෙළුම මම නෙලා ගන්නේ කිමැයි
    කුමරු නුඹ අතහරිමි එය මගේ ප්‍රේමයයි"

    "if you love some thing set it free" කියලා මතුරන මට ගලේ පහරපු බළලට වගේ කට වහගෙන ඉන්න වෙනවා . . කැතයි හොඳේ මේ විදිහට තරහට රිටර්න් දෙන එක . . .

    ReplyDelete
  9. @ චමිදේවා
    මම දන්නව මල්ලියා. දුක් වෙන්න එපා.ඒව එහෙම තමයි.

    ReplyDelete
  10. @ දුකා
    අනේ අනේ දුකා... තරහට රිටන් දෙන විදිහෙ කෙල්ලෙක් නෙ​මෙයි මම. අනික කවුද පවුලෙම අයත් එක්ක තරහ වෙන්නෙ. අනික මම කවදද ඔයත් එක්ක තරහ වුනේ කියලයි මම මේ කල්පනා කළේ....

    @ චමිදේවා

    දුකා අයියා කියනව වගේ "if you love some thing set it free"

    ReplyDelete
  11. දුකා අයියගෙ කියන දෙ මුලින්ම තිබුනෙ
    උපකල්පනයක් වගෙ මගෙ හිතෙ..
    එක කල්පිතයක් උනා එක සිද්දියකින් පස්සෙ
    ඉට පස්සෙ තවත් සිද්දියකින් පස්සෙ එක නියමයක් උනා..

    ReplyDelete
  12. සඳේ අයිතිය හිරුට හිමි විය..
    මලේ අයිතිය ගසට නතුවිය..
    විලේ අයිතිය පොළෝ සතුවිය..
    මගේ අයිතිය මටද නැතිවිය...

    සාවට සාවියක් මිස සඳ අයිති නැත..
    බිගුට බිගු රැජින මිස අන් අයෙක් නැත..
    පුදසුන මිසක නෙළුමට වෙන තැනක් නැත..
    ඔබ ට හිමි කුමරු තාමත් පැමිණ නැත...

    ReplyDelete
  13. නියමයි.
    පදවැළ හිතට තදින් දැනුනා.

    ReplyDelete
  14. මාරයාගේ හෝරාව
    හැබෑටම ලස්සනයිත ඔයා ලස්සන කවි ලියන්නෙ ඔයාගෙ blog එකේ නෙමෙයි මගේ blog එකේ comment වල.

    පළමු කවියෙන් ඔයා ගැනත් දෙවෙනි කවියෙන් මට හරියන උපදෙසකුත් දීල තියනව.

    ඉතින් කොහොමද මේ වගේ යාළුවන්ව නැති කර ගන්නේ....

    ReplyDelete
  15. @ Raven
    ඔයා ලියනව වගේ කවි ලියන්න මම කොච්චර උත්සාහ කරත් බැහැ. ස්තූතියි comment එකට.

    ReplyDelete
  16. මාරයාගේ හෝරාව said...

    සඳේ අයිතිය හිරුට හිමි විය..
    මලේ අයිතිය ගසට නතුවිය..
    විලේ අයිතිය පොළෝ සතුවිය..
    මගේ අයිතිය මටද නැතිවිය...

    සාවට සාවියක් මිස සඳ අයිති නැත..
    බිගුට බිගු රැජින මිස අන් අයෙක් නැත..
    පුදසුන මිසක නෙළුමට වෙන තැනක් නැත..
    ඔබ ට හිමි කුමරු තාමත් පැමිණ නැත...

    MAAARAI . .. . siraawatama . . .MAAAARAI . . .!

    ReplyDelete
  17. බොරු කියන්නේ මොකටද? ඔයාගේ කවිය ලස්සනයි සොයුරිය. හැබැයි ඇත්තටම මාරයා ලියලා තියෙන කවිය මේ ආරේ වෙනස් කවියක් කියලා හිතිලා ඒක වඩා ලස්සනයි කියලා හිතෙනවානේ. වට් ටු ඩූ? මට වෙලාවකට හිතෙනවා දෙන්නා දෙන්නට ලියා ගන්නවාද කියලත්.

    ReplyDelete
  18. පළමුවෙනි කවි කොටස් දෙකේ රිද්මය තරමක් අවුල් සහගත ව දැනුනත්, ජනකවි ආරට ලියූ ඔබේ ආත්මීය ප්‍රතාශනය මහත් සේ වින්දෙමි. (එය රස වින්දේ නැත්තේ දුකක් ම ජනනය කරන බැවිනි..)

    ReplyDelete
  19. 1. ඹමරිඳු ඹමරිඳු කුමට වඩින්නේ...
    වනමල් කැකුලිය සොයා වඩින්නේ...

    2. දෙනෝ දාහක් නුවන් අතරේ...
    කවුරුදෝ මා... තනිකලේ...

    3. අප හමුවූවත් නොවුනත් කාලය ගතවී යනවා...
    අප ලංවූවත් නොවුනත් ලොව එක සේ පවතිනවා..

    4 සඳ සාවී මා...
    සඳ මඬලේ පාලුවේ මෙදා....

    මෙතන කවි ලියනවා තියා හිතන්නවත් බැරි අඩවියක්...
    "මාරයා" හා "රවා" පාපු පෙලහරමම මදෑ...
    දන්න දෙයින් ඩිංගිත්තක් සටහන් කලා නගේ...

    ReplyDelete
  20. @Randil: මෙහෙමත් ඇන්ටෙනාවක්...!
    විහිලු නෙවේ, මටත් ඔහොම හිතුනා....

    ReplyDelete
  21. එලකිරි වගේ ලස්සන කවි පන්තියක්නෙ....මැක්ස තමයි! මටත් ටිකක් ලගින් යනවා

    ReplyDelete
  22. මේසේ කවි ලියන ඇ, කිරුළ අහිමි කුමරිය නොවේ.

    ReplyDelete
  23. අප සැමට යම් යම් දේ අහිමි වෙනවා! ඒ ලොක ධර්මය නේ ද? එහෙත් ජීවිතය ගඟක් වගේ ගල්පර, උස් මිටි තැන්, බධා පහුරු පස කොට ගලා යනවා... කිරුළ අහිමි මුත් ජීවිතය අහිමි නැත. ජීවත් වන්න ජීවිතය ලස්සනයි. . .

    ReplyDelete
  24. නද බිඟු නොම කැපව සවනත ලා අගුලු
    ලඳ ඔබ සිටියාද? නොමහැර හද කවුලු
    අද දුක්මුසුව ඔබ පබඳින කව් පබලු
    හද තෙත අයෙකු හට සොඳ ලෙස වටිනවලු!

    KK

    ReplyDelete
  25. මිනිස්සුන්ගෙ හදවත් වල තියන දෙවල් තෙරුම් ගන්න හරිම අමාරුයි අක්කා..මිනිස්සු හැමතිස්සෙම පුරුදුවෙලා හැමදෙම වචන වලින් විස්තර කරන්න.. හැමදෙටම නමක් දෙන්න. හැම සම්බන්දෙකටම නමුත් අපිට හැම දෙකටම නමක් දෙන්න බැහැ.. එකට නමක් දෙන්න ඔනා තමුන්ගෙ හදවතින්මයි.. මම හැමදාමත් කියනවා වගෙ අපි හැමොම හොයන්නෙ මෙ අපි ගාව නැති දෙවල් නෙද... මෙ කමෙන්ට් ටික දැක්ක හම මට අමුතු හැගිමක් ආවා...සමාන හැගීම් , සමාන අත්දැකිම්, සමාන ආකල්පයන් තියන මිනිස්සු ලොකෙ කොච්චර ඇතක හිටියත් පුංචි හරි ගැටිමක් අහබු ලෙස හරි සිදු උනොත් එයාලා ලං වෙනවා... සියුස් කියන දෙවියා කරපු වැඩෙ ගැන මම ඔයාට කියද්දි ඔයා කිව්වා දෙවියො ගැන විස්වාසයක් නැහැ කියලා.. අපි දෙවියන්ව නෙමෙ විස්වාස කරන්න ඔනා.. අපෙ හදවත....

    ReplyDelete
  26. ඔයාගේ තේරුම් ගැනීම හරියටම හරි...
    ඔකනේ මට ඔයා ගැන බය හිතෙන්නේත්...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...