..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, April 4, 2010

~~~ කසා (ද) ය ~~~

 


නුදුටුවන් හූල්ලන
රස ගඟුලකැ යි සිතන
දුටු දනන් විදවනා
ගැලවීම ඉන් සොයන
කුරුළු කූඩුවක සුව
සිරගෙයක් වෙයි පසුව
ආවොතින් යා නොහැකි 
දරුවනුයි එහි බැම්ම
ආදරයෙ අවසාන
තිප්පලක් වෙයි මෙයම
ඉන් පසුව ආදරය 
වෙයි අන්තරස්දාන
 බෝ දෙනා මා ඉතින්
තල්ලු කරනුයෙ කිම ද
මට ඈවැසි නැත තාම
කසා(ද) ය වෙයි තිත්ත

කසාය බොන්න අකමැති 
මම
~ වත් ~
 

31 ප්‍රතිචාර:

wath said...

මේ කුලකයට තිස්ස දොඩංගොඩ මගේ ලොකු අයියා සහ දුකා අයත් නොවන බව කරුණාවෙන් සලකන්න....

Madhuka said...

කසාය බොන්න කමැති, බොහෝ සේ...
කසාය බි ලදදේ ද අකමැති, ඔබ?

wath said...

නැත නැත. අසා ඈති දේ අනුව බීමට සිත් නොව් මට.....

මාරයාගේ හෝරාව said...

කුමට ඉතින් බොමුද ත වත්..?

තිස්ස දොඩන්ගොඩ said...

(ෂක් කොමෙන්‍ටුව ලිව්වට පස්සේ නේ මෙයාගේ Special Sub clause එක දැක්කේ... කමක් නෑ හුදී ජනයා තකා දානවා....)

මොන පිස්සුද... සමණලයා විඳින සැප දළඹුවා දනීද....?
කිසි සේත්ම නොවේය අන්තරස් දාන...
බේස් ලයින් පාර අතුපාරවල් කීයකට බෙදුනත් හැම පාරක්ම එක සමාන නෙව...
සිටියේ හිරගෙයකයැයි සිතෙයි ඔබ හට පසුව....
බරක් එක් යම් කලෙක හිත...
තනියෙන්ම නොවාවනු...
අන්න එදාට double engine එකේ පවර් එක තේරෙයි...

මාරයාගේ හෝරාව said...

ඇත්ත නැත්ත මම දන්නේ නැහැ මෙන්න මෙහෙම කතාවක් මම අහලා තියෙනවා.

නොබැද ඉන්න එකා මෝඩයාය..
බැන්ද එකා ඊට වඩා මොඩයෙකි..
බැදලා දික්කසාද උන එකා පල් මෝඩයෙකි..
දික්කසාද උන එකා නැවත බැන්දේ නම් ඌ මෝඩයින්ගේත් රජුය..

රවා said...

කෙනෙක් කියන දෙයක් කණින් ආසා හො
ඇස් දෙකෙන් දැක... තිරණ වලට එළබෙන්න එපා.. ආදරය කරන කාලෙ විඳින නිදහස, වින්දනය කසාද බැන්දට පස්සෙත් විදින්න හිතන, නිදහස් වෙන්න හිතන ගොබ්බයො නිසා අතරමන් වෙන්න හිතන්න එපා.. අපි කසාද බදින්න ඔනා, අපිට හම්බෙන දෙය අරමුණු කරලා නෙමෙ, අපෙ සහකරුවා හො සහාකාරිය සමග එකතුවෙලා ලොකෙට තිළින කරන දෙ ගැන හිතලා. බුදුහාමුදුරුවො මොනතරම් කරුණු ලොකෙට දිලා තියනවද ගිහිජිවිතයට. කසාය තිත්තයි , හැමදෙම තිත්තයි, නමුත් අපි ගිහියො අපෙන් ලොකෙට විය යුතු දෙවල් තියනවා.. කවිය ලස්සනයි. තිත්තත් රසයක් අපි විදගතයුතු..
මොකද කියන්නෙ එකඟද මගෙ අදහසට.. ? ලැබෙන දෙට වඩා ලබාදියයුතු දෙ ගැන සිහි කිරිම යහපත් නෙද....?

රවා said...

මාරයා කොහොම හරි කස්ටියට තෙල් ගහලා.. ලොකෙම තනිකඩයින් කරන්න කල්පනාව.. හරි මම ඉන්නකම් එවා කොහොද...?

සෙල්ලම් දාන්නට ආවොත් උස්සනවා
බිත්තියෙ තියලා මගෙ gun එක ගස්සනවා

මගෙ කවිනෙමෙ යහලුවෙක් කියලා දුන්නෙ..
(මම ගොබ්බයා කිව්වෙ මාරයට නෙමෙ, බැදලා නිදහස් වෙන්න හිතන අයට)

හසිත ජයසූරිය said...

අම්මෝ කසාදයත් කසාය වගේ තිත්ත එකක්ද?මම නම් ඔය කසාය බොන්නෑමයි

wath said...

තිස්ස දොඩන්ගොඩ
ම් ම් ම්.... මේ බව දන්න නිසා තමයි මම විශේෂ දැනුම් දීමක් කරේ. අයියා හරිම වැසනාවන්තයි (අක්කට පිං සිද්ධ වෙන්න) බහුතරය එහෙම නැහැ නෙ අනේ....

පොඩි ළමයෙක්ට බේත් පොවන්න වගේ කට්ටිය මට කසාය පොවන්න වෙහෙසෙන්නෙ. හිමිකාරය ආපුදාට නම් ඉතින් .........

wath said...

හසිත ජයසූරිය
හා හා හා.... මේව පොඩි දරුවන්ට තහනම්. අන්න විභාග ප්‍රතිපල එනවලු. දැන් ඉතින් ඊලග යුද්ධයට සැරසෙන්න.

විවාහයට කළින් විභාගය .....

Bunny ! said...

ආවොතින් යා නොහැකි
දරුවනුයි එහි බැම්ම

මොන පිස්සුද..! ඒ බැම්ම කඩා දාන්න බැරියැ..එකටනේ කළුගඟ තියෙන්නෙ !

wath said...

Bunny !
හා පැටියෝ... එහෙම හරියන්නෙ නැහැ. ළමයි පලිද ඒකට.
එහෙමනම් දරුවො හදන්නෙ නැතිව ඉන්න ඕන.

RanDil said...

තුවාලේ වේදනාව දන්නේ එය ඇත්තා පමණී වගේම නිර්වාණයේ සුවය දන්නේ නිර්වාණයට ලඟා වූවන් පමණී. තුවාලයක් නැත්තා එහි වේදනාව විවේචනයට යාමත් නිර්වාණයට ලඟා නොවුවකු එහි සැපය වනන්නට යෑමත් සමකල හැක්කේ අන්ධයින් ඇතා පිළිබඳව කල විස්තරයට නොවන්නේද සොයුරිය?

කොහොම වුනත් ලස්සන කවි පෙළක්.

wath said...

RanDil

කොමෙන්ටුවට ස්තූතියි.අත්දැකීම් ලබන්නම ඕන නැහැ නේද සමහර දේවල් ගැන දැනගන්න. බහුතරය ගැන විතරයි මම කීවේ.

දුකා said...

මටත් අදාල නෑ කියලා කිව්වා වුනත් මාත් යමක් කිව යුතුමයි . . .
හැම කසාදයක්ම තිත්ත කසායක් වගේ නෙමෙයි . . .
කසාදය තිත්ත කසයක් නොවෙන්න නම් සිදු විය යුත්තේ අවබෝදය
ස්වාමියා කැමති බිරිඳ මම කැමති දේවල් වලට කැමති වෙනවා නම්
බිරිඳ කැමති ස්වමියා තමන් කැමති විදිහට ඉන්නවානම්
If you love something set it Free කියන එක අහලා තිබුනට කරන්නේ ආදරේ නාමයෙන් අනිත් කෙනාට විලංගු දාන්න හදන එක. (මම මේ ඔයාට ආදරේට කියන්නේ කියලා)
එතකොට ඇති වෙන්නේ ආදරයක් නෙමේ තරහක්. ඒත් ඔයා අර කිව්ව බැමි නිසා තරහා හිරකරගෙන ඉන්නවා.

තොටිල්ල පදවන අත ලොවක් පාලනය කරයි කියලනේ කියන්නේ. . .

(කසාද නොබැඳ දරුවන් වැදීම නොහොබිනා කමක් කියා සිතන නිසා)ගෑනු ඔක්කෝම කසාදය කසායක් කියලා හිතාගෙන කසාද නොබැඳ හිටියොත් . . .

අපේ රටේ හෙට දවස බාර දෙන්නේ කාටද . . .?

රවා said...

දුකා අයියා... ඔය සිද්ධාන්තය හරිම වටිනා දෙයක්.. ඔක නෙදැන ආදරය කරන්න ගිහින් ලොකු දුක් වෙදනාවක් වින්දා.. පස්සෙ ඔක හම්බ උනා.. ලොකු වෙනසක් සිදු වුනා...

"If you love something set it Free"

ආදරෙ කරන දෙදෙනෙකු අතර අපුරු සුන්දර සම්බන්දයක් ගොඩ නගා ගන්න වටිනා සුන්දර කියමනක්

Raven said...

කසාය සහ එහි තිත්ත රසය විඳින්නන්ට අනුව සාපේක්ෂයි.

කසාදෙ කියන්නෙ හැමෝම බැඳිය යුතු දෙයක් හැටියට මම නම් සලකන්නෙ නැහැ.

කවිය ලස්සනයි.

@රවා


//ආදරය කරන කාලෙ විඳින නිදහස, වින්දනය කසාද බැන්දට පස්සෙත් විදින්න හිතන, නිදහස් වෙන්න හිතන ගොබ්බයො//

මම නම් එහෙම නිදහස් වෙන්න තමයි හිතන් ඉන්නෙ සහ දැනට අත් විඳින්නෙ.

එහෙම හිතීම ගොබ්බ කමක් කියන්නෙ කොහොමද මචන්?

RanDil said...

ඔව් එහෙමත් පුළුවන්. ඒත් මගේ අත්දැකීම නම් කසාද බඳිනතුරු එහි සැබෑ ස්වරූපය අවබෝධකර ගැනීම හරිම අපහසුයි කියලායි. මම දැකලා තිබෙනවා බොහොමයක් පිරිස කසාදයෙන් පස්සේ පෙර දැරූ අදහස් බොහෝ සෙයින් වෙනස් කරගෙන තිබෙන අවස්ථාවන්. බඳින්නේ නම් නැහැ අම්මා රැකබලාගෙන ඉන්නවා කිව්ව අපේ මාමා කෙනෙක් ව ඒ අම්මා ඇතුළු අපේ වැඩිහිටි බොහෝ දෙනෙක් එකතු වෙලා කසාද බැන්දුවා. අන්තිමේ ඒ අම්මාට ලේලිය සමඟ ඉන්න අපහසු වුනා. නැන්දාගේ වරදකුත් නැහැ බැලුවාම. ඉතිං මාමා ගත්තේ නැන්දාගේ පැත්ත. දැන් මාමාගේ අම්මා නැහැ. මාමායි නැන්දයි දරුවෝ එක්ක සතුටින් ඉන්නවා. දරුවෝ බන්දලා දුන්නට පස්සේ අපි දෙන්නා වට වන්දනාවේ යනවා, කියමින් ඒ දෙන්නා මග බලාගෙන ඉන්නවා.

wath said...

@ දුකා

කෙලෙස් පර්වත පොත බැලුවනම්, ඒකෙ ඉන් සුභාට වුනදේ මතකද. එතකොට අර දරුව සනීප කරගන්න සත්‍ය ක්‍රියා කරපු ගැහැණිය මතකද? බොරුවෙන් වැහුණ විවාහායක්..???

අපොයි එපා මට නම්....

නිමලවංශලා වැඩි ලෝකේ.. උපතිස්සලා හිඟයි දුකා..

wath said...

අපේ රටේ හෙට දවස බාර දෙන්නේ කාටද . . .?
නූපන් හෙටක් ගැන හිතල අපේ වර්තමානය බිලි දෙන්න ඕන ද? අනික අම්මල තාත්තල දරුවන්ව හදන්නේ "අනේ නැකි වුනාම අපිට බැරි වුනාම අපිව බලා ගන්නවත් කෙනෙක් ඉන්න ඕන " කියල නේද, ( ඒක වෙන්නෙ නැති එක වෙනම කතාවක්)

Bunny ! said...

අයියෝ ඔයාලා නිකම් පොඩි ළමයි වගේනේ ඒකවතත් දන්නැද්ද ? අනාගතේ බාරගන්න මන්තිරි පුත්තු ඉන්නෙ :-D

රවා said...
This comment has been removed by the author.
රවා said...

රාවෙන්..
මචං උඹ ඔය ඇත්තටමද කිව්වෙ විශ්මි නංගිගෙන් නිදහස් වෙන්න ඔනාද? උඹට.. මගෙන් මැරුම් නොකා හිටපන්.. උබට දැම්මම හැති වැටිලද පුතා.. හහ් හහා....

හැබැයි මට හිතෙනවා උඹට සමහර වෙලාවට එහෙම හිතෙනවා කියලා මොකද එක තමයි මනුස්ස ස්භාවය

මචන් මගෙ පහු ගිය අවුරුදු 6 වගෙ බැලුවොත් මමත් කසාඳ බැදලා වගෙ තමයි හිටියෙ. කෙල්ලගෙ අම්මා මම කෙරෙහි තබලා තිබුණු විස්වාසය මම කවදාවත් බින්දෙ නැහැ. කෙල්ලගෙ බොහොමයක් වගකිම් මගෙ අතෙ තිබුනෙ. මම එවා පුළුවන් උපරිම අයුරෙන් කරා. මම සමහර වෙලාවට මම කෙල්ලට කුණුහරපෙන් බනිනවා.. එකිගෙ අතින් පොඩි පොඩි අත්වැරදිම් වෙද්දි,කොච්චර මම කියන දෙ නහා වැඩ කරත් මගෙ ජිවිතෙ එකිත් එක්කමයි ජිවිතයම ගෙවන්න ඔනා කියන හැගිමෙන් මම එදත් හිටියා, අදත් ඉන්නවා. එකිව මට බරක් උනෙ නැහැ. එකිගෙ විලි වහන්න ඇදුමක් ගන්න, වහිද්දි නොතෙමි ඉන්න පොඩි ගෙයක් හදා ගන්න. මට අද පුළුවන් කමක් තිබුනත් ප්‍රශ්න ගොඩාකට වටවෙලා ඉන්නෙ. එකිවත් මෙ අපායෙන් ගලවන්න ඔනෙ කියලා ඇත් කරා. යහලුවෙක් ගෙ දරුවෙක් තුරුල් කරගද්දි මගෙ ඇස් දිලිසෙනවා දැකලා ඔච්චර දරුවන් ට ආදරෙනම් කසාද බැදගන්න එකනෙ ඇත්තෙ කියලා උන්ගෙ අම්මලා කියනවා.. රාවෙන් උඹ පින් ඇතිව ඉපදුණු එකෙක්... වචෙනෙකින්වත්, විහිලූවට වත් ආපහු ඔක එලියට දාන්න එපා. හිත ඇතුලෙ මොහොතකට නැගුනට කමක් නැහැ. එක එහෙම්ම යට කරපන්...මෙන්න මෙක බලන්න

වත්
හරිම ආත්මාර්ථ කාමි...නපුරි.. කතා කරන්න එපා මාත් එක්ක... නපුරු කවි ලියලා.. රාවෙන් අවුස්සලා.. කස්ටිය ගැට්ටක්(කල්ලි ගැසෙන්න) ගහන්න වගෙ යන්නෙ..

Raven said...
This comment has been removed by the author.
Raven said...

රවා- මුල් හරියෙ උඹ කරල තිබ්බ විහිලුව නම් මැක්ස මචන්.. හික් හික්.
උඹ පළ කරල තිබ්බ දෙයක මම නොදන්න පැත්තක් තියේද කියලයි බැලුවෙ. එහෙම දෙයක්, උත්තරයක් මට ලැබුණෙ නැහැ මෙතැනින්.
ඉතින් ඒ ගැන තව දුරටත් කතා කරන එකේ තේරුමක් නැහැ මම මෙතන.

ජයවේවා!

ගල්මල්-Coral said...

පබැඳුමක් ලෙස ලස්සනයි, ඒත් අදහස ගැන එකඟ වෙන්න බැහැ.

බොහෝ විට පත අට එකට හින්දලා සැකසන කසාය තිත්ත වෙන්න පුලුවන්, ඒත් එය ආතුරයාට ඔසුවක් නමුත් කෝකටත් තෛලයක් නොවේ.

පබැඳුම් වලදී විවාහ සංස්ථාවේ සෘණ පැත්තම මතුකර පෙන්නනේ ඉන් නිර්මාණයට ලැබෙන තැන නිසාමද කියා සිතුන වාර අනන්තයි.

විවාහ සංස්ථාව: හරය, සුවඳ, දීප්තිය, කාන්තිය හැම දෙයම පවතින්නේ අවබෝධය මත. දෙදෙනෙකු බොහෝ කැපවීම් කර රැකිය යුතු මිල දී ගන්න බැරි, මිල කරන්න බැරි සුන්දර අමිල වස්තුවක්.

එහෙම නොවුනොත් මිනිසුන් ද ගස් හා මල් ලෙස වෙන්න තිබුනා, පරාගනය උදෙසා බිඟුවන් එනතුරුම බලා ඉන්න...

කවියේ වරහන් තුල හිරවී ඇති "ද" යන්න "කසාය" ට හරවත්ව එක්වෙන ලස්සන ලෝකයක් හැමටම පතමි ඉත සිතින්ම. ලෝකයේ හරවත් පැවත්ම උදෙසාම.

දුකා said...

වත් කෙලෙස් පර්වත එකේ සුභාගේ දුර්වල පෞරුෂය නෙමෙයිද එයාට ඒ දුක උරුම කරලා දුන්නේ. කන්‍යාභාවය කියන්නේ ගෑනියෙක්ට මුලු ජීවිතේමද ??? පිස්සු විකාර !! සුභා නිමලවංශගෙන් පලිගන්නනේ ඌව බඳින්නේ . . . ! චේතනා හම් භික්කවේ කම්මං වදාමි . . . (හරිද මංදා කෝ මේ තරිඳු . .!) සුභාගේ චේතනාව හොඳ එකක් නෙමෙයි නේ ඉතිං ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද . . . ? මිනිහෙක් නිමලවංශ කෙනෙක් කරන්නෙත් උපතිස්ස කෙනෙක් කරන්නේත් සුභා ල . . මතක තියා ගන්න . . මම ආයේ අයේ කියනවා තොටිලල් පදවන අත ලොවක් පාලනය කරයි . ..

ගෑනු මාතෘත්වයට කාන්තාවන්ට ලැබිය යුතු නියම ගෞරවය ලැබිය යුතු ලෙස ඉන්නවා නම් උපතිස්සලා බිහිවෙන එක ඉබේ සිදුවෙනවා. එහෙම නැතුව ගෑනු හිට්ලර්ලා කාලි අම්මලා වෙන්න ගියාම නිමලවංශලා උඩපැන පැන පිනුම් ගහනවා . . . කලාතුරකින් අර මම කිව්ව වගේ දෛවයේ සරදමින් සිදුවෙන දේවල වලක්වන්න කාටවත් බෑ . . . ඉතිහාසයේ හැම සාර්ථක හෝ අසාර්තක පිරිමි කෙනෙක් ගැන හොයලා බලන්න . . පිටි පස්සේ ඉන්නේ ගෑනු කෙනෙක් නෙමෙයිද කියලා . . .

විවාහ වෙන්න ඕන . . ගෑනු පිරිමින්ට වඩා අවබෝදයෙන් (පරිකල්පන ශක්තිය හා පිරිමි වැඩේන ලෝක වල බලපෙමෙන් පිරිමි අයව කල්පනාකාරී ලෙස පාලනය කල යුතුයි - ගහැනු ලොව පිරිමි ලොව පොත කියවන්න ) හැමෝගෙම ජීවිත පාලනය කරන්න ඕන . . දරුවෝ හදන්න ඕන . . . කල්පනාවෙන් උන් යහමගට ගන්න ඕන . . මේ හැම දේම තියෙන්නේ ගෑනු අතේ . .

ඉතිං ඔයාලා බඳින්නේ නෑ කිව්වම කවුද මේවා කරන්නේ . . . අනේ මේ පිස්සු කරන්නෙපා වත්

wath said...

බොහොම ස්තූතියි. "ගැහැණු ලොව පිරිමි ලොව" අර තඩි පොත කියවා ඇත්තෙමි. අපේ අම්මා කියනව වගේ " පොත් තමයි මාව පිස්සු වට්ටල තියෙන්නෙ,"...

තරහ වෙන්න එපා දුකා. ඔයා මගේ හිත රිද්දුවා. බොහොම ස්තූතියි.

දුකා said...

හැමදේටම කලින් සමාවෙන්න මට, මම ඒ වගේ ෆ්‍රී ස්ටයිල් එකකින් පිලිතුරු දුන්නේ ඔයාත් තිසා වගේම මට ගොඩක් ලඟයි වගේ හිතට දැනුනු නිසා . .

නැතිනම් කවදාවත් මම ඒ විදිහට කෙලින්ම කියන්නේ නෑ විස්වාස කරන්න . . . !

මම හිතනවා ඔයා ඒක තේරුම් ගනී කියලා . . . .

බිඟුවා...! said...

මම නම් දකින්නේ කසාදය අනිවාර්ය නෑ කියලා.
නමුත් ලංකාවේ මොකද්ද එක හින්දා ඒක නොකර ළමයෙක් හම්ඹ උනොත් බඩුම තමා.

මෙතන ආදරය ගැන ඔයා කියලා නැති හින්දා මගේ වචන් මම ඉතුරු කොර ගන්නවා...
කසාදය හා කසාය ගැන මට කියන්න තියෙන්නේ ඒක පැණි කසායක් කියලා තමා

/බිඟුවා...!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...