..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, April 3, 2010

~~~~ පොළව මමයි ~~~~





වේදනා විදිමි වරෙක එය පිට කරමි..
බර දරා සිටිමි වරෙක එය විසිකරමි...
ඈතුලතින් දැවෙමි පිට කරන මං සොයමි...
ඔබව මම දනිමි ඔබ නිසා මම මෙහිම රැදෙමි...

පිපාසය දැනුනත් බොන්න බැහැ ඔබ කඳුළක්...
කඳුළු සාගරයක් වුවත් ඔබ මට මහා ඔසුවක්...
නින්ද නැති රැයකත් ඔබ ගෙනෙන්නේ හීන අහුරක්...
මතක ඈති කවදත් මගේ කුස හොත් ඔබේ  දරුවන්...

මල් ගවස ගන්නම් ..
එයින් මා හැඩවෙන්නම්..
ඔබේ දූදරුවන්..
එයින් මා සනසන්නම්..

දිය පිරෙන උල්පත් ..
සෙනෙහෙ කලතා දියකරන්නම්..
මගේ හදපැතුමන්..
මලක දවටා විසිකරන්නම්..

ඔබ මහා සයුරයි ..
මම එහිම වූ පොළවයි..
මහා පවු කන්දයි ..
අපිව වෙන් කළ අයුරු කදිමයි..


සාගරය දකින්න පෙරුම් පුරන 
මම
~ වත් ~

10 comments:

  1. හැබැයි අක්කා අන්තිමට ඔබ වැරදියි..සාගරය ගැහැණු කෙනෙකුටත්...මහා පොළව පිරිමි කෙනෙකුටත් උපමා කරලා තිබුනානම් නියමෙටම නියමයි..
    හැබැයි හොදට බැලුවොත් ඔබට පෙනෙවි සාගරයයි.. පොළවයි වෙන්වෙලා නැති බවත්.. මහා පොළව සාගරය උසුලන බවත්..දෙදෙනාම එකතුවි මෙ සුරවිමන තැනු බවත්...

    ඔබ විද්‍යාවනෙ කරෙ.. ඉතින් මම අමුතුවෙන් කියන්න ඔනා නැහැනෙ..

    මොකද කියන්නෙ.. ආපහු කියනවද සාගරයයි... මහපොළවයි.. පවු කන්දකින් වෙන්කරලා තියනව කියලා..

    ReplyDelete
  2. මම මේක ලීවෙ , මේ දාලා තියන පින්තූරෙ බලල. ඒකෙ පේන විදිහට ගැහැණිය පොළව... අනේ මන්ද ඉතින්.
    මහ​පොළවයි,සාගරයයි එකට තිබ්බට එයාලට නිදහසේ හුමුවෙන්න බැහැනෙ. අනික ඉස්සර මුළු මහ පොළවම සාගරයෙන් වැහිල තිබ්බෙ.

    හැබැයි දරුවො ටික හරියට අම්මවයි තාත්තවයි බලාගත්තෙ නැති වුනොත් ආයෙත් මහ සාගරය ඈවිත් මහ පොළව වහගනීවි.

    ReplyDelete
  3. මේ අම්මයි තාත්තයි කොච්චරනම් දුක් වෙනවා ඇතිද හිතුවක්කාර දරුවො රොත්ත නිසා........

    ReplyDelete
  4. කවිය නම් අනර්ගයි..අකුරුත් ගැලපෙනව....ඒත් මට කිසි අදහසක් ඒන්නෙ නෑනෙ

    ReplyDelete
  5. @ සජීව විජේවීර
    ඒකනම් සම්පූර්ණ ඈත්ත...

    @ හසිත ජයසූරිය
    ඒ කීවෙ කවිය හරි නැහැ. අනේ මටත් ඒකම හිතුනා මල්ලි."මේ කවිය මම මොකට ලීවද " කියල... thank u මල්ලියා comment එකට .

    ReplyDelete
  6. එක වැරද්දක් නෙමෙ. දරුවො ගැන ,උන්ගෙ සැලකීම ගැන කතා කරන්නෙ නැහැ මම මෙතන. ඔකෙ තව පැත්තක් තියනවා.

    ඔයා මෙතන හිතෙ හයිය තියන ගැහැනියෙකුගෙ හැගිම් ලියලා තියන්නෙ. මෙ කවිය නියමයි.. බොරු නෙමෙ. නමුත් අක්කාගෙ හැම කවියක්ම ඉලක්ක වෙන්නෙ එක අරමුණකට..ඔයා අලුත් විදියකට ලියලා ලස්සනයි..

    ගජමන් නොනා...එක නෙමෙ අපිට දෙන්න බැරිද.. සොබාදහමෙ තියන ලස්සන, සුන්දරත්වය ගැන, නිල්වලා ගගෙ සුන්දරත්වය ගැන කවි ටිකක්.. වන් මොර් වත්...

    ReplyDelete
  7. වත් අක්කා මම මෙ පින්තුරෙ ගැන යමක් කියන්න ඔනා.. බලන්න ඔක්කොම මම මෙ පින්තුරෙ දකින්නෙ.. මිනිසෙකුගෙයි ගැහැනියෙකුගෙයි ආදරය මත ලස්සන, සුන්දර වෙන විශ්වයෙ පැවැත්මයි..

    ReplyDelete
  8. ලස්සන අදහසක්, පදවැල අපූරුයි. සිතුවම හරිම අරුත් බරයි (rich).

    රවා සොයුරාගේ අදහස "මෙ පින්තුරෙ දකින්නෙ.. මිනිසෙකුගෙයි ගැහැනියෙකුගෙයි ආදරය මත ලස්සන, සුන්දර වෙන විශ්වයෙ පැවැත්මයි..
    " ට එකඟයි.

    ජය!

    ReplyDelete
  9. හැබෑටම මමත් එකඟයි රවා ගේ විස්තරයට...

    ReplyDelete
  10. ගල්මල්-Coral /තිස්ස දොඩන්ගොඩ
    මේක හර්යන වැඩක් නෙමෙයි. රවා ඔක්කම දේවල් එයාගෙ පැත්තට හරව ගන්නව.... රවා මගෙන් !!!!!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...