..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, April 2, 2010

~~~ තර්ඩ් ක්ලාස් ~~~~ ( දෙවන කොටස )


පියවි ලොවට පිවිසි මම අත මිට මොලවා ගෙන තිබූ තර්ඩ් ක්ලාස් ටිකට් එක ටිකටි පරීක්ෂක වෙත දිගු කළෙමි.ප්‍රවේශ පත්‍රය දෙසත් මා දෙසත් කිහිපවරක් මාරුවෙන් මාරුවට බැලු ඔහු 

"ධර්මෙ , පොඩ්ඩක් මෙහෙ වරෙන් බං " 

යැයි පවසම්න් අසළ සිටි තම සහෝදර නිලධාරියාට අඩගැසීය. ඉන්පසු ඔවුන් දෙදෙනා සෙමින් සෙම්න් සතරකණ්මන්ත්‍රණයක් පැවත් වූ අතර එය අවසානයේ මා අසල සිටි පිරිමි ළමයාගෙන් ටිකට් ඉල්ලන ලදී.

"කෝ ගනන්ව බලන්න ටිකටි එක"


ටික වේලාවක් නිහඬව සිටි ඔහු.

"මා ලඟ ටිකට් නැහැ"  යැයි පැවසීය.

"හරි, හරි මට හිතුනා, දෙන්නත් එක්ක පිම්මෙ ඈවිත් කෝච්චියට ගොඩවෙන කොට"

"අම්ම අප්ප රැවටුවට හිතන්න එපා මේ අපි රැවටෙයි කියල. කාල ඈඳල ඉන්න බැරිව ද? මදන විසේ ඉහට ගහනව කර දඬු මෝරන කොටම.
හරි හරි එනව දෙන්නම දැන් අපිත් එක්ක යන්න.කාලකණ්ණි"

මේ මොන විජ්ජුම්බරයක් දැයි මට සිතා ගැනීමට නොහැක. මම කෝපයෙන් අර පිරිමි ළමයා දෙස බැලූ විට ඔහු අහිංසක ලෙස සිනාසුනේය.
කටක් ඈරල කියන්න බැරි හැටි අපි දෙන්න අඳුන්නෙ නැති බව. 

"මම මෙයාව අඳුරන්නෙ නැහැ සර්... මම නිවාඩුවට ගෙදර යන ගමන් . කෝච්චිය අද්දන කොටමයි මම නැග්ගෙ නැග්ගට පස්සේයි.."""

"මේ අපිට තව බොරු කියන්න හඳන්න එපා ළමයො. අපි දැක්ක ඔක්කම සීන් එක."

ඊ ලඟ නැවතුමේ දුම්රිය නවතන ලදින් අපි දෙදෙනා දුම්රිය මැදිරියෙන් බස්සවා ගත් ඔවුන් ඉදිරියෙ වු දුම්රිය මැදිරියක් වෙත කැඳවා ගෙන යන් ලද්දේ මරන්න ගෙනියන හරක් පැටවු දෙදෙනකු පරිදි යයි මට සිතේ. දුම්රිය මැදිරිවල සිටි මිනිසුන් අප දෙස බලා සිටින්නේ ලෝකයේ සිටින අංක 01 හොරු දෙදෙනා දෙස බලන ලෙසිනි. පරීක්ෂක මහතුන්ද යන්නේ අංක 01 හොරු දෙදෙනො අල්ලා ගත් වීරයන් පරිද්දෙනි. බිම බලාගෙන යමින් සිටි මට ඔහුගේ මුහුණ බැලීමට සිත් විය. කිසිම හැගීමක් නැති ඒ මුහුණ දුටු මට පුදුම නොවී සිටීමට නොහැක...


හැමදාම යන්නෙ හොරට වෙන්න ඈති මට සිතුණි. ඒත් වදේ ඈයි මාව අදුරන්නෙ නැහැ කියල කටක් ඈරල කියන්න බැරි. මේක මේ සියළු දෙනාගෙ ක්‍රමන්ත්‍රණයක් ද?


දුම්රියේ ඉදිරිපෙළ මැදිරියකට කැඳවා ගෙන ගිය ඉක්බිති ප්‍රශ්ණ කිරීම ඈරඹිනි. 

මා කියූ කිසිවක් ඔවුන් කණකට ගත්තේ නැත.පිරිමි ළමයා නම් චවන දෙක තුනකට වඩා කතා නොකළ අතර ඒද අත්‍යාවශ තැන් වලදී පමණි. අවසන....

"මේව පොලිසි ගියොත් බරපතල වැරදි. අපි මේක ගොඩින් බේර ගමු. දැන් ගන්නව බලන්න දඬ ගෙවන්න ලඟ තියන සල්ලි. "

මා සතුව සන්තකේටම තිබූ රු.50 පසුම්බියෙන් ඈඳගත් මම එය ඔවුන් වෙත දිගු කළේ දැන්වත් මේ කරදරේ ඉවර වෙයි දෝයි සිතමිනි.

"ඈයි  දෙන්නත් එක්ක පැනල එන කොට ගෙදරින් සල්ලි හොරකම් කරගන්න බැරිවුනා ද? කෝ ගන්නව පර්ස් එක"

මගේ පසුම්බිය උදුරාගත් ඔවුන් ඒ තුළ කිසිවක් නැති බව දැක මුහුණු පුලුටු කර ගත්තේය.මා අතැර පිරිමි ළමයා වෙත හැරුණ ඔවුන් ඔහු ළගද අතේ සතේ නැති බව දැනගත්  වෙලේ ඔවුන්ගේ මුහුණු ඔබ දුටුවේ නම් .....

බලාපොරොත්තු සුන් වූ ඔවුන් අප මරා දාවිද? 

"මෙන්න ගන්න මෙච්චරයි මා ළග තියෙන්නෙ .."

මම මගේ ගමන් බෑගය ඔවුන් වෙත දිගු කළෙම්. තරහින් පුපුරමින් සිටි ඔවුන් යමක් කීමට ප්‍රථම දුම්රිය ඊළඟ නැවතුමේ නවතන ලදී.

මගේ ගමන් මල්ල ගෙන දුම්රිය පදික වේදිකාවට විසිකළ ඔවුන්....

"කාලකණ්ණි ,දැන් බැහැල දුවපියවු දෙන්නත් එක්කම.මීට පස්සෙ මේ වගේ වැඩ කරල අහුවුනොත් ලේසියෙන් ගැලවීමක් නැහැ. මතක තියා ගනිල්ල "

ලැබුන නිමේශයෙන් ඔහු හා මම එළියට පැනගත්තෙමු. මම වේදිකාවේ තිබූ ගමන් මල්ලද ඩැහැ ගනිම්න්ම පසු පස වූ තුන්වන මැදිරියකට ගොඩ වුනෙමි.

ඔහු කෝ.... පේන තෙක් මානයේ විපරම් කරත් දකින්නට නොවීය. 

සමහර විට මේ ඔහුගේ ගමන් නැවතුම විය හැකිය. නැතිනම් ඔහු වෙනත් මැදිරියකට ගොඩවන්නට ඈත. 

රැකියාවට පින් සිද්ධ වෙන්න දැන්නම් මට පලමු පන්තියේ දුම්රිය මැදිරිවල යන්න අනුග්‍රාහක දුම්රිය ප්‍රවේශ පත්‍ර කට්ටල 03ක් වසරකට හිමිවෙනව.මෙය බොහෝම පැරණි කතාවක් වුවද මගේ සිතේ තවමත් ඉතිරි වී ඈති පැනයන් කිහිපයකි.
තර්ඩ් ක්ලාස් වුයේ 
මා ද?
ඔහු ද?
නැතිනම් අර පරීක්ෂක හොරුද ?
දුම්රිය මැදිරිය ද? 

තවමත් දුම්රියෙන් ගමන් කරන්න කැමති
මම
~ වත්~

37 comments:

  1. සමුදෙන්නට සමුගන්නට ඇවිත් යන එන..
    දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන..
    අවුරුද්දම තුරුලිය ගොමු වලින් සැරසුන..
    අපි දෙදෙනා එනතුරු මග බලයි හැමදින..

    (රොෂාන් ප්‍රනන්දු ගෙ ගිතයක්)

    ඔතන තමයි වැදගත් තැන...ඇයි අක්කා කොල්ලට කියක් හරි දෙන්න එපා.. බලන්න කොල්ලා කොච්චර හිතෙ හයිය තියන එකෙද්ද කියලා.. සත පහක් වත් අතෙ නැතිව වු 2 ක්ලාස් එකෙ ගියානෙ....

    ReplyDelete
  2. රවා
    එතකොට කෝච්චියෙන් බැහැල ඉතිරි ටික බස් එකේ යන්න වෙන්නෙත් හොරට තමයි මට. සන්තකේට තිබ්බ රු.50ටත් කෝටියක් වැඩ තිබ්බ.
    ඉබ්බ යන්න පුරුදු වෙච්ච කොල්ලෙක් වෙන්න ඈති. හා හා හා

    ReplyDelete
  3. මරු කතාව අක්කේ මටනම් කෝච්චියක තියා බස් එකකවත් ඉබ්බා ගහන්න බෑ :-)

    ReplyDelete
  4. ගුරු පත්වීම ලද මුල් දවස්වල ම, මම බස් එකෙන් යද්දි ගත්තු ටිකට් එක හුළඟට ගහගෙන ගියා.. තව ටිකට් එකක් ගන්න හැදුවත් කොන්ද එපා කීව. කරුමෙට මගදි ටික්කො පැන්න.. කොන්ද ඈවිල් කිව්වත් මුං මට කොක්කමයි දැම්මෙ. එක ටික්කෙක් ෆුල් ට්‍රයි එක දැම්ම අතේ බැඳල තිබ්බ මොන්ඩියා ඔරලෝසුවට අරින්න. යන්තං කොටහේන කිට්ටුවදි බස් එකට නැග්ග අඳුනන කෙනෙක් ඈයි සර් ප්‍රශ්නෙ කියල දඩේ ගෙවන්න හැදුව.. ඒ නිසා ම "සර්" කියන වචනෙට බයේ ද කොහේ ද ටික්කො දෙන්න බැහැල ගියා..
    පස්සෙ දවසක (එදා සාක්කුවෙ මාර සල්ලියක් තිබුණ..බස් එකක් සල්ලිවලට ගන්න පුලුවන් තරම්..)ජොලියට ඉබ්බෙක් ගහල බැලුව. පපුව ගැහි ගැහී යන එකත් මාර ආතල් එකක් කියල දැනුනෙ බස් එකෙන් බැස්සට පස්සෙ.. ඉබ්බගේ ගාන කීයද දන්නවද රු. 3යි...!!!

    ReplyDelete
  5. "තර්ඩ් ක්ලාස් වුයේ
    මා ද?
    ඔහු ද?
    නැතිනම් අර පරීක්ෂක හොරුද ?
    දුම්රිය මැදිරිය ද? "

    ඒක දැන ගන්න නම් ඉතින් ආපහු සැරයක් ඉබ්බ ගහලා බලන්නම වෙනවා :)

    ReplyDelete
  6. බැස්සට පස්සේ මිනිහා හම්බ උනානම් ඔයා මොකද කරන්නේ...
    මම මේ බැලුවේ ඔයාගෙ ප්‍රතිචාරේ කොහොමද බලලා ට්‍රයිකරලා බලන්න...

    මම ඔයවගේ දවසක් මාට්ටුවෙලා 650ක් ද කොහෙදෝ දීලා අවා...

    ReplyDelete
  7. අපි නම් හොරෙන් ගියාට අහුවෙන්නෙ නැහැ..මොකද අපි ඉදන් යන තැන සෙට් එකම වැඩ කරන්නෙ රේල්වෙ එකෙ.. ඉතින් බය වෙන්න දෙයක් නැහැ

    ReplyDelete
  8. Bunny !
    අනේ හා පැටියෝ. ඔයාට පුලුවන්ඳ ඉබ්බත් එක්ක දිනන්න.

    ReplyDelete
  9. Indranatha Thenuwara
    ඉබ්බගෙ ගාන රු.3 නම් වැඩි දුරක් ගිහින් නැහැ වගේ. ටික්කෝ ගැන නම් කතා කරළ වැඩන් නැහැ ... ඉඳල හිටල හරි මේ පැත්තේ ඈවිත් වටිනා අදහස් සටහන් කරන එක අගේ කරනව.ඔබට ස්තූතියි. ස්තූතිය ලැබුන බව දන්වන්න.

    ReplyDelete
  10. roylyfernando
    ඔයා ඉන්න රටේ නම් ඉබ්බ තියා කිරි ඉබ්බවත් යන්න බැරිව ඈති නේද මලේ.

    චමිදේවා
    බැස්සට පස්සෙ එයා හමුවුනා නම් මම අහනව , ඉබ්බ ගියා මදිවට අර වෙලාවෙ ගල්ඉබ්බ වගේ කටවහගෙන හිටියෙ ඈයි ? කියල.

    ට්‍රයි කරල බැලුවට වරදක් නැහැ මලේ.

    ReplyDelete
  11. ඔය කථාවේ තව පැත්තක් තියෙනවා දෙවෙනි පන්තියේ ටිකට් අරන් තුන්වෙනි පංතියේ යන ඒවා
    ඒ කියන්නේ මම පළවෙනි පංතියේ ටිකට් අරන් ඉඩ නැති නිසා දෙවෙනි පංතියේ ගිහින් තියෙනවා අනේ ඒ වේලාවටනම් මේ මහත්වරු අපිව අල්ලන් ගිහින් පළවෙනි පංතියට දාන්නේ නැ‍.....

    ReplyDelete
  12. හැහ් කවුද කියන්නේ බෑ කියලා. අපි වැඩිහරියක් යන්නෙම එහෙමනේ. මෙහෙමනේ මෙහේ කොන්දොස්තරලා නෑ.ඉන්නේ ඕනා එකක රියදුරො විතරයි. ටිකට් ගන්න ඕනා කඩෙන්. ටිකට් එකකින් ඕනාම පොදු ප්‍රවාහන සේවයක යන්න පුළුවන්. බස්, මෙට්‍රෝ(රජයේ හා පෞද්ගලික කෝච්චි දෙවර්ගයේම), ෆුනිකුලාරේ කියලා කියන එක(ගූගල් පාරක් දැම්මනම් මොකක්ද කියලා බලාගන්න පුළුවන්) සහ ට්‍රෑම් යන ඕනා එකක්ට ඔට්ටුයි.

    ටිකට් එක 1.10€ වෙනවා. විනාඩි 90 වලංගුයි. එක හෝල්ට් එකකට වුනත් හෝල්ට් 10කට වුනත් එකයි. වෙලාව පනින්න කලින් යන එක විතරයි. මෙට්‍රෝවල ඉබ්බා ගහන්න අමාරුයි මොකද ඇතුල් වෙන්න ඕනා ටිකට් එක ගහලමයි. අනික පැන්නොත් පොළව යට නිසා බැහැලා දුවන්න කියලයෑ.

    ඒත් බස්වල අවුලක් නෑ. ලඟ දුරකට යද්දි අනිවා ඉබ්බා තමයි. ටික්කො එනවා දකිද්දි පෑනකින් ටිකට් එකේ වෙලාව ලියාගෙන මැෂින් කැඩිලා කිව්වත් අවුලක් නෑ. හොඳ ටිකට් එකක් ලියාගන්නවත් අතේ නැත්තම් කරන්න තියෙන්නේ අහුවෙන්න කලින් බැහැලා දුවන එකයි.මොකද ටික්කො නඟින්න දොර අරින්නම් එපෑයෑ.

    අපේ අයියලා තව මරු වැඩක් කරනවා. ඒ තමයි ටික්කො නැග්ගහම භාෂාව දන්නේ නෑ වගේ ඉඳිම. මේ ලඟදී දවසක ටික්කොම අපේ උන්ට කියනවා "බාප්පලා ආවා" කියලා සිංහලෙන්ම. අපේ එකෙක්ම උගන්වලා. :D

    ReplyDelete
  13. අඩේ මේක සිරා කතාවක්ද? :O
    ටිකට් තිවයෙද්දිත් අල්ලං යන්න? o_O

    @Royly: බිපෙසි.. :D

    ReplyDelete
  14. wath ගේ සිතුවිලි කැදැල්ලට එන්න උවමනාව ගොඩක් තිබ්බා. වැඩ අධික හන්දයි ප්‍රමාද උනේ.

    තර්ඩ් ක්ලාස් කතාව නම් මරු.
    කෝච්චිය කියන්නේ ඉතිං..රස කතා පිරුණු ආකරයක් නේ.
    මගේ ගමනාගමනයත් ඒකෙන්ම නිසා, මාත් හොඳට ඒ ගැන දන්නවා.
    විකට් නැතුවත් ගිහින් තියෙනවා.හැබැයි
    3 ක්ලාස්මයි. තාම නම් අහු වෙලා නෑ...

    ReplyDelete
  15. සෙනසුරාද ආසිරි එක ගාව දං මාතර ස්ටෑන්ඩ් එකට සහ ඉරිදට ඉස්කෝලෙ ගාව ඉඳන් ස්ටෑන්ඩ් එකට එන බස්වල නං ඉඳල හිටල ඉබ්බ ගහනවා.

    ඉබ්බ කීවට ධාර්මික ඉබ්බෙක් තමා මම පාවිච්චි කරන්නේ. උවමනාවෙං ඉබ්බ ගහන්නෙ නෑ. ගොඩක් කෂ්ටිය බස් එකේ ඉන්න වෙලාවට කොන්දයියට හරියටම නෝට් නෑ කවුද ටිකට් ගත්තෙ කවුද නොගත්තෙ කියලා. අනිත් අතට ටිකට් දෙන්නෙත් නෑ ඔය ටයිම් එකේ. ඉතිං සල්ලි නොඉල්ලුවොත් මම මොකටද නිකං දෙන්න යන්නේ? :P

    බස් එකෙන් බහින ටයිම් එකට වෙන බස් එකට යන්න හදිස්සී වගේ ටාර් ගාල බැහීමත්, කොන්දගේ මූණ කෙලිං නොබැලීමත්, මෑන්ස් ළඟිං යනකොට බර කල්පනාවක ඉන්නවා වගේ සිටීමත් වැදගත්.

    :D

    ReplyDelete
  16. Ela post eka,
    e unata kiyanna dekuth thiyenawa... api rajaye salli walinma egena gena, eeta passe rassawal karankotath ..'ebba' gasima weera kamak lesa salakanne ei?..samahara ayage commnts dakkama mata ehema hithuna.

    ReplyDelete
  17. ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
    කෝච්චියෙ දි විතරක් නෙමෙයි මල්ලිග සමාඩයේ ගොඩක්තැක් වල එහෙම තමයි.

    ReplyDelete
  18. roylyfernando

    ලංකාවෙ කොල්ලෙක් කියල ආඩම්බරෙන් කියන්න පුළුවන් වගේ. කොහොම වුනත් පරිස්සමින් මල්ලො.හැබැයි ඒ රටේ ගාස්තුනම් සාධාරණයි වගේ.

    අනික කොන්දස්තරලා නැති එකම දාහෙන් සම්පතයි. FM නාලිකත් නැතිව ඈති මම හිතන්නෙ. එහෙමනම් ඉබ්බ යනවට වඩා දෙගුණයක් ගෙවල ගියත් සැපයි.

    ReplyDelete
  19. ගයන්ත
    මේකයි ,ලඟ තිබිබෙ 3rd class ticket එකක්. ගියේ 2nd class එකක. ඒකයි වැරැද්ද.comment එකට ස්තූතියි.

    - නිල් අහස -
    ​අධික වැඩ ගොඩේ වුනත් මේ පැත්තේ ආව එකට බොහොම ස්තූතියි.
    කෝච්චිවල වැඩි හරියක් චෙක් කරන්නේ සෙකන්ඩ් ක්ලාස් මැදිරි තමයි. කිවේදනය කරන්නෙත් "​තෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර වලින් දෙවන පෙල මැදිරිවල යාම දඬුවම් ලැබිය හැකි වරදකි " කියල විතරයි.

    බය නැතිව යන්න පුළුවන් තව ටික දවසක්.

    ReplyDelete
  20. budhajeewa
    හා ... හා අපි දන්නව. මාතර අකුරැස්ස බස්වල නේද වැඩි හරියක් ඉබ්බ යන්නෙ. බස් එකත් ඉබ්බ නිසා කමක් නැහැ.

    උපදෙස් වලට ස්තූතියි.

    "බස් එකෙන් බහින ටයිම් එකට වෙන බස් එකට යන්න හදිස්සී වගේ ටාර් ගාල බැහීමත්, කොන්දගේ මූණ කෙලිං නොබැලීමත්, මෑන්ස් ළඟිං යනකොට බර කල්පනාවක ඉන්නවා වගේ සිටීමත් වැදගත්."

    Yasela Sumanasinghe

    comment එකට තුති.
    ඔයා කියන දේත් ඈත්ත තමයි. එහෙනම් පරීක්ෂක මහත්තරු දඬ ගන්න විදිහත් වැරදි.
    මොකද ඒ සල්ලිත් ආණ්ඩුවට අයිති වුනත් යන්නේ වෙන වෙන පොකට් වලට නිසා.

    ReplyDelete
  21. 3වෙනි පන්තියේ ඒව අරන් දෙවනි පන්තියෙ යන්න ඕන නම් නියම තැන තමයි පන්ති වෙන් වෙන තැන. රුහුනෙ ටික්කෝ නම් එතනට ඇවිත් හැරිල යනවා :D

    ReplyDelete
  22. ගයාන් තාරක
    බලන් ගියහම ටිකටි අරන් යන කවුරුවත්ම නැද්ද ? රටකට ගිය කළ. ගයාන් thank you comment එකට.

    ReplyDelete
  23. මං කිවුවෙ තුන්වෙනි පංතියේ ටිකට් අරන් දෙවනි පන්තියෙ යන්න ඕන නම් ක්‍රමේනේ. ටිකට් නැතුව යන එකක් නෙවේ.

    ReplyDelete
  24. ගයාන් තාරක
    තරහ ගන්න එපා. ඈත්ත තමයි මමයි වැරදියට තේරුම් අරන් තියෙන්නෙ. සමාවෙන්න ගයාන්.

    ReplyDelete
  25. නමක් තියන්න කියලම නෙවෙයි මෙහෙමවත් වියදම් ඉතුරු කර නොගත්තොත් හම්බකරන සේසතම මේ රටේම වියදම් කරලා එන්න තමයි වෙන්නේ. :D

    හැබැයි දැන්නම් පොඩි හොඳක් තියෙනවා. සීසන් ගන්න පුළුවන් මාසෙට ගෙවන විදියට. ඒක සෑහෙන්න වාසියි. ඇයි පැය 24ම ඕනාම පාරක් පාවිච්චි කරන්න පුළුවන්නේ. ලංකාවෙනම් මට මතක හැටියට දවසට එක පාරයි වෙන්න ඕනා. යන්නයි එන්නයි. ඒ අතින් මෙහෙ ඕනම වතාවක් යන්න පුළුවන් පැය 24 පුරාම.

    ඉතින් මමත් දැන් සීසන් තමා පාවිච්චිය. අනික මාසෙටම යන්නේ ටිකට් 20කට යන මුදලයි.

    ReplyDelete
  26. ඔය ඉබ්බො සෙල්ලම නම් අපිත් මෙහෙදි අනන්තවත් කරල තියෙනවා.. මමයි මාරෙයි... ඒ කාලෙ අපි දෙහිවල Y.M.C.A. ගියා ඇඟ හදා ගන්න. ඉතින් බොරැල්ලෙ ඉඳන් දෙහිවලට යනකම් ඉබ්බා තමා. මාරෙ ඉස්සරහ දොරෙන් නගිනවා.. මම පස්සෙ දොරෙන්.. කොන්දට මම කියන්නෙ ඉස්සරහ ඉන්න මල්ලි ගනී කියලයි.. එයත් ඒකමයි කියන්නෙ. පස්සෙ ඉන්න අයිය ගනී කියලයි.
    අන්තිමේදි දෙන්නම ඉබ්බො.
    අපි ඒක කළේ තරහකට නම් නෙමේ.. මජනයාට නරක විදිහට සලකන ප්‍රයිවෙට් බස් කාරයන්ට ඔහොම කරන එක හොඳයි කියන හැඟීමක් යටිහිතේ තියෙන්නත් ඇති...

    ReplyDelete
  27. බුදු අම්මෝ මේකට ඇවිත් ඉන්න ඉබ්බො කන්දරාව, නුවර වැවේවත් නැතුව ඇති මෙච්චර.

    අර උඩුරාවන, සුද්දෙකුට ඉබ්බො පෙන්නුවා වගේ"See this padlocks "

    ReplyDelete
  28. ඔයින් ගියා මදෑ, මේක බලන්න!!!

    http://bit.ly/bVq7bS

    ReplyDelete
  29. කතා"වත් " එල... ඊට හපන් කමෙන්ට්....

    පලවෙනි ස්ථානය: wath said... "බැස්සට පස්සෙ එයා හමුවුනා නම් මම අහනව , ඉබ්බ ගියා මදිවට අර වෙලාවෙ ගල්ඉබ්බ වගේ කටවහගෙන හිටියෙ ඈයි ? කියල." හූහ් හුහ් හූ...
    ...
    දෙවෙනි ස්ථානය: Siribiris said...බුදු අම්මෝ මේකට ඇවිත් ඉන්න ඉබ්බො කන්දරාව, නුවර වැවේවත් නැතුව ඇති මෙච්චර.... අර උඩුරාවන, සුද්දෙකුට ඉබ්බො පෙන්නුවා වගේ "See this padlocks " පිස්සු පීකුදු.....

    තෙවෙනි ස්ථානය: wath said... "Bunny ! අනේ හා පැටියෝ. ඔයාට පුලුවන්ඳ ඉබ්බත් එක්ක දිනන්න.. "හෙහ් හෙහ් මෙහෙමත් කල්පනාවක්....

    ReplyDelete
  30. @kumaraya
    මම බැලුව කවුද මේ කුමාරයා කියල. comment එකට බොහොම .තුති.

    @Siribiris
    ඒක නෙවෙන්නම්. ඉතින් රටක් දියුණු වෙයිද මම අහන්නේ.

    ReplyDelete
  31. @තිස්ස දොඩන්ගොඩ
    හා අයියා... එන වෙලාව නේද? කතාවට වඩා comments ටික වටිනව. ඒත් ඉතින් අයියා comment කරේ නැතිව වෙන කවුරු comment කරත් මගේ හිතට හරි නැහැ.thank you අයියා.

    ReplyDelete
  32. @ කතන්දර කාරයා
    බැලුවෙමි. comment කෙ​රුවෙමි. ඒකෙයි මේකෙයි සම්බන්ධයක් තියේද?
    දැන් එහෙද පොරෝසියෙන් පනින්නෙ නැති බව දන්නේ නැද්ද.මානව මානව හිමිකම් උල්ලන්ඝනය වීමක් සිද්ධ වෙනව කියල දැන් එහෙම පොරෝසියෙන් පනින්නේ නැහැ.
    හරියට,high-speed යන්න පාරවල් හදල ඉවර වෙලා ... හැන්ගිලා ඉදල high-speed යන වාහන අල්ලනව වගේ ඩැඩක් නෙව. දැන් high-speed ලියන්නෙත් නෑහැ නේද පොලිසියෙන්.

    ReplyDelete
  33. ෂා...මේක ඉබි ලෝකයක් නෙ!එක අතකට මාත් හොද ගල් ඉබ්බෙක් තමා.ගිය අවුරුද්දෙ එක මාසෙක(මාසෙ මතක නෑ)සීසන් දෙන දවස් ටිකේ ඉස්කෝලෙ නොගිහින් මාසයක්ම පරන සීසන් එකෙන් ඉස්කෝලෙ ගියා!හැබැයි ඉතින් ඉදල හිටල ටිකට් දෙක තුනක් ගත්ත

    ReplyDelete
  34. @ හසිත ජයසූරිය
    භයානකයි.... ඉඳල හිටල හරි ටිකට් ගත්ත කීව නේද? ම් ම්

    ReplyDelete
  35. කතාවේ කොටස් දෙකම උණූනුවේ කියෙව්වත් අකුරු කොටාගන්න ප්‍රමාධ වුනා, සමාවනු මැනවි සොයුරියේ.

    ගොඩාක් රස වින්දා ලිවිල්ල. කාලෙකට පසු රුහුණු කුමාරි, සමුද්‍ර දේවී, ගාළු කුමාරි කොච්චි වලට ගොඩාවැදුනා කියා සිතුනා.

    වඩාත් සිත්ගත්තේ "...බැස්සට පස්සෙ එයා හමුවුනා නම් මම අහනව , ඉබ්බ ගියා මදිවට අර වෙලාවෙ ගල්ඉබ්බ වගේ කටවහගෙන හිටියෙ ඈයි ?" අහලා විතරක් නැවතුනා නම් හොඳයි, හිතේ තිබුන තරහව වචනවල දැණුනා (සාධාරණයි).

    ටික්කා පැන්නේ සමුද්‍ර දේවීයේ යක්ෂබවන ට නම් මේ කතාව කොහොම වෙන්න අද්ද? සිතුනා...

    ReplyDelete
  36. එකපාරක් බස් එකක යනකොට ගත්ත ටිකට් එකෙන් රොකට් එකක් හැදුවා. කරුමෙ කියන්නෙ එදාම ටික්කො අංකල්ලා බස් එකට පැන්නා. බස් වලට ටික්කො අංකල්ල පනිනවා මම දැක්කෙ එදාමයි. මම ඉස්කෝලෙ නිල ඇඳුමෙන් හිටපු හින්දයි කොන්දොස්තර මාමට මම ටිකට් ගත්තා කියල මතක තිබ්බ හින්දයි දඩ ගහන්න මම චූටි වැඩි හින්දයි එදා මම බේරුණා. එදයින් පස්සෙනම් ටිකට් වලින් රොකට් හැදුවෙ නෑ.

    ඒක නෙවෙයි මොකෝ කවුරුත් කැස්බෑවො ගැන කියල නැත්තෙ. කැස්බෑවො කියන්නෙ සල්ලි නොදී ගිහින් බහිනකොට ඉතුරු සල්ලිත් ඉල්ලගෙන බහින කට්ටියට. ටිකට් නොදෙන බස් වලටනම් කරන්න වටිනම වැඩේ

    ReplyDelete
  37. @ Chanaka Aruna Munasinghe
    අපේ කැම්පස් එකේ කීවේ නම් .. හොරෙන් යන අය ඉබ්බෝ
    හොරෙන් ගිහින් ඉතුරු සල්ලිත් අරන් බහින අය
    කිරි ඉබ්බෝ

    ස්තූතියි මකරෝ

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...