..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, April 1, 2010

~~~ තර්ඩ් ක්ලාස් ~~~~

 

දේශකයා කුමක් පවසන්නේ දැයි ඈසෙන මුත් සිතට නොයයි. අද දින අවසාන දේශනයයි. දේශනා කරනව මදිවට දේශනය ඉවර වෙන වෙලාවත් පහුවෙනකම් උප දේශනයකුත් දුන්නා. මගේ හිතනම් දැන් ගෙදරටම ඉගිලිලා ඉවරයි. විභාගය ලං වුනාම තමයි කාටත් තදියම. මේව මේව බලන්න. මම කියල දීල තියන ඒව ඔක්කම හොදට බලන්න." ඒව ඉතින් අපි කොහොමත් බලනව නේ අනේ... දැන් මට ගෙදර යන්න ඕන." මට කෑගහල කියන්න හිතුනා. 


 දේශන ශාලවෙන් ප්‍රථමයෙන්ම එළියට පිනූ මම, මා එන තෙක් බලා සිටි ගමන් මල්ලද කරේ දා ගනිම්න්ම දිව ගියේ බස් නැවතුම වෙතයි. කෝච්චිය අල්ලගන්න බැරි වුනොත් ඔක්කම ඉවරයි. 

 දුම්රිය ස්ථානයට ලගාවන විට ම වගේ කෝච්චය පිටත්වීමට සූදානම් අවසාන නිවේදනය සවන් වැකුණි. ලහි ලහියේ පරිස්සමින් ගෙන ආ පසුම්බියේ තිබු මුදලින් තෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් ලබාගත් මා දිව යන විට කෝච්චිය ගමන් ඈරඹුවා පමණි.

පණ පරදුවට තබමින් ,අවසන් මැදිරියට කළින් මැදිරියට නැගගත් මා පිටු පසින්ම සම වයසේ යැයි සිතිය හැකි පිරිමි ළමයෙක්ද හති දමම්නි පැමිණ ​කෝච්චයට ගොඩ විය.

ම්මේ! ඈති යාන්තම් දැන් තමයි හුස්ම පොදක් ගන්න පුළුවන් වුනේ. සිට ගෙන යාම අපහසුවක් නොවූවද වාඩි වීමට ඈති තරම් අසුන් වල ඉඩ කඩ තිබෙනු දුටු මා ගේ සිතට නැගුනේ විමතියකි. එයට හේතුව වෙනත් සිකුරාදා දින වලට සිටගෙන යන්නේද දැඩි අපහසුවකින් බව මෙනෙහි වීමෙනි.පිටේ තිබූ ගමන් මල්ල ගලවා දෑතට ගෙන.සතුටු සිතින් මැදිවියේ පුද්ගලයකු අසලින් හිඳගත් මම, ඒ සතුට හිතපුරා විදගැනීමට දුම්රිය මැදිරිය සිසාරා නෙත් යැවුවෙමි.....

අහෝ ඛේදයකි.... මා ගොඩවී ඈත්තේ දෙවන පෙළ දුම්රිය මැදිරියකට බව දුටුවේ ඒ මොහොතේය. වහා අසුනින් නැගිටගත් මා පියනැගුවේ යාබද මැදිරිය වෙතයි. එයත් දෙවන පෙළ මැදිරියක් විය. එතනින් ඉක්බිතිව වෙනත් මැදිරියකට යා නොහැකිය .ඊලග නැවතුමෙන් බැස තුන්වන පන්තියේ මැදිරියකට යන්නෙමැයි සිතා ගත් මම නැවත මාගේ අසුනට ( තෙවන පෙළ මගේ දෙවන පෙළ අසුනට) පැමිණ හරිබරි ගැහී වාඩු වූයෙමි.මා පසු පසින්ම පැමිණ දුම්රියට ගොඩවූ අර පිරිමි ළමයාද යස රඟේට වාඩි වී සිටි. ඉදහිට හොරහින් මා දෙසද බලයි. අපරාදෙ ​ඔන්න ඔහේ මේ පෙටිටියේම ඉන්නව මගේ සිත කෙදිරි ගාන්නට විය.

සදුදා විභාගය ඈරඹේ.මගේ යහළු යෙහෙළියන් නේවාසිකාගාරයට වී පාඩම් කරත් විභාගයට කළින් නිවසට ගොස් ආවෙ නැතොත් මට සාර්ථකව විභාගයට මුහුණ දිය නොහැකිය. තකහනියේ මා ගෙදර පියාඹන්නෙ එහෙයිනි.  පාඩම් කළ යුතු සටහන් ගොඩක් ගමන් මල්ල පිරෙන්න ඈත. එය හිතට අස්වැසිල්ලකි.භාවිතයෙන් ඉවත් කළ යුතු පරණ වූ ඈඳුම් කිහිපයක්ද . නැගණියට දීමට කොළඹින් මිලට ගත් අළුත්ම ඈඳුමක්ද ගමන් මල්ලේ විය.ගමන් මල්ල තුරුළු කරගත් මම සිතුවිලි වලට නිදහසේ පාව යන්නට ඉඩ හැරියෙමි.
...............................................................................................
මා ගැස්සී ඈහැරුණේ මා අසල සිටි මැදිවියේ මහතා​ මගේ උරහිසින් සොලවා මා අවදි කළ බැවිනි." පුතා ,ඔයා කොහාටද යන්නේ. පුතාට ටිකට් තියද? " ඔහු මගෙන් විමසන්නේ ඈයිදැයි නොසන් සිදුනු නිදිමතත් , අධික තෙහෙට්ටුවටත් පත්ව සිටි මට සිතා ගත නොහැකි විය. අයා ගත් මුවත් විශල් කර ගත් දෙනෙතිනුත් ඔහු මා වටහා ගන්නට ඈත. 

" පුතා,එහා පෙට්ටියට ටික්කො පැනල . ටිකට් චෙක් කරනව."

මට පියවි සිහිය එළඹිනි. ගුලිකර ගත් අත මිට ඈගිලි අතර තිබූ ටිකටි එක ඔහු වෙතට දිගු කළ මා ඔහු දෙස බලා සිටියේ පිහිටක් අයදින නියාවෙන වන්නට ඈත.

"පුතා මේ තර්ඩ් ක්ලාස් ටිකට් එකක්. මෙහෙම වාඩි වෙලා ගියොත් ඔයාට දඩ ගහවි " 

ඒ වචන මුවින් ගිලිවහනවාත් සමගම සිතේ දිරිය දෙපා වලට දෙමින් සිට ගත්තේ ඊයක වේගයෙනි. මට මතකයට නැගුනේ අර පිරිමි ළමයායි.මා හට ඈත්තේ තර්ඩ් ක්ලාස් ටිකටි බව ඔහු දැන ගත්තොත් වස ලැජ්ජාව. ඔහු කොහේදැයි බැලූ විට ....... පෙර අසුනේ නොවිය. සිතට සතුටක් මෙන්ම දුකක්ද දැනුනි.ඔහු නිසා තමයි මේ කරදර ඔක්කම යැයි ඔහුට සිතින් බනිමින් මා වාඩි වී සිටි අසුන දෙස බැලීමි. මෙන්න ඔහු එතන.

පුදුමය රැදි දෑසින් මා ඔහු දෙස කොපමණ වේලාවක් බලා සිටියා දැයි නිච්චි නැත. මා පියවි ලොවට පිවිසියේ 

'' කෝ! ​කෝ! Love කර කර ඉන්නෙ .ගන්න බලන්න ටිකටි . අපිට තව වැඩ තියනව.,," 

ගොරෝසු කටහඩක් මා අසලම........

ඊට පස්සේ මොකද වුනේ ........ හෙට කියන්නම් ...........


ටිකටි නැතිව කෝච්චියේ ගිය
මම
~ වත් ~

8 comments:

  1. හෙට වෙනකම් බලන් ඉන්න වෙනවා.. හරි හරි බලමු මොකද වෙන්නෙ කියලා හෙට... හැබැයි කියන්න ඔනා...

    ReplyDelete
  2. අනෙ...! ඉක්මනට දාන්න දාන්න දාන්න !!! (හොර ගෙඩියා !:-)

    ReplyDelete
  3. අය්යෝ...දැන් ඔක්කොමලා බ්ලොග් පෝස්ට් කුට්ටි කරනවානේ.... ඉක්මනට කියන්න ඉතුරු ටිකත්

    ReplyDelete
  4. මේකට අරගෙන තියෙන ෆොටෝ එක දැක්කහම මට ටිකක් බයක් ආව. මේ අර පැරෑලියෙ එක නේද?

    ReplyDelete
  5. කතන්දර කාරයා
    ඔවු ඔවු සුනාමි කෝච්චිය තමයි... දැක්ක ගමන් අඳුර ගත්ත නේද?

    ReplyDelete
  6. සිත්තර පත්තරේ සරත් මධු පරදවන තිරිංගයක් නේ...

    ReplyDelete
  7. අනේ පවු වත්..ඔයා දන්නෙ නැතුවනේ නැගල තියෙන්නේ ...නේද?

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...