..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, March 23, 2010

පලපුරුදු වෛදවරයෙකු වුවමනා කර තිබේ .....

දන්න දන්න අයගෙන් පොඩි උදවුවක් ඉල්ලන්නයි හදන්නෙ... මගෙ පණ වගේ තියන   කොම්පියුටරේ මුහුණත් තහඩුව දැන් ටික දවසක ඉදල හිටපු ගමන් රතු පාට වෙවී තිබ්බ. ඒ වෙලාවට පොඩ්ඩක් තට්ටුවක් දැම්මම හරිගියා.දැන් තට්ටු දැම්මට ගනන් ගන්නෙ නැහැ. දැන් එයා හදන්නෙ මට තට්ටු දාන්න වගේ....
දැන් දැන් ඒ ලෙඩෙ වැඩි වෙලා. දැන් කහ,කොළ,රතු ඔක්කොම පාට එක එක සැරේට එනව. හරියට ඡන්දෙ ඉල්ලන මහත්තරු වගේ....

අනේ මට මේ දවස්වල සෑහෙන්න සල්ලි වියදම් කරන වැඩ ගොඩාරියක් තියනව... දන්නවනෙ ලග ලගම සිංහල අවුරුද්ද එනව.ඊට පස්සෙ මැයි මාසෙ නගාගේ වෙඩින් එක. මට දන්න කෙනෙක් කියන්න මගේ මේ ICU ඉන්න  කොම්පීටර් මුහුණත් තහඩුව තව කී දවසක් වැඩ කරන්න පුලූවන් තත්ත්වෙක තියා ගන්න පුලූවන් වෙයිද...
එයාට දැන් වයස ම් ම් ම් ......... අවුරුදු 05 ක් විතර  වෙන SAMSUNG SyncMaster 591s black monitor එකක්

අද දැක්කම මට හරිම දුකයි .. එයා ඒ තරමටම පාට වෙනස් කරල... දැන් මගෙ ඇස් දෙකත් හරියට පේන්නෙ නැහැ වගේ....

පුළුවන් පිංවතෙක් ඉන්නව නම් මට Technical support  එකක් දෙනවද  ............

22 ප්‍රතිචාර:

Grey said...

Can't give exact dates. But 5 years is not a big time. I used my monitor for over 7 years without any problem.
(Samsung model)
Anyway best would be buy a new one and be prepared. If it dies during new year or wedding days that would be really shitty.

Cheers,
/G

wath said...

Grey
සහතික ඇත්ත.... ඒ දවස් වලම මේක කාලක්ක්‍රියා කළොත් කියල වැඩක් නැහැ.

උන්නැහේ said...

ලෙඩේ හැටියටනම් dry soldering joints වගේ. ඒකයි තට්‍ටු දැම්මහම හරි යන්නේ.
ඕක CRT වල බහුල රෝගයක්.
රතු, කොළ, නිල් පාට තුන වෙන වෙනම කැ‍තෝඩ වලට අරන් යන්නේ වයර තුනකින්. ඒවා රූප නළයේ කෙලවර ඇති කුඩා පරිපථ පුවරුවකට PCB සම්බන්ධවෙලා ඇති. ඒ අවට ඊයම් සන්ධි වල බුරුල් වීමක් තමයි බොහෝ විට.
ලොකු අවුලක් නෙවෙයි. මොනිටරය පිච්චෙන එකකුත් නැහැ. ඒ බුරුල් වුන ඊයම් සන්ධි ටික හොයල පාස්ස ගත්තහම හරි.

බලාගෙනයි රූපනලයේ අධි සැර විදුලිය!!!

Roshan Herath said...

මගෙත් තට්ටු දම දමා තිබුණ මොනිටර් එකක් වැඩ නොකරන තත්වයට පත් වුනාම දන්න කියන කෙනෙක්ට කියලා සර්කිට් බෝඩ් එක පාස්සවගත්තම දැන් නියමට වැඩ. හදපු කෙනා කීවෙ ඊයම් දියවෙලා කියලායි. ටීවී හදන කෙනෙක්ට උනත් ලෙඩේ හොඳකරන්න පුලුවනි ලේසියෙන්ම...

Anonymous said...

ඉක්මනට ඕක හදා ගන්න වේවි...නැත්නම් ඊළඟට ඇස් දෙක තමය් ගහලා යන්නේ. කාට හරි දීලා ඉක්මනට හදාගන්න...

wath said...

උන්නැහේ
උන්නැහේට බොහොම ස්තූතියි. උන්නැහේ blog එකක් ලියන විත්තියත් දැන් තමයි මම දන්නෙ.
Roshan Herath
ඔබතුමාටත් බොහොම ස්තූතියි

දැන් මට ලොක්ක වගේ කියන්න පුලුවන් "මෙකේ ඊයම් බුරුල් වෙලාද කොහෙද පොඩ්ඩක් බලල හදල දෙන්න කියල." නැත්තම් මේ පැත්තෙ ඉන්න කොම්පීටර් හදන මහත්තරු හෙම්බිරිසාවට කියන්නෙත් නිවුමෝනියාව කියල.... ආයෙත් කියන්නෙ බොහොම ස්තූතියි.

wath said...

Anonymous

හා හා Anonymous ඇවිත් හරි මගේ ඇස් දෙක ගැන හිතුවට සංතෝශයි.... මම දන්නව ඔයා මා ගැන සොයනව කියල....

දිල් said...

හරිම හොඳ දොස්තර මහත්තුරු ටිකක්. ටක් ගාල ලෙඩේ හොයාගත්තා.....

දැන් ඉතින් ටක් ගාල වත් මෙයාව හොඳකරගන්න

wath said...

දිල්

ඒකනේන්නම් කියන්නෙ ... සයිබර් අවකාශයේ මානව සම්පත.... ලෙඩාව ගෙනියනවද .. නැත්තම් දොස්තරව එක්ක එනවද කියලයි කල්පනා කළේ..........

Bunny ! said...

ඔක අනිවා dry කේස් එකක්. නමුත් දැන් තත්වෙ භායානකයි. දැන්නම් ලඩේ වැඩි වෙලා ඔය මොනිටර් වල අයිනට වෙන්න තියෙනවා IC එකක් එක්කො ඒකේ කාලේ හරි. නැතිනම් අනිවා ෆ්ලයි බැග් එක දාන්න වෙනවා. ඔය මොඩ්ල් එකේ ෆලයි බැග් එකක් රු 800 වෙනවා :) :D

අක්කෙ ඔක හදන්න ගෙනිච්චාම නිකන් dry පස්සලා දීලා ලොකු ගානක් කියලා ගෙනියන්න කියාවි. නමුත් වැඩක් නෑ පස්සෙ ෆ්ලයි බැග් එක යනවා :)

තිස්ස දොඩන්ගොඩ said...

මම තට්‍ටු දාලා තට්‍ටු දාලා බැරිම තැන ලනුවකින් circuit board එක ගැට ගහල තිබ්බා... දවසක් පට්ටෝරියං ගෑවා ...ඉවරයි....
ඊට ඉස්සර අර උන්නැහේ කිව්වා වාගේ ඉක්මනටම Monitor Repair shop එකකට දුන්නනම් හරි... first aid දෙනකාලේ පැනලා... පොඩි අවුලක් ඇත්තේ....

wath said...

Bunny !
අනේ Bunny මල්ලියො ඔයා ඉන්නෙ ලග පාත නිසා එන්න බැරිද... ආහ් අර T shirt අරගෙන එනකොට එනවද....

wath said...

තිස්ස දොඩන්ගොඩ
අම්මෝ අයියෙ... ලණු වලින් ගැට ගහල කැතයි නෙ අප්පා.... මේකව හදන්න ගිහින් දුන්නයි කියමු..... ඊට පස්සෙ මට මොනාද වෙන්නෙ....... අතැරගිය පෙම්වතී වගේ දුකින් තමයි ඉන්න වෙන්නෙ......... කවදා එයිද කියල බල බල. අනික කොම්පීටරේට මම කොයි කරම් ඇබ්බැහි වෙලාද කියල දැන් තමයි තේරෙන්නෙ....

රවා said...

පාවිච්චි කරපු මොනිටරයක් ගන්න...චුටි මුදලක් වැයවෙයි....දැනුයි ආවෙ.... ඔයා හැමතිස්සෙම ඔක පාවිච්චි කරන්නෙත් නැහැනෙ... රැට විතරයිනෙ....කෙනෙකුට දිලා බලන්න... හරියන්නෙ නැත්නම් ඉතින් මගෙ පැත්තට විසික් කරන්න ( ගඟට....)

ගල්මල්-Coral said...

සොයුර, උන්නැහේ පැහැදිලි කර විදියට මේක සුළු ප්‍රශ්ණයක්. විෂේශඥ දොස්තරවරු ලොකුවට බලන්න පුලුවන් මෙ ලෙඩේ, ඒත් පලපුරුදු ටීවී රෙපයාර් ෂොප් එක වෙදෙක් සුලු බෙහෙතකින් ලෙඩේ හොදකරන්න පුලුවන්.

මේ කාලයේ පාටභීතිකාව බෝවෙලා කියල මගහරින්න එපා, ලෙඩා තවම ගොඩදාන්න පුලුවන් තත්වයේ ඉන්නේ
තවද මොනිටරයක් ගැලවීම පලපුරුදු අයෙක් කරයුතුයි, හයි වෝල්ටෙජ්!

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

හොදම විසදුම රූපවාහානී අලුතු වැඩියා කරන තැනකට ඕක ගිහින් දෙන්න හදාගන්න පුලුවන් වෙයි. නැත්නම් පාවිච්චි කරපු එකක් ගන්න එහෙම ගත්තත් ඔය වගේ ලෙඩ එනවා

Ansh Lucky Sri Jay said...

Are u in Galle?????
:O
that's the problem, otherwise I could've helped u to fix this thing..

(Sorry felt lazy to switch back to Sinhala, that's why commented in English. :D )

wath said...

Ansh Lucky Sri Jay

Thank u Sis ....


මම මාතර ...........

දුකා said...

මුලින්ම මොනිටරේට සවිකල ඔක්කෝම වයර් ගලවන්න
අත් දෙකෙන්ම මොනිටරේ අල්ලා ගන්න
පොලවට අඩි 5ක් පමන සමාන්තරව සිටින ලෙස ඔසවා ගන්න
හැකි වෙර දමා පොලවට දමා ගසන්න
ඔච්චරයි බං කරන්න තියෙන්නේ
සිම්පල් ප්ලෑන් එකක් . . . . !
හික් හික්
අම්මෝ මෙන්න මේ වත්සලා මාව මරන්න හොයනෝ . . .මම හැන්ගෙනවෝ . .

wath said...

මෙන්න වැඩක් .... මගේ ප්‍රථම හා සත්‍ය ප්‍රේමය පොළවෙ ගහන්නෙ කොහොමද ... එච්චරයි මගෙ හිත ලගින්ම ඉන්නෙ ....

රවා said...

මොකද සද්දයක් නැත්තෙ...

කවුරුත් කාව වත් මරන්නෙත් නැහැ...
කවුරුත් කාට වත් ගහන්නෙත් නැහැ...
එක මම නෙමෙ කියන්නෙ...
මොනිටරෙ ලියලයි තියන්නෙ...

ඔන්න අපිත් එක තරහා උනාට අපි ඔයත් එක්ක තරහා වෙන්නෙ නැහැ...



මෙන්න මෙක බලලා හිනා වෙන්න....

Bunny ! said...

අනේ අක්කෝ තාම T-shirt print කරලා ඉවර නෑ.. මම එන්න ඔනේ නෑ ඔක කාට හරි හදන එකෙක්ට දෙන්ට :-D

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...