..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, March 31, 2010

~~~ යහළුවෝ ~~~~~



තුරු සෙවනැලි සිසිල සදන
තුරු ගොමුවක් සේ  
සිහින් සරින් පද මුමුණන
පවන් රැළක් සේ
ගිමන නිවන සුනිල වළා
දිය දහරක් සේ
මිතුර නුඹයි නුඹෙ සෙවනයි
වන අරණක් සේ

එක සිතකින් මසිත තැලී
හිදින වෙලාවේ 
මහ සයුරේ රුවල බිදී  
සිටින වෙලාවේ
ඝන අඳුරේ ලොවට හොරෙන්
හඬන වෙලාවේ 
හන් ටැඹක ආලෝකය
ඔබයි ගෙ​​නාවේ

දෙනෙත නිමනවා
හද ගී පොතේ ගී මිණි මුතු
සවන නිමනවා
තනිය මකනවා
මේ සැම සමග සොඳුරු සිතක්
එළිය දකිනවා

පහන් ටැඹෙන් මඟ අහන මම
~ වත් ~

14 comments:

  1. බ්ලොග් එකක් ලියන්න ගත්ත ගමන් ජීවිතේ වෙනස් වෙනවා.. අදහස් , දැනුම , ආදරේ , සහෝදර සහෝදරියෝ , යා‍ළුවො ජීවිතේ අඩුතැන් පුරවනවා ..

    පොදු අත්දැකීමක් ලස්සනට සිත්තම් කරලා කවියකින්..
    -ජය

    ReplyDelete
  2. හරිම ලස්සනයි.. මගෙ බ්ලොග් එකත් ඇතුලට ඔබලා.. ඔන්න ඔක තමයි අපෙ ඇත්ත කිප දෙකෙන් එකතු වෙලා ලස්සන දෙවල් ගොඩක් ලොකෙට එනවා... කාලාන්තරයක් පවති මෙවා.... නෙද...?

    ReplyDelete
  3. wow Shokne.....lassanai sis....

    ReplyDelete
  4. මහා පහන් ටැඹයන් තෙරක් නැති සයුරේ රළ සමඟ ගැටෙනා ලොකු පොඩි හැම යාත්‍රාවනටම නොඅඩුව ආලෝක කදම්බයක් විහිදුවාවි නිරන්තරයෙන්ම.

    ඒ පිනෙන් මහා පහන් ටැඹයන් ද එළිය වේවා පතමු.

    ලස්සන පදවැලක් සොයුරිය, ජය.

    ReplyDelete
  5. තරුවක් වෙලා පායා රෑ අහස් කුස..
    ඝණදුරු නිවා යන්තම් වත් දී එළිය..
    ඉන්නා සියළු මිතුරන් නුඹ හා කැටිව..
    යන්නට නොයා නුඹ ගාවම රැදෙනු ඇත..

    නුඹෙ ලොවට සඳ පායා එන දිනට..
    අප අමතක වෙද එදිනට මා මිතුර..
    බොඳවී ගියත් නුඹගේ අහසින් එදින..
    සුළගක් වෙලා හෝ ඉන්නම් නුඹ අසල..

    ජීවිත කතරෙ තනි වී සිටිනා දිනෙක..
    නුඹමයි ළගට විත් තනි රැක්කේ සබඳ..
    ඒබව මතක තිඛෙනාතුරු මගෙ සිතට..
    යන්නේ කෙලෙසින්ද නුඹ හැරදා දුරක..

    ReplyDelete
  6. සුභ උපන් දිනක් වෙවා..!

    ReplyDelete
  7. මාරයාගේ හෝරාව

    එසේම වේවා..මාර වැඩේ කියන්නෙ දෙන්නගෙම උපන් දිනේ එකම දවසෙ.

    ReplyDelete
  8. @යෝගී...
    ඇත්ත යෝගි. බිදිලා විසිරිලා තිබ්බ සිත් සුවපත් වෙන්නයි.ජීවිතේට නව අරුතක් දෙන්නයි මේ බ්ලොග් ලිවිල්ල ගොඩක් උදවුවුනා.

    @ රවා
    @ Niroshan
    @ ගල්මල්

    සියළු දෙනාටම බොහොමත්ම ස්තූතියි...

    ReplyDelete
  9. Link ටිකනම් සිරාවට ගැලපිලා තියෙනවා :-D

    Bunny !

    ReplyDelete
  10. @ Bunny
    ආහ් හා පැටියෝ .....හාවා වගේ දන්නෙම නැතිව ඇවිත් පැනල යනව නේද???? තැන්කුයූ මල්ලියා....

    ReplyDelete
  11. නංගී ඔයාගේ මේ කොටසත්...
    "ගිමන නිවන සුනිල වළා
    දිය දහරක් සේ
    මිතුර නුඹයි නුඹෙ සෙවනයි
    වන අරණක් සේ"

    චතූෂ ගේ (මට මෙතෙනදී මාරයා කියන්න හිත් දෙන්නේ නෑ අප්පා...)මේ කොටසත්...
    "ජීවිත කතරෙ තනි වී සිටිනා දිනෙක..
    නුඹමයි ළගට විත් තනි රැක්කේ සබඳ..
    ඒබව මතක තිඛෙනාතුරු මගෙ සිතට..
    යන්නේ කෙලෙසින්ද නුඹ හැරදා දුරක."

    හරිම අමුතු ආස්වාදයක් හිතට ගෙනදුන්නා...
    හරිම හැඟීම් බරයි නේද...?

    බලන්න චතූෂට කොච්චර සොඳුරු අදහස් පහල වෙනවද... මේ ලමයා ජීවිතය ඔහේ ගලා යන්න දීලා ඉන්නවනේ....

    ReplyDelete
  12. ඈත්ත තිස්ස අයියා...
    මමත් හිතුවා ඒ විදිහටම. මේකා මට බැනල හරි, ​ජෝක් එකක් හරි කරානම් ඉවසතැහැකි... දැන් නම් මම චතුෂ ගැන දන්නව. ඒ නිසා දුක් වෙන්නෙ නැහැ.

    ReplyDelete
  13. ලස්සන අකුරු කිරීම...
    හරිම සරලව තියෙනවා...

    /බිඟුවා...!

    ReplyDelete
  14. බිඟුවා...!

    බොහොම ස්තූතියි බිගුවා මලයෝ.......

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...