..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, March 29, 2010

~~~~ තනි වූ මල ~~~~~

නෙලා ගන්නට කෙනෙක් නැතී
බලා සැනසෙන කෙනෙක් නැතී
පිපී දිදුලන මලක් ඇතී
ඇගේ නම වෙයි අරුන්දතී

සුමුදු සුදුමුදු පෙති සලා
ඇගේ උවනත දෙයි සිනා
රොන් සුවද විසිරී නොයා
ඇය සිටී මුදුනට වෙලා

බඹරු ආවාත් රොන් සොයා
යන්නෙ ඈ සිත රිදවලා
නෑ වෙන්නෙ මම් මං මුලා
ඇගේ හද දුක ගුලි වෙලා

යන්න පෙර මල පර වෙලා
දෙන්න මධු මී පුරවලා
එන්න සමණළයෙක් වෙලා
සිටී ඈ නෙතු දල්වලා


අරුන්දතී තුල මා සොයන
මම
~ වත් ~

11 ප්‍රතිචාර:

තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි said...

නෙලාගන්න හිතක් ඇතිමුත්
හැඩ බලන්නට ඇසත් ලොබ මුත්
කෙළෙස නෙලන්නද මා
අන්සතු වූ පරසතු මල..

රවා said...

අක්කා ලස්සනට ඔනැම දෙයක් පද බඳිනවා. හදවතට දැනෙන දෙ ලස්සනට ලියනවා..තනිකම, විරහාව, බැඳිම් මෙ හැම දෙයක්ම අපි හැමොටම පොදු දෙවල් එ උනත් එ අතරින් සමහරු ඉන්නවා මෙ දෙවල් හරිම ලස්සනට ලොකයට දෙන.. සමණලයට කියන කවි මම හරිම ආසා කවි දෙකක්..මම හදිස්සියෙන් ආවෙ රැවෙලා ඇවිල්ලා තව මොනවා හරි කුරුටු ගාලා දාන්නම් කවි ටික ගැන...

තිස්ස දොඩන්ගොඩ said...

නොතලන් සිත් අප, ආදර නැඟනියනේ...
ආදර නැඟනියනේ.....

wath said...

තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි

ඒක හරි... අන්සතු මල් නෙලන එක වැරදී. ඊටත් පරසතු මල් අයිති මනුස්ස ලෝකෙට නෙමෙයි නෙ........

අනික මිනිස්සු යන්නෙම අන්සතු මල් හොයාගෙන තමයි. ලස්සනට පිපිලා සුවදවත් දැනෙන්නෙ නැතිව රහසේම පරවෙලා යන අපි වගේ කැලෑ මල් ගැන කවුරුවත් දන්නෙ නැහැ....

wath said...

තිස්ස දොඩන්ගොඩ
අඩන්නෙ නැහැ..හිතේ දුක තමයි පා කරේ කවියක ඔතල. අයිය එනකොට මොනා හරි නොගෙනාවොත් නම් අඩන එක අඩනවමයි............

කතන්දර කාරයා said...

හ්ම්, මගෙ ඇත්ත නමින් එන්න ඕනැ කමෙන්ට් කරන්න නං.

කතන්දරකාරයා

wath said...

කතන්දර කාරයා
ඇත්ත නම්න් ආවත් ,බොරු නම්න් ආවත් .හිතේ තියන ඇත්ත කියනවනම් තමයි අගේ

මාරයාගේ හෝරාව said...

මලක් උනත් නුඹ පිපිලා සුවඳ දෙන..
පියාඹන්න නොහැකිය මට නුඹ වෙතට..
මල් සුවඳින් රැවටී පිපි කටු රොදක..
අත්තටු කඩා ගත්තෙමි මා පෙර දිනෙක..

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

හරිම අපූරුයි පද පෙළ මම කියෙව්වා ඒකාකාරී දිවිය මදකට අමතක කරනවා ස්තුතියි ඔයාට

dulani said...

හරිම ලස්සනයි.අපුරැවට අපේ හිත් වලට එයා කතා කරනවා.

Ansh Lucky Sri Jay said...

හරිම ලස්සනයි වත්..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...