..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, March 28, 2010

බාල සහෝදරයා .....

මේ ඉන්නෙ මල්ලියි මායි

චන්ඩියා වගේ හිටියට පේනවද ලැජ්ජාවෙන් මූණ රතු වෙලා. මට හොද හැටි හේත්තුවකුත් දාගෙන සැප පහසුවෙන් ඉන්නව.

මේ දවස්වල ස්කෝල නිවාඩු නිසා මෙයාගෙ වැඩේම සෙල්ලම තමයි. ගහකොළට සතා සිවුපාවට හරිම ආදරෙයි.   එයාගෙ මාළු ටැංකියෙ හිටිය සාරිගප්පිය මැරිල දවසක්ම අඩ අඩ ඉදල බතුත් නොකා නිදා ගත්ත මට අද වගේ මතකයි. මුළු වත්ත පිටියෙම ඉන්නෙ එයාගෙ යාළුවො තමයි. ඒ ඔක්කෝටම එයා නම් තියල තියනව.

මෙහෙම හිටියට ඉගෙන ගන්නත් දස්සයා. හැබැයි අකුරු ලියන්න නම් වස කම්මැලියා. අකුරුත් නිකම් හකුරු වගේ.ගණන් හදන්න නම් හරිම දස්සයා.

පිලිවලකට ඇදුම් අදින්න කොණ්ඩෙ පීරන්න කිසිම වුවමනාවක් එයාට නැහැ. හැබැයි මගේ කොණ්ඩෙන් ඇදල  මාව තරහ ගස්සන නම් හරිම රුසිය. එයා මගේ කොන්ඩෙ අදින්නෙ නැත්තම්  මගේ කොණ්ඩෙ මීට වඩා ගොඩක් තියනව.

මට වඩා බාල වුනාට හිතන් ඉන්නෙ මම මුකුත්ම කර ගන්න බැරි ගැහැණු ළමයෙක් කියල. හරි පණ්ඩිතයි. "අක්කට ඕව බෑ, ඉන්න මම කරල දෙන්න කියල හැමඑකටම හොට දානව."

එයාට කරන්න බැරි මට කරන්න පුළුවන් එකම දේ තමයි බත් කන එකයි එයාට බත් කවන එකයි.

දන්නවද ඔයාල මගේ මේ පුංචි සහෝදරයා මගේ තවත් සැබෑ නොවූ හිනයක්. මම පුංචි එකා කාලෙ ඉදල බාල සහෝදරයෙක්ට හරිම ආසාවෙන් හිටියෙ.... බාල අය හිටියත් එයාල සහෝදරයො නෙමෙයි... සහෝදරියො... අපේ තාත්තා  අනාථ අහිංසක කොළු පැටියෙක්ව ගෙනල්ල හදන්න හිටියත් අම්ම ඒකට විරුද්ධ වෙලා තියනව.

ඒත් කොහෙදෝ ඉදල මේ ලගදි දවසක මට මගේ බාල සහෝදරයා හමුවුනා කියල මට හිතෙනව.... එයා ටිකක් විතර කපටි ..ඒ වගේම තමයි මගෙ හිත හරියට රිදවනව. කොන්ඩෙන් ඇදල දුවල යනව වගේ තමයි.

මිනිස්සුන්ගෙ හීන පහුවෙලාහරි හැබෑ වෙනවලූ. හිතන විදිහට නෙමෙයි නොහිතන විදිහට... ජීවතේම මැජික් එකක් කියල හිතෙන්නෙ ඒ වෙලාවට තමයි.
මම
~ වත් ~

13 ප්‍රතිචාර:

Kathandarakaraya said...

අක්ක නං ඔයා වගේ තමයි!

කකා

wath said...

ම් ම් ......

දිlee said...

nice post

wath said...

@ දිlee
ආහ් දිලීප මල්ලියා .... තැන්ක් යූ මල්ලියො

තිස්ස දොඩන්ගොඩ said...

රවා...!!! කෝ මේ මල්ලියා... මෙන්න උඹේ පින්තූරයක් දාලා මලේ...! කෝ මේකා....?

රවා said...

බාල උනත් සහොදරයො කොහොමත් එහෙම තමා... කොන්ඩෙන් ඇදලා පිටට එකක් හයියෙන් ගහලා තමයි දුවන්නෙ...අක්කලා ට ආරක්ෂාවට ඉන්න එකානෙ වු පුරුදු කරනවා ගුටි කන හැටි.. බාල සහොදරයා කිව්වහම මතක් වුනෙ... අපෙ උන් මල්ලිලා ඉන්න කෙල්ලන්ව යහලු කරගන්න හදද්දි උන් මගෙන් උපදෙස් ආහද්දි මම දෙන පළමු උපදෙසෙ තමයි අක්කාට ප්‍රථම මල්ලිට ප්‍රේමය දක්වන්න කියා...

තිස්ස අයියා... මූ නම් පෙර ආත්මයකවත් මම වෙන්න බැහැ...මුව දැක්ක ගමන් මට බඩෙ අමාරුවක් හැදුනා කොච්චර ලස්සන මල්ලි කෙනෙක්ද..?..මල්ලිලා තමයි මෙ ලොකෙ වසනා දුෂ්ටම මිනිස්සු කොටස ඉස්කොලෙ යන කාලෙ.. මුන් රිංගන්නෙ නැති තැනක් නැහැ..මාව මට්ටු උනෙ මගෙ මල්ලි හින්දා.. අපෙ අයියව මාට්ටු උනෙත් අපෙ මල්ලි හින්දා..

බාල උන් අපිව කන්න ආපු යක්සයො පිරිසක්..

හොල්මන් අඩවිය said...

හ්ම් හ්ම් හොඳයි කියල හිතෙනව

wath said...

හොල්මන් අඩවිය

කවුද බොලේ මේ හොල්මන... ආවට බොහොම ස්තූති මගේ ගෙදර.... ඔයාටත් ගෙදරක් තියද මේ වගේ.......

wath said...

රවා
"අපෙ අයියව මාට්ටු උනෙත් අපෙ මල්ලි හින්දා" ඒ රවා .. ඒ මල්ලි ඔයා නෙමෙයිද...

තිස්ස අයියා

තිස්ස අයියා.... ඔයා කෑමොර දුන්නට වැඩක් නැහැ. මේ රවා නෙමෙයි කියන්නෙ... අයෙත් මගෙ හීනෙ බොද වෙලා ගියා...

දිල් said...

වත්ට වගේ මල්ලියෙක් නොහිටියාට මල්ලියෙක් වගේ දග නංගෙක් මට උන්නනෙ...අම්මෝ..එයා ගැන නම් කියලා වැඩක් නෑ....

මොනා උනත් අපූරු නිර්මානයක්

රවා said...

වත්, දිල් අක්කලාට.. වස නංගිලා වගෙ නෙමෙ.. අපිවගෙ දඟ මල්ලිලා.. හරිද... සෙල්ලම බැහැ.... බ්ලොග් එකෙ බොම්බයක් අටොලා තියලා යනවා ආපු ගමන් පුපුරවන්න හරිද...

දුකා said...

අපේ අක්කගේ මල්ලී ත් ගොඩාක් වෙලාවට ඔය වගේ . . . මල්ලිටත් අක්ක ගැන හිතෙන්නේ මෙයා මහා ඇනයක් කියලයි . .

ඒත් අක්කා එයාට කොයි තරම් ආදරේද . . . මල්ලී අක්කාට කොයි තරම් ආදරේද . .

හැබැයි වැඩිපුර නම් අක්කයි මල්ලියි සාංගම් වෙලා නංගීට තඩිබාන එක තමයි කරන්නේ .. .

බලන්න මගේ හිට්ලර්ගේ අවතාර හෙවත් ආදරණීය අක්කලා පෝස්ට් එකත් නොබලපු අය . ..

http://dukaa.blogspot.com/2009/07/blog-post_25.html

දයාබර නෝටි said...

අනේ මට අක්ක කෙනෙක් නැතිවයි ඉදියෙ, මටත් ඹයාට මල්ලියෙක් ලැබුනා වගේ අක්කි පැටියෙක් ලැබුණා.........

(Noty Dennis)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...