..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, March 27, 2010

......... ඇය .............


ඇය කිවයුතු තරමේ රූපසම්පත්තියක හිමිකාරියක නොවූවාය. නමුත් ඇයගේ සොදුරු සිතත්, අවංක හදවතත් ,සංවේදි සිතුවිලිත් ,සෘජු ගතිගුණත් නිසා විශ්වාසය තැබිය හැකි අපූරු  මිතුරියක් වූවාය.

නිවසේ දී ඇය කිසිදු වැඩකට සම්මාදන් නොවූවාය. ඇයට කිසිවකු වැඩ පැවරුවේද නැත. ඇයව අවශ්‍ය වන්නේ නිවසේ වහලයේ සුළු සුළු අළුත් වැඩියා කටයුත්තකදී .... මේසයක් පුටුවක් එහා මෙහා කිරීමේදි ,බිත්ති ඔරලෝසුවේ බැටරි මාරු කිරීමේ දී සහ මදුරු දැල එල්ලා ගැනීම වැනි සුළූ සුළු කටයුතු වලදී පමණි.

කාර්යාලයේදී උත්සව කටයුතු වලදී මුදල් ගනුදෙනු බාර දීමට තරම් ඇය විශ්වාසවන්ත නිලධාරිනියක වූවාය.  කාර්යාලීය සුභ සාධක සංගමයේ භාණ්ඩාගාරික වීම ඇගේ සිතට ගෙන දුන්නේ වදයකි.කාර්යාලයේ  පුංචි කඩ වලට ඇය සම්සාදම්වන්නේ බොහොම ඉදහිටය. බොහෝ විට ඇය දැකිය හැක්කේ පරිගණකයක් අසලය.

පෝයකටවත් පන්සල් නොයන ඇයට අම්මා බනින්නේ පින නැහැ කියාය. නිවසේ සියලූ දෙනා පන්සල් ගිය පොහොය දින වලට ඇගේ සිතට දැනෙන සුවය පන්සල් ගොස් ලබන්නට බැරි බව ඇගේ මව නොදනී. පන්සල් නොගියද  පන්සල් යෑමට අවශ්‍ය සියලූ දේ සූදානම් කර දෙන්නේ ඇයයි.

ඇය මවට ඉතා ආදරේය නමුත් ඇගේ මව එය දන්නේදැයි සැක සහිතය. ඇය සහෝදරියන්ටද ඉතාමත් ලෙංගතු අක්කණ්ඩියකි.

ඇයට මිතුරියන් අඩුය. මිතුරන් බොහෝය. එයට හේතුව ඇය නොදනී. "මෙච්චර පිරිමි ළමයි යාළුවො ඉදලත් කොල්ලෙක් යාළුකරගන්න බැරි වුනා "නේදැයි විටෙක ඇගේ මව පවසන්නේ ඇගේ හොද වයසද පහුවී යන බැවිනි.  ඇගේ මවට ඇය ගෙන දෙන්නේ විශාල වේදනාවක් බව ඇය දන්නා මුත් ඇය එයට කුමක් කරන්නදැයි ඇය තියා දෙවියොවත් නොදනී.

පිරිමි යහළුවන් බොහෝ වුවත් සෙනෙහසින් ඇයව ලගට ගෙන ජීවිත කාලය පුරා ඇයව බලා ගන්නෙමියි සමථ වන කෙනෙක් ඇයට හමුවී නොමැත. එහෙත් මිතුරන් ලෙස වටිනා කිහිපදෙනෙක් ඈ වටේ සිටියි. එය ඇයට කදිම ශක්තියකි.

හිත නිවනා ඇගේ කටහඩත් .සිත් බදිනා ඇගේ මද සිනාවත් කෙනෙක්ගේ දෝමනස්ස නිවන අපූරු ඔසුවකි. ඇගේ ලස්සන දෑසත් රවුම් මුහුණත්  ඇයව ලෙහෙසියෙන් ඔබගේ මතකයේ රදවනු නොඅනුමානය...........


මම
ඈ තුල මා සොයනා 
~ වත් ~

6 ප්‍රතිචාර:

රවා said...

ඇය ඇයව අමතක කර ඔබ මොබ දුවන සැටියකි..
එකෙක් රිද්දිමට තැත් කරන තැන තවකෙක් සිත සැදිමට තැත් කරයි. ඇය කැඩුණු බිදිනු විසිරිනු මතකයන් අමුණා මුතු මාලයක් සැදිමට තැත් කරයි. ඇය බොහොම බිය තැනැත්තියකි. ඇය සොදුරු හැගිම්වලින් පිරිපුන් තැනැත්තියකි.. ඇය තවකෙකු නැතිවෙයන බියෙන් නතරවි සිටින බව මට සිතෙ..ඇය කෙතරම් ඇයව සඟවා ගැනිමට තැත් කරත් ඇයට නොහැකිය.. එ ඇය ඇය සෙවිමට දරන තැත සිහිවි මට සිනහා නැගෙයි..ඇය අතරමං වි නැත.. ඇය ඇයව අතරමං කරගෙන ඇත..කිසියම් කෙනෙකු ඇයව ආක්‍රමණය කරන විට ඇය රොකට් ලොන්චර් එකක් මෙනි. ඇය බොහොම ඉක්මනින් කැඩෙන අතර ඉක්මනින් හැදෙයි. ඇය ඇස් ගෙඩි මොනිටරය තුලට දාමාගෙන මුළු අන්තර්ජාලය පුරාම ඇයව සෙව්වත් ඇයට ඇයව හම්බ නොවෙනු ඇත. ඇය ඇයගෙ හදවතින් අසන්නෙද නැත. ඇය හදවතට කන් දෙන්නෙද නැත. ගර්වය නිසා හදවත නොතකන ඇය තවත් බැඳිම් ඇතිකරගෙන ඉදිරියට යයි.
ඈත් විමෙදි දැනෙන වෙදනාවට බිය තැනැත්තාට ලංවිමෙදි දැනෙන සතුට විඳගැනිමෙ අයිතියක්ද නැත...(පණ්ඩිතයා.....)

තිස්ස දොඩන්ගොඩ said...

ඔක්කෝටම ඉස්සෙල්ලා තීම් එකනම් හරිම ලස්සනයි.... හඬ නිසා වාගේම රුව නිසාත් සිත නිවෙනවා... මේ කතාවයි රවා ගේ ඌන පූරණයයි මට මතක් කර දෙන්නේ මිත්‍ර සන්ත්වයේ ඇති සැනසුමයි....

බිඟුවා...! said...

ඇයව සොයා යන්න ඕනේ...

/බිඟුවා...!

Indranatha Thenuwara said...

මේ කතාවෙ නමත් සොදුරු නොවී "සොඳුරු" වුනා නම් එය ඔබ වගේ ම සොඳුරු වේවි නේ ද නංගා...???

wath said...

ඒක ඇත්ත අයියා... ඒත් සංඥක ද යන්න ස්කෝල පොතේ නැහැ නෙව......

wath said...

@ බිඟුවා...!

ඇයව දවසක මුණ ගැහේවි . blog පිටු අතර හැමදාමත්, ඉදල හිටල සැබෑ ලොකෙදිත් ඇයව මුණ ගැසේවි.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...