..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, March 26, 2010

වීරයා


ස්ථානය : ඉරාකයේ නගරයක්
වේලාව : තවත් එක් උදෑසනක්

ඉරාකයේ එක් නගරයක කැඩී බිදී ගිය ‍ගොඩනැගිලි සුන්බුන් අතර සැරිසරන දැරියක් සහ සුන්බුන් වූ ගොඩනැගිල්ලකට පිට දී මදක් ගිමන් හරිමින් සිටින ඇමරිකන් යුධ සෙබලෙක්.

මගේ ඇසින් ඔහු :දයාබර බිරිද ,දගකාර දියණිය සමග අතීතමතක ලොවේ සැරිසරණ දයාබර පියෙක්

මගේ ඇසින් ඇය : පිපෙන්න වෙර දරන තනිවූ දැරියක්

දැරිය  : ආමි අන්කල් ....  ඔබට සුභ දවසක්.

සොල්දාදුවා : ඔවු පුතා ... අද නම් ටිකක් නිස්කලංක දවසක් වෙයි වගේ.

දැරිය     :  ආමි අන්කල්ගෙ ගෙවල් ගොඩක් දුරද තියෙන්නෙ ?

සොල්දාදුවා : ඔව් පුතා ... මගේ රට ඇමරිකාව ... මෙහෙන් ගොඩක් දුර.

දැරිය : ඉතින් අන්කල් ඇයි ඔයා අපේ රටට ඇවිත් යුද්ධ කරන්නෙ. ඒ රටේ යුද්ධ නැතිද?

සොල්දාදුවා : නැහැ පුතා..... මේක මගේ රස්සාව... මම පුතාලගෙ රටට ඇවිත් යුද්ධ කරේ නැත්තම් ., මගේ   බිරිද .. මගේ දරුවො ජීවත් වෙන්නෙ කොහොමද.. එයාලට කන්න බොන්න අදින්න .උගන්නන්න තමයි මම මේ රස්සාව කරන්නෙ.

දැරිය : අන්කල් .. ඔයාටත් දූලා පුතාලා ඉන්නව ද? මගේ පවුලෙ ඔක්කම අය ෂෙල් වෙඩිල්ලකට අහුවෙලා මුරුණා. දැන් ඉන්නෙ මම විතරයි

සොල්දාදුවා   :   මට සමාවෙන්න පුතා ...... මට ඉන්නව පුතා වගේම ලස්සන  දෝණි කෙනෙක් . හැබැයි එයා  ඔයාට වඩා සුදුයි.

දැරිය : මගේ තාත්තාත් අන්කල් වගේමයි. ඒත් අන්කල්ට වඩා කළුයි.
          අන්කල් කවද ද දූ බලන්න යන්න නේ.?

සොල්දාදුවා : දන්නෙ නැහැ පුතා... සමහර විට මට කවදාවත්  මගේ දෝණිවත් ඇයවත් දකින්න බැරි වේවි.

දැරිය : එතකොට අන්කල් ... ඔයා වීරයෙක් ද?

සොල්දාදුවා  :  !!!!!!! !! මගේ දරුපවුල රකින්න... දුගෙ රටට ඇවිත් .. දූගේ තාත්තාව .. දූගෙ පවුලම නැති කරපු මම වීරයෙක් කියල මගේ දූ හිතාවි ද .....



මම
සුන්බුන් අතර ජීවිතය සොයන්න වෙර දරන
--  වත් --


14 comments:

  1. මෙ වත්...
    ඉරානයද නැත්නම් ඉරාකයද..?
    මටද වෙරි ඔයාටද..?
    ගණන් ගන්න එපා සොරි වෙවා..

    ReplyDelete
  2. හ්ම්ම්.... කියලා වැඩක් නෑ.... පින්තූරෙටම ගැලපෙන කතාව...

    ReplyDelete
  3. මාරයාගේ හෝරාව
    මටයි වෙරි........ඔයා ගිය දවසෙ ඉදල මට වෙරි ...හා හා

    ඔන්න වැරැද්ද හැදුවා. බොහොම පිං.

    ReplyDelete
  4. තිස්ස දොඩන්ගොඩ
    හා අයියා. බොහොම ස්තූතියි.රූපෙ දැක්කම හිතුන දේ ලිවා.

    ReplyDelete
  5. පිං දෙන්න මම මෙතන බණ කිවුවද?
    සිල් රැක්කද?
    දන් දුන්නද?

    විහිළුවක් කලේ ගණන් ගන්න එපා.

    ReplyDelete
  6. දැන් සෙල්ලම කරන වෙලාවයි.. තේ පැන් ටිකක් බී.. බොලයට යැමට සැරසුනු විට දුටුවෙමි.. නමුත් සංවෙදි සටහනට යමක් එකතු කිරිමට සිතුවෙමි..

    සුදු තාත්තාත්,, පොඩි දුවත් එතනදි සොයන්නෙ එකම දෙ බවත්.. සුදු තාත්තා එය වැටහිමෙන් කරන බවත් පොඩි දුව එය අවිඥානිකව එය පැහැදිලි කරන බව මට වැටෙහෙනවා..හරිම ලස්සන සිද්ධියක් තමයි මෙ ඔයා වචන එකතු කරලා හදලා තියන්නෙ... ලස්සනයි...හැබැයි ලියද්දි මිට වඩා තාත්විකව ලියන්න වෙනවා....

    ReplyDelete
  7. මාරයත් එක්ක තරහා වෙලා හිටියෙ දැන් ඔය කතා කරාට හිතෙ පුංචි තරහාක් තියනවා.. දැන් මම මෙහෙම කිව්වා හන්දා ඉටත් වැඩිය මාත් එක්ක තරහා ගිහිල්ලා ඇති... මම ලඟ හිටියනම් මගෙ මුන පොඩි කරයි.. අපෙ සොඳුරු සිතෙ නපුරු පැංචි...

    ReplyDelete
  8. Very nice.
    The best part for me is


    "සොල්දාදුවා : ඔව් පුතා ... මගේ රට ඇමරිකාව ... මෙහෙන් ගොඩක් දුර.

    දැරිය : ඉතින් අන්කල් ඇයි ඔයා අපේ රටට ඇවිත් යුද්ධ කරන්නෙ. ඒ රටේ යුද්ධ නැතිද? "

    ReplyDelete
  9. "එතකොට අන්කල් ... ඔයා වීරයෙක් ද?"
    හ්ම්ම්..

    ඇමරිකාවේ දේශපාලනය මොනව වුනත් ජීවිතේ පරදුවට තියලා යුද්ධ කරන අස්සේ මේ පුංචි මල් කැකුළ එක්ක ලෙංගතු විදියට ලොකු කතා බහක..

    ඇත්තටම වීරයෙක් තමා..

    පින්තූරෙ වටිනාකම ඔයා ගොඩක් වැඩිකරලා වත්..

    -ජය

    ReplyDelete
  10. Chanaka Aruna Munasinghe

    යෝගී...

    මිස්සක


    බොහොම ස්තූතියි ඔයාල ඔක්කටම

    ReplyDelete
  11. ඒ ළමයගේ පවුලෙ අය මැරුව කේනා එක්ක.. ඒ ළමයා කතා කරාවි කියලා විශ්වාස කරනවද ?

    කතාවනම් හරිම අපුරුයි !

    ReplyDelete
  12. One man's terrorist another man's patriot.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...