..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, March 25, 2010

සිත නැලැවූ .... සුරංගනා කතා ....(තාමත් සපත්තුව සොයන සින්ඩරෙල්ලා)





හා ..හා ... මම කියන්න හදන්නෙ මේ දවස් වල ශ්‍රී ලංකාවේ ගමක් ගමක් ගානේ ඇහෙන සුරංගනා කතා නෙමෙයි.

පුංචි කාළේ අපි කාගෙත් සිත් වල රජ වෙචිච, සැරිසරපු සුරංගනා කතා ගැනයි.

ඔයාලට මතකද දන්නෙ නැහැ.

  •  සින්ඩරෙල්ලා  / Cinderella  
  • රත හැට්ටකාරි / Little Red Riding Hood
  • ගෙබි කුමාරයා
  • beauty and the beast
  • ඇලඩින් - මේක නම් අරාබි නිසොල්ලාසයෙ
  • හිම කුමාරි /Snow White and the Seven Dwarfs
  • නිදි කුමාරි  Sleeping Beauty
  • Alice's Adventures in Wonderland 
  • Goldilocks & three bears
  • Hansel&Gretel                                                                                                                                  තව ගොඩාක්  තියනව ... ඉස්සර මම ගෙඹි කුමාරයගෙ කතාව කියවල  ගෙම්බන්ට ආදරේ කරා. දැනුත් අපේ ගෙදර මුල්ලක ඉන්නව අලිතඩි ගෙම්ඛෙක්. කොහේ ගියත් හිටිය තැනටම එනව. අම්මනම් කියන්නෙ පෙර ආත්මෙ කවුරුහරිලූ.

    මගේ වයසත් එක්ක බැලුවම දැන් මගේ දරුවන්ට මම මේ කතා කියල දෙන්න ඕන. ඒත් ඉස්සරට වඩා හොදින් මේ සුරංගනා කතා දිහා දැන් මට බලන්න පුලූවන් කියල මට හිතෙනව. ඉස්සර වින්දෙ පිටතින් පෙනුන සුන්දර කතා රසයයි  නොපෙනෙන සුරංගනා ලොවයි විතරයි. ඒත් ඊට වඩා ගැඹුරක් ඒ හැම කතාවකම තියනව...
    සුරංගනා කතා වල පිටත පෙනුමට වඩා දෙයක් ඇත්තටම තියනවද...



    ඇයි ... Beauty & the Beast කතාවෙ මින්ස්සුන්ගෙ අභ්‍යන්තරයේ තියන සුන්දරත්ව වටහා ගන්න අපිට උගන්වනව. කාලයත් එක්ක ඒ කුමාරිට අර කැත නපුරු යක්ෂයාගේ සොදුරු යහගුණ පෙනෙනවා... ඒකයි අන්තිමට ඇයට ඔහුව කුමාරයෙක්වගේ පේන්නේ.ඒ මම කීවෙ එක කතාවක් ගැන විතරයි.

    ඒත් දැනටත් මට නොතේරෙන එකම ප්‍රශ්ණය තමා සුරංගනා කතා වල ඉන්න හැම කුමාරියක්ම ඒ තරම් ලස්ස
    මොකද කියල....

    ~ මම ~
    තාමත් සපත්තුව සොයන
    සින්ඩරෙල්ලා


      25 comments:

      1. හරිම වටින ප්‍රස්නයක් නේ ඇහුවේ සොඳුරු සිත....
        මෙව්වා බලන කොලු පැටව් ඉතින් ලොකු වුනහම කිලියෝපැතිර ලාව හොයාන යන එක අහන්නත් දෙයක්ද...? අපි වාගේ ගෙම්බෝ උනත්...?

        ReplyDelete
      2. හා හා ...... ගෙම්බා ලස්සන කුමාරයෙක්වුන හැටි මතකයි නේද.... අක්කට පිං සිද්ධ වෙන්න... ගෙම්බා කුමාරයෙක් වුනාලූ ........

        ReplyDelete
      3. හහ් හහ් හා.... හරිම සොඳුරු සිතක්ම තමයි.... මට අමතක වුනානේ...එහෙම වුනා නේනම්.... නියම කතාව....

        ReplyDelete
      4. හාෆොයි... මෙයත් දැන් මං වගෙ පණ්ඩිත කතා කියන්න අරගෙන.....හැමදාමත් වගෙ ආව මෙ පැත්තෙ....හදිස්සියෙම සුරන්ගනා කතා මතක් උනෙ....තවම සපත්තුව හොයනවා කියන්නෙ...හරියන සපත්තුවක් තවම හම්බ උනෙ නැද්ද...
        පොය දාට පංසල් යන්නෙ නැහැ වගෙ...හිමිට පරණ දෙයක් දාගෙන ගිහිල්ලා හොද අලුත් දෙකක් දාගෙන ගෙදර එන්න.. එතනදි හොරකමක් නෙමෙ ඔයා කරන්නෙ... අනිත් කෙනෙකුට සරල කෙනෙක් වෙන්න උදවු කිරිමක්... ඔන්න සෙරප්පුව හොයාගන්න උදව්වක්....

        ReplyDelete
      5. ඔයාට වැරදිලා. එහෙම කරා නම් මම මෙලහකට සපත්තු කඩයක් දාලා. මම හොයන්නෙ මගේ නැතිවුන සපත්තුව මිසක් අළුත් සපත්තුවක් නෙමෙයි....

        ReplyDelete
      6. සමනලීත් හරිම ආසයි ඒ සුරංගනා කතා වලට.... ඉස්සර පුංචි කාලේ සමනලීත් හිතුවා ඒ වා‍ගේ කතාවක් සමනලීටත් තිබුනා නම් කියලා.... අරුම පුදුම මැජික් පිරුණු කතාවක්... හැබැයි ඒ වාගේ හිතට සතුට දෙන විදියේ ජිවිත කතාවේ පුංචි පුංචි මැජික් කරලා සමනලිව සතුටින් තියන්න එයාගේ අයිතිකාරයා නම් හරි දක්ෂයි....

        ඔයාට නැතිවුනු සපත්තුව ඉක්මනින් හොයාගන්න ලැබේවා..... :-)

        ReplyDelete
      7. සුරංගනා කතා පිළිබද මෑතකදි පිළිසදරකට වැටුණු වෙලාවක අක්ක කියපු ඔය සුන්දර කුමාරියන්ගෙ කතාවත් ඇදිල ආවා. හැමෝම ලස්සනයිනෙ. කැතක් තිබ්බත් කතාව මැදදි ලස්සන වෙනවා ඒ අය.
        අදටත් මම හුගක් කැමතියි ලස්සන වසිලිස්සා පොතේ එන රුසියන් සුරංගනා කතා වලට. ඊට අමතරව ග්‍රිම් කතාත් මරු.

        ReplyDelete
      8. අනේ මට මෙව්වා තේරෙන් නෑ :-D

        ReplyDelete
      9. මාත් ඔන්න කාලයක් සින්ඩරෙල්ල වෙලා උන්නා. ඉස්කෝලේ උත්සවයකට සින්ඩරෙල්ලට ඉදලා ධර්මරාජෙ කොල්ලො ටික මට පාරේ යන්න දුන්නේ නෑ......පාර දිගට වදේ ගහනවා. ඒ විතරක්ද කැම්පස් එකේ පළවෙනි දවසෙදි එක පාරටම කවුද කෑ ගහනවා " සින්ඩරෙල්ලා ...." කියලා. බැලින්නම් අර ධර්මරාජේ කොල්ලෙක්.....අයියෝ .....හිත අවුරුදු ගානකට ආපස්සට ගියා වගේ....

        ReplyDelete
      10. වත්,
        මමත් කාලයක් ඔය නැතිවුන සපත්තුව හෙව්වා. නමුත් හොයල හොයල හම්බුවෙන්නෙ නැත්නම් කරනන් ඔනේ අනිත් සපත්තුවත් විසි කරලා අලුත් කුට්ටමක් ගන්න එක නේද?

        ReplyDelete
      11. Grey
        ඔයා හරි. කළුත් නැතිව සුදුත් නැතිව ඔයා හිතන විදිහ
        හරිම අනර්ඝයි............

        ReplyDelete
      12. punchisamanalee
        ලස්සන සමණළීයො කොහොමත් අයිති සුරංගනා ලෝකෙට තමයි............

        ReplyDelete
      13. Raven
        ඇයි අරාබි නිසොල්ලාසය..... පංචතන්ත්‍රය .... අසරුදින්ගේ කතා ....... අම්මෝ ගොඩයි ...

        ReplyDelete
      14. Bunny
        මගේ පුංචි හා පැටියෝ.. ඔයා දන්නේ Donal-duck ගෙ කතා නේද

        ReplyDelete
      15. දිල්
        එහෙනම් ඉතින් ඔයාගෙ නැතිවුන සපත්තුව හම්ඛෙන්න ඇති නේද ......

        ReplyDelete
      16. ඕවට වගේම සමනලයෝ බෝතලවලටත් අයිතී :P

        ReplyDelete
      17. සින්ඩරෙල්ලා විතරක් හිටියටම මදි. එයාලට ගැලපෙන කුමාරයොත් ඉන්න ඕනෙ :

        ReplyDelete
      18. @ Grey
        පවු බෝතල් වල දාලා හිරකරන්න හොද නැහැ. භූතයෝ තමයි බෝතල් වල දාන්නෙ........

        ReplyDelete
      19. @ මිස්සක
        නැතිවුන සපත්තුව හම්බුන දවසට, ගැලපෙන කුමාරයත් හමු වෙAවි නේද සින්ඩරෙල්ලට

        ReplyDelete
      20. මා ප්‍රිය සින්ඩ්‍රෙල්ලා කුමාරියනි අවසරදෙන්න ඔබෙ සපත්තුව මම දුටුවෙමි.

        ඔබගෙ නැතිවු සපත්තුව
        ගන්න සපත්තුව.....

        අක්කන්ඩිය මා හට මුදලින් තැගි දිමට කරදර නොවන්න..

        ReplyDelete
      21. සපත්තුව හම්බ උනා....ඒත් අවුරුදු 4 1/2 කට පස්සෙ කවුදෝ ඒක හොරකම් කරලා :(

        ReplyDelete
      22. මට සපත්තු නැ දෙපතුල තමයි තියෙන්නේ පුලුවන් කාළයක් දෙපතුලෙන් මහ පොළව බදාගෙන ජීවත් වෙනවා

        ReplyDelete
      23. සපත්තුව අහිමි වූවද
        කුමරිය ඔබයි සින්ඩරෙල්ලා...
        නොලැබුනු නමුදු කිසි දින
        හඩන්නේ නැති බව දනිම්...
        සිදුව ඇත්තේ වෙනත් දෙයකි
        පාදයට සපත්තුව අහිමි වීම නොව..
        සපත්තුවට පින් නැති වීම පමණි...

        ReplyDelete
      24. සපත්තුව suxs!!
        :D අද තමා මට මේ කතාව වැටහුනේ !!!!
        අනේ මහ මෝඩ සපත්තුව !!

        ReplyDelete
      25. සපත්තු නැතිව තණකොළ බිස්සක‍ උදේකට පොඩියක් ඇවිදල බලන්නකෝ තියෙන සනීපෙ සපත්තු දාන්න හිතෙන එකක් නෑ.

        ඔයා එතකොට අන්තිම එක වෙනස් කරයි මෙන්න මෙහෙම.

        සපත්තුව හම්බුනත් දාන්‍න හිතන්නැති
        ‍සින්ඩරෙල්ලා

        කියල

        @දිල්
        සින්ඩරෙල්ලා... :D
        මම ධර්මරාජෙ නම් නෙවි ඕං

        ReplyDelete

      සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

      Blogroll

      Related Posts Plugin for WordPress, Blogger...