..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, March 23, 2010

ලස්සන රෝස මල


මම ගැන දන්න අය කියාවි මම බොහොම අහිංසක වතුසුද්ද මලක් කියල.තවත් සමහරු කියාවි බොහොම ආඩම්බර ගාඩිනියා මලක් කියල. ලගදි ඉදල මට හිතුනා ලස්සන රෝස මලක් වෙන්න. වෙන වෙන අය ගැන හිත හිත ඉන්නෙ නැතිව දැන්වත් මම ගැන හිතන්න පටන් ගන්න ඕනි.ජීවිතේට ලං වෙන්න හදන අයට ඉඩ දීලා බලන්න ඕනි.  දුක ඈතට තල්ලු කරල දාලා සතුටින් ඉන්න රෝස මලක් වෙන්න සියල්ල සුදානම්...........

මළ ඊයෙට නොතැවෙමි
අද දින සිතුසේ ඉමී
නුපන් හෙට ගැන සිතා
තැවි තැවි දුක් නොම වෙමී

මග වරදින සමණලුන්
අතහැර ගිය ළදරුවන්
ලංකර හිත අද්දරින්  
මග පෙන්වමි  සෙනෙහසින්

සුවද සලන ජීවිතේ
සුවද විදිමි සිතුලෙසේ
සමණළියක් මෙන් රැහේ
නිබද සරමි මල් ලොව්

පිපී දිලෙන ජීවිතේ
කාලය මොහොතින් නිවේ
සුන්දර දිවි මාවතේ
යන්නෙමි පාවී මෙසේ

මම
~  රෝස මල ~


14 ප්‍රතිචාර:

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

මතකය ළග තියන්
හීනියට පිරිමැද
දුක සතුට බෙදා
ජීවිතය දුවන්නට
පතන්නෙමි පැතුම්
සහසක්....
"ලස්සන රෝස මලට"

wath said...

මතකය මට එපා
සොරා ගනු එය මගෙන්
මතකය යනු දුකමය
මළ ඊයේ මට කුමට
අද දවස හොදම දවසයි
රොස් මල සිතුවාය........

දිල් said...

කොයිතරම් අපූරු අදහසක්ද ........
රෝස මලට මගෙනුත් සුබ පැතුම් !

විහඟිගෙ සිතුවිලි said...

ලස්සන අදහසක්.... කතාව නම් සහතික ඇත්ත. අපිට ලං වෙන අයට ලං වෙන්න ඉඩ දෙන්න ඕනෙ, හැබැයි සීමාවක් ඇතුව.

චමිදේවා said...

දුක ඈතට තල්ලු කරල දාලා සතුටින් ඉන්න පුළුවන් උනොත් මටත් කියන්න අක්කේ කොහොමද ඒක කරන්නේ කියලා...මාත් ආසයි එහෙම ඉන්න...

තිස්ස දොඩන්ගොඩ said...

සොඳුරු සිත, ඔබ හැබෑම සොඳුරුයි....

"මග වරදින සමණලුන්
අතහැර ගිය ළදරුවන්
ලංකර හිත අද්දරින්
මග පෙන්වමි සෙනෙහසින්...."

ඔවුන් සෙනෙහසින් ලංකරගන්නා ඔබේ සොඳුරු සිත මා සිප ගනිමි...
සඳරුවන් පුතාද ඔබේ ගෙලවට දෑත් දමා ඔබව සිප ගනීවි....

wath said...

තැන්ක් යූ අයියා... සදරුවන් වගේ පැන්චෙක් ඉන්න ඕන වයසත් දැන් හරි මගේ...
මම අම්මට කොයි තරම් කියනවද අපි පැන්චෙක්ව අරන් හදා ගමු කියල. තමන්ගෙම කියල ළමයි ළපටි හදන්න ඕන කාලෙ පිස්සු නැතිව පෙලවහක් කර ගන්න උනන්දු වෙන්න කියල අම්ම මට බනිනව...

wath said...

චමිදේවා
අනිවාරයෙන් මල්ලියා .. මම කියා දෙන්නම්..... පණ්ඩිත කතා කිවට මටත් පුලූවන්ද කියල බලන්න ඕන.

wath said...

චමිදේවා
අනිවාරයෙන් මල්ලියා .. මම කියා දෙන්නම්..... පණ්ඩිත කතා කිවට මටත් පුලූවන්ද කියල බලන්න ඕන.

රවා said...

දැනුයි නෙ.... දැක්කෙ.. මෙක දැක්කෙ අද දවසෙ ඔයා ගොඩාක් වැඩ කරලා නෙද... අක්කා මෙ කවි ටික දැක්කාහම මට ලොකු සතුටක් දැනුනා.... ඔයා කරපු කියපු දෙවල් පිළිවලින් කලපනා කරපු වාහම මට මෙක දැකපු ගමන් ගොඩාක් සතුටු හිතුනා.. හැබැයි.... හොදයි ... ටිකයි..මම තමුන්ගෙ අයට සුභපතන්නෙ නැහැ.. උන්ව හැමතිස්සෙම කකුලෙන් ඇදලා වට්ටනවා.. එත් අද මගෙ හිත මම වෙනස් කරා....

සොඳුරු සිතෙ.. නපුරු පැංචිට..
අලුත් ලොවකට... අලුත් හීනත් එක්ක..
පුළුවන්නම් පියනගපන්.. හැමතිස්සෙම මම
උබෙ කකුලෙන් අදිනවා...

ඔයා දවසක් මෙ බ්ලොග් එකෙම ලිව්වා ඔයගෙ අතින් ලියවෙන්නෙ දුක හිතෙන දෙවල්මයි කියලා නමුත් දැන් තෙරෙනවා නෙද ඔයගෙ ඇතුලත් කෙනෙක් ඉන්නවා.. අක්කා මුකුත් වෙනස්වෙලා නැහැ.. හදවත ඇතුලෙ තියන දායබරත්වය එ විදියටම ඉතුරු වෙලා.. වත්.. රොස මලක් වෙලා.. හැබැයි කවිය නොකියන දෙවල් තියනවා...

රවා said...

චමිදේවා අයියට...
මෙයා තමයි මටත් ඉගැන්නුවෙ එක.. එයගෙ කවි වලින්.. එයා මට උගන්වලා මාත් එක්ක තරහා වෙනවා..හරිම ලස්සන සොඳුරු සිතැත්තියෙක්...
මොකද කියන්නෙ
ලස්සන හදවතින් දකිමු ද අක්කෙ....

අක්කාගෙ ලස්සන හදවතින් දැකලා ඉවරයි අපි...
සමනලයගෙන්

punchisamanalee said...

සුවඳ හමන ජීවිතේ
සැමට හිතැති කුසුමියේ
නිබඳ පිපී රුවට දිලී
සැරිසරන්න අප හදේ....

ජීවිතේ දුකයි දුකයි කිය කියා අනුන්ට බැන බැන අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව සුන්දර විදියකට ජීවිතේ දිහා හෙලපු බැල්මක්.... ඒ සුන්දර සිතැඟි වලට සමනලීගෙන් සුභ පැතුම්....!

දුකා said...

ඔයාගේ මේ ලිපිය කියවපුවාම මට මතක් වුනේ මම ජීවිතේ එපා වෙලා

"ඇයි මාව මැරෙන්නේ නැත්තේ" කියලා හිත හිතා විඳෝපු කාල පරාසයක් ගැන.

එකමත් එක චූටි පරානයක් (අක්කගේ පලමු පුතා) තමයි මට ආපහු ජීවය දුන්නේ. ඒකෙන් ජීවය ගත්තු මම හිතුවේ

"උඹට මහා විශාල වෘක්ශයක් වී සැමට සෙවන දෙන්න නොහැකි නම් එකම එක පුංචි තණපතක් වී එක් අයෙකුගේ හෝ පා සනහාලන්න් . . ජීවිතය සුන්දර වේවී"

කියන කොහේදෝ දැකපු වැකිය.

අද මම සතුටින් . . .එදා ජීවිතය නැති වුනානම් නැති කර ගත්තා නම් අපරාදේ . ..

ඉන්දික Jayasinghe said...

ලස්සන blog එකක්

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...