..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, March 5, 2010

.......... මගේ හාදුව .................

 


දෙන්නාටද ලැඛෙන
ලබන්නාටද ලැඛෙන
පියවුණූ  නෙතු අද්දර 
දකින
ආදරයේ සොදුරු නිමේෂය
 මා පෙරුම් පුරනා අන්සතු වූ මගේ හාදුව
අනේ එක හාදුවක්
එකම එක හාදුවක් විතරයි
වෙන මුකුත් මට එපා
ජීවත් වෙන්න වැඩිත් එක්ක ඇති
     
හාදුව හොයන
මම
෴ වත් ෴


27 comments:

  1. චියා...... මොනවද මෙ..... නරක උම්මා එකක් නෙද ....? අම්ම දැක්කනම් මාගෙ ලැප් එක පොළෙ ගහනවා..
    මම පස්සැ එන්නම්.. පොඩි උන්ට රැ 12.00 වෙනකම් උගන්නවා.. මම තරහයි ඔයත් එක්ක...

    ReplyDelete
  2. C'mon Rava... this is not a French Kiss... just a romantic kiss... grow up man...

    ReplyDelete
  3. අපි නරක් වෙයිද මන්ද මේව කියවල. අපි තාම පොඩි ළමයිනෙ.

    නිර්මාණය ලස්සනයි.

    ReplyDelete
  4. හොද හාදු, නරක හාදු කියල වර්ග කරන්නෙ කොහොමද එවා. ආදරෙන් කැමැත්තෙන් දෙන හාදු වර්ග කරන්න බැහැ. ලංකාවෙ අපිට ප්‍රසිද්ධියේ හාදු දෙන්න බැහැ තමයි. මගුල් ගෙදරක් උත්සවයක් වගේ වෙලාවක නම් ටිකක් හරි ලංවෙන්න පුලුවන්. අපි ආදරේ අයට ලං වෙන එක වැරදිද....

    මම දන්නව රවා මාත් එක්ක තරහ ඇයි කියල.කමක් නැහැ.....

    කොහොමත් තව සතියක් යන කම් මට blog ලියන්නවත් blog කියවන්නවත් ලැඛෙන එකක් නැහැ. මොකද මම අන්තර්ජාලෙන් වෙනත් ජංජාලයකට යන නිසා.... මෙහෙමෙ පින්තූර දැම්මොත් තමයි වැරදි. හොරෙන් හොරෙන් කරන, බලන ඒව හොදද එතකොට...

    සමහර මිනිසුන්ගෙ හිතේ වල්බිහි වෙලා ඒත් අඳින්නෙ සුදු. ( රවාට නෙමෙයි කීවෙ. තොප්පි දාගන්න එපා කවුරුවත් හරිද )

    ReplyDelete
  5. සොඳුරු හිතකින් ලෝකය දකින්න පුලුවන් නම් ලෝකෙ තියන හැමදේකම ලස්සනත් ඒ පිටුපස සැගවී ඇති යථාර්තයත් තේරුම් ගන්න පුලුවන්.

    මගේ blog එක බලන මගේ ආදරණිය යාළුවන්ගෙන් ඉල්ලන්නේ මා ලියන දෙයින් මාව මනින්න එපා කියල. මොකද මා ලියන සෑම දෙයක්ම නිරමාණ මිස මට සිදුවූ සැබෑ සිදුවීම් නොවන නිසා. මගේ හිතේ මාත් සමගම රැදී ඇති දුක නිර්මාණ වලින් පෙනේවි . ඒක වලක් වන්න නම් බැහැ... ඒත් මේ සියල්ල මගේ ජීවතේට සසදන්න බැහැ. හුදෙක් නිර්මාණ පමණි.

    රවා ඔයාට වැරදුනේ අන්න ඒකයි. නි්මාණයත් මාත් සසදන්න එපා. මම තමයි මේ ලෝකයේ සිටින වාසනාවන්තම සහ ප්‍රීතිමත්ම ගැහැණු ය....

    ReplyDelete
  6. අපි ‍හැමෝටම ජීවිතේ ලැබුණු දේ බොහොමයි වගේම නොලැබුනු දේත් බොහොමයක් තියෙනවා.මිනිස්සු ශ්‍රේෂ්ඨ වෙන්නේ ඔවුන්‍ට ලැබුනු දේ අනුව නෙවී. නොලැබුනු ජීවිතය ඉදිරියේ ඔවුන් මුහුණ දුන්නේ කොහොමද කියන එක මතයි.

    ඔයාගේ නිර්මාණයෙන් නොදැනුවත්වම ජීවිතයේ යම් පැතිකඩක නටඹුන් ඉවකරනවා කියලයි යෝගියට පෞද්ගලිකව හිතෙන්නේ.හිතළුවක් වෙන්න ඇති සමහර විට. ඒත් මේ නිර්මාණයෙන් ඔයා ගැන කවුරුවත් වැරදියට මනින්නේ නෑ.

    ඒක ඇත්තටම ජීවිතේට එක් වරක් හරි දැනුන දුක්බර ඒත් ලෙංගතු අත්දැකීමක් මේ බලන බොහොමයක් දෙනෙකුට.

    "මම තමයි මේ ලෝකයේ සිටින වාසනාවන්තම සහ ප්‍රීතිමත්ම ගැහැණු ළමයා".. කොච්චර හොඳ සිතිවිල්ලක් ද? හැමදාම එහෙම ම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නං!
    -ජය

    ReplyDelete
  7. ආදරයේ සොඳුරැම සිහිවටනයක් ගැන....
    ආදරණීයව ලියවිලා තියනවා.

    ReplyDelete
  8. අක්කෙ මම ඔයාව හිතලමයි තරහා ගැස්සුවෙ.... මම මෙක දවස් දෙකතුනක් කරන්න උත්සහා කරා. අදයි සාර්ථක උනෙ... (තරහා ගියෙ නැහැ කියලා කියන්න නම් එපා) මම එ ඇයි කියලා තව දවසක් කියන්නම්....


    අද රැ එලි වෙනකම් පොඩි වැඩක්... හොර පොල් කඩනවා අල්ලපුවත්තෙ.... දැන් හිනා වෙන්න......
    මට මෙවට තරහා යන්නෙ නැහැ.. අනිත් එක ඔයා මන් ගැන ලියලා තියනදෙ සහතික ඇත්ත...

    ReplyDelete
  9. යෝගී...
    මෙ පැත්තේ ගොඩ වෙලා අදහසකුත් ලියල ගියාට බොහොම ස්තූතියි....

    යෝගී අහල තියද "ආදරයක් පටන් ගැනීමට තිබිය යුතු මූලික සුදුසුකම එම ආදරය නැතිවූ පසුව එයට මුහුණදිය හැකි ශක්තිය "කියල...

    "මිනිස්සු ශ්‍රේෂ්ඨ වෙන්නේ ඔවුන්‍ට ලැබුනු දේ අනුව නෙවී. නොලැබුනු ජීවිතය ඉදිරියේ ඔවුන් මුහුණ දුන්නේ කොහොමද කියන එක මතයි."

    ඔබගේ මේ අදහසට මම 100ක් එකගයි....

    ReplyDelete
  10. මිස්සක
    දරුවො අදහස් දැක්වීම ඉතාම අගය කරමි. ඔයාගේ blog එක මම අද තමයි බැලූවෙ. කාලයකට ආයෙත් ඒ පැත්තෙ එන්න බැරිවෙයි. දිගටම ලියන්න පුතා. ඉඩ ලද විටක නොවැරදීම ඔබේ නිවහනට ගොඩවදිමි.

    ReplyDelete
  11. a hug or a kiss make us very comfortable when it is given in right time with any kind of honest and real love

    ReplyDelete
  12. ආදරයට අවශ්‍ය දෙයක් හැබැයි ආදරණීය වෙන්න ඕන

    ReplyDelete
  13. චේජනා .... ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
    ඔය දෙන්නම කියන්නෙ එකම දේ දෙවිදිහකට.... ඇත්ත ........ හාදුවක් සැබෑ ආදරෙන් තමයි දෙන්න ඕන එතකොට තමයි ඒ හාදුව මුළු ජීවිත කාලෙම මතක හිටින ආදරණීය සිහිවටනයක් වෙන්නෙ....

    ReplyDelete
  14. හාදුවක් කියන්නේ මොනතරම් සුන්දර දෙයකටද ?
    ආදරයට ආවශ්‍යම දෙයක්...හැබැයි හුගාක් සුන්දරව ආදරණියව........ආදරණිය හාදුව...

    අම්මෝ........

    ReplyDelete
  15. ආදරය කරන දෙන්නෙක් ගෙ තියන සොඳුරුතම ස්පර්ෂය තමයි ඔය ඔයා කවියකට නගලා තියන්නෙ. සැබැවින්ම අපි හදවතින් එ දෙ කරද්දි අපිට පුලුවන් අපෙ සහකාරියට කියන්න එයා කෙරෙහි තියන ගෞරවය, රැකවරණය, ආදරය, සෙනහස(වචන වලින් නෙමෙ). ඔයගෙ කවියෙන් එහි එක පැත්තක් නිරාවරනය වෙනවා.

    හාදු වලත් විවිධ වර්ගයන් තියනවා. දෙතොල් තබන ආකාරයට, දෙතොල් තබන ස්ථානය, දෙතොල් පිහිටන පිළිවල අනුව, අත්, දිව මෙ අවයවයන් හසුරවන ආකාරයට අනුව අපෙ සහකරුගෙ ඇතුලෙ තිබෙන බොහො අදහස් අපිට නිරාවරනය කරගන්න පුළුවන්..

    මාත් එක්ක තවම තරහයිද...?

    ReplyDelete
  16. ඔවා ගැන නම් කියන්න එපා..
    මතකය මාව පිස්සු වට්ටනවා...

    ReplyDelete
  17. මොකුත් නැතුව මං කෙටියෙන් කියන්නම්... නියමයි..!!!

    ReplyDelete
  18. කවුරු හිටියත් නැතත් වත් අක්කා නැතිවත් පාලුයි... මෙතනට ඇවිලා ටිකක් ඇවිදලා කරලා යන්න හිතුනා එකයි ආවෙ...

    ReplyDelete
  19. ඒක නෙවෙන්නම් රවා...
    ඉන්නා තැනක දුකක් කරදරදරයක් නැතිව ඉඳීවා...

    ReplyDelete
  20. කවදාද ආයේ එන්නේ... හමුවන්න අප ඉතින්...?

    ReplyDelete
  21. මට ඔක ගැන trial එකක් දෙන්න කව් රුත් නද්ද?

    ReplyDelete
  22. හුරු නැතිමලක ගොස් උගුලක වැටෙනු එපා...
    කලුවර ගලද්දී තනි මග ‍රැ‍ඳෙනු එපා...
    සිරිකත මැවූ සිරි දෙනයන මකනු එපා...
    පිරිවර සොයා අප තනිකර යන්න එපා....

    ReplyDelete
  23. සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිත් සිහිනේ...
    වත් හෙටවත් ඉතින් එනු මැන නොපමාවී...

    ReplyDelete
  24. මට වැඩිය යහලුවො නැහැ. ටික දෙනයි ඉන්නෙ.. ඉතින් බ්ලොග් එක ඉන්න යහලුවො එකෙනෙක් හරි අඩු වෙද්දි එක හිතට දැනෙනවා. තරහ වෙලා හරි බනින්න ඉන්න කෙනා නෙ.. කො තාමත් ඔයා නැද්ද.... හැබැයි දවස් දෙකෙන් දෙකට අඩු වෙච්චි නිර්මාණ 3 ක් ඔනා, ලස්සන.. එවා හරිද....?

    ReplyDelete
  25. සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ...?

    ReplyDelete
  26. සොදුරු සිතෙ.. නපුරු පැංචි...දැන් නෙද ආවෙ... තිස්ස අයියයි.. මමයි ගොඩක් පාලුවෙන් හිටියෙ.. මාරයත් නිහඩ වෙලා...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...