..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, March 20, 2010

වැස්ස .....


ශ්‍රී ලංකාව හරිම ගිරිස්මයි මේ කාලේ. ආසාවට වැහි පොදක් නැහැ. ඉදල හිටල අහස කළු කරගෙන එනව.හරියට දෙගොඩතලා යන්න වහින්න වගේ ඒත් යන්තම් වැහි පොද දෙක වැටිල නවතිනව. හරියට සමහර මිනිස්සු වගේ. අපේ ගමට නම් වරුසාව නැති දවසක් තිබිඛෙ කලාතුරකින්. ඒකට හේතුව සිංහරාජ අඩවියට ලංවීමත් නිල්වලා ගග අසබඩ වීමත් වෙන්න ඇති. ඒත් දැන් අපිටත් වරුසාව නැහැ. මේ දවස්වල ශ්‍රී ලංකාවෙ මිනිස්සුන්ට තරහ යනව වැඩී.මානසික ආතතිය වැඩී . හේතුව ගිරිස්මෙ.
දිය බිදක් නැතිව තැවෙන මහපොළවත් ආදරේ නැතිව තැවෙන මිනිස්සුන්ගෙ හිතෙත් වැඩි වෙනසක් නැහැ නේද.... සමහරුන්ට නම් කෝකත් එකයි. යන්නෙ ඒසී කාර් එකේ. ඉන්නෙ ඒසී කාමරේ . බොන්නෙ කූල් වතුර.... ඒත් එයාලගෙත් සමහරුන්ගෙ හිත් වැස්ස ඉල්ලල අඩනව....
හරි හරි දැන් ඒවයින් වැඩක් නැහැ. 
මිනිස්සුන්ට ඕන මොනාද    -   වැස්ස
සතුන්ට ඕන මොනාද            -   වැස්ස
ගහකොළට ඕන මොනාද         -    වැස්ස

කාලෙකට පස්සෙ සිරි ලංකාවෙ කාටත් එකම දෙයක් ඕන වෙලා.
( එක කට්ටියකට ඇරෙන්න මොකද එයාලට ඕන කතිරෙ විතරයි......)
මේ දවස්වල මාත් ලොකු සටනක වර්ෂාව ඉල්ලල.... 
වැස්සයි ආදරෙයි සම්පුර්ණයෙන්ම එක වගේ කියල හිතෙන්නෙ මේවෙලාවට තමයි.


මහපොළවට වැස්සත්... මිනිස් සිතට ආදරයත් අරන්
ආදර වැස්සක් වෙලා... හිත් පිරෙන්න, ගංගා වැව් දෝරෙ ගලන්න.
වැස්ස වලාහක දෙවියනේ ඉන්න තැනකින් හනික එන්න.
ආදර වැස්සෙ තෙමි තෙමි නටන්න, මායි මගෙ යාළුවොයි මග බලාගෙන ඉන්නව.

~ වත් ~

16 ප්‍රතිචාර:

NUWAN"s lane said...

අපේ ගමට නම් වරුසාව නැති දවසක් තිබිඛෙ කලාතුරකින්. ඒකට හේතුව සිංහරාජ අඩවියට ලංවීමත් නිල්වලා ගග අසබඩ වීමත් වෙන්න ඇති.

හික්,අපොයි මෙහේට බොන්නවත් වතුර නෑ සතියක ඉදන්.

රවා said...

අනෙ අක්කෙ මෙ ටිකෙ නම් වහින්න එපා කියන්න වැස්ස වලාහක දෙවියන්ට... මම ටිකක් ලෙඩින් ඉන්නෙ.. එ අස්සෙ වැස්සොත් මාව මැරෙයි... පපුවට හරිම අමාරුයි.. දුවිලි නම් කාගෙන හරි හිටියැහැකි... හැබැයි කුඩු පොදකට තෙමුනොත් ඔක්කොම ඉවරයි...

මොකද කියන්නෙ. පායද්දි වැස්ස ඉල්ලනවා වහිද්දි අව්ව ඉල්ලනවා.. දෙවිගොල්ලන්ටත් තරහා ගිහිල්ලා ඇති...

රන් හිරු මඩලින් සිසිලස අයදිනවා..
පුන් සඳ පහනින් උනුසුම අයදිනවා..
ලොකය බිහිවු දා සිට අරුමෙකි මිනිසා..
ගිරි හිස ඉඳුවර සොයමින් ලතවෙනවා....

ඔන්න ඔයාට මම අද තවත් යමක් කියලා දෙනවා...හැබැයි පණ්ඩිත මලයා කියලා නම් බනින්න එපා පස්සෙ

මිනිස්සුන්ට ඔනා මොනාද -
සත්තුන්ට ඔනා මොනාද -

ඔවුන් දෙගොල්ලන්ටම ඔනා වැස්ස නෙමෙ... උන් ගාව නැති දෙවල්..

මම කියන්නෙ බොරුද...?

දිල් said...

ඇත්තමයි වත්.....වැස්ස නැතුව නම් හරිම අමාරුයි. මම නුවර පලාතේ හා ගම්පළ හැදුන වැඩුන කෙනෙක්. මොනතරම් සුන්දර සීත පලාතකද ....ඒත් ඉතින් රස්සාව හින්ද මේ කොලඹ කූඩු වෙන්න උනානෙ. සමාන්‍යයෙන් තියෙන රස්නය මදිවට දැන් තියෙන අධික රස්නයත් එක්කම කොලඹ ඉන්නවා කියන එකනම් එපා වෙලා තියෙන්නේ...මේ දැනුත් ඔළුව පැලෙන්න එනවා රස්නෙ වැඩි නිසා....

අනේ දෙයියන්නේ වහිනවා නම් එක දිගටම දවස් ගානක් ඉළියට බහින්න බැරි වෙන්න උනත් කමක් නෑ කියලා හිතිලයි දැන්නම් තියෙන්නේ....

දිල් said...

රවා ට /

හික්...මොකද රවා බොරු කියන්නේ ? මිනිස්සුන්ට නැතිදේවල් විතරද ඕන ;)

බිඟුවා...! said...

ඔයාලට කියන්න මම හෙන වැස්සකට අහු උනානේ පහු ගිය 18 වෙනිදා වටිනාපහ, ගම්පහදී..
පැය 1 කට වැඩියෙන් වැස්සා... දුන්නා කුඩු වෙන්න...
මම හිටියා අගුපිලට වෙලා.
මට හිතුනා නාන්නත්.
ඒත් වැඩි හිටි අය තහන්චි දැම්මනේ...
ඉතින් අනේ මන් හිටියා ඔහේ බලාන...

@රවා,
මේ දවස්වල් නම් රවා වැස්ස තමා ඔනේ.

@දිල්,
තියෙන දේවල් මොකටද දීලා...

/බිඟුවා...!

wath said...

කට්ටියටම ආයුබෝවෙවා.... බොහොම සතුටුජනක ආරංචියක් කියන්නයි යන්නේ.... Blog post එක ලියල පැය 2 ක් 3ක් විතර ගියා විතරයි මෙන්න වහිනව. අලී අකුණක් ගැහුව.වෙලාවට කොම්පියුටරෙ වහලා. හැබැයි ටීවී දාලා අර කොරියන් Drama (full house)එක බලන්න. කොහෙද ඒකෙ බාගයයි බැලුවෙ......

මම හිතන්නේ වැස්ස වලාහක දෙවියොත් අපේ blog බලනව ඇති නේද.... ජය වවා... මම කියපු දෙයක් දෙවියෙක් ඇහුවමයි ඔන්න.

රවා said...

වැස්ස වලාහක දෙයියන්ගෙ වැඩක් නෙමෙ...
මගෙ වැඩක් අක්කෙ....

ඔයා දුකෙන් ඉන්නවා බලන්න බැරි හින්දා මම ගිහිල්ලා එරියස් වෙලා තිබුන බිල් ටික ගෙවලා දැම්මා...එතකොට තමයි කිව්වෙ.. සොදුරු සිතැත්තිගෙ පැත්තට තව ටිකකින් වස්සවනවා... ඔයලගෙ පැත්තට හෙට වහින්න එනවා කියලා....

මගෙ සෞඛයට මොක උනත් කමක් නැහැ ඉතින් ඔයාලා සතුටෙන්නෙ......

බය වෙන්න එපා අකුණු ගහද්දි... මගෙ නම් මතක් කරගන්න... වැහි නැති අකුණු වදියි...
ඔයාට දෙවියො ගැන විස්වාසයක් නැහැනෙ.. ඔයා මෙ බ්ලොග් එකෙම තැනක එක ලියලා තියනවා....

wath said...

විශ්වාස නැත්තෙ මම කියන දේවල් එයා අහලා නැති නිසා මෙතුවක් කාලෙකට. ඒත් මම බැලුව මොකද මේ වැස්ස විතරක් ඉටු කළේ කියල...

රවා said...

එකනෙ... එරියස් වෙලා තිබුන බිල් ටික ගෙවලා දැම්මෙ මගෙ අතෙ හෙට පොලෙ යන්න තිබුන සල්ලි වලින්... කො.. කො.. මට ඔයාලගෙ පැත්තටත් ගෙව්වට සල්ලි ඔනා....කො.. කො.. දැන් හොද ලමයා වගෙ පර්ස් එකයි... ක්‍රෙඩිට් කාර්ඩ් එකයි ලඟට ගන්න...

තිස්ස දොඩන්ගොඩ said...

ඕං මාත් ගොඩවුනා වැස්සටම.... කෝපි උගුරක් හදල ගත්තනං....

රවා said...

හෆොයි... තිස්ස අයියව දැක්ක කල්.... මම දැන් එ පැත්තෙ ගිහිල්ලා සද්දයක් දාලා එනගමන්..

මාරයාගේ හෝරාව said...

ඊයේ තුන් පාරක් මෙකට ලියන්න හදනකොට මගේ කනෙක්ෂන් එක කට් උනා. බැරිම තැන යකා නැගලා නිකං හිටියා.ඒකෙන් අනිත් යාළුවන්ගේ ඒවායේ ලියන්නත් බැරි උනා. කොහොමත් මම කෙරවලක ඉදලා පටන් අරන්නේ ලියාගෙන යන්නේ. ඉතින් ඒ කෙරවලේ මුල මෙතනනේ.

අපිටත් දවස් දෙක තුනක් දැන් වැස්සා.
ඊයේ මෙහාට වැස්සේ නැහැ. අර රවා සල්ලි බැදලා මෙහෙ වැස්ස ඔහේ එවලා.
අහුවෙයන්කෝ ඔකා..
ඌට එපා උනාට අපිට එපෑ...

wath said...

ආහ් තිස්ස අයියා.
වහින්නම ඕන නේද මෙ පැත්තෙ ගොඩ වෙන්න . හරි හරි දෙන්නම් කෝ උණූ උණු කෝපි. හැබැමි ඕන් උදේට අපිට බනින්න එපා හරිද......
රවා පවි අයියා......... හොදටම ලෙඩ වෙලා . කතා කරගන්නත් බෑ. පපුවෙ වම් පැත්ත රිදෙවන කීව...

wath said...

මාරයා

මම ඒත් බැලූව කෝ කියල. මම හිතුවේ බෝතලේකට යට වෙලාද දන්නේ නැහැ කියල.ඔයාටමයි වෙන්නෙ. ඒකත් මගේ post එකට comment ලියන්න ගියහම හැමදාම ඔහොදයි නේද.භූමි දෝෂ .

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

දැන් නම් වහිනවා ඔයාගේ ලිපියට පිංසිද්ධ වෙන්න...

මිනිස්සුන්ට ඕන මනුස්සකම...
වැස්සට පුලුවන්නම් ඒක අරගෙන එන්න...
හැමදාම වහින එක හොදයිනේ

රවා said...

ඔන්න බෙහෙත් ගත්තා... Dr. රවා ගෙන් තමයි බෙහෙත් ගත්තෙ.. ඇමොක්සිලින් 500mg කරල් ටිකක් අරන් බිව්වා. තව ටිකකින් ඔක්කොම හරි... දෙස්තර ලඟට ගියත් ඔක තමයි දෙන්නෙ... මොකද අද සද්ද නැත්තෙ...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...