..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, March 17, 2010

ගගේ ගිය මව් සෙනෙහස



අමිල සදරුවන් පුංචි පුතා....  ඒ කවුද කියල ඔයාල දන්නව ඇති නේද.... හිත්පිත් නැති අම්ම කෙනෙක් කළු ගගට  විසිකරල දැම්ම දරු සෙනෙහසට හිමිනම තමයි ඒ.....

මේ වගේ අම්මල ඉන්නවද.... වැරුද්ද කාගෙද.... මේ දවස්වල ලොකු කතිකාවතක් යනව ඒ ගැන.

මම නම් අහන්නෙ දරුවන්ව ඔය තරම්ම වදයක් නම් ඇයි දරුවන්ව හදන්නෙ..මෙලොවට බිහිකරන්නෙ ඇයි... ආසාවල් පසුපස යන මිනිස්සුන්ට ඒව සංසිදවගන්න ඕන තරම් ක්‍රම සහ විධි මේ දියුණු ලෝකෙ තියන එකේ මොකටද දරුවන් හදල ගංගාවල් වලට බිලිදෙන්නෙ....

ආර්ථීක ප්‍රශ්න නැත්තෙ කාටද .. අපිව අපේ අම්මල හැදුවෙත් සුරසැප දීල මල් වගේ නෙමෙයි... මාතර ඉන්න හිගන පවුලක් මම දැකල තියනව. අන්තිම හිගන්නු... ඒත් දුවිල් වලින් වැහිල ගිය ලස්සන මල් පැටවු දෙන්නෙක් එක්ක තමයි ඉන්නෙ.... දරුවො හැදුවනම් වගකීමක් තියනව උන්ගැන බලන්න. නැත්තම් අර මම කලින් කීව වගේ කරන්න ඔිනි.... මට නම් දැන් හොදටම තරහයි... මුකුත් ලියන්න බැහැ... මට කියන්න තියන්නෙ ..අයදින්න තියෙන්නෙ එක දෙයයි...

පුංචි පුතේ......
මනුස්සයන් නැති මේ මිනිස්ලොව දකින්න කැමති නැති නිසාද ඇස් අරින්නෙ නැතිව ඉන්නෙ...
එහෙම හිතන්න එපා පුංචි පුතේ....
තවමත් මනුස්සකම රැදිල තියන මනුස්සකමේ සුවද තියන කිහිපදෙනෙකේ මේ ලෝකේ ඉන්නව....
ඔවුන් ඇස් දල්වන් බලන් ඉන්නෙ පුංචි පුතා ඇස් අරිනකම්....

ඉතින් මගේ පුංචි පුතේ ලේ කිරි කරන්න බැරිව දුකින් තැවෙන අම්මලාට ලේ කිරි වෙන්නත්... උනපුකිරි ටික දෙන්නෙ නැතිව සෙනෙහස ගගේ පා කර හරින අම්මලාගේ හිත් වල පිරුණ අමනුස්සකම් දුරුකරන්නත්... පුතාව බේරගත්ත අර රත්තරන් මාමලාගේ මනුස්සකමේ සුවද විදින්නත් විගහින් ඇස් ඇරපන් මයෙ පුතේ....




අම්මා නුඹ කොහේ ගියා
කිරි එරවන් එන්න ගියා
කිරි මුට්ටිය බිදී ගියා 
පුංචි පුතා ගගේ ගියා



~ වත් ~

18 ප්‍රතිචාර:

රවා said...

වැරැද්ද අපෙ......,
අපියි වැරදි....
අපි බොහොම ප්‍රැක්ටිකල් මිනිස්සු උනානෙ සුද්දා ගියාට පස්සෙ...


හිමිට හිමිට වැටුනෙ...තෙරුනෙ නැහැ..
තාම තෙරෙන්නෙත් නැහැ...

දැන් ඉතින් අමිලගෙ අම්මව මරමු....එල්ලමු... අනිත් තමුන්ගෙ දරුවව මරන්න ඉන්න අනිත් උන් බයවෙයි...

Bunny ! said...

හපොයි දෙයියනේ මෙහෙමත් කාල කන්නි ඉන්න රටක අපිත් ඉපදුනානේ !!

මේ බබාගේ ජිවිතය බේරන්න බෑ.! නමුත් අපි හැමෝම අයදින්නෙ එයා තව දවසක් හරි ජිවත් වෙන්න කියලා !!
එයාගේ පන නල රැකගන්න හදන මැශින් මහතුනි තව දවසක් හරි ඒ බබා බලා ගන්න, අපි වෙනුවෙන්වත් !!!

මේ සියල්ලන්ගෙන්ම ඔප්පු වෙන්නෙ අපේ මිනිස්සුන්ට වඩා මේ යන්ත්‍ර සූත්‍ර හොදයි කියලා !

wath said...

රවා

අමිලගෙ අම්මව එල්ලන එකද උත්තරේ...... උත්තරේ ඒක නම් අපිත් වැරදි කාරයෝ... දඩුවම වෙන්න ඔන් ඒක නෙමෛයි. දරුවට පණ ඇවිත් ආයෙත් ජීවත් වෙන එක ... ඊට වඩා වෙන මොන දඩුවම්ද

wath said...

Bunny
පුංචි හා පැටියො.. ඔයාට අමතක වුනාද ගගට පැනල කොලූ පැටියව ගොඩට ගත්ත මාමල ගැන... එයාල මිනිස්සු නෙමෙයි ද

රවා said...

අක්කෙ මම ඔය ළමා නිති අනං මනං දන්නෙ නැහැ. හැබැයි.. ලොකු වෙද්දි එ දරුවා සංවෙදි කෙනෙක් වුනොත් මොකද වෙන්නෙ... " තමුන්ගෙ අම්මා තමුන් මරන්න උත්සහා කරානෙ කියන දෙ මතක් වෙද්දි එ පොඩ්ඩට මොකද හිතෙන්නෙ... හැබැයි මෙ දරුවා සංවෙදි කෙනෙක් වෙන්න තියන ඉඩකඩ ගොඩාක් අඩුයි...

මම මුලින්ම කිව්වෙ අපි වැරදියි කියලා...

අක්කෙ මෙ එක සදරුවන් කෙනෙක් විතරයි.. තව සඳරුවන් ලා ඉස්සරහාට බිහිවෙවි. මෙතනට විසදුමක් යෙදුවෙ නැත්නම්... ගමක මිනිස්සුන්ගෙ සාමුහිකත්වය, එකමුතුකම, සංවේදි කම, සංහිදියාව ගොඩ නැගුවෙ නැත්නම් අනාගතෙදි තවත් අමිල සඳරුවන් ලා, කඩුවෙල වසන්තලා, සොත්ති උපාලි ලා බිහි වෙවි.. ගොඩක් පොහොසත් මිනිස්සු මෙවට කියන්නෙ කුණු ගොඩවල් කියලා. එ ගොල්ලන්ට එක රැයකදි වියදම් කරන මුදල් වලින්... අහිංසක මිනිස්සුන්ට, අසරණ දුප්පත් දරුවන් කිදෙනෙකුට යමක් කමක් කර හැකිද....

කලින් ලැට් වලෙ තිබිලා ලක්ෂාන් ගෙ මිනිය හම්බ උනා... අපිට අමතක උනා.... නමුත් මෙ සඳරුවන්ගෙ අම්මට මතක තිබිලා...

අමිල කියන්නෙ තවත් එක ප්‍රතිපලයක් විතරයි...
හෙතුව එතනමයි..
තව ඉස්සරහාට හොද හොද සෙල්ලම් පෙනෙයි..

මගෙ ඇස් අන්ධ වෙවා...

wath said...

රවා
උඹට හොදටම පිස්සු මල්ලියේ......
මේ ඔක්කොම අපේ පිං පවු ... වෙන්න තියනම් දෙයක් වලක්වන්න පුලූවන් බොහොමටික දෙනාටයි... ලෝකය ගෝලාකාරයි.. මිනිස්සු විවිධාකාරයි.... ඒ තමයි හැටි..... ලෝකයා හදනවට වැඩිය හොදයි තමන් මුලින්ම හොද පුරවැසියෙක් වෙන එක ..මනුස්සකමින් පිරුණ මිනිහෙක්වෙන එක... ලෝකයා හදන්න නම් මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ... මොකද ඒක කරන්න මගේ ජීවිතකාලෙ මදි නිසා... මට පුලූවන් විදිහට හොද දේ කරනව.. ඒකයි මගේ මතය... උඹට ලෝකයා හදන්න පුලූවන්නම් මගෙන් ඒකට කිසිම බාධාවකුත් නැහැ මගෙ මලේ... ඒත් උඹ අන්තිමට පිස්සෙක් වෙයි කියල මය බයයි....

රවා said...

මුන් එක්ක මෙහෙම මෙ දෙවල් බල බල ඉන්නවට වැඩිය... පිස්සෙක් එක්ක පිස්සන් කොටුවෙ සෙට් වෙලා ටොච් එක ගහලා එක දිගෙ හඳට යන්න උත්සහා කරන එක වටිනවා...

අක්කා

දියමන්ති බිත්තියක ගහගෙන ඔලුව කුඩු උනත් කම නැහැ අක්කා දියමන්ති නෙ... මිනිස්සුන්ව හදන්න බැහැ... කමක් නැහැ අඩුම තරමෙ උත්සහාවත් කරමු උන්ට ආදරෙ කරන්න උගන්වන්න.. උන්ට උන්ගෙ දුක සැප දෙක හොයලා බලන්න...

මම මෙ ග්‍රාම මොකද්දො එකක සභාපති, ඉතින් මෙ ටිකෙ මැතිවරණ ටොක් ටිකක් සෙට් කරගෙනමයි ඉන්නෙ... එහාට මෙහාට යනවා... පොඩි කථාවක් දාන්න කිව්වොත් අතහැරලා දානවා ඔක්කොම...

දිල් said...

මොනදේ මොනවිදියට උනත් උප්පත්තිය දුන්න නම් ඉවත් වෙන්න අයිතියත් දෙන්න ඕනා....ගගට විසිකරලා දාල හිත හදාහන්න පුළුවන්නම් ඔක්කොම එකතුවෙලා ගගට පනිමු. ...නැත්තම්....කොහොම හරි ඉවත් වෙමු....

මේ අමිල මේ ලෝකෙට බිහි උනේ අම්මගෙන් විතරක් නෙමේ...කෝ අමිලගෙ තාත්තා.....

දෙමාපියන්නේ මොනා හෝ වරදින් දුක් විදින්නේ මේ අමිල වගේ අහිංසක දරුවෝ....

``` Outsider``` said...

මිනිස්සුන්ට ස්වභාවික ආශාවන් පාලනය කරන්න කිව්වට ඒක සිද්ධ වෙන්නෙ නෑ. සිදුවීම සමග සිටින්නාට දැනෙන ආකාරය පරිධියේ සිට දකින්නාට දැනෙන දේට වඩා ඉඳරාම වෙනස්.
එහෙත් අධ්‍යාත්මක ගුණාංග වෙනුවට දිනෙන් දින ආශාවන්ගේ සීමාවන් පුඵල් වන සමාජයක මෙවන් දේවල් ඉදිරියේදී මීටත් වඩා සිදුවිය හැක. එකිනෙකාගෙ මනස් පවතින්නේ වෙනස් මට්ටම් වලයි. එබැවින් අප සිතන මට්ටම හැමෝගෙන්ම බලාපොරොත්තු විය නොහැක.
ආගමික හරයන්ට සුවිසල් සේවයක් ඉටු කල හැකි නමුත් අද.............?

නුවන් said...

අපි මේ දැක්කේ ලංකාවේ තියෙන මේ ඛේදාන්තයේ ඉතාම පොඩි සිද්දියක් විතරයි කියල මට නම් හිතෙන්නේ. හරියටම කියනවා නම් අර ice berg එකක මුහුද උඩ පේන ටික විතරයි.

ඒ අම්මා කරපු දේ සාධාරණ හෝ නිවැරදි කියලා කාටවත් කියන්න බැහැනේ.

නමුත් මේ සිද්ධියේදි වරදකාරය ඒ අම්මා විතරමද? ඒ අම්මට ඒ වගේ තීරණයක් උණේ ඇයි කියලා කවුරුවත් හිතුවද?

ලංකාවේ පවුල් සංස්ථාව තුල ප්‍රධාන අදායම් උපයන්නා වෙච්චි තාත්තා කොහොමද මොන ප්‍රශ්න තිබුණත් තමන් නිසා මේ ලෝකෙට ආපු දරු පැටවු පස්දෙනෙක් කිසිම වගකීමක් නැතුව දාල යන්නෙ?

අද ඔය රෙදි උස්සගෙන කෑ ගහන මිනිස්සු, ඒ වගේ අසරණ දරුවෙකුට කන්න ටිකක් දෙන්න උත්සාහ කරල තියෙනවද?

මෙතනදි වෙන්න ඕනෙ අද ගිරිය පුප්පගෙන කෑ ගහල හෙට ඒක අමතක කරල දාන එකද?

තිස්ස දොඩන්ගොඩ said...

අපොයි දෙය්යනේ....අද නම් මේ පැත්තේ ආපු මෝඩකම.... හිසත් කැරකෙන්න ගත්තා...මං යනවා....

රවා said...

තිස්ස අයියා යන්න එපා.... යන්න එපා... මොන දෙ උනත් යන්න එපා... අපි මෙකත් විඳින්න ඔනා..... මෙදෙ අපිට දැනෙන්න ඔනා..... යන්න එපා..... මෙ අක්කා මුකුත් කියන කම් මම ඉන්නෙ....

තිස්ස දොඩන්ගොඩ said...

මල්ලියේ, කොල්ලෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් හැටියට මට මෙව්වා බලන්න බෑ මගේ මල්ලියේ... මේ තට්ට තනියෙන් ඉන්නේ මම... දාලා පිච්චිලා යනවා දැක්කම... ගෙදරදීනම් කොහොම හරි විඳගන්න පුලුවන් ...අනෙක මම ඕවා බලන්නෙත් නෑ ගෙදරදීත්...ඇත්තම කියන්න මගේ හිත එච්චර හයිය නෑ.... කැතකුණු අල්ලලා, රෑ එලිවෙනකල් නිදිමරාන, ලෝකාපවාද විඳගෙන, ලමයෙක් උස්මහත් කරන්න දරන වේදනාවත් ඊට පස්සේ ඒ ලමයට ඇතිවෙන බැඳීම දැනෙන්නත්, අම්මා තාත්තා කෙනෙක් වෙන්නම ඕනා මලේ...මම ඒක නිසා ඕවා වුනේ කොහොමද කියල කපල කොටලා බලන්නේ නෑ... හරියට ඒ හැඟීම නැතුව කරන පුරෝකතනයන් වලින් ඇති පලේ මොකද්ද... තමන් දන්න අඳුනන කෙනෙක් වත් ඒ තත්වයට පත්වීම තමන්ට වලක්වන්න පුලුවන් නම් එච්චරයි..

රවා said...

මෙ නිව්ස් එක මම මුලින්ම දැක්කෙ නිමන්ති අක්කාගෙ මන්දාකිණියෙදි.. එදා ඉදන මගෙ ඇස් දෙකට කඳුලු වරින් වර එනවා. කාලෙකට පස්සෙ මට දැනෙනවා ඇස්දෙකක් තියනවා වගෙ කියලා.. ඔයගෙ කථාව ඇහැව්වාම ටිකක් තෙත් වුනා ඇස් දෙක.. කොමෙ සොදුරු සිතෙ අක්කා... එයා නැහැනෙ මෙතනට එද්දි එයාටත් දුක ඇති...

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

හරිම සංවේදි අපි තමයි මුල වරද්දගත්තේ දැන් පිස්සො වගේ දුවනවා ජිවිතේ කොහෙන් නවතීද දන්නේ නැ

kanchana waduge said...

අපි දුවන දිවිල්ලට අපිට වෙන්නේ මොනද කියලා දන්නවා ද .ඇයි ආශාව පිටු පස දුවන්නේ ආශාව පිටු පාස ගියේ නැත්තමි අපිට මෙි හේම වෙන්නැ

kanchana waduge said...

අපි දුවන දිවිල්ලට අපිට වෙන්නේ මොනද කියලා දන්නවා ද .ඇයි ආශාව පිටු පස දුවන්නේ ආශාව පිටු පාස ගියේ නැත්තමි අපිට මෙි හේම වෙන්නැ

රවා said...

මෙක මෙතන තියෙන්න තියෙන්න මගෙ ඇස් වල කඳුලු ...දැන් අපි මොකද කරන්නෙ... මෙක ඉක්මනට වෙනස් කරමු නෙද අක්කෙ... මමත් පුරුද්දටදො කොහෙද හැමදාම මෙ පැත්තෙ එනවා.... අපි මෙක වෙනස් කරමු ඉලඟ අමිල එනකම්... නැත්නම්.. අපි බස් එකෙ යන ගමන් කරදරෙ කින් ඉන්න කෙනෙකු ලඟට ගිහිල්ලා ටිකක් කුළු පගව කතා බහ කරලා එයාවත් දකින්න බලමුද...?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...