..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, March 16, 2010

රැකවරණය


පෙන්ටගනයටත් වඩා ආරක්ෂාව තියන තැනක්
හීතලම හීතල හිම පිරුණ ඇන්ටාටිකාවෙ වුනත්
උණුසුම්ව ඉන්න පුළුවන් තැනක්
මහමෙරක් තරම් දුක පුළුන් රොදක් වගේ
සැහැල්ලු කරන තැනක්
ලෝකෙ ඉන්න ලොකුම මංකොල්ලකාරයා ආවත්
හොරා ගන්න බැරි තැනක්
වචන සිය දහස් ගාණකින් කියන්න බැරි දේවල්
කණ තියල තප්පරකින් අහන්න පුලුවන් තැනක්
ලෝකෙ තියන ඔක්කම ආදරේ එකතු කරල
එකට ගුලිකරපු තැනක්
දන්නවද ඒ කොහෙද කියල
ඒ තමයි මගේ තාත්තාගෙ පපු කුහරය
අන්තිමට ලොකේ තිබිබ ලොකුම න්‍යෂ්ඨික බෝම්බය
පිපිරුව තරමේ දුකක් ඉතිරි කරල
යන්නම යන්න ගියා
එදා ඉදල මම තවමත් ඒ උණුසුම රැකවරණය සොයනව
අනේ මගේ රත්තරන් තාත්තා
මතු උපදින හැම ආත්මයකම මගේම තාත්තා වෙලා 
මා ලගින්ම ඉන්න .....

- වත් - 

14 comments:

  1. අක්කෙ... තාත්තා... තමයි අම්මගෙන් අපිට පණ දෙන්නෙ...

    අම්මා සඳකි මම එ ලොව හිරුය රිදි..

    ඉතින් අම්මගෙ සිසිලසයි, තාත්තාගෙ උණුසුමයි ඇර දරුවෙකුට තවත් මොනවද ඔනා... තාත්තා නැති පාලුව දැනෙනවා නෙද.... මටත් එහෙමමයි.. අපි සංසාරෙ කොහේදි හරි කරපු දෙයක් තමයි මෙතන වෙන්නෙ.. අපිට එක දැනෙනවා, දුකයි, සතුටක්ද කියලා හොයන්න බැහැ....

    ReplyDelete
  2. පපුව දාගෙන ගියා මේ වචන ටික කියවද්දි.....මටත් මගෙ රත්තරං අප්පච්චිව මතක් උනා...අනේ මට එයාට තුරුල් වෙන්න පුළුවන් උනේ අවුරුදු 7ක් වෙනකම් විතරයි...එයා මාව දාල ගියා. තනියම නෙමෙයි අම්මිවත් අරගෙන...

    එයා දැනගෙන උන්න නම් එයාගෙ රැකවරනය නැතුව මම මෙච්චර තනිවෙයි කියලා....මම දන්නවා එයා යන්නෙ නෑ...කවදාවත් යන්නෙ නෑ.....

    සරිම සංවේදි වචන ටිකක්...හිත අස්සට බරටම දැනුනා

    ReplyDelete
  3. අපේ පියා...අපිට විතරක් නෙමෙ ගමටම පියා....මොකද? එයාගෙ නම පියසේන......

    ReplyDelete
  4. දිල් අක්කට..
    ඔයා තනියම නෙමෙ නෙ ඉන්නෙ... බලන්න හොදට ඇස් ඇරලා සෙට් එකක්ම ඔයා වටෙට ඉන්නෙ...

    කො මෙ වත් අක්කා....
    තාත්තා ගැන නම් කියන්න ගොඩාක් දෙවල් තියනවා, තාත්තා කියන වචනෙත් එක්ක... ගොඩාක් දෙවල් හිත අස්සෙ හැංගිලා.. එලියට එන්න දඟලනවා...

    ReplyDelete
  5. තාත්තා ගැන මට කියන්න හුගාක් දේවල් නැහැ. නමුත් අද මෙ ඉන්නේ ඒ තාත්තා නිර්මාණය කරපු අමුතුම අන්දමෙ එකෙක්.
    මම කියන වචනයක් වචනයක් පාසාම ඉන්නේ තාත්තා..
    ලියන අකුරක් අකුරක් ගානේම ඉන්නේ තාත්තා.
    හැබැයි ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ මෙ කියන මම තාත්තාගේ මළගමට ගියේ නැහැ කියලා කිවුවොත්..
    අදටත් මම මගේ තාත්තගේ දේහය වලදාපු තැන දන්නේ නැහැ..
    ජීවිතේ පුදුමාකාරයි...

    ReplyDelete
  6. හරිම ලස්සනයි . . . දුකකුත් නොදෑනුනාම නෙවි, ඒ මොකද මගෙත් පියා නෑති නිසා . . .

    ReplyDelete
  7. මේ ලියන්නේ තාත්තා ගැනද...?ආයෙමත් තනිකමට වැදිල වේදනා විඳ විඳ විඳ ඉන්න කැමති සොඳුරු සිත ගැනමද...?

    ReplyDelete
  8. හරිම සංවේදි සටහනක්..
    මේ ලොකේ වටිනාම දෙන්නා අපේ අම්මයි තාත්තයි

    ReplyDelete
  9. රවා
    අපි කාටත් තාත්තා කෙනෙක් ඉන්නව. ඒත් අපි කාටත් හොද තාත්තා ල ලැඛෙන්නෙ නැහැ. ඒ අතින් මට හිටියෙ ලෝකේම ඉන්න හොදම තාත්තා. ඒත් හොද මිනිස්සුන්ව වැඩි කාලයක් මනුස්ස ලෝකෙ රදව ගන්නෙ නැහැ.

    දිල්
    දුක් වෙන්න එපා දිල් නංගියො....... මම කීව නේද .. හොද මිනිස්සුන්ව වැඩි කාලයක් මනුස්ස ලෝකෙ තියා ගන්නෙ නැහැ. හොද අය අඩු නිසා ඒ හොද අයට කරන්න වැඩ ගොඩක් තියනව. ඒ නිසා එයාල ඉක්මනින්ම අපිව දාලා වෙන අය ලගට යනව.

    ReplyDelete
  10. ඉන්දි/ indi

    බොහොම ස්තූතියි ජෝක් එකට

    ReplyDelete
  11. ආකාස කුසුම් / ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය

    බොහොම ස්තූතියි

    ReplyDelete
  12. තිස්ස දොඩන්ගොඩ
    කොහොමද අයියා ඔයා මගේ හිත කියවන්නෙ. ඇත්ත ඇත්ත. කතාව ඇත්ත. තනිකමින් ඉන්න හිතුනම හේතු ගොඩයි තමයි.... මට හිනාවෙලා සතුටින් ඉන්න ............................. පුලූවන් ????????????

    ReplyDelete
  13. මාරයාගේ හෝරා

    තාත්තාලා වැඩියෙන් ආදරේ දූලට... පුතාල වැඩියෙන් ආදරේ අම්මට.... ඇත්ත නේද

    ReplyDelete
  14. ඇත්තටම තාත්තා තරම් අපි අදුරන අපේ හැමදේම සොයන කවුරැ මේ ලෝව නැ

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...