..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, March 14, 2010

ආදරේ විසිකරමි මා


ජීවිතේ කවියක්
සිතුවමක් ගීතයක්
අතීතයෙ සිතුනමුත් වැරදුනා පැරදුනා  මා

දකින දේ මිරිගුවක්
ඇසෙන දේ හිතලුවක්
නෙත් පියන් තෙත් කරන්  කළුවරේ සිනසුනා මා

ලැඛෙන දේ හීනයක්
ලැබුන දේ  සෝකයක්
අහුල ගත් ගීතයෙත් පද පේළි හිස් කරා මා

ගිනි  ගොඩේ ඇවිදයමි
කළුවරින් එළිය වෙමි
දිරිය ගෙන බොරු කියන් ආදරේ විසිකරමි මා

ආදරේ විසිකරන
මම
෴ වත් ෴

21 comments:

  1. පේලි අවසන් කරන ආකාරයත්, නිර්මාණය ගලාගෙන යන ආකාරයත් අපූරැයි.

    "ගිනි ගොඩේ ඇවිදයමි
    කළුවරින් එළිය වෙමි
    දිරිය ගෙන බොරු කියන් ආදරේ විසිකරමි මා.."

    හරිම අගෙයි...

    ReplyDelete
  2. ලස්සනයි අක්කෙ.. කාලෙකට පස්සෙ දෙසවන් මතට වැටුණු පිනි බිදුවක් වැනි සිතුවිල්ලක්.. මමයි, තිස්ස අයියයි පාලුවෙන් හිටියෙ.. කො ඉතිරිය...කොහොමද ට්‍රනින් එක... මොකද කරෙ මෙච්චර දවස්.. අපිව මතක් උනෙ නැද්ද...?

    ReplyDelete
  3. නිර්මාණය අපූරුයි.

    ReplyDelete
  4. මිස්සක

    බොහොම ස්තූතියි මල්ලියෝ අගය කිරීමට............

    රවා
    ටේ‍රිනින් එක හොදයි. සහතිකයකුත් හම්බුනා.... කෑම නම් අන්තිමයි. බඩේ ලෙඩකුත් හැදුනා......... මම නැති අතරේ අපේ අයියා මැරිලා... මට නොකියම මැරිල ගිය නිසා මම තරහයි.... එයා හරිම නරකයි.....

    රවීන්

    බොහොම ස්තූතියි රවීන්

    ReplyDelete
  5. හපොයි දෙයියනේ ඔය ඩිංගට ලෙඩකුත් හදා ගත්තද...?
    වෙලාව ආවහම යන්නම වෙනවා නෙව... කොච්චර බැඳිලා හිටියත්...
    නංගිල මල්ලිලා අම්මලා තාත්තලා ඔක්කෝලම දාලා...
    "සසර පුරා සරන තුරා, දුවන පණින දඟලන සිත, දමනය කර සුවපත්වෙයි, ණුවනක් ඇත්නම්..."

    ReplyDelete
  6. තිස්ස දොඩන්ගොඩ
    කතා කරන්න එපා...... උඹ මහ නපුරෙක්... මැරෙන කතා හතලිස් ඇදිරි කතා... නරකයි නරකයි බොහොම නරකයි...

    ReplyDelete
  7. අපොච්චියේ... රවා මල්ලියේ....!! උඹවත් නැද්ද ලඟ පාතක මගේ මල්ලියේ..

    ReplyDelete
  8. දැන්ද ආවෙ...
    ආ බය වෙන්න එපා අයියා මළාට වළලන්න ඔන්න මෙන්න තියෙද්දී මෙකා නැගිට්ටනේ..
    නංගී එනකල් ඉදලා යන්න ඔන කියලා..

    ReplyDelete
  9. දැන් පා...ටා..න් ගන්න තියන්නෙ වලිය.. මම කිව්වා.. ඔක වෙයි කියලා...... මම කිව්වා.....

    අපිට නම් ඉතින් කමක් නැහැ කියමුකො.. මම කොහොම හරි ජිවත් වෙයි(බොතලෙ පිහිටෙන් ) .. එත් කොහොමද සොඳුරු සිතෙ අක්කා ,, හදගීපොතෙ සිංදු නැතුව ඉන්නෙ...

    ලස්සන හදවතින් දකිමුද කියලා අපෙන් අහපු අක්කා. අද තිස්ස අයියගෙ මරණ දැන්විම දැකලා තරහා අරන්..

    බලන්නකො එයා කරපු දෙ තියන වටිනා කම.. මම හිතන්නෙ මෙ ලොකෙ කාටවත් නැති චාන්ස් එකක් තිස්ස අයියා ගත්තෙ. තමුන්ගෙ මරණ දැන්විම දකින එක.. එකෙ වැරදි මැරුණු දිනය විතරයිනෙ..ලස්සන හදවතින් දකිමුකො...

    මමත් ගහගන්න ව එකක්..බලමු කට්ටිය මං ගැනත් මෙච්චර දුක් වෙයි ද කියලා( කස්ටිය දුක් කෙසෙ වෙතත් උඩ පැන පැන හිනාවෙයි. වත් අක්ක මගෙ බ්ලොග් එක කන්න ආපු එකා ඉවරයි, මාරයා ඇති යාන්තම් එක කරදරයකින් නිදහස්, මෙකා ඉන්න කම් කිව්වෙ බැදපන් කියලනෙ. දැන් කනක් ඇහිලා හිටියැහැකි තව ඉන්නෙ තිස්සයා විතරයි...)..

    තරහා ගන්න එපා.. වයසට යනවා ඉක්මනට..

    වරදක් කිරිම දෙවගතියක්..

    සමාව දිම මනුස්ස ගතියක්

    ReplyDelete
  10. ane wath,
    ජීවිතේ කවියක්
    සිතුවමක් ගීතයක්
    kiyana eka wenas karanna epa, wathawen wathawata duka awath
    ජීවිතේ කවියක්
    සිතුවමක් ගීතයක් ma thamai

    ReplyDelete
  11. හරිම අපූරු පදවැල් ටිකක්....
    අර මිස්සක කිව්වා වගේ පදටික පටන් ගත් අකාරයත් අතරමග ගලායන අකාරයත් අවසන් කල ආකාරයත් හරිම අපූරුයි.....

    ReplyDelete
  12. මේ තරම්සොඳුරු ගී වැල් ලියැවෙන සිතින්ම අර වාගේ දෙස් දෙවොලුත් පිටවුනානේ...

    ReplyDelete
  13. තිස්ස දොඩන්ගොඩ

    මේ වගේ පදවැල් ලියන අයගෙ හිත් ගැන අයියා දන්නෙ නැහැ වගේ..... දෙස් කීව නෙමෙයි.. මරන්න තරම් දුකයි. අනේ ඉක්මනට වෙන ගිතයක් ලියන්නකො. ... ඒ පැත්ත පලාතෙ එන්න බැහැ දුකයි...

    හද ගී පොතේ පිටු ගැලවී සුළගෙ ගියා
    සුවදයි සිනාවයි දෙවියන් අරන් ගියා
    ඇස් අග රැදුන කදුලේ උණුසුමක් තියා
    සොදුරු සිතත් අරගෙන නොකියාම ගියා

    දැන් සතුටුද..... හොදා හොදා ...ඔයාට නම් මොකද....

    ආදරේ කරන මිනිස්සු ගොඩක් ඉන්න අය මැරෙන්න බයයි. ඇයි දන්නවද .. තමන් ගැන හිතල නෙමෙයි.... තමා වටේ ඉන්න අය දුක් වෙනව බලා ඉන්න බැරි නිසා...

    අයියා ඔයා සියක් ආයු ලැබ .. මගෙත් ආයු ගෙන... මටත් වඩා කල් ..ඔබ ජීවත් වේවා....

    ReplyDelete
  14. ඔන්න ඔන්න තිස්ස අයියා.. හැමතිස්සෙම අමතක කරනවා ජිවිතෙ තියන ස්භවයක්.
    "උඹ මහා නපුරෙක් " මෙ වචන ටික ඇතුලෙ තියන්නෙ වෙස් වළා ගත් අශිර්වාදයක්. මෙකම ඇති සතියකට...මෙ වගෙ වචන ටිකක් කාගෙ හරි කටින් පිට වෙලා එක මට එනවානම් මම හරි කැමතියි...

    ReplyDelete
  15. ලස්සන අදහස නියමයි

    ReplyDelete
  16. ලස්සන අදහස නියමයි

    ReplyDelete
  17. ලස්සනයි නියමයි සුභ පතනවා

    ReplyDelete
  18. හ්ම්ම්ම් තාමත් තරහ නිවිල නෑ වාගේ....

    ReplyDelete
  19. ලස්සනයි අදහස...

    ReplyDelete
  20. මම වලියට සෙට් වෙනකොට පරක්කු වැඩිනේ...

    /බිඟුවා...!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...