..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, March 2, 2010

හිමි අහිමි

 

ඊයේ මා ළගයි අද නුඹ කොතනකදෝ
සුවදත් අරන් නුඹ කොතනක සැගවුනිදෝ
හදවත පාරනා ගැහටක් සිදුවුනි දෝ
වෙන්ව වෙසෙන්නට රහසින් සැරසුනිදෝ

මගෙ ආදරේ කඩතොළු තැන් තිබේ ද
රහසින් හෝ වරදේ මම බැදේ ද
කිරි සුවඳක අඩුපාඩුව දැනේ ද
මා තනි කළත් හිමියනි ඔබ සුවෙන් ද

හෙට දිනයේ රන් අරුණළු වැටෙන විට
විහග කුරුළු ගී වැල් පද බැදෙන විට
සිහින් සරින් මුමුණා මා සවන් වෙත
ලගින් සිටිනු මැන මා නෙතු අරින විට

හිමි අහිමි 
මම
෴ වත් ෴


12 ප්‍රතිචාර:

රවා said...

මම දැනගත්තා, සද්දෙ නැතුව ඉද්දි මොනවා හරි කොටකොට තමයි ඉන්නෙ. කියලා.
යශොධරාවතද මෙ..... ඔන්න ඔකනෙ මෙ ගැහැණුන්ව හදන්න බැරි... කෙල්ලෙ..ලස්සනට කවි ලියන්න පුළුවන් එක දුක හිත්තෙන එවා නැතුව මොකක් හරි සිදුවිමක් අල්ලලා කරන්නකො වැඩෙ.... කො ඔයා බිගුවගෙ චන්දෙටෙ කතා කරන්න ආවෙත් නැහැ..

දිල් said...

දුක..හිත තලන විරහව අපුඋරුවට පද බැදලා...
හරිම් සංවේදි පැදි පෙළක්.........

තිස්ස දොඩන්ගොඩ said...

ඔව් අප්පා දුක හිතෙනවා... comments බලන්න ඉස්සෙල්ලම මට හිතුනේ යශෝධරාවන්ගේ වැලපුමද මේ කියලා... බලනකොට රවා මල්ලිටත් එහෙම්මම හිතිලා...

wath said...

duka hithenawa wedida????? ane ethin mata liyawennema owa thamai... Preethimath dewal liyanna mata beriwa athi...

Raven said...

සංවේදී නිර්මාණයක් සොයුරිය.හිතට දැනුනා මේ පද පෙළ.

රවා said...

ඇයි ඔයා දවසක් ලිව්වෙ, මැජික් කාරයා ආපහු ඇවිත් කියලා කවිපන්තියක්... ඔයාට ඔය පිහිටලා තියන හැකියාව තවත් මනුස්සයෙක් ගෙ හිතක් හදන්න, හිතක් සුවපත් කරන්න යොදා ගත්තොත් එක ඔයාට සංසාරෙ පුරා යන ලොකු පිනක් වෙනවා. අපි හැමොටම ජිවිතෙ අඩුපාඩු තියනවා.

wath said...

Raven අයියා

ඔයා කාලෙකට පස්සෙ ලිපියක් ලියල තිබ්බ නේද? සතුටුයි.. පොත ලැබුන කියල එවල තිබ්බ comment එකත් දැක්කා. මගේ සොදුරු සිතට ගොඩවදින ඔබට ස්තූතියි අයියා.

wath said...

Raven
අයියෝ මට වැරදිලා.ඔයා රවීන් කල්දේරා නෙමෙයි නේද.සමාවෙන්න ඕන වෙච්ච වැරුද්දට.

රවා said...

අක්කෙ මොකද මෙ... වැඩද.....හැබැයි වැඩ උනත් ඔයා ඇවිල්ලා එමෙ අත බලනවා.. කො හෙමත් නැහැනෙ.. ඔයත් ඉතින් හිතුවක්කාර දඟමල්ලක්නෙ.....

හෙලයා said...

අපූරැවට ගලපලා තියෙනවා සහෝදරී.

ජීවිතේමල් said...

අම්මපා අදමයි මේ පැත්තේ ආවේ.... දෙයියනේ.... ලෝකයේ එක වගේ නොවුනත් , ටිකක් එක වගේ සිදුවීම් වල රස බලන , ඒවා ගැන හිතන ලියන මිනිස්සු ඉන්නවනේ හැඟිලා හරි....

ඔයාගේ කවි හරීම හිතට සංවේදියි.. ඒ, ඒ අදහස් ඔයාගේ හදවත තුලින්ම පැන නැගෙන නිසා වෙන්න ඇති....
දිගටම ලියන්න....... ජය වේවා !

රවා said...

අක්කෙ වලියක් ... වලියක් ... ඔයලගෙ පක්ෂයෙ අයයි ... අපෙ පක්ෂයෙ අයයි...
මෙන්න ලිපිනය....

http://bingunada.blogspot.com/2010/03/6.html

ගිහිල්ලා දිල් , නිමන්ති අක්කලා දෙන්නව බෙර ගන්න.......
පිරිමින්ට පක්ෂව චන්දෙ දාන්න.. හොද අක්කනෙ..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...