..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, February 28, 2010

අසම්මතය සොඳුරු නොවෙයි


රැයට දිලෙන හඳක් වෙලා
රැයට පිපෙන මලක් වෙලා
හැමට හොරෙන් හිතට වෙලා
ඔබ මගේ මුළු ලොවම වෙලා

දිලෙන හඳේ එළිය මටයි
පිපෙන මලේ සුවඳ මටයි
ලගට ගන්න බැරිව තැවෙන
අසම්මතය සොඳුරු නොවෙයි

හිරු එළියෙන් සැනසෙන්නම්
සඳ එළියට නාඩන්නම්
මල් සුවඳත් තුරුළු කරන්
හෙට දිනයෙත් මං ඉන්නම් 
~ වත් ~

16 comments:

  1. අක්කෙ හැමදාමත් වගෙ අදත් ඔයා පුංචි මැජික් එකක් කරලා.... මම පස්සෙ ඇවිත් විස්තරෙ කියන්නම්... ලස්සනට ලියන්න , ලස්සනට හිතන්න වාසනාව කියන දෙ ගොඩක් තියන්න ඔනා..

    ReplyDelete
  2. කියලා වඩක් නෑ අප්පා... ආසාවේ බෑ... මේ සොඳුරු සිතේ හිමිකාරයා..දවසක, පරක්කු වුනා කියල හොඳටෝම් පසුතැවෙනවා...ෂුවර්...

    ReplyDelete
  3. රවා
    රවීන්ට තියන වැඩ රාජකාරි. මැජික් කරන්නේ මමද ඔයාද ....

    ReplyDelete
  4. @තිස්ස දොඩන්ගොඩ
    හා හා පසු තැවීම පලක් නැති දෙයක්... හිමිකාරය පහුවෙලා හරි තේරුම් ගත්ත සොඳුරු සිතැත්තෙක් නම් ඒ හොදටම ඇති අයියා......

    ReplyDelete
  5. මම පොඩි එකෙකුට උගන්වන ගමන් ආවෙ ඌට ගාණක් හදන්න දිලා.. නිකන් කිංඩි දාන්න එපා.. ජොබ් එකත් ගහලා ගියා කියලා දන්නවනෙ..

    මම මුලින් හිතුවෙ ගණන් ගුරුවරයෙක් වෙන්න. එතනට මම අද ඇවිල්ල තියන්නෙ.සල්ලි ගන්න බැරි උනාට උන්ගෙ දියුණුව දැකලා හිනාවෙනවා. එ අස්සෙ ඔයාගෙ කවිය තවත් හිතට සතුටක් ගෙනාව.

    අසම්මතය සොඳුරු නොවෙයි කියන දෙට නම් මම එකඟ නැහැ. මොකද මම ඉගෙනගෙන තියන විෂයන්ගෙ ගොඩක් අමාරු, දුෂ්කර දෙවල් ගොඩක් මිනිස්සු සම්මතයන්ගෙන් ඔබ්බට ගිහිල්ලා හිතපු හින්දයි අද මෙතැනට මිනිස්සු ලොකය ගෙනත් තියන්නෙ.බලන්න ලොකය දිහැ ලස්සනයි නෙද.. එලිය වාහන දුවනවා, බල්බ් පත්තු වෙනවා. මිනිස්සු ගහ ගන්නවා. ඔයා සම්මතයන්ගෙ ඉදන් කවි ලියනවා. එකත් ගොඩක් හදවතට සුවයක් ගෙනෙන දෙයක්. ලස්සනයි....

    ReplyDelete
  6. ලස්සනයි හොදටෝම.. ආමාශයටම වැදුනා..

    ReplyDelete
  7. අපූරුයි නිර්මාණ...
    ඒත් විරහව නේද?

    ReplyDelete
  8. මම දැකලා තියන විදියට නම් විරහව මත තමයි අපි ලස්සණයි කියලා හිතන නිර්මාණ බිහිවෙලා තියෙන්නේ.(එහෙම නැති ඒවත් තියනවා )

    ඉතිං සොඳුරු සිතෙනුත් ඒවා එලියට එන එක අහන්න දෙයක්ද.....

    ReplyDelete
  9. රවා

    ඔවු මම දැක්කා ඔයාගෙ කතාව .පුදුම ළමෙයක් ඔයා.

    අාඩම්බරයි. ඔයා ගැන.

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. .::පිස්සා::.

    ආමාශය තමයි පිස්සො ඔක්කටම මුල...

    චමි.දේ.වා

    ඒකනම් හැබෑව. නිර්මාණ කරන ගොඩක් අය එහෙමයි කියල මාත් අහල තියනව. මම නම් ඉතින් ඔහේ කුරුටු ගැන ඒව. වටිනාකමෙන් නම් අඩුයි.

    ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය

    විරහවත් එක රසක් තමයි.

    ReplyDelete
  12. මගෙ හිතෙ මං ගැන ලැජ්ජාවක් තියන්නෙ.... එක අරන්දාන්න බැරි තරම ඇතුලට ගිහිල්ලා....අපිත් කරගන්න වැඩ නෙද... එහෙම තමයි ජිවිතෙ... මොනා ලිව්වත් කවි ලියන එක නතර කරන්න එපා... සරල ලස්සන දෙවල් ලියන්න....

    ReplyDelete
  13. ඔබ එවූ පොත ලැබුණා. සෑහෙන වියදමක් දරා තිබෙන වා නේ. බොහොමත් ම ස්තූතියි!

    ඒ පොත ඇමරිකාව ගිහිල්ලා ආපසු ලංකාවට ම ආවා. මොන තරම් අලංකාර ගමන් වන්නට ඇති ද? මා නොසෑනේට එය රස වින්ඳා... බොහොම පිං!

    ReplyDelete
  14. රෑ අහසේ සදක් වෙලා
    සද තරු විමනට වැඩලා...
    දැවෙන සිතට පවන් සලා
    එන්න හිතයි ලොවට හොරා...

    දිලෙන සදට පෙමින් බැදී
    මල් සුවදේ යයි පාවී...
    හිමි නැති දේටම හඩනා
    සොදුරු සිතේ හිමිකාරී...

    සද එළියට වහන් වෙලා...
    හිරු කිරණට දැවෙන්නෙපා...
    මල් සුවදට මත් වීලා
    අසම්මතේ රැදෙන්නෙපා...

    ReplyDelete
  15. රෑ අහසේ සදක් වෙලා
    සද තරු විමනට වැඩලා...
    දැවෙන සිතට පවන් සලා
    එන්න හිතයි ලොවට හොරා...

    දිලෙන සදට පෙමින් බැදී
    මල් සුවදේ යයි පාවී...
    හිමි නැති දේටම හඩනා
    සොදුරු සිතේ හිමිකාරී...

    සද එළියට වහන් වෙලා...
    හිරු කිරණට දැවෙන්නෙපා...
    මල් සුවදට මත් වීලා
    අසම්මතේ රැදෙන්නෙපා...

    ReplyDelete
  16. me oyage me "coment's" theeruva nam mata epa wela thiyenne. e madivata dan oyage "approval"
    ekakuth ona wela. maha vadayakne'
    mata epa wela thiyenne...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...