..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, February 27, 2010

ආදරය මේ වගෙයි

ඔවුන් බොහොම ආදරෙන් ඉන්න පෙම්වතුන් දෙදෙනෙක්.  එදිනත් සුපුරුදු පරිදි ඔවුන් දෙදෙනා හමුවෙලා ඔවුන්ගේම ලෝකයේ තනි වුන දවසක්. දවස ගෙවී ගියා ඇයටවත් ඔහුටවත් දැනුනේ නැහැ. ඒ ඉතින් ප්‍රේමයේ ස්වභාවය. ඒත් හිරුට නම්  ඒ දිනයත් තවත් එක් දිනයක් විතරයි. හිරු සුපුරුදු පරිදි තමාගේ රාජකාරි නිමා කරළ මුහුදේ සැගවි යන හෝරාවත් උදාවුනා.ඇය නම් ආපසු යෑම ඉක්මන් කරත් ඔහුට ඕන වුනේ තව මොහොතක් හරි ඇය ලගින් ඉන්නයි. යහළුවකුගේ මෝටර් සයිකලයක් රැගෙන ආ බැවින් වෙනදා මෙන් බස් ව ල රස්තියාදු වීමට අවශ්‍ය  නැති බවත්, ඇයව නිවස ආසන්නයට ගොස් ඇරලවීමට හැකි බවත් ඔහු පුන පුනා කියා සිටිය. ඔහුට තුරුළු වී මෝටර් සයිකලයේ යෑමට ඇගේ සිතේද සිහින් ආසාවක් නැතිවාම නොවෙයි.

ඉතින් වෙන්වෙන හෝරාවත් ලගා වුනා. ඇයත් ඔහුත් මෝටර් සයිකලයට නැගුනා. කොලු කාලේ ගතිය ඉස්මතුවුනා . මේ වගේ අවස්ථා බොහොම හිගයි. ඇය හමුවීමට පැමිණෙන දිනයට  මේ මෝටර් සයිකලය ඉල්ලා ගැනීමට ඔහු කෙතරම් මහන්සිවුනාදැයි දන්නේ ඔහුම පමණයි.

මාත් ඉක්මනට මෝටර් සයිකලයක් ගන්න ඕනි . ඔහු ඒ අතරවාරයේ සිතුවා. සිතේ සතුට වැඩි කමටත්,වයසෙ වැරුද්දත් නිසා ඔහු  වේගයෙන් සයිකලය පැදෙව්වා.

තරුණියට මෙය නව අද්දැකීමක්. ඇය ටිකක් තැති ගත්තා. "අනේ මට බයයි. වේගය පොඩ්ඩක් අඩු කරන්න ... ඇය ඉල්ලීමක් කළා.ඔහු නිහඩයි. නැවත නැවතත් ඉල්ලීම් කළා. "හොදයි එහෙනම් කෙල්ලෙ මට ආදරෙයි කියන්න." ඔහුගෙන් පෙරලා ඉල්ලීමක් ... "ඔව් අනේ ඔවු ,මම ඔයාට ගොඩක් ආදරෙයි. හරිම ආදරෙයි. දැන්වත් අපි හිමින් යමුද."ඇය ඇසුවා... "හොදයි එහෙනම් මට තව පොඩි උදව්වක් කරනවද    මේ හෙල්මට් එක ගලවල ඔයාගේ ඔළුවට දා ගන්නවද...මට මේක හරිම කරදරයක්."
 ඇය එයත් ඉටු කලා. එහෙත් වේගය තාමත් පෙර ලෙසමයි. දැන්වත් අපි හිමින් යමුද.ඇය ඇසුවා...

"එහෙනම් මගෙ කෙල්ලේ මට හාදුවක් දෙන්න. ඔහුගෙන් තවත් ඉල්ලීමක්. ඇය සිතුවේ මෙය ඔහුගේ තවත් දගකාරකමක් කියල.හෙල්මට් එක ගලවල මට දාගන්න කීවෙ ඒක තමයි. මෙහෙමත් කපටියෙක් ඇය සිතුව.ඒ මුහුණ ඉබින්න තියනම් ඇයටත් ඉතින් වෙන මොනාද.
ඇය බොහොම මෘදු ලෙසත් ආදරණීය ලෙසත් ඔහුව සිප ගත්තා. 



පසු දින පුවත් පතක මෙසේ පලවී තිබුනා....
යුවලක් ගමන් කළ මෝටර් සයිකලයක්  හදිසි අනතුරකට ලක්විමෙන් තරුණයා මරුට තරුණිය දිවිරැක ගනී..... තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් අනතුර වූ බවට සැක කෙරේ.....

9 ප්‍රතිචාර:

තිස්ස දොඩන්ගොඩ said...

"ඈත්ව යන්නට සමුගෙන කවුරුත්...
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්...
ආයෙත් දවසක....
එකහිත් ඇත්තන් වී අපි ඉපදිමු එකට ප්‍රියේ..."

wath said...

මගක් යන කොට තරුණයට දැනිල තියෙනව bike එකේ brake නැති විත්තිය. helmet තිබිල තියෙන්නෙ එයාට විතරයි... ඒකයි එයා එහෙම කරල තියෙන්නෙ...

Lahiru said...

Wath හරි..ඒ කොල්ලා ඒ කෙල්ලට ඒතරම්ම ආදරය කරලා

රවා said...

අක්කෙ ඔයාගෙ හිතෙ සුන්දර දෙවල් මැවෙනවා නෙද... එත් හැම තැන මම දකින්නෙ දුකමයි.. අන්තිමට මෙතනත් දුකයි...මොකද්ද අනේ....හික්..හික් අපිට හැපි එන්ඩින්ග් එකක් තියන කතාවක් දෙන්නකො.. එක්කො කොල්ලා මැරෙනවා... නැත්තම් කෙල්ල මැරෙනවා... හික්.. හික්.. සොදුරු සිත මෙතාක් දුර ආවනෙ ඉතිරි ටිකත් එයි නෙද.. ස්තුති ඔයාට මම හිනාවෙන්න මෙතනට එන්නෙ....?

දිlee said...

so sad,
aththa kathaawakda

wath said...

dileepa

kalayakata kalin net akedi thamai mama me wage kathawa dekke... mage hithe redila thibba Kathawa mama liwa...

Madhawa Habarakada said...

මමත් මේක කාලෙකට ඉස්සෙල්ල මගෙ බ්ලොග් එකෙත් පළ කළා ම්තකයි. ඇත්තටම ගොඩක් දුක හිතෙන කතාවක්.

wath said...

අනේ මම ඒක දැක්කෙ නම් නැහැ. මගේ හිතේ රැදිලා තිබ්බ කතාව මගේ වචන වලින් තමයි ලීවේ. copy & paste නෙමෙයි හොදද

malee_msg said...

මම මේක කලින් මේල් එකකින් කියවලා තියනවා.. තාමත් දුක හිතෙනවා කියවද්දි...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...