..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, February 26, 2010

බොදවූ සිහින තුලින් නැවුම් හෙට දවසක්



හීනයක් බලාපොරොත්තුවක් නැති මිනිසුන් ඉන්නවද දැන් ඔබ කියාවි මට නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ කියල. ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නැති මිනිස්සු හරියට ජීවත් වුනත් මැරුණ මිනිසුන් හා සමානයි කියල මට හිතෙනව. බලාපොරොත්තු නැහැ කීවට ජීවත් වෙන සෑම මනුෂ්‍යයාටම පුංචි හෝ සිහිනයක් තියනව කියල මට හිතෙනව.

අපි පුංචි කාළේ අපිට තිබුන අහිංසක සිහින අපි මුහුකුරායත්ම අපිට තේරෙනව ඒ සිහින එක්කෝ අපිට ඉටු කරගන්න පුලූවන් නැත්නම් ඒ සිහින බොහොම දුර ඈත ගිහින් කියල.

ඊට පස්සෙ අපි අපේ සිහින ලගා කරගන්න වෙර වීරිය ගන්නව. ඒ අතරතුර තිබුන සිහින බොදවෙලා ගිහින් ඒ වෙනුවට අලූත් සිහින ගොඩනැගෙනව.

අපේ සිහින වලට අපි තවත් අයව සම්බන්ධ කරගන්න ගියහම තමයි ලොකුම ගැටලූමතුවෙන්නෙ. මොකද සමහර අවස්ථා වලදි ඒ සම්බන්ධකර ගන්න පුද්ලගයා හෝ පුද්ගලයන්ගේ සිහින අපේ සිහින වලට වඩා වෙනස් නිසා.

ආයතනයකත් සිහිනයක් තියනව අපි ඒකට කියන්නේ අරමුණ කියල. ආයතනයේ පුද්ගලයන් සියලූ දෙනාගෙම සිහිනය එකම නොවුනම ඉතින් ගැටලූ තමයි. මේ දිනවල අපේ ආයතනයත් තකහනියේම ඵලදායීතා තරගයට වැඩ. ඒකයි මට මේ හදිසියේම ඇහැරුණා වගේ පහුගිය හීන මතක් වෙන්න ගත්තේ.

Blog එකකුත් ලියන එකේ මට හිතුනා මගේ කාර්යාලයෙන් සිදුවන මහජන සේවය ගැන ඔබලා දැනුවත් කරන එක හොදයි කියල. පල්හෑලි ඕප දූප වලට වඩා ඒක හොදයි නේද

මී ලග ලිපි වලින් මම ඒ පිලිබදව කරුණු ගෙන එන්නම්.

මගේ සිහින ඉටු කරගන්න ගියහම මම කවදාවත් නොදැකපු සිහින සැබෑවුනා. ඒත් දැකපු සිහින බොදවෙලා ගියා.

එක හීනෙන් එළිවෙන්නෙ නැහැ කියනව නේ . ඉතින් තවත් සිහිනයක් ජීවිතේට තුරුල් කරන් නිදා ගන්න දැන් වෙලාව ඇවිත්........

ඔබේ සිහිනයත් සැබෑවෙන සිහිනයක්ම වෙන්න කියල මගේ සිහිනයත් අරන් ඔන්න මම ගියා.....


නැවුම් හෙට දවසක් අද්දර ඉන්න  
මම
෴වත්෴

8 ප්‍රතිචාර:

රවා said...

මමත් ඔය මගෙ බයිලා කථා ටික ලියන එක දාල මගෙ දැනුමෙන් ටිකක් බෙදා ගන්න කියලා හිතුනා, එත් ඉතින් google එකෙ හොයපු ගමන් හම්බෙන දෙවල් තමයි මාත් දන්නෙ.....කොහොම උනත් කවි ලියන එක නතර කරන්න එපා... මම ආසයි ඔයාගෙ කවි අහන්න( කනින් නෙමෙ)... මහගම සෙකරගෙ ලස්සන නිර්මාණ තියනවනම් අපිත් එක්කලා බෙදාගන්න. සිතල දිය පිරි.. වගෙ....

wath said...

මෙ දවස් වල කවි සිතුවිලි පහල වෙන්නෙම නැහැ නේ. කොච්චර උත්සාහ ගත්තත් වචන 2 කට වඩා ගලපගන්න බැහැ. මගේ හිත සංසුන් ඒකයි කවි ලියන්න බැරි. මම කවි ලියන්නේ හිත නොසන්සුන් වුනාම හිතේ දුක තරහ නැතිකර ගන්නයි.

තිස්ස දොඩන්ගොඩ said...

රවා කියන එක හරි... කවි ලියන එකනම් නවත්තන්න එපා... හැබෑටම පුදුම වැඩක් නේ ඒක...එතකොට සන්සුන් එකද නොසන්සුන් එකද හොඳ...!? මටනම් තේරෙන්නේ නෑ ...එක අතකට පද හතරක් ගලපගන්න බැරි මං ඕවා ගැන මොනවා දන්නවද...! මට පුලුවන් ඉතින් ඕකට ගැලපෙන "සන්සුන් රුවන් හද මන්දීරයේ ...."වගේ සින්දුවක් මතක් කරන එක තමා....

wath said...

පුදුම සින්දු ගබඩාවක් තමයි .... මම කල්පනා කරන්නේ මේ සින්දු උල්පත තියෙන්නෙ කොහෙද කියල. මෙහෙයුමක් දියත් කරල තියෙන්නෙ. බලමු බලමු කවි ලියන්න බැරිම වුනොත් සින්දුවක් හරි කියන්නම් කො

රවා said...

එ කියන්නෙ දුකින් නෙමෙ ඉන්නෙ....ගොඩ ගොඩ... හැබැයි අපි නොදන්න රාජ්‍ය ආයතන ගැන නම් කියන්න යන්න එපා.. අපිත් හැම තැනම ඇවිදලා දැකලා තියනවා. රිපොර්ට් එකක් ගහන ගමන් ඉන්නෙ නිමා උන ව්‍යාපාර ගැන.. මටත් දැන් ටිකක් සතුටුයි. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඔනා සොදුරු සිත.. අපි මෙ බ්ලොග් එකට ලං වුනෙ ඔයාගෙ තිබුනු සැබැ සොදුරු සිතටයි. ඔයා තමුන්ගෙ දිශාව වෙනස් කරොත් අපිත් වෙනස් වෙයි නෙද. මම කියනදෙ වෙයිද නැද්ද...?

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

මං ප්‍රාර්ථනා දැකපු සිහිනය මං ඉදිරිපිටම බොදවෙලා ගියා... ඒක ජීවිතයට දුකක් උනා. අපි හැමෝටම බලාපොරොත්තු තියෙන එක ඇත්ත ඒත් ඒ බලාපොරොත්තු අපි හිතන ආකාරයෙන්ම ඉෂ්ට වෙන්නේ නැ.
නොදැකපු සිහින සැබැවෙනවා ඒත් ඊට වැඩිය දැකපු සිහින බොදවෙලා යනකොට දුකයි නේද?

දිlee said...

කවි ලියන එක නතර කරන්න එපෝ...
අනෙ PLZ....

dil greroo said...

අපේ සිහින වලට අපි තවත් අයව සම්බන්ධ කරගන්න ගියහම තමයි ලොකුම ගැටලූමතුවෙන්නෙ. මොකද සමහර අවස්ථා වලදි ඒ සම්බන්ධකර ගන්න පුද්ලගයා හෝ පුද්ගලයන්ගේ සිහින අපේ සිහින වලට වඩා වෙනස් නිසා.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...