..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, February 22, 2010

අරුම පුදුම යහළුවො



දැනට වසර 24 කට විතර කලින් මගේ ලෝකෙ හරිම ලස්සනයි. යාළුවො ගොඩයි. ඒ යාළුවො මගෙම විතරයි. කොච්චර ලොකු මිනිස්සු වුනත් , මගේ යාළුවන්ව අදුරන්නේ නැහැ. අපේ වත්තට එන හැම බල්ලෙක්ම, බළලලෙක්ම, ලේන්නු, කුරුල්ලො, මුගටි ,කබල්ලෑවො, සමණළයො විතරක් නොමෙයි පුංචි කූඹියොත් මගෙ හොද යාළුවො. අනික කවුරුත් නැති වෙලාවට එයාල හරි හරියට මාත් එක්ක කතාව.

අම්මා මට දෙන කෑම වලින් වැඩි හරියක් කන්නේ එයාලා. ඉතින් අම්මා මට කියනව "මගේ හොද දු පැටියා ,අද නම් ඔක්කෝම කාලා කියල."

ඒව කාලා මගේ පුංචි බෝනික්කිට තමා බඩේ අමාරුව හැදුනේ. ඉතින් මම කුරුල්ලන්ගෙන් අහගෙන එයාට ඛෙහෙත් හදල පෙවුවා. මම සෙල්ලම් ගෙවල් දැම්මම එයාල ඔක්කොමලා එනව මාත් එක්ක සෙල්ලම් කරන්න.

අනේ ඉතින්, මම පෙර කරපු අකුසලයකටද කොහෙද ඉක්මනින්ම මට ඉස්කොලෙ යන්න වුනා. මම ඉස්කෝලෙ ඇරිලා එනකම් එයාල ඉන්නව මාව බලන්න. ඒ වුනාට වසරින් වසර ඉහලට යන කොට මට එයාලව බලන්න වෙලාවක් තිබ්ඛෙ නැහැ. මට ටික ටික එයාලව අමතක වුනා. එයාලටත් මාව අමතක වෙන්න ඇති.

මගේ පුංචි දුව දැක්කම තමයි මට ආයෙත් එයාලව මතක් වුනේ. මගේ දූ පැටියට ඉන්නෙ අමුතුම යාළුවො. බාබි ඩෝල්, පැන්ඩා පැටවු, අඩන ඇසිපිල්ලන් ගහන බැටරි බැස්සම හිනාව නතර වෙන, එකම වචනෙ කතා කරන සෙල්ලම්බඩු තමයි ඇගේ යහළුවො.

මාත් එක්ක  දොඩමලූ වුන මගේ අරුමපුදුම යාලූවොටික අද කොහෙද .... මට සමාවෙලා මගෙ දෝණිත් එක්ක යාළුවෙන්න ඉන්න තැනකින් හනික එන්න .....


පින්තූරෙ සොයා ගත්තේ www.j4jokes.com

12 ප්‍රතිචාර:

රවා said...

අක්කෙ හිතෙ මැවෙන අරුම පුදුම හින නෙද..?
දැන් ඔයාගෙ හිතෙයි, බ්ලොග් එකෙයි මුලින් තිබුනු අදුර නැහැ, ඇත්තටම කතාව ලස්සනයි, හැබැයි පුන්චි ප්‍රශ්නයක්... දුවට කන්න දෙන කැම බල්ලො, බළලො, කුරුල්ලො ඔන එකෙක් කැවට මට කමක් නැහැ, හැබැයි අපහු එ කැම දුව කන්න ගියොත් ආපහු බ්ලොග් එක පරණ තත්වයට එයි... හික්..හික්.. හිනා යන්නෙ නැද්ද.. එත් කමක් නැහැ.

wath said...

පොඩ්ඩක්වත් බය වෙන්න එපා රවා... දූ පැටිය ඒ කාලේ කෑම කටේ තියන්නේ නැහැ....

තිස්ස දොඩන්ගොඩ said...

අසරන බෝනික්කට වෙච්චි දේ අපටත් වෙයි... සොඳුරු සිත නැව් නැග්ගම....

wath said...

බය වෙන්න එපා . බඩේ අමාරුවට ඛෙහෙත් තියනවා. මම දුන්නෙ එක වඩියයි. ඒකෙන්ම සනීපයි. ගඩොල් කැට කෑල්ලක් හීන් වෙන්න කුඩු කරල අම්මා මට බොන්න දෙන නිවපු උණු වතුරෙ දිය කරල පෙවුවා...
අනික මම නැවි නගින වැඩේ අතහැරියා...

තිස්ස දොඩන්ගොඩ said...

ඒකනම් නියම බෙහෙත...හෙහ් හෙහ් හෙහ්..... මට තවම හිනා....අර එක්ටැම් ගේ චිත්‍රපටියේ, ජෝ අබේවික්‍රමගේ දත් කැක්කුමට බැටරි ඇසිඩ් දුන්න වාගේ....

රවා said...

ඔයා මෙ කතාවෙන් සමජයෙ තියන යම් ඉගියක් දෙනවා කාලෙ වෙනස් වෙද්දි අපෙ පුංචි දෑත් වලට කෘතිම දෙවල් හම්බ වෙන්නෙ. මම මතක පුංචිම කලෙ මට හම්බ උන තුවක්කුවක් එකෙත් පතුරන් අමතක වෙලා ඇවිල්ල සුමෙද අයියා දුන්නෙ. කොහොම උනත් කතා කරන්න ඔනා මතෘකාවක් කො මිනිස්සු කතා කරන්නෙ නැහැ නෙ.

දසුන් මධුසංඛ වානගුරු said...

අපේ දරුවෝ ඉන්නෙ කෘතිම ලෝක වල
උන්ගේ හදවත්වල් සුන්දරත්වය නැහැ
අපි උඹලා වගේ උන් සුන්දර මිනිස්සු වෙන්නෙ නැහැ.

[අපේ දරුවෝ කිව්වට මට දරුවෝ එහෙම නැහැ.තාම ඉතින්......]

wath said...

දසුන් මධුසංඛ වානගුරු

මාත් මගේ හිතේ දගකරන පුංචි දෝණිට තමයි මේ ලිපිය ලිවේ. දෝණිට කලින් දෝණිගෙ තාත්තා මුණගැහෙන්න ඕනි නෙ නේද....අපේ දරුවන්ට සුන්දර ලෝකයක් දෙන්න අපි උත්සාහ කරමු.

චමි.දේ.වා. said...

"මාත් මගේ හිතේ දගකරන පුංචි දෝණිට තමයි මේ ලිපිය ලිවේ"
මාත් බැලුවා මෙච්චර කල් බොරුද කිව්වෙ කියලා....

wath said...

චමී

ඔයා ඇයි blog එකක් ලියන්නෙ නැත්තෙ..
මම හිතුවා හරි .මම කීවේ බොරු කියල කට්ටිය හිතාවි කියල මට නිකමට හිතුනා.

walkwithyogee said...

පුංචි උන්ගේ ලස්සන ලෝකේ දැං හුඟක් ඈතයි.
අර කලිං දසුන් කිව්ව වගේ උං සුන්දර මිනිස්‍සු වෙන්නේ නැති වෙයිද කියලයි බය.
කොන්ක්‍රීටි නැතුව තනකොළ , වැලි ඇතුරුණු පොළවේ පය ගහන්ඩ දෙන්ඩ ඕනෑ.කොළපතක් කපලා ඇදගෙන යන්ඩ , කුරුම්බැට්ටි මැසිමෙං වැටමාර කොළයක මැහුමක් දාන්ඩ , කිරිල්ල ඇට දාලා බට තුවක්කුවෙන් විදින්ඩ , අවුරුදු කාලෙට උණ වෙඩි හදන්ඩ , සරුගලයක් හදලා වෙල දිගේ දවස පුරා අව්වේ දුවන්ඩ ... තව කොච්චර දේවලට පොඩිඋංගේ ලෝකේ බලං ඉන්නවද?
ඇළක වතුරක පැනලා , මඩ නාලා , නළහඳ‍යි අල්ලලා සිලිකවරෙකට දාගෙන අම්මගෙං බැනුං අහලා ... අනේ ඒ සුන්දර ජීවිතේ උන්ට නැතුව යන්න දෙන්න එපා.

Bunny ! said...

අනේ මටත් මෙවැනිම කාලයක් තිබ්බා.අයේ එකට යන්න ඇතනම්. මම නිතරම පතන්නෙ ජිවිතයට රිවස් එකක්. නියම ලිපිය :D

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...