..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, February 20, 2010

- ලස්සන හදවතින් දකිමු ද -


ලස්සන දකින්න අපි කවුරුත් කැමති. මම දැන් කියන්න යන්නේ ලස්සන ගැහැණු පිරිමි ගැන. පිරිමි කෙසේ වෙතත් ගැහැණූන්ගෙ ලස්සන නම්  කාටත් නේත්‍රාන්ජනයක්. ලස්සන නිසා ලෝකය දිනපු ගැහැණු එමටයි. ලස්සන කාන්තාවකට ආභරණයක්....

මම කියන්නේ නෙත දකින ලස්සන නම් නෙමෙයි. ලස්සන දකින්න තවත් ක්‍රම තියද...ඔවු ඇත්තටම තියනව.  ඇත්තටම ඒක ලස්සන නෙමෙයි සුන්දරතාවය... හදවතින් දකින්න පුලූවන් වෙන්නෙ සුන්දරකම... ලස්සන ගැහැණු අතර ඉන්න සුන්දර ගැහැණියක් ඔයාලට මතක් වෙනවද.... මතක නැද්ද අපි දැකල තියන සුන්දරම ගැහැණිය තමයි අපේ ආදරණීය අම්මා...

කෙනෙක් සුන්දර ව දැක්කම වයසට ගියත් ඒ සුන්දරකම විදින්න දකින්න අපිට පුලූවන් . ඒත් ලස්සන එහෙම නැහැ.

කෙනෙක්ට ආදරේ කරන්න මුල පුරන විටත් ඒ පුද්ගලයාගේ ලස්සනට වඩා සුන්දරතාවය දකින්න පුලූවන්නම් ඒ ආදර බැදීම ගොඩක් සවිමත් වේවි කියල මට හිතෙනව.
දුටු පමණින් ඇතිවෙන ආදරේට පෙනුම ලස්සන ගොඩක් වැදගත් වෙනව. කාලයක් ඇසුරුකරල ඇතිවෙන ආදරේ ට මූලික වෙන්නෙ කෙනෙකුගෙ සුන්දරතාවය.

සුන්දර මිනිසුන් අපි අතර ඕන තරම් ඉන්නව. අපිට ඔවුන්ව අදුර ගන්න කාලයක් යනව. එහෙමත් නැත්නම් අපි ඔවුන්ව බොහොම පොඩි හේතු නිසා නොසලකා හරිනව... ඇස් ඇරල බලල හදවතින් තේරුම් ගන්න ඔබ ගේ ජීවිතේ ලස්සන කරන සොදුරු පිරිමියා හෝ ගැහැණිය ඔබ නොසලකාහැරිය ඔහු / ඇය නොවේද කියල. අද නම් මට කවියක් ගලපගන්න ටිකක් අමාරුයි... ඒ නිසා

මහගමසේකර මහතාගේ පැදියකින්ම ලිපිය අවසන් කරන්නම්


සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවද මලයි
ගිමන් නිවා ලන සුළන් රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි

අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඩ නෙත ඈත සිතිජයෙන්
උදා වෙලා මට අත වැනුවා

දෑස නොපෙනෙනා ඝණ නිල් අදුරේ
ඔබේ හදින් මා දෙස බැලූවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා


 - වත් -

12 ප්‍රතිචාර:

රවා said...

ඔන්න අක්කෙ මාතෘකාව, ලස්සන හදවත් කොහොමද අපි හදුනගන්නෙ ලස්සන හදවතක්, කියන වචන වලින්ද, කරන ක්‍රියාවෙන්ද. මගෙ නම් අදහස් අනුව වචනෙන් , ක්‍රියාවෙන් මනින බැහැ හදවතෙ තියන ලස්සන.එක සංසාරෙ කරපු කියපු දෙවල් අනුව ලැබෙන දෙයක් නෙද මම පස්සෙ එන්නම් මෙ පැත්තෙ වැඩි විස්තර කියන්න

තිස්ස දොඩන්ගොඩ said...

සොඳුරු සිත... මට පසුතැවිල්ලක් ඇතිවෙනවා... මගේ අතින් නොගැලපෙන යමක් කියැවුනාද...?

දසයා said...

කතාව ඇත්ත. ගතේ සුන්දරතාවය බොහොම තාවකාලිකයි. නමුත් සිතේ සොඳුරු බව සදාකාලිකයි. සදාකාලිකව ආදරෙන් බැඳෙන්නම් සුන්දර සිතක් සොයාගන්නම ‍වෙනවා.

wath said...

තිස්ස අයියෝ ... මොනාද මේ කියන කතා . එහෙම හිත් රිදීමක් නැහැ අනේ... හිතවත් කියන්නේ හිතවත්.

දසයා ඔයා හරි


රවා
.................................

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

හරිම අමාරු මිනිස්‍සු තේරුම් ගන්න.. සමහර වේලාවට ජිවාතෙන් භාගයක්ම යනවා ඒ දෙයට.. ඒත් එහෙම ගියත් අපි අසරණ වෙන වෙලාවල් තියෙනවා

රවා said...

මොකද තිත්.. ආ.
මං නම් කියන්නෙ අක්කෙ අපි අරකෙ ලස්සනයි, මෙකෙ ලස්සනයි හොය හොය ඉන්න ගියොත් අපිට තනියම තමයි පෙට්ටියෙ ලගින්න වෙන්නෙ....හික් හික.. නරකද අතට අහුවෙන එකක් කටෙ දාගෙන, අතනින් අරන් මෙතනට දාලා, ඔය යන විදියට රොල ගහගෙන, උලත් එකයි ,පිලත් එකයි මලත් එකයි, කියලා හිනියට සින්දුවකුත් දාගෙන වංඩිය (වාහනය) කරකවන එක. මට ලියන්න අමතක උනා ඔයාගෙ blog එක ලස්සනයි, චාම්. ඊට වාඩා එකෙ ඇතුලෙ තියන දෙ ගොඩක් ලස්සනයි..... හික්, හික්...මහගම සෙකරගෙ මොන පොතෙද මෙක තියන්නෙ මා ගාව පොත් ගොඩක් තියනවා.

wath said...

ane Ban Rawa .. Uba den aka widihak... Mahagama sekara ge sinduwak oka. Sunil Edirisinghe mahaththaya thama sinduwa kiyanne .. ahalama nehe neda..

http://www.youtube.com/watch#playnext=1&playnext_from=TL&videos=9Gxc3R100Zs&v=HnSzCjVKm8k

රවා said...

http://www.mediafire.com/?djywogywt59

මෙන්න සිංදුව ගන්න ඔනා නම්. ඔයාටත් ස්තුති. මම එක දෙකින් හැර අන් හැම අතින්ම හරි වාසනාවන්තයි හැමතිස්සෙම මම හොයනදෙ මන් ලගටම ගෙනත් දෙනවා. මහගම සේකර මහත්තයා නම් මාරයි නෙද ? මෙ මනුස්සයා මට මගෙ ඔලුවට කරපු දෙයක්

දසුන් මධුසංඛ වානගුරු said...

වත් ඔයා හරි
මමත් තදින්ම අදහන දෙයක් තමයි ලස්සනට වඩා වැදගත්වෙන්නේ සුන්දරත්වය කියන දේ කියලා....

රවා said...

බලන්න මෙ මනුස්සය කොච්චර ලස්සනට, සරලව මෙ වචන ටික අමුනලද කියලා, ඇත්තටම අපිට කොච්චර ලස්සන දෙවල් ඉතුරු කරලද මහගම සේකර යන්න ගියෙ.. මිනිස්සු මෙවා රස විඳින්නෙත් නැහැ. එච්චරටම තරගෙ හැල්මෙ දුවනවා....

දිlee said...

AS I Believe......
ලස්සන 20% + සුන්දරත්වය 80% = ආදරය
(ඔය 20% හැමෝටම තියෙනවා)

BlogShan said...

මම දන්න විදිහට ලොඩක් අය ආදරය කරන්න පටන් ගන්නේ ලස්සනට.හැබැයි ඒ ආදරේ රෑපෙටම විතරක් වුනොත් ඒ ආදරේ පවතින්නේ ටික කාලයයි. ආදරයක් පවතින්නනම් අනිව හදවත ලස්සන වෙන්න ඕනි.අනිත් කෙනාව තේරැම් ගන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕන.අන්න එතකොට ඒ ආදරේ දිගුකල් වැජබෙන්න පුලුවන්.

රචනාව වගේ කියාගෙන ගියාට කවි ගැනනම් ටෝක් දෙන්න යන්නෙ නෑ.හොක්ක බිම ඇන ගන්න වෙනවා මෙයත් එක්ක කවි කියාගෙන..........

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...