..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, February 18, 2010

- මගේ කඩදාසිය -


මේ දවස් වල හිත හිස් වෙලා... ලියන්න ඕන ඒත් අදහසක් නැහැ.ලියන්නෙ නැතිව ඉන්නත් බැහැ.

මම ගොඩක් වෙලාවට ලියන්නේ ගොඩක් දුකක් හිතුනම, එහෙම නැත්තමි ගොඩක් සතුටු හිතුනම. දැන් හිත සන්නුන් නිසා තමයි හිස් වෙලා තියෙන්නෙ.

ලස්සන සුදු කඩදාසියක් වගේ පිරිසිදුව තිබුන අපේ හිත වලට, කාලයත් එක්ක ටිකින් ටික ආදරය ,වෛරය, ඊර්ෂ්යාව, ක්‍රෝධය ,මෛත්‍රිය වගේ දේවල් ඇතුලූ වෙලා කුරුටු ගාපු කඩදාසියක් වෙනව.. සමහරු නම් තම ජීවිත කතාව ලියන්න දුන්න ඒ කඩදාසිය කුරුටු ගාලා නවතින්නේ නැහැ. මඩ ගාලා, කෙල ගාලා, තියන ජරාව ඔක්කොම ගාගෙන කඩදාසියට දරන්න බැරි තරම් දේවල් ලියා ගෙන, කඩදාසිය ඉරා ගන්නව. මට හිතෙන විදිහට මට දුන්න කඩදාසියෙ තාම ලියල තියෙන්නෙ බාගයටත් වඩා අඩුවෙන්. මොකද මගේ වයසෙ අනිත් කඩදාසි වල දැන් දෙවෙනි තුන්වෙනි පරිච්ෙජ්දත් ලියවිලා.

කොහොමත් ඉස්කෝල කාලෙත් මම වාක්‍ය රචනා ලියන්නෙ බොහොම කෙටියෙන් . වචන 250 ලියන්න ඕන නමි 150 න් කියල ඉවරයි. කොච්චර උත්සාහ කරත් 250 ලියන්න බැහැ.

ලියන්න බැරි නිසාම විද්‍යා විෂයන් තෝරගෙන යන්තම් ගොඩ ගියා.

මගේ කොළේ පුරවන්න ලස්සනට ලියන්න පුලූවන් කෙනෙක් ලැෙබිවි කියන පුංචි බලාපොරොත්තුව හැමදාම ටිකෙන් ටික වියකිලා යනව.තනියම කොළේ පුරවන්න අමාරුයි. පරිච්ෙජ්ද සම්පූර්ණ කරන්න නම්  කිහිපදෙනෙක්ගෙ, විශේෂයෙන්ම ඒක්කෙනෙක් කාටත් ඕන වෙනව...

මගේ කොළේ කටු ගාලා දාලා ඉරල විසි කරන්නත් හිතෙන වාර අනන්තයි. අනිත් අය එකතු වෙලා ලියන කොට මම තනියෙන්....

අපොයි දැන් නම් මේක දන්නෙම නැතිව වාක්‍ය රචනාවක් වෙලා නේද..

මම හිතන් ඉන්නෙ මගේ කොළේ ලියන්නෙ නැතිව  චිත්‍ර  වලින්ම පුරවන්න...

ඔයාල මොකද කියන්නෙ ............



- වත් -

17 ප්‍රතිචාර:

මාරයාගේ හෝරාව said...

සමහර දේවල් පිරුණම ලස්සනයි.
තවත් දේවල් හිස්ව තියෙනකොට ලස්සනයි.
ඇයි ඔයා නිතරම ඔය කඩදාසිය පුරවන එකේම එල්ලිලා ඉන්නේ...
ඔයාට ඔයාවම වදයක් කරගන්න ඔයාම ඔච්චර මහන්සි වෙන්නේ ඇයි..?
දැනට ඔය තියෙන හිස්බව නිදහසේ විදින්න පුරුදු වෙන්න..
ඔයාට ඔන වෙලාවට නෙවෙයි කොලේට සහ පෑනට ඔන වෙලාවට කොලේ පිරෙයි..
ඊට පස්සේ ඒ පිරුනු දේ විදින්න..
දැනට තියෙන තත්වයේ අගය විදින්න...

.::පිස්සා::. said...

අයියෝ,,,,
මොකද්ද චිත්‍ර වලින් කොළේ පුරවනවා කිව්වේ??
ඔයා ඒකේ චිත්‍ර අදින්නද ලෑස්තිය..
එහෙමත් නැත්නම් ෆොටෝ දාන්නද?

මොනවා හරි ලියන්න අනේ,, අපි ඉතිං ඔයාගේ පාඨකයෝනේ... අපි බලං ඉන්නවා..

wath said...

මාරයා
ඔයා දන්නෙ නැහැ නේ. මගේ කොළේ පිරුන්නෙ නැහැ කියල රුදාව තියෙන්නෙ අනිත් අයට. එයාලගේ පිරුණ කොළ පෙන්න පෙන්න මගෙ හිත දුකින් පුරවනව... ඉස්කොල කාලෙත් වුනේ ඒක. වචන අඩුයි. අදත් එහෙමයි.... කොහොම වුනත් ඔයාගෙ චවන ටිකට ස්තූතිය.

wath said...

අනේ පිස්සො

පිස්සෙක් වගේ ඉන්න තියනම් දාහෙන් සම්පතයි...

තිස්ස දොඩන්ගොඩ said...

" "

රවා said...

විද්‍යා විෂයන් කරා කිව්වනෙ. ඉතින් එකට ඔනා කරන බුද්ධිමය හැකියාවනුත් යම් තාක් දුරට ඇති නෙද.? නැත්නම් අභ්‍යාස තුලින් වර්ධනය කරගන්න ඔනා. කොහොම උනත් කාලය අපෙ ජිවිතවල වැදගත් චරිතයක්.මම ඔයාට කතාවක් කියන්නම්.ග්‍රික myth එකක් ආදරය, සෙනෙහස ගැන සියුස් කියන දෙවියා කරපු වැඩක් ගැන, ලොකෙ ආරම්බයෙදි ගැහැණු පිරිමි දෙකම එක ශරිරයකින් ලු පැවතිලා තියන්නෙ. දවසක් සියුස් දෙවියට මෙ මනුස්සයා කරපු වැඩකට තරහා ගිහිල්ලා ශරිරයෙන් දෙකඩ කරලා ගැහැනියවයි මිනිහවයි ලොකෙ දෙපැත්තට අතහැරියලු. එදා ඉදන් ගැහැනියයි, එ මිනිහයි එකිනෙකාව සොයා ගන්න උත්සහා කරනවලු. සමහර අයට එගොල්ලන්ව හම්බ වෙනවලු සමහර අයට නැහැලු. එ අය හම්බ උනාම එ අය දන්නෙත් නැහැලු මෙ අපි මොකද කරන්නෙ කියලා.
මෙකෙයි ඔයා ලියපු එකෙයි අතර සම්භන්දයක් තියනවා. යා කරගන්න.
මහා වරුසාවට පසුව නැගෙන සඳ...
වෙනදාටත් වැඩියෙන් එළියයි..

මිනිස්සු ලග තියන වටිනාම දෙ බලාපොරොත්තුව. එක නැතිකරගන්න එපා මාරයා කියනවා වගෙ. බලන් ඉන්න කඩදාසිය ආදරයෙන්, සෙනහසින්,දායාවෙන් පුරොගන්න

අනුරාධ said...

අනිත් අයගෙ පිරුණු කොල දිහා බලල තමන්ගේ කොලෙත් හදිස්සියට පුරවගන්න යන 1 හරි අවදානම් වැඩක් අක්කේ. මොකද අපිට ලියපු දෙයක් මකන්න මකනයක් දීල නෑ. කරන්න තියෙන්නෙ අලුත් කොලයක් ගන්න 1 විතරයි. නමුත් පරණ කොලේ ලියවුන අකුරු වල බොඳ වෙච්ච තීන්ත අලුත් කොලෙත් ගෑවෙන 1 වලක්වන්න හරිම අමරුයි.

දිlee said...

ඔයා හැම තිස්සෙම සෘණාත්මකව හිතනවා වඩියි කියලයි මම නම් හිතන්නෙ , මෙ හදිස්ස්යේ කොළෙ පුරවන්න ගිහිල්ල අනාගන්නවට වඩා, හිමිහිට එක කර ගන්න එක හොදයි, ජීවිතේට වයස එච්චර වැදගත් නෑ

දසුන් මධුසංඛ වානගුරු said...

මමත් ඉන්නෙ ඔයා ඉන්නවා වගේ රික්තක අවස්තාවක
දුකත් නැහැ සතුටත් නැහැ අනේ මන්දා....

wath said...

@ තිස්ස දොඩන්ගොඩ

මොකද අයියා ...comment හිස් ...

wath said...

රවා
දේව කතා ගැන විස්වාසයක් නැහැ මගේ . ඒව නිකම් ගොතපු සුරංගනා කතා. මනස හදාගන්න නම් හොදයි. යථාර්තය ඒක නෙමෙයි ... යථාර්තයට මුණ දෙන එක සුරංගනා කතාවක් නෙමෙයි...

wath said...

අනුරාධ

ඔයා කවුරුවුනත් හොදට ලියන්න පුලුවන් වගේ... ඔයා හරි. මට ලැබුන පලවෙනි කොළේවත් තාම පුරව ගන්න බැහැ. ඔයා දෙවෙනි කොළයක් ගැන කතා කරනව.... අනුරාධ මල්ලි ඔයාත් ලියනවද....

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

කවදාවත් හම්බවෙන්නේ නැති
සදාකාලික ලොකේ
ඔයයි මමයි
වෙන් වෙලාම ඉමු....

කවදාවත් අපිට ලොකේ පුරවන්න බැ ඒක හිස් ගොඩක් ඒත් අපේ හිත් පුරවගන්න පුලුවන් ඒත් ඒකට උත්සාහ කරන්න ඕන..

සුභ පතනවා ඔයාට සුභවාදීව හිතන්න

wath said...

දිlee
ඔයා මම කීව දේ වැටහිලා තියනව වගේ. ඔයා හරි වයස තමයි ප්‍රධාන ගැටලුව. හදිසිය ඒකයි... මම ඍණාත්මක නැහැ. බලන්න මම කොළේ චිත්‍ර අදින්නයි හැදුවේ .. ඒක ධනාත්මක නැද්ද... ධනාත්මකව හිතන එක දුකක් නේද? මොකද එතකොට බලාපොරොත්තු වැඩී....

රවා said...

මමත් ගණිතය තමයි කලේ. එකාලෙ දෙවියන් කියද්දිත් හිනා වුනා, වැඩිමල් අයට ඔච්චම් කලා. පස්සෙ පස්සෙ තෙරුම් ගත්තා, මිනිස්සුන්ගෙ තර්කයට,ඇස්වලට,කන්වලට හැමදෙම අහුවෙන්නෙ නැහැ කියලා. ගණිතය ,විද්‍යාව කියන්නෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න මිනිස්සු හදාගත්තු දෙයක් මිසක් සැබැ යථාර්තයක් නොවෙයි. දෙව කථාත් එවගෙ. නමුත් මිනිස්සු අමාරුවෙන් හොයාගත්තු දෙවල් එකනිසා අපිත් ඉගෙනගෙන ඉස්සරහට ගෙන්න ඔනා. මම සමහර විට ඔයාගෙ හිත රිදෙන විදියට ලියනව වෙන්නැත් නමුත් මම දක්න ඇත්ත එකයි...

තිස්ස දොඩන්ගොඩ said...

හිස් බවට හිස් බවෙන්ම පිලිතුරු දුනිමි...

NUWAN"s lane said...

ඊයෙත් කියවන්න උත්සාහ කල.ඒත් බෑරි උනා.ඒත් හිස් පිටුවක් ආවෙ.නෑ වෑරෑද්ද මගේ අන්තර්ජාල සබදතාවයේ...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...