..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, February 14, 2010

මැජික්කාරයා ආපහු ඇවිත්


ලියන්න බැහැ අකුරු ඇදයි
කියන්න බැහැ වචන අඩුයි
මෙච්චර ලස්සන අකුරුයි වචනයි
කාගෙන් අහලද අරන් ගියේ
කතා කරන්න පුලූවන් වෙලත්
මේ බලන්න මම ගොලූ වෙලා
කලින් මවපු කදුළු
ඉවර වෙන්නත් කලින්
මැජික්කාරයා ආපහු ඇවිත්
- වත්-

15 ප්‍රතිචාර:

තිස්ස දොඩන්ගොඩ said...

ඒකනම් හරිම ලස්සන පබැඳුමක් සොඳුරු සිත... ඔය පේලි 9 දිහා බලාගෙන අනන්තයටම ඉගිල ගොස් එන්න පුලුවන්... මට බෑනෙව ඔය වගේ පද ගොතන්න...

wath said...

ගෙතුවත් එකයි රසවින්දත් එකයි. මොකද ඒ දෙන්නම එකවගේ හිතන නිසා..
මැජික් කාරය කදුළු මවලා යන බව දැන දැනම ආයෙත් මම මැජික් එකට අහුවෙලා අයියා.... බොහොම ස්තූතියි comment එකට

රවා said...

හැමදාමත් වගෙ අදත් ගොඩ උනා ඔයාගෙ නවාතැනට, දැන් නම් මට ටිකක් සතුටුයි. ජිවිතය විඳවන එක අත හැරලා විඳින්න පුරුදු වෙලා වගෙ. අපි ටික කාලයයි ජිවත් වෙන්නෙ. එකාලෙ දි එක එකා ත් එක්ක තරහාවෙලා, ගහ බැනගෙන, තමුන්ට අරක හම්බ උනෙ නැහැ, මෙක හම්බ උනෙ නැහැ කිය කිය හිතින් දුක් විඳින්න ගියොත් ලබා ගත්තු සුන්දර මනුශ්‍ය ආත්මයෙන් වැඩක් ගන්න බැරිවෙනවා. ඔයා ගෙ කවි වල මම දැන් නැවුම් බවක් තියනවා.

ගිමහානයෙ ගිලන්ව කෘශවි
ඇදී ඇදී ගිය ගඟ
දැන් නැවත පිරිපුන්ය
කටුකයි කියා අතහැර යායුතුද
කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිනිස

රත්න ශ්‍රී විජෙසිංහ

මම සාහිත්‍ය කරන කාලෙදි ඉගනගත්තු කවියක්. මෙවා මට මතක හිටිනවා ඉබෙම. හැබැයි වචන වැරදි වෙන්න පුලුවන් අදහස ගන්න. තමුන්ගෙ මනසට ආරක්ෂා කරගෙන ඔනා දෙයක්. මැජික්කාරයා අපි දන්න කෙනෙක් නෙද...? උත්සවය අපිට කියනවද..?

wath said...

@ Rava
ඔයා තියා මමවත් තාම එයාව හරියට අදුරන්නේ නැහැ. ඔයාගේ හිතේ තියන සිතුවිල්ල වැරදි.

මම said...

මැජික් කාරයා කවුරු උනත් මං එයාටයි කියන්නෙ මේ.."අයෙත්නම් එපා wath අක්කට කදුලු දෙන්න..."

තිස්ස දොඩන්ගොඩ said...

මටනම් හිතෙන්නේ "මැජික්කාරයා" කියන්නේ, හද විල කලඹන පෙම් ජල රේඛාව කියල... එයා පණ ඇතිකෙනෙක් නෙවේ... එහෙම නේද...?

රවා said...

සමාවෙන්න ඔනා ඔයාව පහලට දාලා තක්සෙරු කරාට. හිතට ආපු සතුට හින්දයි එහෙම උනෙ. දැක්ක නෙද.. සතුට, දුක, තරහව මෙ හැම දෙයක්ම හිත දුර්වල කරන, හිතෙ නිවැරදිබාවය අඩු කරන හිතිවිලි නෙද...? හරි හරි හිතෙ උද්යොගයක් ඇති වෙලා

ලා ගොයමෙ නිල්ල ඇවිත් පොළව වසා ගන්නයි
හිනා කිරෙන් කිරි වැදිලා කරලින් බර වෙන්නයි

නුබෙ කැකිරි සිනා පොදක් මා වෙත හෙලමිනෙ
හිතෙ තියන දුක මදකට දුරු කරවා පන්නෙ

මහගම සේකර.... රන් එතනාට කියපු කවි..
හරි හරි ...අපි නොදන්න කෙනෙක්.. මෙ ලොකෙ ජිවත් වෙන කෙනෙක්...බය වෙන්න එපා කොහෙ හරි ඉදන් වෙලාවට පනි, බුදු අම්මො කියලා දුවන්න තියන්නෙ..හික්..හික්ක

wath said...

ඔවු තිස්ස අයියා... මැජික්කාරයට පණ එනව නම් හොදයි කියලත් හිතෙනව

රවා said...

අහා දැන් දුරකථන බිලත් වැඩියිලු... එකියන්නෙ මැජික් කාරයා මෙලොකෙ කෙනෙක් නෙද

wath said...

මෙ මේ කොහෙන්ද මේ මගේ පුද්ගලික විස්තර... ආ හරි හරි මම දන්නව.... බැරිද බිල ගෙවන්න. බිල වැඩි වෙන්නේ නැහැ බයවෙන්න එපා උපහාර තියනකම්............

දුකා said...

niyamai . . . lassanata liyala tiyenawa . . . jaya

malee_msg said...

ආව්.... ජයිවේවා..!! නියමයි..!!!

wath said...

දුකා ... malee_msg

ආ තැන්කුයූ කීව....දෙන්නටම

රවා said...

කෙනෙක් එක්ක දුරකතනයකින් ලංවෙන්න යන්න එපා. මම දන්න මගෙ යහලුවො කරන කියන දෙවල් අනුව මම නම් කවදාවත් කෙල්ලෙක් එක්ක දුරකතනයකින් වචන දෙක තුනකට වැඩිය කතා කරන්න යන්නෙ නැහැ. නියම විදියට හම්බෙවෙලා මුනට මුන දාලා ඇස් දිහැ බලන් කතා කරනවා. ඇස් දිහැ බලන් කතා කරන්න පුලුවන් අවංක මනුස්සයින්ට විතරයි. දක්ෂ වංක කෙනෙක් එහෙම කරද්දි එයා කොච්චර දක්ෂයෙක් උනත් වචන වල නොගැලපිම මතු වෙනවා.

අපෙ අයියලාගෙ පන්තියෙ හිටපු කිපදෙනෙකුටත්. කැම්පස් එකෙ මට වැඩිය ලොකු කිපදෙනෙකුටත් ලව් කරන්න ඉගැන්නුවෙ මං. උන් ගොඩ ගියා. මං වලෙ තවම.

දිlee said...

ඔයාගෙ මජික් කාරයා ආපහු ආවද?

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...