..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, February 12, 2010

ප්‍රමාදය


දැනට වසර 13 කට පමණ පෙර තමයි මම ඔහුව ප්‍රථම වරට දැක්කෙ. අපේ යහළුවන් අතර හිටපු හිත හොද කොල්ල තමයි ඒ. රසායන විද්‍යා පන්තියට අපි දෙන්නම එනකොට පන්තිය පටන් අරන් සති ගාණක් ගිහින්. ඉතින් අපිට හම්බ වුනේ පන්තියේ අවසාන පේළිය ඒ නිසා අන්තිමට ආපු ගැහැණු පිරිමි ළමයි කවුරුත් වාඩි වුනේ ඒ අන්තිම බංකුවෙ. ඒ අන්තිම බංකුවෙ හිටිය ළමයි දැන් ගොඩක් ඉහල තනතුරු දරන නිලධාරීන්. මාත් වැරදිලා හරි ඒ බංකුවෙ වාඩි වුන නිසා මටත් යන්තම් විශ්වවිද්‍යාලයට  පැන ගන්න පුලුවන් වුනා.

ඉතින් පන්ති එන්න දවසක් හරි අතපසු වුනොත් මම නෝට් ඉල්ල ගන්නේ මගේ අර පිරිමි යාළුවන්ගෙන් තමයි.මොකද ගැහැණු ළමයි ඒ දවස් වල කාටවත් නෝට්ස් දෙන්න කැමති නැහැ. මොකද උසස් පෙළ නිසා. තමන්ට වඩා අනිකා ලකුණක් වත් ගන්නවට කවුරුවත් කැමති වුනේ නැහැ.

අනේ ඒ වුනාට ඒ ළමය මගෙන් අහලම මට  මගඇරුණ සටහන් ගෙෙනත් දෙනවා. ඒ දවස් වල ළමයින්ට ආදර සම්බන්ධකම් තිබුනා. අපි දෙන්න අතරේ තිබ්ඛෙ හිතවත්කමක් විතරක් ද කියල මට හිතුනා. ඒත් මට ඉස්සර වෙන්න බැහැ. අනික යාලුකමත් නැති වුනොත් එහෙම ඒක දරාගන්නත් බෑ.
කොහොමහරි අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුනා. ඒත් ඔහු ඉංජිනේරු අංශයටත් මම කළේ ජීව විද්‍යාව නිසා මම යන්තමින් බීඑස්සී  උපාධියටත් තේරුනා. එකම විශ්ව විද්‍යාලයේ නිසා හිතවත්කම ගලා  ගෙන ගියා.ඒ දිනවල පිරිමි ළමයෙක් මා ගැන උනන්දු ව්නත් මට ඒ ගැන කිසිම උනන්දුවක් තිබ්ඛෙ නැහැ. ඒත් මගේ යහළුවගේ සිතේ මා ගැන තියෙන හැගීම කුමක්ද කියල තේරුම් ගන්න ඔ්න නිසා මා ගැන උනන්දු වුන පුද්ගලයට මම සමීප වුනා. එහෙත් මගේ යහළුව කිසිම වෙනසක් නැතිව පෙර ලෙසම මා ගැන සොයා බලමින් පුරුදු පරිදි හොදම යාළුව වගේ සිටියා.
එයින් මා තේරුම් ගත්තා ඔහුගෙ සිතේ මා පිළිබද ආදර හැගීමක් නැහැ කියල.

මෙහෙම කාලය ගත වුනා.මගේ ප්‍රේම ස්ම්බන්ධය වැඩිකල් තිබ්ඛෙ නැහැ. මොකද ඒක මට වදයක් වෙලා තිබ්ඛෙ.

ඔහුට හොද රැකියාවක් ලැබුනා. මටත් රැකියාවක් සොයා දෙන්න ඔහු ගොඩක් වෙහෙසුනා. ඒ අතර තුර ඔහුගෙ නිවසින් ඔහුට මනමාලියක් බලල තිබ්බ. ඔහු තමයි ඒ ගෙදර එකම දරුව.ඔහු ඒ මනමාලි ගැනත් හොද නරක විමසුවෙ මගෙන්. ඒ ඇයි කියල ඇහුවම ඔහු කීවෙ ඔහුව වඩාත් හොදින් අදුරන්නේ මමලු. අනේ ඔහුට මාව අදුරගන්න බැරි වුනා නේද කියල මම සිය දහස් වතාවක් සිතින් වැලපුනා.

මංගල දිනේ දවසෙ මගුල් ගෙදර හැම වැඩක්ම සොයා බලා කෙරුවෙ මම. මනමාලිය හරිම ලස්සනයි.ඔහු සොයන්න ඇත්තේ ලස්සන කෙල්ලක්. ඇත්තම කියනව නම් මම ලස්සන කෙල්ලක් නෙමෙයි.

විවාහයෙන් පසුවත් පෙර පරිදිම අපේ හිතවත්කම තිබුනත් මට ඔ්න වුනේ එයින් ඈත් වෙන්න. විවාහයක අවශ්‍යතාවයක් නම් මට තිබුනේ නැහැ.

දවස් ගත වුනා.... එක් දිනක් මා කාර්යාලයේ සිටින විට ඔහු හදිසි අනතුරකට භාජනය වෙලා හැකි ඉක්මනින් රෝහලට එන්න කියල පණිවිඩයක් ලැබුනා.

මම එතනට ගියේ කොහොමද කියල මම තවමත් දන්නේ නැහැ.

රෝහලට ගියහම දොස්තර මහත්තයා මගේ නම කියල කතා කරා. ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් ඔහු සෑම විටම මගේ නම කියා මා සොයන බවත් පැවසුවා. අවසන් මොහොතේ ඔහුගේ ළගින් සිටින ලෙස ත් ඔහු ඛේරා ගැනීමට සෑම ප්‍රයත්නයක්ම ගන්නා බවත් මට දැන්නුවා.ඔහුගේ බිරිදත් හැඩූ කදුළින් සිට සිහිවිසංඥව ගොස් ප්‍රතිකාර සදහා යොමු කර තිබුනා.

මගේ ජීවිතයේ මා ගත කළ දිගම පැය කිහිපය එළඹියේ ඉන් පසුවයි. ඔහුගේ අතින් අල්ලාගෙන ඔහුගේ මුහුණට එඹි ගෙන සිටිමට ඔහු කියූ අවසන් වචන කිහිපය  මේ ලොවේ මා ඇසූ මිහිරිම හා වේදනාත්මක වදන් බව ඔබ දන්නවාද

ඔහු මට ආදරේ කරන බවත් ඒ ආදරය ඇරඹියේ රසායන විද්‍යා පන්තියේ අවසන් පේළියෙදී බවත්. මා සිත කෙබදුදැයි හදුනා ගත නොහැකිව එය පැවසීමට නොහැකිවූ බවත් විටෙක සිනා සෙමින්ද විටෙක හඩමින්ද අමාරුවෙන් වචන ගලපමින් ඔහු පැවසුවා. තම ජීවතේ අවසන් මොහොත උදාවී ඇති බවත් රහස රහසක් ලෙස මිය යාමට දීමට නොහැකි බවත් ඔහු ගැන වරදවා වටහා නොගන්නා ලෙසත් අයද සිටි ඔහු අවසන් හුස්ම හෙලුවේ  තමා වඩාත්ම ආසා කරන සෙල්ලම් කරත්තය හමුවූ දරුවකු මෙන් සතුටු සිතින්.

මා ඔහුට කෙතරම් ආදරේ කරාදැයි කීමට මට ඔහු කෙරම් නම් වටිනා සම්පතක් දැයි කීමට අවකාශය නොතබා ඔහු මා හැර ගිහින් ......................

ප.ලි
මෙහි සදහන් මා සහ මෙය ලියන මා දෙදෙනකු වේ..

15 ප්‍රතිචාර:

Ivo Serentha and Friends said...

My compliment for your blog and pictures included,I encourage you to photoblog

CLICK PHOTOSPHERA

Even week another photo album

Greetings from Italy,

Marlow

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

සියල්ල සිහිනයක තැවරුනද
අවසන එය ඉටු උනද
මා
ප්‍රමාදය...
කිම
ඔබ මා හැරගොස්ය.... සදාකාලිකවම

මධු වීරකෝන් said...

හරිම දුක කතාවක් තමයි....
අපරාදෙ තමන්ගෙ හැගීම් හංගගෙන ඉන්න එකත් වෙලාවකට අවාසි දෙයක් නේද....

දසයා said...

ඔබ මා හමු උන මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මල දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ හිටියනේ.. ඒ ගැන සතුටු වෙන්න..

තිස්ස දොඩන්ගොඩ said...

අපොයි...!!! දරු පවුල සිහිවී නිතර තෙත්වන මගේ දෑස ඔබත් තෙත් කලා...

මාරයාගේ හෝරාව said...

ඇත්තටම දැන් මම හොද සිහියෙන් නෙවෙ ඉන්නේ. මොනවද ඔයා මෙ කියන කථා..........

wath said...

තිස්ස අයියා / මාරයාගේ හෝරාව

ඔහු ඔහුගේ ආදරය ඇයට පවසා ලෝකයම හැරදා යන්න ගියා. එහෙත් ඇය අදටත් මැරි මැරි උපදිනව ඇගේ ආදරය ඔහුට පවසන්න බැරි යීම නිසා... තමා ආදරේ කරන අයට ආදරෙයි කියන්න කවදාවත් පමා වෙන්න එපා........

කොමා said...

හැබැයි ඉතින් ඔහු තමන්ගෙ බිරිඳට කරල තියෙන්නෙ අසාධාරණයක් නේද?

රවා said...

ඔයා මනසින් හදපු කතාවක් නෙද මෙක. නැත්නම් ඔයා තැනකදි දෙකකදි අතිශ‍යොක්තියෙන් ලියලා. කොහොම උනත් මෙක කියවනකොට මම දන්න කෙනෙක් ගෙ ජිවිත කතාවක් මතක් උනා. මිට ටිකක් ලගින් යනවා. හැබැයි මිට වැඩිය දරුණුයි... කමක් නැහැ. කොහෙන්ද මෙ කතාව හොයාගත්තෙ. හැබැයි මට නිකන් හිතෙනවා ඔයගෙ කොටසකුත් මෙකෙ තියනවා කියලා.........

wath said...

කොමා
ඒකෙත් ඇත්තක් තියනව. සමහර දේවල් කියනවට වඩා හොදයි නොකිය ඉන්න එක....

රවා
මගේ ගිය ආත්මෙ නෑයෙක්ද මන්ද... ඔයා කීව දේවල් එකක්වත් බොරු නෙමෙයි.

Indranatha Thenuwara said...

මමත් රසායන විද්‍යා පන්තියකට ගියා.. තවත් අයට පේලි අල්ලලා දුන්නා.. පස්සෙ ලියුම් ලිව්වා.. "මම ආදරෙයි ඔයා හා කියනකම් බලන් ඉන්නවා" කියල කිව්වෙ මීට අවුරුදු 28කට කලින්.. මට තාම ඒ උත්තරේ ලැබුනෙ නැහැ.. මම තාමත් බලන් ඉන්නවා..

රවා said...

මෙ සා දිගු සංසාරෙ මගෙ නැයෙකු නොවුනු කෙනෙක් සොයාගැනිමට අපහසුයි. මම එහෙමයි ඔන තැනකදි තවත් කෙනෙකු ගැන හිතන්නෙ. මට අපෙ නගරයෙ රුවන් කියලා අයියා කෙනෙක් හිටියා එයා ගැන මතක් උනා. එයා මැරුනෙ ගොඩක් විදවලා. ගොඩක් මිනිස්සුන්ගෙ න් අපවාද අහලා. නමුත් සුන්දර ජිවිතයක් තිබුනු කෙනෙක්. මම ලගදි දවසක් මගෙ බ්ලොග් එකට දාන්නම්.

මම said...

මේ වගේ දෙයක් කාටවත් වෙන්න එපා....මට තෙරෙන්නේ නෑ දරාගන්නෙ කොහොමද කියලා.

m said...

omg :\

සාතන් said...

මේක ගැන කියන්න වචන නෑ... ඒත් ගොඩක් දේවල් තියෙනව කියන්න...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...