..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, February 9, 2010

මම සතුටින්

මම දැන් සතුටින් ... මගේ blog එක  බලන ගොඩක් දෙනා කියනව දුකින් ඉන්න එපා කියල. හිත මහ පුදුම තැනක් අපිට ඕන ඕන වෙලාවට හිතට සතුට එන්නෙ නැහැ නෙ.මම ලියන දේවල් වලින් මා ගැන මනින්නත් එපා.මොකද ලියන දේට වඩා පුද්ගලයා ගොඩක් වෙනස් වෙන්න පුළුවන් නිසා.කොහොම වුනත් වෙනදට වඩා ටිකක් වෙනස් මාර්ගයක යන්න දැන් මම පුරුදු වෙලා.පිහිනන්න දන්නෙ නැතිව ගගට පනින්නයි හදන්නේ. පනින්න පෙර සිතා බල බල හිටියොත් මම හැමදාම එතනම තමා. මොකද මම හිතන්න ගියාම කෙළවරක් නැති නිසා. ළං වෙන්න නොදී ඈත් කරළ තිබ්බ අයව ළගට  ගන්න ඕන . මොකද ළංවෙන්න හිතන් ළංකර ගත්ත උදවියට ඕන වුනේ ඈතින් ඉන්න.ඉතින් මොකටද ඈත් වෙන්න ඕන නම් ළංකර ගන්නෙ නේද?ළංවෙන්න කැමත්තෙන් ඉන්න උදවිය ලංකර ගත්තම අඩු ගානෙ හැමදාම ළගින්වත් ඉදිවී.සමහරවිට නොහිතපු තරම් හොද වේවි.

           කුරුල්ලනේ නැවත එන්න
           පද වැල් තනු අමුණගන්න
           නැවතුන තැන සිට මගෙ හිත
           අඵත් අහසෙ පියාඹන්න

           සුවද හමන මලක් නොවී
           මල පිපෙනා මුලක් වෙන්න
           අහසෙ දිලෙන තරුව නොවී
           ගෙපැළ ඉන්න පහන වෙන්න

           සිහින් කොවුල් හඩක් වෙන්න
           හමනා මද පවන වෙන්න
           කිරිල්ලියක් වෙලා ඉන්න
           මගේ දිවිය නැවත දෙන්න


                         - වත් -

12 ප්‍රතිචාර:

රවා said...

අක්කෙ එහෙම එන්න.. හැබැයි මම දන්නවා සතුටෙන් ඉන්න කෙනෙක් " මම සතුටෙන් " කියලා කවදාවත් කියන්නෙ නැහැ.. පිනන්නෙ දන්නෙ නැතුව ගඟට පනින්න එක තමයි කරන්න ඔනා. බය වෙන්න එපා තමුන් විනාශ වෙයි කියලා. මම ඇත්තටම පිනන්න ඉගෙන ගත්තෙ මුහුදෙ. දෙපාරක් විතර මැරෙන්න ගිහිල්ලා තියනවා. නමුත් බය නොවුනු හින්දා මම ආපහු වෙරලට ආවා යහතින්.මම ටිකක් අද දුකෙන් ඉන්නෙ. මෙහෙම පොස්ට් එකක් දැම්මෙ ඇයි... අලුතෙන් දැලක්වත් දැම්මද.. මාලුවෙක් අල්ලගන්න... හා..හා .....
ඔයා මොනව කලත් ඇයි කියලා මම අහනව...

මම දසයා said...

එල කිරි. අන්න එහෙම තමා ඉන්න ඕනේ.

තිස්ස දොඩන්ගොඩ said...

සතුට විලයි... සැපත මලයි...
නෙලුවොත් මල අතින් එකයි...
පමා උනොත්...මල පරවෙයි... පමා උනොත්...
මල පරවෙයි... ඉරට යටින්... සඳට යටින්...
කාලය පැන යනවා... කාලය පැන යනවා...

මල ඊයෙට ඇයි හඬන්නේ ...
මොකටද හෙට ගැන හිතන්නේ...
කඳුලයි ඉකියයි ඇයි පිලිගන්නේ...
හිනාව ආවම කොතැනද ඉන්නේ..
මල් කෙමියේ පැණි පිරෙන්නේ...
ජීවතයේ රස තියෙන්නේ...

ඔව් කනස්සලු mood එක ගිහිල්ලා...

wath said...

@ රවා
අනේ.. අනේ... රවා මල්ලියේ . ඔයාම තමයි ඇයි අක්කේ sad mood කියල හැමදාම comment කරන්නේ .ඒ මදිවට තව පණ්ඩිත කතාත් දෙක තුනක් කියල තමා යන්නේ. ඉතින් ඔ්න් මම සතුටින් කීවම ආයෙත් අහනව ඒ ඇයි කියල....... දීපන්කො ඉතින් උත්තර

wath said...

තිස්ස අයියා
ඔයාගේ comment එකක තමා තිබ්ඛෙ මුහුදට ද වතුරටද පනින කතාව. වැඩිහිටියන්ගේ බස් අහන්න ඔ්න නේද ඔන්න මාත් හිත හිත ඉන්නේ නැතිව පැන්න ගගට

wath said...

මම දසයා
අද තමයි ඔයාව නම් දන්නේ . බොහොම ස්තූතියි comment එකට

panhida said...

හැමදාම යන පාරට වඩා වෙන්ස් පාරක් යන එක හොදයි..ජිවිතේට ඒකෙන් බොහෝ දේවල් ගන්න පුලුවන්...

wath said...

@ Panhida
ඔව් ... පාරත් වෙනස් කරල බලමු. හැඉැයි ඉතින් කොයි පාරෙන් ගියත් එකම ස්ථානයකට වැටේවිද දන්නේ නැහැ.

panhida said...

එකම තැනට වැටුනට ඒ පාරේ ගිහිල්ල ගන්න හුගක් දේවල් තියේවී..සමහර විට කිසි දෙයක් නැති වේවී..ඒ වුනාට එතනින් අපි ගත්ත අත්දැකීම කලින් පාරට වඩා වැඩි වේවී... :)

malee_msg said...

ඒක හොදයි.. මොකද සතුටින් ඉන්න එක හිතටයි සෞඛ්‍ය ටයි දෙකටම හොදයිනේ.

කදුළුබිංදු said...

ම්... දැනුන තමා මටත් ටිකක්.මූණෙ මල් මල් හිනා පොදක් තිබ්බා...පැය ගානක් ‍කනේ පෝන් එක තියාගෙන උන්නා...කෑවෙත් චූටි බත් ටිකක් විතරයි.

මම said...

ම්..එකනම් අහපුවම මට ගොඩක් සතුටු හිතුනා..කදුලු බින්දුව ඔය අත්තමද කියන්නේ...
මොනා උනත් කමක් නෑ කෑම නොකා ඉදලා ලෙඩවෙන්නේ නෑ ඔං...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...