..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, February 5, 2010

විවාහයයි - ජීවිතයයි....


ඔක්කොටම කලින් කියන්න ඕන මහ ඉහලින් විවාහය ගැන කතා කරන්න හදන මම තාම අවිවාහකයෙක්.

විවාහක ගැහැණු පිරිමි ගොඩක් අතර ඉන්න අවිවාහකයෙක්.ඒ නිසා වෙලාවකට හිතෙනවා විවාහය කොයි තරමි අමිහිරි ජීවිතයක් ද කියලත්.

කොහොම වුනත් ආදර සම්බන්ධ විවාහයෙන් කෙළවර වුන අය ගොඩදෙනෙක් කියන්නේ නම්.. ආදරය විවාහයෙන් අවසන් වුනා කියල තමයි. (ඒ කීවේ විවාහ වුනාට පස්සේ ආදරය අඩු වී යන බව තමයි)සමහරු මේ සම්බන්ධව වරද පිරිමියාට පටවන අතරේ තවත් සමහරක් වරද පටවන්නේ ගැහැණියටයි. අවසානයේ ගොඩක් දෙනා කියන්නේ දරුවන් නිසා ඔවුන් එක්ව ඉන්නා බවයි.

‍පිළිගත් මතය ඉවසන්නේ ගැහැණිය බවයි.ඒහෙත් මට ඉතාම මෑතක හමුවූ ඔහු ගේ කතාව ඇසූ පසු පිරිමියාත් කෙතරම් ඉවසන්නේ දැයි මට පසක් වුනා.

ආදර සම්බන්ධයක් විවාහයෙන් අවසන් වූ ප්‍රීතිමත් මධ්‍යම ප්‍රාන්තික යුවලක් වූ ඔවුන් පසුව අතිසාර්ථක ලෙස දියුණුවේ ඉහලටම ගියා.මුදල් අතින් අගහිග නැති වෙන්න නැති වෙන්න ඔවුන් අතර තිබූ ආදරය ක්‍රමයෙන් අඩූවී ගෙන ගියා. නිවස විශාල වෙන වේගයට වඩා වැඩි වේගයෙන් හදවතේ ඉඩ අඩු වෙලා ගියා. දැන් ඔවුන් එක වහලක්යට සිටින නාදුනන දෙදෙනෙක් වෙලා....

සෙනෙහෙන් බැදුනෙ පෙරදා ඔබ මා නොවෙද
තොල් මත තැබූ හාදුවෙ සුව කොයිබකද
පැදුරේ දැනුන උණුසුම යහනෙහි නැතිද
ගත ළං වුවත් සිත ගවුවක් දුර නොවෙද

සෙනෙහස වැදූ පසු ඔබ මිය ගියාදෝ
සොදුරු හැගුම් හොරු අරගෙන ගියාදෝ
දිලිසෙන මුදුව ඔබහට බර වැඩී දෝ
මට පෙම් කළේ සැබවින් ඔබ නොවේදෝ

බඹරෙකු වුවත් සරණා මල් ගොමු අතර
රොන් ගත්තේ නුඹෙනි දහසක් මල් අතැර
පරවී ගියත් සුවදයි මට පෙර දිනක
සෙනෙහස පතා ළග ඉමි මියෙනා තුරුම.

                              - වත් -


8 ප්‍රතිචාර:

චමි.දේ.වා. said...

ලස්සණ පද පේළි ටික....සින්දුවකට මරු....
(මේක මම අහලා නැති සින්දුවක්ද දන්නේ නෑ)

wath said...

චමී.දේවා....
මේ අහල නැති සින්දුවක් නෙමෙයි. ඔහුගේ සිතුවිලි ගැන මගේ හිතින් හිතල මම ලීව පද පේළි ටිකක්.. සින්දුවකට තරමි වටිනව කියල මම නම් හිතන්නේ නැහැ.කොහොම වුනත් ඔබේ ඇගයීමට ස්තූතියි.

චමි.දේ.වා. said...

ඇත්තටම ලස්සණයි....අත්දැකීම ඔයා විඳිනවා වගේ ඒ හැඟීම් ප්‍රකාශ කරලා තියනවා.....

තිස්ස දොඩන්ගොඩ said...

සොඳුරු සිත... අවසර නොගෙනම කව්මුතු දෙකම මගෙ කැන්ගරු දේශයේ යාලුවට යැව්වා... ඔබටත් පිටපත් කලා...
එතකොට කවිය ගැන... "නැති බැරි කම මුතු මාල හතක්මය..."

wath said...

තිස්ස දොඩන්ගොඩ
තිස්ස අයියා ..හැමදාම මගේ සොදුරු සිතට ගොඩවදින ඔබට බොහොම ස්තූතියි.
ඔබ වගේ ප්‍රීතිමත් විවාහකයනුත් ඉන්නවා කියල මම අමතක කරලා නැහැ. ඇස්වහක් කටවහක් නැහැ වාසනාවන්.
ලග ඉදලත් හිත් වලින් දුරස්ථ උදවියට වඩා. දුර වුන්නත් සිත් වලින් ලංවෙන උදවිය සැමදා වාසනාවන්.

sodurusitha@gmail.com
wathsalald@yahoo.com

රවා said...

අක්කෙ මම පස්සෙ ඇවිල්ල අදහස කියන්නම්. මෙක ටිකක් නිවිහැනහිල්ලෙ විදින්න ඔනා දෙයක්. දැනට නම් නියමයි.. නියමෙට ම නියමයි.

කොමා said...

පදවැල් නම් හරිම අගෙයි!.
විවාහය මිහිරි හෝ අමිහිරි කරගැනීමේ වගකීම තියෙන්නෙ තමන්ගෙ අතේමයි. විවාහය කියන්නෙ "මම" නෙවෙයි "අපි" කියන එක තේරැම් ගන්න පුළුවන් නම්, ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්.
කොහොම උනත් අසාර්ථක අය දිහා බලලා විවාහ නොවී ඉන්න කල්පනා කරනවා නම්... ඒක හොඳ අදහසක් නෙවෙයි! :)

මාරයාගේ හෝරාව said...

හනේ හප්පේ මං නං ඔං බදින්නේ නම් නෑ...
එතකොට හැමදාම ආදරෙන් හිටියහැකි නොවැ...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...