..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, February 3, 2010

ඔබේ නමින් කවි දහසක් - ලියා සදමි ටජ් මහලක්

 

මලක් වෙලා කිසිවකු නැති කතරකට
ඉරක් වෙලා ගහකොළ හිග අරණකට
කඳූළ වෙලා හැගුමන් නැති මුහුණකට
සිටියා ඇති ද සුසුමක් වී තනිකමට

පෙරදා එදා උරහිස දී ලෙංගතුව
සිටියා ලගින් සඳ හා හාවා ලෙසට
හිමිකරුවකු ඇති බවක් නොදැනුනි ඒ සදට
ඇස් ඇර බලන විට ඔබ ගොස් දුර ඈත

සිටියත් දුරින් සැමදා සුව දැනේ නම්
සිහිනෙන් මෙමට සැමදා නුඹ පෙනේ නම්
හිමිකම් නොමැති මුත් සුවදක් දැනේ නම්
හැරදා  ගියද සැමදා ලෙංගතුයි මං
      
  - වත් -

12 ප්‍රතිචාර:

බිඟුවා...! said...

ආදරය ඔහොමමයි වත්,
වෙන් වෙන්නේ නෑ කවදාවත්
ලං වෙන්නේත් නෑ කවදාවද්ත්

/බිඟුවා...!

තිස්ස දොඩන්ගොඩ said...

ෂාහ් සොඳුරු සිත... මේක නම් පංකාදුයි සිංදුවකට.... මගේ ඕස්ට්‍රේලියාවේ මිත්‍රයෙක් මගෙන් ගී රචනා වගයක් ඉල්ලුවා ඔහු කරන වැඩකට... ඔබේ අවසරය ඇත්නම් මම ඔහුට යවන්නම් ඔබට cc කොට... මොකද කියන්නේ... රචනය හරිම සරලයි... උණුහුමයි...

wath said...

@ තිස්ස දොඩන්ගොඩ
ඔබගේ ඇගයීමට ගොඩක් ස්තූතියි. තමන්ගේම අත්දැකීම් ලියන කොට හදවතින්ම ඒ දේ ලියවෙනව. මගේ පුංචි කවිය ඔයාගේ යාළුවට දෙන්න. ඒකට මගේ කිසිම අමනාපයක් නැහැ. මම මේ කවිය හිතේ තියෙන දුක පිට කරන්න ඔ්න නිසයි.....

තිස්ස දොඩන්ගොඩ said...

රයිට්... මම හෙටම යවනවා... සොඳුරු සිත ගේ තැපෑලටත් කොපියක් එයි... අපි බලමු මිනිහටත් අල්ලලා ගියොත්...හරි... එහෙමනම් වේදනාවත් ඕස්ට්‍රේලියාවටම ගියාදෙන්...

wath said...

@ තිස්ස දොඩන්ගොඩ
බොහොම ස්තූතියි. එයාට කැමති විදිහට වචන වෙනස් කරගන්න කියන්න. මොකද ආපහු ආපහු කියවන කොට මට වුනත් හිතෙනව සමහර වචන වෙනුවට වෙනත් වචන ආවනම් හොදයි කියල....

රවා said...

අනෙ මන්දා අක්කෙ.. ඔයා ගාව දුක හොදට තියනවා. ඔයාගෙ යහලුවා කවිය දැකලා මගෙ ඇස්වල කඳුලු ඊයෙ. ජිවිතය ලස්සනයි. ගල් පර්වත මං මාවත් , කදු මොනවා හම්බ උනත රවා අතිතයෙන් දිගටම පහලට ගලනවා. ඔයටත් කියන්නෙ ගලන ගඟ අතරමග නතර කරන්න එපා, හැල හැප්පවිම් හෙතු කොටගෙන... ඉස්සරහට ගෙනියන්න. අලුත් සම්බන්දකම් ගොඩ නගා ගන්න. ටික දවසකින් අලුත් කවි ලියවෙනවා දකින්න ලැබෙයි, හැබැයි දුක වෙනුවට ආදරය, සෙනෙහස, දයාව, සතුට, තෘප්තිය, කැටි කරපු ලස්සන දෙයක්...

ශාකුන්තල said...

අහ්... :-)
Free ඇන්ඩ් Open Source කවියක්!

(සිරාවටම ලස්සනයි, හැබැයි දන්නවනේ මට කයියා බැයියා කියලා)

wath said...

ශාකුන්තල
ලියන්න බැරි වුනාට මොකද ... ලියන කවි රසවිදින්න පුළුවන් නම්

wath said...

@ රවා
Oyata nam mama mukuth kiyanne nehe... Oya harima Pandithai... (kamak ne neda ahema kiwata)

NUWAN"s lane said...

ලස්සනයි............

රවා said...

අක්කෙ ඉස්කොලෙ යද්දි මට හැම මිස් කෙනෙක්ම බනින්නෙ "උබට නම් කොලුවො මුකුත් කියන්න බැහැ උබ මහා පණ්ඩිතයෙක්" කියලා. මම එතකොට මිස්ලගෙන් අහනවා "මිස් පණ්ඩිතකම කියන්නෙ මොකටද" කියලා. සමහරු ගහලත් තියනවා. සමහරු හිනාවෙනවා..

රවා said...

ඔයා ඇත්තක් නෙ කියලා තියන්නෙ. මම මහ පණ්ඩිතයෙක් තමයි...හැබැයි වැඩ අවුල් කරන එකෙක් නෙමෙ .සොරි වෙන්නෙ ඔන කොමෙන්ට් දෙකක් දැම්මට..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...