..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, January 29, 2010

Virtual Love ......

 

පරම්පරාවෙන් පරම්පරාවට ගොඩක් දේවල් වෙනස් වෙනව.ඒත් ආදරේ වෙනස් වෙනවද.ඔව්..  ආදරේ කොහොම වුනත් ආදරේ කරන විදිහ වෙනස් වෙනව.දැන් බලන්න.අවු 16 විතර ඉදල ආදරේ කරන විදිහ දැන් වෙනස්. ගොඩක් දෙනා.. දැන් virtual Love.ඒ කියන්නේ chat කරල , email හුවමාරු කරගෙන. "ඔයා කෑවද" "ඔයා නෑවද" "ඔයා නිදිද" "ඔයා ට Good night" "ඔයාට Good Morning"....  මේ විතරක් නමෙෙයි පිටු 10 20 SMS වලින් දවස ගානෙම ආදරේ වපුරනව. කොහොම කරත් ආදරේ සුන්දරයි තාක්ෂණය නිසා ආදරෙත් හරිම කාර්යක්ෂම වෙලා.

ඒත් හමුවෙලා කතා කරල, අත් අල්ලන් මුහුදු වෙරළෙ ඇවිදින එක තරම් ආශ්වාදජනක දෙයක් කරන්න ඒ තාක්ෂණය දුප්පත් කියලයි මම හිතන්නේ.

ඉස්සර දවස් ගණන් පෙරුම් පුරල පුරල, කාටත් හොරෙන් හමුවෙලා ,පෙම් බස් දොඩල, දෑසට දෑස බලන් ඉදල හිතට දැනෙන මිහිර අවුරුදු ගානකටම මකතයේ රැදෙනවා. ඒත් අද වෙලාවට SMS ආවෙ නැත්තම් Love එක ඉවරයි.

මේ ලියන මම නාකි ආචිචි කෙනෙක් නම් නෙමෙයි. තාක්ෂණයෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න කෙනෙක්.ජීවිතකාලයෙම ඇසුරු කරත් අදුරගන්න බැරිවුන උදවිය තාක්ෂණය නිසා දවසින් දෙකෙන් හදුනා ගැනීමේ  අවස්ථා කිහිපයක් මට උදා වුනා. ගොඩක් දෙනා අමාරුවෙන් සගවාගෙන ඉන්න යටි හිත තාක්ෂණයට පින්සිද්ධ වෙන්න ගොඩක් දෙනා එළියට දානව. මුලදි මුලදි පරිස්සම් වුනත් පසු කාලය වෙන කොට ඉක්මනින්ම පුද්ගලයා හදුනාගන්න අපට පුලූවන් වෙනව. ඒක නරක දෙයක් විදිහට මම නම් දකින්නේ නැහැ. හිත අභ්‍යන්තරය හදුනා නොගෙන ආශ්‍රය කරනවාට වඩා සගවා ගෙන සිටින සිතුම් පැතුම් හදුනා ගන්න ලැබුනම ජීවත්වෙන්න පහසුයි.

කොහොම කරත්, කොහොම ලැබුනත් ආදරේ ආරම්භය පිරිසිදු සිතකින් පිරිසිදු අරමුණකින් නම් ඒ ආදරේ හැමදාමත් පවතින ආදරයක් වෙනව.

Internet cafe තුල රස්තියාදු වී
එන මග බලා සිටියා වරු ගණන් ඔබ
cyber අවකාශයේ පාවී
දින ගණන් ගෙවී යන විට
දිග ලියුම් රෝස මල් email එක දිගේ
ආදර හදවතට මුහුනක් ?
එයත් ඉටු කළා facebook / මුහුණු පොත
හමුවන්න සැමදා උදේ, දිවා, රැයේ
ජංගම දුරකථනය ඉටු දෙවියෙක් වගේ
කාලයත් සමග පාරවා මා සිත
delete කලද SMS
වෙනස් කළද SIM
disconnect කලද accounts
කෙසේ මා මකන්නද 
නොදනීම ස්ථාපිත වූ
හදේ ඇදි ආදරය
වත්...

21 ප්‍රතිචාර:

Dish[Savi] said...

nice one, math patan gatte virtual love ekak (dan nam real life eketh LOVe tama lol)

රවා said...

ඉතින් අක්කෙ කොහොමද.. කාලෙකට පස්සෙ නෙට් ආවෙ. ඔයාව තමයි ඉස්සලම දැක්කෙ. තාක්ෂනයෙන් ආදරෙ කරන්න ගියහම ඉවසිම නැතිවෙනවා කියන එක විතරයි මම දන්නෙ. මගෙ අම්ම තමයි මට ඉගැන්නුවෙ. දවසක් අම්මා මට කිව්වා එයාලගෙ කාලෙ මිනිස්සු ආදරෙ කරපු විදිය. අම්ම ලා ගොඩක් පෙරුම් පුරලා, ගොඩක් දුෂ්ටයෙ මැද්දෙන් තමයි මෙ කරදරෙ කරගෙන තියන්නෙ. කෙලින් කතා කරන්න දරම් ධෛර්යයක් නැති මිනිස්සු ඔය තාක්ෂනයෙ පිහිට පතනවා. මම නම් කෙල්ලො දෙන්නෙක්ගෙන් විතරයි ඇහැව්වෙ. එත් Love කරන්න නෙමෙ. කෙලින්ම බඳින්න.. දෙන්නම බැහැ කිව්වා. මම කමක් නැහැ කිව්වා.

ආදර කතාව said...

ඔය දේට මමත් මූන දීල තියන නිසා මාත් දන්නව ඕක කොයි වගේද කියල. "chat කරල , email හුවමාරු කරගෙන. "ඔයා කෑවද" "ඔයා නෑවද" "ඔයා නිදිද" "ඔයා ට Good night" "ඔයාට Good Morning".... මේ විතරක් නෙමෙයි පිටු 10, 20 SMS වලින්" මේ දේවල් 100%ක්ම ඇත්ත. ඒ වෙලාවට අපි වෙනම ලෝකෙක ජීවත් වුනත් ඒ සිහින ලෝකෙන් මිදිල ඇත්ත ලෝකෙට ආවම හිතෙනව මෙච්චරකල් අපි මොකද කලේ කියල. අන්තිමට ඉතුරු වෙන්නේ SMS ටිකයි, email ටිකයි විතරයි. හරියට මේ මට වගේ. හැබැයි මොකවත්ම නැතිව ඉන්න මටනම් ඒ දේවලුත් මහ මෙරක් තරමටම වටිනව.

Anonymous said...

http://www.youtube.com/watch?v=JOXTF82b0rY

wath said...

@ Dish[Savi]
you are very lucky.... Virtual Love unath Anthimedi Sebe loketa awa nisa .. good Luck dear

රවා said...
රවා ...
ඔයා නම් පුදුම ළමයෙක්.. වයසෙ විදිහට නෙමෙයි වැඩ. මම කීවේ ඔයාගේ වයසෙ අනිත් ළමයින්ට වඩා ඔයා සිතුවිලි වලින් වෙනස්...

පොඩි අවවාදයක් දෙන්නම් කෙළින්ම විවාහ වෙන්න අහන්න එපා... යාලුවො වගේ කාලයක් ආශ්‍රය කරල බලන්න. ඊට පස්සෙ අහනදෙයක් අහන්න. දැන් කාලේ ගැහැණු ළමයිනුත් වෙනස් වෙලාද මන්ද..

@ආදර කතාව

දරුවො මම ඔයාගේ කතාව බලනව අවංකව යමක් කියන්න ඔ්න. මට ඉන්දි ගැන සියුම් තරහක් එනව.... දිගටම ලියන්න. ලියන එකෙන් සිත පුදුම විදිහට සැහැල්ලු වෙනව.

wath said...

Anonymous said...
Nice video ... Aththa thamai kiyala thiyenna ............ Thank you ...

malee_msg said...

මේ ලිපිය මාව අවුරුදු එකහාමාරක් විතර දුරට ඇදන් ගියා.. ඔන්ලයින් ආදර ගැන කවුරු මොනවා කිව්වත්... දවස ගානේ අත් අල්ලන් ඉන්න ආදර වලයි.. දුර ඉදන් කරන ආදර වලයි කොයි දේකත් පැවැත්ම තියෙන්නේ ඒ ඒ ‍දෙන්නා අනුවයි කියලයි මම හිතන්නේ.. !

wath said...

malee_msg

ඔයා හරි මලී. මොන ආදරේ වුනත් විනෝදෙට කරනව නම් ඒක අපරාදයක්....

ආදර කතාව said...

@ wath - අයියෝ එයා ගැන එහෙම හිතන්න එපා. එයාගේ වැරැද්දක් නෑනේ. ඇත්ත ලියන එකෙන් හිත සැහැල්ලු වෙනව. ඒකනේ මම වෙලාවක් හම්බවෙන හැම අවස්ථාවෙම ලියන්නේ. ස්තුතියි ඔයාට ඒක කියවනවට...

ආදර කතාව said...

Is virtual love real? Yes - in many instances it is.

If you give it the chance, virtual love may even be deeper than real love.

"http://hubpages.com/hub/Virtual-Worlds-Virtual-Love-True-Love-in-Virtual-Worlds"

තිස්ස දොඩන්ගොඩ said...

සොඳුරු සිත කනස්සල්ලෙන්... මේ බ්ලොග් එක දිගටමබලනකොට සොඳුරු සිතේ, සොඳුරු ගතිය පුර පසෙන් අව පසට යන හඳ වාගේ වේගන එනවද කියලා හිතෙනවා.. කමක් නෑ ආයෙමත් පාලොස්වක එනවානේ... ආදරේ කරන හොඳම විදිහ තමයි දිගක් පලලක් බරක් නැතිව ඒකට පනින එක... මගේ අප්පච්චි ලඟදි මට එවාපු ලියුමක තිවුනා..."පුතේ මම අම්මව කසාද බෑන්දේ පීනන්න දන්නැති කෙනෙක් මූදට පනිනවා වාගේ" කියලා... මම දැන් පරම්පරා තුනක සිතිවිලි එක්ක සැරිසරන නිසයි මේ කියන්නේ...සිත හබෑවටම සොඳුරු නම් තමන්ට ආදරය කරන සොඳුරුම සිතක් ලැබුනත් නැතත්, තමන්ට මෝඩ විදිහට හරි, දරුණු විදිහට හරි ආදරය කරණ කෙනා අදූනාගන්න පුලුවන් වෙයි... ඒක තමා වටින්නේ... ඔහු හෝ ඇය හේතු ප්‍රත්‍ය නැතිව ඔබ කෙරේ බැ‍ඳෙනවා... ඒ අවස්තාව මගහරින්න එපා... ආරම්භය අහම්බයක්, රාගයක්, ඔට්‍ටුවක් ඒ මොක උනත්, සංසාර බැඳීමකින් කිට්‍ටු වෙන කෙනාට පි‍ටුපාන්න එපා... කාලයත් අවකාශයත් බැඳීම් බුරුල් කරන සාදක නොවන්නේ එතකොට... මම ඉන්නේ හැතප්ම දහස් ගනණක් එහා, ඇයව මුල්ම දිනේ දැකලා අදට අවුරුදු18 මාස 5 දවස් 24 යි... ඇයගේ A4 සයිස් පින්තූරයක් මගේ ඉදිරිපිට.. එද හැඟීම එහෙම්මයි... virtual love අපි දෙන්නට මහමෙරක්... නෙට් නැත්නම්දෙන්නටම හිත හරි නෑ... සොඳුරු සිත කියන දේ ඇත්ත... හිතේ තියන දේ එලියට දාන්න මේ විදිහට පහසුයි... ඒත් දක්ෂ නලුවො නිලියෝ මේවායේ බොහොමයක් ඉන්නවා... ඒත් සොඳුරු සිතකට ඕව ප්‍රශ්නද...

wath said...

තිස්ස දොඩන්ගොඩ
සිත සනසන වදනක් ඇහුවත් සතුටුයි. ඊට වඩා සතුටුයි ඔය දෙන්නගේ ආදරේ ගැන. කොහේ තිබිලද අර ලස්සන සින්දු සොයා ගන්නේ...

තිස්ස දොඩන්ගොඩ said...

සොඳුරු සිත් සොඳුරු දේම සොයා යනු ඇත... කාලයත්, දුරත්, තැනත් ප්‍රශ්නයක් නෙවි නේද..? ඉස්සර අපි පොඩි කාලෙ රේඩ්යෝවේ ගිය සින්දු ඔය... ලංකාවේ ඉන්න කාලේ පිටකො‍ටුවේ, යාලුවන්ගේ ගෙවල්වල,කරක් ගහල එකතු කර ගත්තු ඒවා...දැන් නෙට් එක කාල් ගාලා හොයාගන්නවා...

Ravin Caldera said...
This comment has been removed by the author.
Ravin Caldera said...

මගේ මිත්‍රයෙක් පසුගිය අවුරුද්දක් පුරා නෑදැයන් හඳුන්වා දුන් ගැහැණු ළමයෙකු අන්තර්ජාලය හරහා හඳුනා ගත්තා. මගේ කාමරේ අනෙක් කොනේ තමයි එයා නිදා ගන්නේ. ඉතින් අවුරුද්දක් පුරා ඒ දෙන්නා‍ දොඩමළු වීම ඉවසා දරා ගෙන ඉන්න සිඳු වුණා. ඔහුගේ ප්‍රෙමවන්තියට වේලාවක් නැහැ. රාත්‍රියේ 8, 9, 10, 11, 12, 1, 2, 3, 4, 5, 6, 7, 8, ඕනෑම වේලාවක කතා කරනවා ඒ වේලාවට මමත් අවදි වෙනවා. මොනා කරන්න ද, ස්කප් ඒකේ පිහිටෙන් දෙන්නා ප්‍රේම කළා, ප්‍රශ්න ඇතිවෙලා ඇය කතා නොකර ඉන්න විට ඉතිං මමයි මගේ මිත්‍රයා ශක්තිමත් කරන්නේ. පසුගිය ගිම්හානයේ දෙන්නා විවාහ ගිවිස ගත්තා. ජනවාරි 2 දින ඒ දෙන්නා විවාහ වුණා. එහෙත් මගේ මිත්‍රයාට ඇගේ විසාව සඳහා කටයුතු ගැනීමට නොහැකි වූ බැවින් තවමක් ඈ ඔවුන්ගේ මව් රටේ මගේ මිත්‍රයා ඇමරිකා වේ. දැන් ටික කාලයකට විවාහ දිවියත් ගත කරන්න සිඳු වන්නේ අන්තර්ජාලය හරහා... පුදුමයි නේ ද?

Prabhath Darshana said...

සොඳුරු සිතට ගොඩ වැදුනෙ පළමු වතාවට.
Virtual Love ..... ගැන නම් කියල තියෙන්නෙ ඇත්ත කියල හිතෙනවා. මමනම් තාම කෙල්ලෙක්ට ආදරය කරන්න පටන් අරන් නෑ. ඉත්න් තාක්ෂනය නැතුවම බැරි අද කාලෙ ආදරයත් තාක්ෂනීකරණය වීම වලක්වන්න පුළුවන්ද???

wath said...

Prabhath Darshana
මගේ සොදුරු සිත් අරණට ගොඩ වැදුනු ඔබට ස්තූතියි....
ආදරය විතරක් නෙමෙයි ගොඩක් දේවල් දැන් තාක්ෂයේ හස්තයට අසුවෙලා.... ඒත් ආදරයේ පැවැත්ම තියෙන්නේ තමන්ගේ සිතුවිලි වල තමයි.......

wath said...

Ravin Caldera
globalization වෙච්ච ලෝකෙ මේකත් පුදුමයක් නෙමෙයි..... ආදරේ නම් වෙලාවකට කොහොමත් පුදුමයක්

රවා said...

අක්කෙ කෙලින්ම අහපු හම ගැහැනු ලමයෙක් ගොඩක් තැති ගන්නවා, බැහැ කියලා තමයි කියන්නෙ නමුත් මම එතනින් එයාගෙ හා මගෙ ගැලපිම තමයි මම බලන්නෙ. අපි යහලුවො වගෙ ටික කාලයක් ඇසුරු කරද්දි අපි රගපැමක් කරන්නෙ. අනිත් කෙනාගෙ හිත තමුන් වෙතට ගන්න. සුවඳ, රුපය මෙවගෙ දෙවල් ගොඩක් ඉස්මතු කරනවා. ටික වෙලාවක් හම්බ වෙන්නෙ එකෙදි එයා එයාව යට කරලා කෘතිම කෙනෙක් හදා ගනි , මමත් එහෙමයි. හැබැයි මම කවදහරි එයාව බැන්දොත් මගෙ ඇත්ත ස්වරුපය එයා දකිද්දි, එයාගෙ ඇත්ත ස්වරුපය එයත් එක්ක ලගින් ඉද්දි මම දන්නවා අනිවා අපි දෙන්නගෙ නොගැලපිම් ගොඩක් තියන බව වැටෙහෙනවා. එක මට දරාගන්න පුලුවන් නමුත් එයා කොහොම ගනිද. කවද හරි එයගෙ කටින් පිට උනොත් " අයියො මම රැවටුනා" කියලා එක මට දරාගන්න පුලුවන් දෙයක් නෙමෙ. අනිත් එක අක්කෙ ඔයා උනත් දවසක් තෙරුම් ගනි පිරිමි කෙනෙක් එක්ක එකට ඉද්දි ,එකට කද්දි , එකට නිදාගද්දි.. මෙ එදා වෙරලෙ ඇවිදගෙන ගිය කෙනා නෙමෙ නෙද ඉන්නෙ කියලා. මම වඩත්ම ආස කවිය ඔයගෙ යහලුවා කඳුලු බිංදු ලියපු කවියක් තියනවා.. සකුණ ගී ඇසෙන... එක කියවලා එක ඔස්සෙ යන්න.
කෙනෙක් තවමත් මට ගොඩක් ආදරෙයි. නමුත් එක එයාට තෙරුම් ගන්න බැරුව ඉන්නෙ. එයා ගොඩක් බයයි. මගෙ ගති ගුණ වලට. දවසක් මම ත් දිගහරින්නම් මගෙ ආදර කතාව..

wath said...

Thwath Sonduru Adara Kathawak Lagadeema ........

Rasika said...

ඊ-පෙම ගැන බැඳුනු ඊ-විරහ ගීය

ඉස්සර වාගේ එවන්න ලිපියක් අන්තර්ජාලිත රැහැන් දිගේ
ඉස්සර වාගේ කරන්න දෙඩුමක් එම්-එස්-එන් සේවයෙන් අගේ
ඉස්සර වාගේ ගයන්න ගීයක් සිත ගත හද මත් කරන මගේ
ඉස්සර වාගේ ලබන්න සතුටක් අද මට කල පින් මදියි වගේ

එදා වගේමත් පේරාදෙණියේ හඳ පායනවද කඳු මුදුනින්
එදා වගේමත් මහවැලි නදියේ රැළි පෙරලෙනවද පෙණ නගමින්
එදා වගේමත් ගලහ හන්දියේ මල් පෙති විසිරෙනවද සුළඟින්
එදා වගේමත් මා සියුමැළියේ මා ගැන සිහිවෙනවද සුසුමින්

පරිගනකයෙ විද්‍යුත් ලිපි ගොණුවට වෛරස් ආසාදනයක් දෝ
දුරකථනයෙ පිරිවැය සීමා බිඳ අන්තර්ජාලය ගොළුවුනි දෝ
විශ්ව ගමේ නිතරම දුටු සැවුළිඳු කරමළ සුදු පැහැ ගැන්වුනි දෝ
අන්තර්ජාලෙ දි බැඳි ඊ-පෙම්දම අන්තර්ජාලෙම මියගියෙ දෝ

රසික සූරියආරච්චි
pemgee.blogspot.com

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...