..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, January 19, 2010

..... මම ......

ගොඩක් දවසකින් මුකුත්ම ලියන්න බැරි වුනා. දේශපාලනය තමයි ඉතින් හැම තැනම.... ඒ ගැන ලියන්න නම් මගේ කිසිම අදහසක් නැහැ....

හ්ම්ම්...... ආදරේ ගැන ලියන්නත් දෙයක් නැහැ. දැන් මට ආදරේ අරහන්..... කාලයක් ඒ ගැන පිස්සුවෙන් හිටියත් යථාර්ථය තේරුම්  ගත්තම මට ඕන වුනේ ආදරෙන් ඈත් වෙලා ඉන්න. ටික කාලෙකට හරි ඒක මගෙ හිතට විසාල සහනයක් වුනා....

බැදීම් අඩුවෙන් ජීවත්වෙන එකත් ගොඩක් හොදයි. මොකද එතකොට සිත් රිදවීම් අවමයි.. මගේ බැන්දීම් දෙන ටික ටික ගිලිහෙනව... ආදරේ කරපු අය ටික ටික ඈත් වෙනව... තාත්තා ... නංගිලා... මට ඉතිරි වෙන්නේ හැමදාම මගෙන් බැනුම් අහ අහ ඉන්න.. මගේ ලගින්ම ඉන්න මගේ ආදර අම්මා විතරයි... අම්මා වගේ වෙන කවුද .... ඇය ලෙඩ වෙයි කියල මම හරි බයයි. සමහර විට ඒ මගේ ආත්මාර්ථකම වෙන්න ඇති.. මොකද ඇය නැතිව මම කවුද....

මිනිස්සු විවාහ වෙන්නේ ආදරේ නිසාම  නෙවෙයි කියල එතකොට තමයි මට තේරෙන්නේ. තමන් තනි වෙන නිසාත්... වයසට ගියහම  ලෙඩා දුකා වුනාම හවුහරණක් නැති වෙන නිසාත් තමයි විවාහය සිද්ධ වෙන්නේ....

ආදරේ කියල හිතන් විවාහ වුනත් සතුටින් ඉන්නේ කීදෙනාද...

ඉතින් මම මගේ සතුට නැති කර ගන්නවද ... තනිකමේ ගිලිල ඉන්නවද ... හිතන්න නම් බෑ... එතකොට හිත අනන්තයටම යනව...........


අනන්තයට ගිය මගෙ සිත
තුරුලූ කරන් හෙට අළුයම
ඔබත්එක්ක සිත ඇතුලින් කතා කරනවා
නෙතින් කදුලූ බිදු එනවිට
ක්ෂිතිජ ඉමේ රේකාවක
බොදවී ගිය ඔඛෙ රූපය යළි මතුවෙනවා
දවස නිම වෙලා හිමිහිට
පැතුමක් නැති මගෙ ලෝකෙට
අදුර සමග මගේ ලොවේ මං තනිවෙනවා
                                                                           වත්....

12 ප්‍රතිචාර:

මාරයාගේ හෝරාව said...

ඔහොම තමා ජීවිතේ..
නොදන්න මගුල්වලට වඩා මෙ තියෙන තනිකම හරි අගෙයි.

ඒත් ඉතින් හිතේ කොනක හැමදාමත් බලාපොරොත්තුවක් හැංගිලා තියෙනවා.
කවදා හරි ලැඛෙයි කියලා. ඒත් ඒක නොලැඛෙන්නට ඇති අවස්ථාව වැඩියි කියලාත් හොදටම දන්නවා. අහලා තියෙනවාද අමරදේව මහත්මාගේ මෙ ගීතය
වසන්තයේ මල් පොකුරු නෙලා..
ඔබ මා දෝතට ගෙනෙන තුරා..
මග බලමින් මා උන්නා..
සොදුරු වසන්තේ ගෙවෙන තුරා..
සොදුරු වසන්තේ ගෙවෙන තුරා...

Ravin Caldera said...

තනිකඩ ජීවිතය පහසුයි... ලෙහෙසි යි. එහෙත් විවාහ වෙනවා නම් මා විවාහ වීම සඳහා නිදහසට කරුණ "ආදරය" විනා වෙනෙකක් නම් නොවේ. එසේ නොවුන හොත් එක් ගේ වසන ආගන්තුකයන් දෙදෙනෙකුගේ තත්ත්වයට විවාහය පත් වේ. ආත්මාර්ථයෙන් පිරුණු තමුන්ගේ අවශ්‍යතා සඳහා විවාහය මෙහෙය වීම, අවසානයේ අන්ත දුකට දෙදෙනාම පත් කර වනු ඇත. එනයින්, කරුණු එසේ නම් තනිකම හොඳ ය:

ආදරය සොඳුරු ය
නිදි නැති රැයක
බෝඳ සිහිනයක් බඳු,
දිය මත වැටී සුදු මල්
රැලි අතර නැලැවෙන සේ
සසල සිත මුකුළු කරයි...

indik said...

මම හිතන විදියට ආදරය සොඳුරුද නැද්ද කියල තීරණය වෙන්නෙ අපිට ලැබෙන ආදරයෙ විදියට...

Prabath said...

ජීවිතේ සිද්ධවෙන දේවල් අපට නවත්වන්න බැහැ. සිද්ධි එක්ක ජීවත්වෙන්න ඕනේ. අපට ඕන විදියට හැම දෙයක්ම සිද්ධවෙන්නෙ ‍නැහැ.

රවා said...

අපිට දෙයක් නොලැබුනා කියලා අපි එක ගැන සතුටු වෙන්න වත් දුක් වෙන්න වත් යන්න හොද නැහැ. කාලය පුදුම දෙයක්. ගිහිජිවිතෙ වත් පිළිවෙත් තියනවා. එකෙන් එකක් තමයි විවහා විම. අපි හැමොටම කවදා හරි කාගෙ හරි පිහිටක්, සරණක්, සෙනෙහසක් ඔනා. එක අපි පිළිගන්න ඔනා. නත්තම් මැරෙද්දි කදුලු ඇස්වල ගල් වෙයි. මම මගෙ ඇස් දෙකෙන්ම දැක්කා කෙනෙක් ගෙ එ මරුණු මොහොත. තනිකම සතුටක් කියලා කියන්න එපා..... මොකද අපි හැමොම දන්නවා එක කොච්චර දුකක්ද කියලා.... ඔයාලා කිප දෙනා විතරක් නෙමෙ අපිත් ගොඩක් වෙලාවට තනියම ඉන්නෙ.....

malee_msg said...

ඔයා ගෙවන ජිවිතේ ගැන ඔයා සතුටින් නම්... වෙන්න ඕනි එච්චරයි..! විවාහය කියන දේ ජිවිතේ තවත් නිදහසේ සතුට විදින මාර්ගයක් වෙනවා මිසක් හිරගෙයක් නොවිය යුතුයි.. එහෙම වෙනවා නම් බදින එකේ තේරුමක් නෑ.. සතුට නිදහස දෙන්න පුළුවන් කෙනෙක් ලැබෙනවා නම් නොබැද ඉන්න එකේ තේරුමකුත් නෑ..

wath said...

මාරයා
රවීන්
ඉන්දික
ප්‍රභාත්
රවා
මලී
අදහස් දක්වපු කාටත් මගේ හදපිරි ස්තූතිය.
මේ දවස් වල මගේ හදවත හිස්............ ලියන්න දෙයක් නෑ. අදහස් නැහැ... අනේ මන්ද...

NUWAN"s lane said...

තමන්ට ගොඩාක් ආදරේ තමන්ම නේද,මොන දේ කිව්වත්,,,,,

රවා said...

ඔයාගෙ හදවත හිස් නැහැ අක්කෙ.... බලන්න එකෙ ඇතුලෙ පිරිලා තියන දෙවල්. ඔයාගෙ බ්ලොග් එකෙ මෙච්චර කල් දාලා තියන දෙවල් අනුව කොච්චර දරුනු නියගයක් ආවත් රවාගෙ සිතුවිලිවලට අනුව ඔයා හිස් වෙන්නෙත් නැහැ. කරන්නත් බැහැ. අනිත් ඔයාගෙ යහලුවා කදුලු බිංදු එයා තමයි මම දැකපු ලස්සනම කවි පෙළ ලියලා තිබුනෙ. දෙශපාලුවො, කපටින් දිහැ බලලා රවා දුක් වෙද්දි හිත හදාගන්නෙ, ඔයාලා වගෙ අයත් මෙ රටෙ ඉන්නවනෙ.. කියලා. අමුතුවෙන් හිත හිත තැවෙන්න දෙයක් නැහැ....
අතිතයෙන් ගඟ ගලා බසී..... එච්චරයි...

තිස්ස දොඩන්ගොඩ said...

ඔබේ ඔය සටහනට හොඳටම ගැලපෙන ගීයක් ඔන්න මගේ බ්ලොග් එකේ ඔබ වෙනුවෙන්ම තැබුවා... ගොහින් බලන්න... http://hadageepotha.blogspot.com/

wasana nayomi said...

අපේ හිත හදුනන අපි ආදරය කරනවාටත් වඩා අපිට ආදරය කරන එකම කෙනා අම්මා පමණයි.

Dilshan Chathura Prasad Samarasekara said...

අාදරය සුන්දර බොරැවක්......

ආදරය කියලා කියන්නේ...එකිනෙකාගේ අවබෝධයක් විතරයි....කවදාවත් ආදරේ හොයාගෙන යන්න එපා....
අපි ආදරේ කරන කෙනා අපිට නිරායාසයෙන්ම ඒ ආදරේ දෙන්නේ නැත්නමි ඒ ආදරේ වැඞක් නෑ.....

එක දෙයක නැති වීම තව දෙයක ආරමිභයක්.....

නැතිවුන දේ වලින් හිත හයිය කරගෙන ඉස්සරහට යන්න....නිවැරදි කැප වීමෙන්.....හොද දෙයක් ඉතුරැ වෙයි ඔයාට.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...