..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, January 10, 2010

මගේ ජීවිතෙන් තවත් දවසක් ..................

අද දවස නම් ටිකක් වෙනස් වුනා.

අම්මා,නංගිලා,කාර්යාලයේ අය ,දන්න හදුනන අය කවුරුත් මාව හමු වුනාම මේ දවස් වල කියන දෙයක් තමයි "ඔන්න වත්,අවුරුද්දත් ඉවරයි.මේ අවුරුද්දෙවත් බලමුද... දැන් එක්කෙනෙක් නම් ගොඩ ගියානෙ"(ඒ කියන්නෙ අපේ නගා ගැන එයා ලගදි බැන්දා) .... ඒ ගොල්ල මට කියන්නෙ උඹ කවදද අමාරුවේ වැටෙන්නෙ කියල නෙ නේද .....

සමහරු නම් ඒ දේ අහන්නෙ හදවතින්ම එන හිතවත් කමට.ඒත් තව සමහරු නම් සිත් රිදවීමටත්, ජීවත් වෙලා මොටද බදින්නෙ නැත්තම් කියන අදහසිනුත් අහනව.ඒ කියන අයට නම් ජීවිතේම මගුලක්ද දන්නේ නෑ.

ඇහැට කණට පේන,වයසත් ගාණට හරි යාගෙන එන, ගැහැණු ළමයි ඉන්න ගෙවල් වලට නිතරම කපුවෝ එනව යනව. ඒ වගේ තමයි අපේ ගෙදරත්.කෙල්ලොම 3 දෙනකේ නිසා කපුවො එන්නෙ හොයා ගෙන.අම්මාව රවටල රටේ තියන තරම් බොරු කියල සල්ලිත් කඩා ගෙන යනවා.

ඔන්න ඉතින් එහෙම එක්කෙනෙක් සෙනසුරාදා අපේ ගෙවල් පැත්තෙ ඇවිත්.පුදුමාකාර තරම් හොද කොල්ලෙක්ගෙ ඵීස්තරයක් කියල ඉරිදාට මාව බලන්න එනව සාරි ඇදල, make up   දාලා උදේ 9 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න කියල ගතමනාවකුත් ඉල්ලන් ගිහින්.

ඔන්න ඉතින් දැන් අද උදේ ඒ කියන්නෙ ඉරිදා උදේ ගෙදර යුද්ධෙ. අම්මා කෑම බීම ලෑස්ති කරනව. මම ඉතින් අම්මා ගේ සිත රිදවන්න බැරි නිසා මට තියන හොදම සාරිය ඇදල, පාට 2 ,3 කුත් මූණෙ උලාගෙන සූදානම් වෙලා ඉන්නව.දැන් ඉතින් ඔක්කොම හරි.කීව විදිහට නම් කොල්ලා හොද හැඩකාරයෙක් ලූ.

දැන් ඔන්න 9යි ....9.30 යි ....10 යි.... 10.30 ....මේකා එන පාටක් නැහැ.වෙලාවට ඒ පිරිමි ළමයගෙ කේන්දර පිටපතේ ගෙදර දු.ක තිබ්බා. ඉතින් අපේ අම්මා ඒ දු.ක ට dial කරල බැලූවා. කියන්න බෑනේ අද කාලෙ හැටියට මොන මොන කරදර වෙනවද කියල නේද

මේස උඩ තිබ්බ cake ,කෙසෙල් ගෙඩිත් ටික ටික ඉවර වෙනව. ඒක වෙනමම කතාවක්.

දුරකතනයෙන් මොන මොනවද කතා කරපු අපේ අම්මා මූණත් නරක් කරන් මා ලගට ආව.

"මොකද අම්මා වෙලා තියෙන්නේ"

"ඕක ආයෙ මේ පළාතේ ඇවිත් ඉවරයි.කපුව ඒ ගෙදර පලාතෙ ගිහින් නෑ පුතේ. ඒ මිනිස්සු මෙහෙම දෙයක් දන්නෙත් නෑ. "

මගේ හිත නම් පස්වනක් ප්‍රීතීයෙන් ඉපිලී ගියා.......

"ඒකත් ඉවරයි" ........... කපෝති කවුද කියල නම් මම දන්නේ නෑ. මගේ ජීවිතේ නම් තව දවසකින් දිගුවුනා වගේ මට දැනුනා.............



11 ප්‍රතිචාර:

චමි.දේ.වා. said...

අර දුකාගේ කතාව කියෙව්වේ නැද්ද........

රවා said...

අක්කෙ මුහුනෙ එකක්... හදවතෙ එකක්... කියන්නෙ තව එකක්..... මම ඔයාගෙ පොස්ට් කිපයක්ම ගැන හොදින් බලලා තියනවා.
අපිට බොරු කරන්න එන්න එපා. හරිද...? දැන් ඇති හිටියා.. බලමු මොකද වෙන්නෙ කියලා...අපිටත් එන්න කියන්න ඔනා... හරිද...?

ධනංජය said...

ගෑනු ළමයෙක්ගෙ පැත්තෙන් Proposal එකක මානසික තත්වය ගැන ටිකක් ඉගෙන ගත්තා..බලන්න ආව එකක් ගැනත් ලියන්න.. :)

මාරයාගේ හෝරාව said...

කියවන ලදි...

වැප් said...

මාත් කිෙය්ව්වා !!!!!!!!!!

wath said...

මොනව ද අප්පේ කියෙවුවෙ .... මගෙ හිතද ......

malee_msg said...

ඔය වැඩේ හැමදාම කරන්න බෑ නේද අක්කේ.. අනේ මන්දා.. ඔයා නිකං එක එක මිනිස්සු ඉස්සරහා පාච්චල් වෙන්න යන්න එපා අප්පා හෙප්පු උස්සගෙන.. ‍

බිඟුවා...! said...

මමනම් කියන්නේ ආදරයට හා විවාහය කියන්නේ දෙකක්.

ඔයා ආදරයට ආදරය කරන්න
පස්සේ ආදරය ඔයාට ආදරය කරාවි.
කවුරුහරි මුලින් ඒක පටන ගන්න ඕනේ...

විවාහය ගැන එච්චර හිතන්න එපා... ඒක නිකන් ලියවිල්ලක් විතරයි....

/බිඟුවා...!

රවා said...

සොදුරු සිත මොකද නිහඩ....
ඔබ නිහඩ උවත් මගෙ මතකය

හිදිමි ඔබ ලග සදුට රහසින්
ගෙනෙමි හද සුව ලොවට රහසින්
සුවද ගෙනදී හදට රහසින්
පරව යමි මම ඔබට රහසින්

මෙ කවිය මම අමතක කරන්නෙ නැහැ..

wath said...

රවා
ඔයාට මොකද ඒ කවිය මතක.....
මම නිහඩ නැහැ. හැමදාම සින්ඩියේ ලිපි බලනව. මාරයාත් ගොඩක් කාලෙකින් මුකුත් ලියල නෑ නේද... ම් ම් ම්... ලියන්න තරම් දෙයක් හිතට එන්නෙ නැහැ මල්ලි. මේ දවස් වල හැමතැනම දේශපාලනය.. රාජ්‍ය සේවකයෙක් විදිහට ඕවට මැදිහත් වෙන්න මම කැමතිත් නැහැ.ඔයාට මාව මතක් වුනාට ගොඩත් ස්තූතියි......

ශාකුන්තල said...

@මලී,
මසුරං කතාව. :)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...