..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, January 5, 2010

මගේ සඳ අහිමි සද


අදු‍රේ මුලා වී සිටි දිනේ
සඳ සේ එළිය වී
පුංචි තරුවක් කරා
මා නු‍ඹේ හද ගැබේ

දිරිය වී මගෙ සිතේ
සුවද කර ජීවතේ
ලෝකයම වෙලා නුඹ
මගේ දිවි මාවතේ

අත්වැලෙන් ගිලිහුනත්
සිත් වලින් ළං වෙලා
මුමුණන්න නොලැබුනත්
එකම අහසට වෙලා

දකින්නට රිසි නිසා
දෑස් රිදෙනා තුරා
පුංචි තරුවක් ලෙසින්
සිටිමි ළගටම වෙලා

                                                                             වත්........

7 ප්‍රතිචාර:

මාරයාගේ හෝරාව said...

සතුටුයි නැවත ඇරඹීම පිළිබදව...

තිස්ස1969 said...

මටත් සතු‍ටුයි... දවස් හතලිහක නිවාඩුවක් මගේ ආදරණීය ඇඹේණියගේ සාත්තු සත්කාර විඳලා විඳලා... ආයෙමත් මේ වැලිකතරට තනිවම ආවා... මේ වාගෙ තනිවෙච්ච ජීවිත වලට මේ සොඳුරු බ්ලොග් සටහන් කොච්චර සහනයක්ද...? කොලෙස්ටොරොල් බෙහෙත් බෝතලයක් බිව්වා වාගේ... අලුත් අවුරුද්දෙත් විඩාපත් සිත්, සොඳුරු සිතුවිලි වලින් ප්‍රකම්පිත කරන්නට ඔබට ශක්තිය ලැබේවා... තව තවත් සොඳුරු සිත්වල ඇසුර ලැබේවා....

malee_msg said...

ලස්සනයි.. ඒත් ටිකක් දුකයි..

wath said...

අද කාර්යාලයේ කවුරුත් හිතවතෙකුගෙ දානෙ ගෙදර ගියා. අපේ branch එකේ කවුරුත් නැති නිසාත් ,දානේ ගෙදර යන්න හීනියට කම්මැලි හිතුන නිසාත් මම නැවතුනා.මුළු office එකම නිහඩයි. කච කච සද්ද ,ඝෝෂා මුකුත් නැහැ. හරියට මගේ ජීවිතේ වගේ. ඒ වගේ වෙලාවට මගේ සිහියට නැගෙන කෙනෙක් ඉන්නවා.හදවතේ ගැඹුරේ ඉදල කවුරුවත් නැති වෙලාවට එයා මාත් එක්ක දොඩමළු වෙනව. ලග තිබ්බ කොළේ කුරුටු ගාපු කවිය තමයි ඔය.
කවි ලියන එක ලියවෙන එක මම නතර කරල තිබ්ඛේ . ඒත් ........

wath said...

මාරයාගේ හෝරාව
ඇරඹුමක් .......... නොව ඇරඹීමකි

malee_msg
කවි, නිසදැස් ලියන ගොඩක් දෙනාගේ ජීවිත වල අමතක කරන්න බැරි දුකක් තියනව කියල මට හිතෙනව. ගොඩක් සතුටින් ඉන්න කෙනෙක් කවදාවත් කවි ,නිසදැස් ලියන එකක් නැහැ.......

wath said...

තිස්ස1969
ආදරේ කරන අයගෙන් දුර හිටියත් ඔබ වාසනාවන්තයි. හේතුව තමයි ආදරේ ඔබ ලග නිසා. ඒත් ලග ඉදගෙනත් ආදරේ හිත්වල නැතිව කීදෙනෙක් තැවෙනවද...

රවා said...

අක්කෙ මම ඔයාට අයෙමත් කියන්නම්.. ඔයා කෙනෙකුට ආදරෙනම් එයාට ආදරයි කියලා කියන්න... පරක්කු වෙලා ජිවිත කාලෙම දුක් විදින්නෙ නැතිව....
අනික ඔයාගෙ වගෙ හදවතක් තියන කෙනෙක් වටින්නෙ කාර්‍යාලයක සේවයකරන්න නෙවෙ. ලමයි 6,7 දෙනෙක් ගෙ අම්මා කෙනෙක් වෙන්න. සල්ලි ඔනා තමයි. නමුත් සරල ජිවන රටවකට හුරු උනාම ලෙඩත් අඩුයි, හිතත් සතුටුයි. අම්මා කරදර කරනවා නෙද .. බුදු දහම අනුව මාපියන්ගෙ 4 වැනි යුතුකම එයාලා කරන්න හදන්නෙ. කො ඔයා දරු වෙක්ගෙ අතින් වෙන්න ඔනා යුතුකම ඉෂ්ට කරන්න.

අවුරුදු 80 තියන්නෙ මොනවා කරන්නත්... ඩැන් එක එන්න එන්න අඩු වෙනවා.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...