..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, January 2, 2010

සොදුරු සඳ


2009 වසර අවසානයත් 2010 වසර ආරම්භයත් සමග මධ්‍යම රාත්‍රියේ වන්ද්‍රග්‍රහණයක් ඇති  වෙනව කියල ආරංචියක් ආවා.ඉතින් සට ගොඩක් ආදරේ මම නිදිමරාගෙන බෙල්ල කඩාගෙන ග්‍රහණය බලන්න රෑ 11 ඉදල මිදුලෙ......

දුරුතු පෝය දවස ....මධ්‍යම රාත්‍රී වුනාට පොඩ්ඩක්වත් කළුවර නැහැ.ලස්සනට හ පායල.මුළු පරිසරයම සෞම්‍ය ආලෝකයකින් ඔපවත් වෙලා .මිනිසුන් විතරක් නෙමෙයි ගහ කොළ සතා සීවුපාව පවා නින්දට ගිහින් හරිම නිහඩයි.සොදුරුයි.සයි අහසයි දිහා බලන් ඉන්න කොට මුළු ලෝකෙම අමතක වෙනව.බෙල්ල කැඩිල ගියත් ඕන තරම් වෙලාවක් බලන් ඉන්න පුළුවන්.

පූර්ණ චන්ර්‍දග්‍රහණයක් නම් දැක්කේ නැහැ. හ ළාවට .... හදෙන් බොහොම ටිකක් කළුවර වුනා.ඒ සිද්ධිය එහෙම කෙළවර වුනත් මම තවත් අහස දිහා බලන් හිටිය.

 "ළමයෝ මේ මහ රෑ ජාමේ මොනව කරනවද මිදුලට වෙලා" අම්මාගේ කටහඩින් තමයි මම පියවි ලෝකෙට ආවෙ.
ට "පිස්සු හැදෙන හ"කියන්නෙ ඇයි කියල දැන් තමයි මට තෙරෙන්නේ........

 

දිහා බලන් තෙරක් නොපෙනෙන අහසෙ මගේ දෑස් අතරමං වුනා වගේ ඔහු දිහාම බලන් ඉදල මගේ ජීවිතෙත් අතරමං වෙලා ද කියල මට හිතෙනව.... 

 

ඒත් එහෙම වුනා කියල හ  ඒකට වගකියන්න ඕන නැහැ. හඑක්ක තරහ වෙන්න කාටවත්ම බෑ.හ නැත්තම් අහසින් වැඩක් නැහැ. .....

6 ප්‍රතිචාර:

malee_msg said...

ඔය කිව්වේ 31 රෑ හඳ ගැන නේද?? මම මහ රෑ නම් දැක්කේ නෑ.. 6 ට විතර මුහුදට ගියා.. ඒ වෙලාවේ නම් හඳ වෙනදටත් වඩා ලොකුවට මාරම ලස්සනට තිබ්බා.. හාවත් හිටියා.. හඳ නම් හැමදාම ලස්සනයි නේද?

wath said...

ඔව් කොච්චර බැලූවත් ඇති වෙන්නේ නෑ.... ලස්සනයි ඒත් දුකයි .......

රවා said...

අක්කෙ මට නම් හඳ ගැන මුලින්ම ප්‍රශ්න කලෙ 6,7 වසර වලදි, ඇයි හැමදාම හදෙ හාවාම විතරක් පෙන්නෙ කියලා. එකට හේතුවත් මම ම කල්පනා කලා.
කොහොම උනත් කෙනෙක් ගෙ හිතක තියන දුකක්,ගින්දරක් දැනගත්තු ගමන් මගෙ හිතත් දුක් වෙනවා. මම දන්න කෙනෙක් උනත් නොදන්න කෙනෙක් උනත්...
ඔයා කෙනෙකුට ආදරෙනම් එ වග එයාට කියන්න. මොකද කාටවත් බැහැ ඔයාගෙ හිත තෙරුම් ගන්න. අල්ලන්නට බැරිතරම් ඈතට ගියාට පස්සෙ දුක් වෙන්න වෙයි.රූපය වාගෙ නොවෙයි ගටි
නැත්තම් මං වගෙ වෙයි. හැමදාම රෑට නින්ද යන්නෙ නැති වෙයි. ජිවිතයට අරමුණක් නැතිව ඔහෙ ගලන දොල පාරක් වෙයි.

NUWAN"s lane said...

"සොදුරු සිතක් ලග සදක්"
ලස්සනයි

දිlee said...

I can feel it dear

෴ හසියා ෴ said...

ලස්සනයි පද පෙල අක්කියෝ.....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...