තවත් උදාර වසරක අවසානය... උදාර ඒකීය රටක හිමිකරුවෙක් වුනේ 2009 වසරේ . ඒ නිසා ශ්රී ලාංකිකයන් හැටියට 2009වසර බොහොම වැදගත්.පුද්ගලික මතිමතාන්තර කොහොම වුනත් 2009 දැන් අවසානයි.
මිනිසාට නවතන්නට බැරි දේවල් 2න් එකක් තමයි කාලය...
මිනිසාට නවතන්නට බැරි දේවල් 2න් එකක් තමයි කාලය...
ඉතින් නව වසරක ඇරඹුමත් සමග මම ප්රාර්ථනා කරනව ඔබ සැමට සිතේ තිඛෙන සියළු බලාපොරොත්තු සඵල වන නව වසරක් වේවා කියල....
වසරක් ගෙවී තව වසරක උදාවය
සිත් තුල පිරී ඇත්තේ සුභ නිමිත්තය
මගෙ රට උදාරයි නිදහස ලැබී ඇත
රටටත් ඔබ සැමටත් මගෙ ප්රණාමය
නෙතට පෙනෙන දේ සීමිතය .. සිතට පෙනෙන දේ අසීමිතය... ඒ නිසා සිතින් බොහෝ දේ දකින්නත් නෙතින් පෙනෙන දේ නිවරදිව වටහා ගැනීමටත් හැකි වන්නා වූත් .... හෙට දිනකට ඇරයුම් කරමින් වසරේ අවසාන blog ලියවිල්ල අවසන් කරමි.









