සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන්
නො හඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල් දම්
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මම්
බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොහි සිටියා දැයි මලවී
පුදසුන් මත මිය යද්දී සහසක් මල් පර වී
නො පිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී
මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ළංව දුක බෙදා ගන්න බැරි කම දුකකී
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමු වීමත් වාවනු නොහැකී
Wednesday, September 23, 2009
Tuesday, September 22, 2009
වේදනාව ......... ජීවිතයේ එක කොටසක් ජීවත් වෙන හැම මනුස්සයෙක් ම අත්විදින දෙයක් මමත් මගේ ජීවිතේ දි හදපතුලටම දැනුන වේදනාව දෙවරක් අත්වින්ද කෙනෙක්
වේදනාව වුනත් සමහර වේලාවට ටික කාලයයි සමහර ෙවිලාවට ජීවිතේ පුරාම අපිත් එක්ක එනවා.
මගේ ජිවිතේ පළමු වේදනාව මාව මහ පතුලක් නැති ආගාධයකට ඇදලා දෙම්මා. ඒ මගේ තාත්තා මට නැතිවුන දවස. අපි ලග තියෙන දේවල් වල නියම වටිනාකම තේරෙන්න නම් ඒ දෙවල් අපට අහිමි වෙන්නම ඕන.
එතනින් මාව මුදා ගන්න එක සුන්දර මනුස්සයෙක් මට හමුවුනා. මගේ ජීවිතේට පන්නරය දුන්න ඒ සොදුරු මිනිසාම තමයි මගේ ජීවිතේ දෙවෙනි වේදනාව වුනේ. එයා මගේ කවුද කියලා කියන්න මට තාමත් තේරෙන්නේ නෑ. එයා මගේ හැමදෙයකම ඉන්නවා. හැමතැනකම ඉන්නවා. මගේ ආත්මය වෙලා මා ලගම ඉන්නවා.
ඒත් මම දෙවෙනි පාර ආපහු ආගාධයට වැටුනේ නෑ.
මට පුලූවන් වුනා ජීවිතේ දකින්න. යාථා ලෝකයේ ස්වභාවය ඒ වෙනකොට මට තේරුම් කරල දීලයි තිබුනේ.
මගේ එකම උත්සාහය ජීවිතය දිනන එක. මට හදවතින්ම ආදරේ කරපු අයට දෙන්න පුලූවන් උපරිම සතුට ඒක.
හිතේ සතුට හැම දෙයකටම වඩා වැදගත්......එහෙම නේද..

මලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිපගන්නට තහනම්
විලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්
පහන් තාරකාවක් සේ ජීවිතයට මඟ කීවද
ඒ එළියෙන් ම හද පහන් දල්වනු කෙලෙසින්

කියන්න...
සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන් මුමුනනු කෙලෙසින්
කියන්න.
ලීවේ සමන් ආතාවුදහෙට්ටි
ගැයුවේ අමරසිරි පීරිස්
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිපගන්නට තහනම්
විලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්
පහන් තාරකාවක් සේ ජීවිතයට මඟ කීවද
ඒ එළියෙන් ම හද පහන් දල්වනු කෙලෙසින්

කියන්න...
සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන් මුමුනනු කෙලෙසින්
කියන්න.
ලීවේ සමන් ආතාවුදහෙට්ටි
ගැයුවේ අමරසිරි පීරිස්
Monday, September 21, 2009
2:51 PM
Author:
෴සොඳුරු සිත෴
දුයිෂෙන්ගේ දයාබරත්වය නිසා මා සිත තුළ කොතරම් ප්රීතියක් ඇති වීද යත් අද වුවද ඒ හැගිම් ප්රකාශ කිරීම සදහා සුදුසු වචන සොයා ගැනීම අපහසුය. එහෙත් එදා මම නිවිහැනහිල්ලේ ඔහු දෙස බලා ගත්වනම සිටියෙමි. ඔහුගේ මුහුණෙ අලංකාර වර්ණයන් තිඛෙන බව පළමුවරට එදා දුටුවෙම්. ඔහුගේ ඇස් වල මුදු කරුණාබර ගතියත් වැඩෙහි දක්ෂ ශක්තිමත් අත් සහ හදවත උණු කිරීමෙහි සමත් දයාබර සිනාරුල්ලත් මින් පෙර කිසිදිනෙක නොදුටු පරිදි එදා මම දුටුවෙමි. එතෙක් නොදුටු නව ලෝකයකට මා ගෙන ගිය අලූත් හැගීම්වලින් මසිත පිරී ගියේය. මගේ යටිසිත දුයිෂෙන් වෙත ගොස් මෙසේ කියා සිටීමට බල කරන්නාක් මෙන් දැනුනි.— ˜˜ ගුරුතුමාණෙනි ඔබ විනීත ගති ඇති උත්තමයෙකි..... ඔබේ ගෙල බදා සිප ගැනීමට මා කැමතියි. ˜˜ එහෙත් ඒ හැගීම් වචන වලින් ප්රකාශ කිරීමට මා තුල ධෛර්යයක් නැත. සමහර විට එසේ කිව යුතුව තිබුණේ යැයි මට හැගේ......
උපුටා ගැනීම ගුරු ගීතය
උපුටා ගැනීම ගුරු ගීතය
කඳූවල මෙවැනි උල්පත් පැන නගී.ඒ වටා අඩි පාරවල් ඇතිවේ. මිනිස්සු අඩි පාරවල් ඔස්සේ ගොස් උල්පත් වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසුව අර අඩි පාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටුවැල් මැටි මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් නොපෙනේ. රස්නෙ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගනු පිණිස මහමගින් ඉවත් වී අර උල්පත සොයා එති. මුළු ගැන්වී තිඛෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැලෑටි සහ කටුවැල් උදුරා දමති. කිසිකෙනෙකු විසින් හෝ අපිරිසිදු නොකරන ලද ඒ උල්පතේ ප්රණීත සිසිල් ජලය නිසලව ගලා බසිම්න් නිල්වන් කැටපත සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුළින් තමාද හිරු සහ අහසද කඳූවැටිද පෙනෙන්නා සේය. එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයකයි සිතා අන්අයටද ඒ බව දැැන්වීමට ඉටා ගන්නා නමුදු පසුව එය අමතක කර දමයි. එදිනෙදා ජීවිතයේ දී මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතයයි......
උපුටා ගැනීම ගුරු ගීතය
Sunday, September 20, 2009
Subscribe to:
Posts (Atom)