..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, December 26, 2009

ඉරිදා පත්තරයක් ගිය දුර ........






මම නොවරදවා කරන දේයක් තමයි ඉරිදා පත්තරේ බලන එක . හැබැයි ඉරිදා කීවට පත්තරේ බලන්නේ සෙනසුරාදා. ඒ අතින් අපේ රට දියුණුයි. අනික  on line පත්තරේ බලනවට වඩා මම කැමති කඩේ ගිහින් පත්තරේ ගෙනත් ගෙදර සාලේ බිම එලාගෙන පත්තරේ බලන්න . ලංකාදීප සහ සිළුම්ණ තමයි මම බලන ඉරිද පත්තර.අනිත් ඒවත් බලන්න නම් කැමති. ඒ ඔක්කොම ගත්තොත් මගේ පඩිය පත්තර වලටම ඉවර වේවි.
සිළුමිණ නම් ගොඩක් බලන්නෙ අම්මා තමයි.ඒකට හේතුව ඒ පත්තරේ මංගල යෝජනා ගොඩක් තියන එක. ඒවා කියවල ඒවට උත්තර දාන එක ඇගේ විනෝදාංශය වෙලා. ඒ දැක්කම මට ඈ ගැන දුකයි. මා නිසා ඇයට කෙතරම් සිත් කරදර ද. කොච්චර එපා කීවත් ඈ අහන්නේ නැති නිසා දැන් මම ඇයට ඉඩ දී සිටිනව.

රසදුන පත්තරේ තිබුන පුංච් ලිපියක් දැකලයි මට මේ post එක ලියන්න හිතුනේ

"එක්කෝ ඔබට රෝස මල අග කටු ඇතැයි සිතා දුක් වීමට පුළුවන. නැති නම් කටු අත්ත අග රෝස මල පිපී ඇතැයි සිතා සතුටු වීමට පුළුවන."   
ඒ තමයි පත්තරේ තිබුන ටික...

මේ තියෙන්නෙ මට හිතුන දේ
මගේ දුක හා මගේ සතුටට අන් කිසිවකු වග කිව යුතු නොවේ.මගේ දුක හා මගේ සතුට තීරණය වන්නේ මගේ සිතුවිලි තුලින්මය.


ඒ නිසා මා මෙසේ සිතමි.

ඔබ මට ආදරේ නැතැයිසිතා  දුක් වෙනවා වෙනුවට . ඔබට මා ආදරේ කරන බව  සිතා මම සතුටු වෙමි .

ඉරිදා පත්තරයක් ගිය දුර ........

19 ප්‍රතිචාර:

http://abebedorespgondufo.blogs.sapo.pt/ said...

Good.
Portugal

wath said...

what.. Can u understand this blog.. Sinhala

දුකා said...

Irida pattarayak giya dura . . . hhhm mm m mm m

රවා said...

මිනිස්සු හැමොටම හැමදෙම හිමි නැහැ. යම් කාලයක් තියනවා. අපි කොච්චර ගණිතය විද්‍යාව ඉගෙනගත්තත් අපිට දැන් තෙරෙනවා එක හැමවිටම ඇත්ත නෙමෙ කියලා. ජිවිතෙන් 1/2 ක් කිට්ටුවෙන්න ගෙවිලා ඉවරයි නෙද...හැබැයි බොරුවට භාහිර ආකර්ෂනය හේතු කොටගෙන කෙනෙකුට ලංවි පසුව " බැදගත්තු බෙරෙ ගහන්න වෙනවනෙ " කියා ලත වෙනවට වැඩිය හොදයි ඔහොම ආදරය කරන එක. ලස්සනයි.

හපො...යි... ඉරිදා පත්තෙරේකට කරන්න පුලුවන් හදියක්....#$!#@$!#@

NUWAN"s lane said...

මටත් ඔන්ලයින් පත්තර කියවන එක තරම් කම්මෑලි දෙයක් තවත් නෑ...ඊට වඩා කොච්චර සෑපද සෑටියට කොට්ටෙකුත් දාගෙන හෙමීට ටිකක් කියවලා ඊට පස්සේ එහෙමම හොද නින්දකුත් දාන එක..

දසුන් මධුසංඛ වානගුරු said...

මම වෙන්නැති සතියේ වැඩිපුරම පත්තර කියවන කෙනා.අපේ SHOP එකට ඉරිද පත්තර සෙනසුරාදා උදේ වෙන කොට ගේනවා.ඉතින් සෙනසුරාදා උදේ 10 විතර ඉදන් හවස් වෙනකම් පත්තර 10 ක් මම කියවනවා.[ලංකාදීප,දිවඉන,ලක්බිම,සිළුමින,රිවිර,හෙලදිව,සියත,ලංකා,SUNDAY OBSERVER,ඉරුදින]

wath said...

පත්තර කියවන්න ඇබ්බැහි වුනොත් ඉතින් .... ඒ ගැන නම් කියල වෙඩක් නෑ.... ඉරිදා පත්තර ඔක්කෝම බලන්න තියනම් කොයිතරම් හොදද.......

Supun Budhajeewa said...

ප්‍රතික්‍රියාවක් නැති ක්‍රියාවක් නිකං ශක්ති හානියක් විතරයි නේද?

රාLa said...

ඕන්න මම නම් ආයේ පත්තර බලන්නේම නෑ.
මටත් මෙහෙම හිතුනොත් මම පවු නේ.

ශාකුන්තල said...

"ඔබ මට ආදරේ නැතැයිසිතා දුක් වෙනවා වෙනුවට . ඔබට මා ආදරේ කරන බව සිතා මම සතුටු වෙමි ."

ම්හ්.... නරකමත් නෑ... :P

ආදරේ.... කෙල්ලෝ.... මගේ ජීවිතෙන් ඈත් කරලයි තියෙන්නෙ.... ඒ නිසා මේ ලියමනට අසංවේදීයි මම.

wath said...

@ශාකුන්තල
thank you , comment කරාට.... ජීවිතෙන් ඈත් කරල තියන දේවල් තමයි ගොඩක් ඉක්මනින්ම ජීවිතේ වැලද ගන්නේ.....

ශාකුන්තල said...
This comment has been removed by the author.
wath said...

අන්න මල්ලි දැනුයි ඔයා ඇත්ත කීවේ. එහෙමනම් වෙනව තමයි. ලෝකෙ හැටි එහෙම තමයි. හැමදෙයක්ම ගානකට. එතකොට හරි... මධ්‍යම ප්‍රතිපදාව තමයි හොද

මාරයාගේ හෝරාව said...

ඉරිදා පත්තරයක් ගිය දුර ........

malee_msg said...

වත් ගේ අම්මා නම් පව්.. මොකද අපේ රටවල අම්මලට දුවලව ගෙදරින් පිට කරනකම් නින්ද යන්නේ නැහැ නේ.. අනේ මන්දා අනාදිමත් කාලෙක ඉදන් අපේ රටේ මිනිස්සු හිතන්නේ ගෑණුන්ට තනියම ජිවත් වෙන්න බෑ කියලනේ.. එහෙම ඉන්නත් අමාරු ‍සමහරක් පිරිමින්ගේ වැඩ හින්දා කියන එක අමතක කරලා පිරිමින්ව හික්මවන්න බෑ කියලා හිතාගෙන ගෑණු දරුවන්ව බන්දලා දෙන්න තමයි හැමෝම මහන්සි වෙන්නේ.. ඒක පට්ට අසාධාරණයි උනාට අපේ රට වල එහෙම නැතුව ඉන්නත් අමාරුයි. ඒ නිසා අම්මා කියන දේත් පොඩ්ඩක් හිතලා බැලුවොත් නරකද? (මම මේ ඔයාගේ නිදහසට බාදා කරනවා නෙවෙයි.ඒත් කියන එක හොදයි කියලා හිතුන නිසයි කිව්වේ)
ඒ සේරම අමතක කරලා ඔයාගේ කවියට ආවොත්
ඒක නම් මරු කියලයි මට කියන්න තියෙන්නේ.

Anonymous said...

gaehaenunta thaniyama jiwathwenna baehae thamayi.. pirimintath ehemayi.. malee_msg ta dhawasaka thereyi thaama 24 yine

අනුරාධ said...

"එක්කෝ ඔබට රෝස මල අග කටු ඇතැයි සිතා දුක් වීමට පුළුවන. නැති නම් කටු අත්ත අග රෝස මල පිපී ඇතැයි සිතා සතුටු වීමට පුළුවන."
ඔය කියමන ඇතුලෙ හැංගිච්ච සරල අදහස අද හැමෝම කතා කරන ධනාත්මක චින්තනයනේ.
ඒත් අක්කේ කටු අග පිපිච්ච රෝස මල ගැන හිතල සතුටු වෙන්න පුලුවන් තරම් විදියෙ සරල සුන්දර ජීවිත අපි ගොඩ දෙනෙකුට නෑ. මොකද කටු අත්ත හුගාක් දිගයි. ඒ නිසා එකේ කෙලවර පිපිලා තියෙන රෝස මල ගොඩ දෙනෙක්ට පෙන්නේ නෑ. පේන්නේ කටු ටික විතරයි. අත්ත කෙලවර කොච්චර ලස්සන මලක් තිබ්බත් ඒකට ලඟා වෙන්න තරම් අපි වාසනවන්ත නෑ අක්කේ. වෙන්නෙ කටු වලට හිරවෙලා වේදනා විඳ විඳ මුලු ජීවිතෙම නාස්ති වෙන 1 විතරයි.

දිlee said...

ඔයත් දැන් රොස මලෙ කටු ගන හිතුව අති ,දැන් මල ගැන හිතන්න පටන් ගන්න
life is too short darling !

සාතන් said...

"ඔබට මා ආදරේ කරන බව සිතා මම සතුටු වෙමි" කරන්න ලේසිම, ලේසියෙන් මිනිහෙක් නොකරන දෙයක්...

(මෙච්චර පරණ පෝස්ට් වලට කමෙන්ට් එන එක ඔයාට කරදරයක් වුනත් කරන්න දෙයක් නෑ... :) ලියල තියෙන ඒව බොක්කට වදිද්දි කමෙන්ට් නොකර බෑනෙ..)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...