..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, December 24, 2009

"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...


"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...එක් වූ පෙම්වතුන්,..... සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ,වෙන් වී ගියවුන් , සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි...


මේ කතාවෙත් ඇත්තක් තියනව නේද?

මනුසත්වයා කවදාවත් සෑහිමකට පත්වෙන ජාතියක් නෙමෙයි. ඒ වගේම තමයි නොලැබෙන දේට ආස කරනව ... නොලබෙන දේට වඩවඩාත් ආසා කරනව. අර සින්දුවකුත් තියෙන්නේ... නන්දා මාලනී මහත්මියගෙ


" නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන . . . .
නෙලා ගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන . . .


සීන මවාගෙන දහසක් තනියෙන් රස විඳපු . . .
බිතු සිතුවම් රූ මෙන් හද තෙලිකඩ මත ඇඳපු . . .
ලොවට හොරා පැස පුරවා ගෙනවිත් හැඩ බලපු . . .
ලස්සන නැති හැටි මල් වල ඉස්සර මම නෙලපු . . .


මුහුන දෙමින් සැඩ පහරට අනංගයා විදපු . . .
නොදැක හිටපු දවස් වලදි ඉකි බිඳ බිඳ හඬපු . .
කාත් කවුරුවත් නැති තැන තුරුලු වෙලා දොඩපු . . .
පැහැය සුවඳ කොහි ගිහින්ද මල් වල මම නෙලපු . . .


මිනිසුන්ගෙ හිත් හරිම පුදුමයි නේද........


අළුත් අවුරුද්දකුත් ලග නිසා හිත් නරක් කරගන්නෙ මොකටද .... ඔන්න මම ගියා......

6 ප්‍රතිචාර:

මාරයාගේ හෝරාව said...

වෙන් වී ගියවුන් , සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි...
සම්පූර්ණ ඇත්ත..

malee_msg said...

මිනිස්සුන්ට කොහොමත් ළග තියන දේවල් වල අ‍ගේ දැනෙන්නේ ඒ දේවල් ලග නැති වුනාම.. ඒකයි කේස් එක..!

රවා said...

ලුෂන් මහතා ලියපු කවියක්, මිනිස්සු කවදත් එහෙම තමයි. මෙක බොරු වෙන තැනුත් තියනවා. මගෙ යහලුවෙකුගෙ සීය කෙනෙකුයි, ආච්චි කෙනෙකුයි ඉන්නවා. එවානම් හරිම වාසනාවන්ත ජිවිත.

ආදරය කරන කාලෙදි සහකරුවාව හම්බවෙන්නෙ සුවදවිලවුන් සැන් පවුඩර් කුප්පි පිටින් හලන්.කතාකරන්නෙත් මියුරු වදන්, දෙදෙනා ගැටෙන්නෙත් බොහොම ටික වෙලාවයි. ඉතින් හරිම සොදුරුයි.

නමුත් එහෙම නෙමෙ. දෙන්නෙක් එකට ජිවත් වෙද්දි දෙදෙනගෙ දුර්වල තැන් පෙන්න ගන්නවා. දෙන්නගෙ දාහඩිය සුවද දෙන්නටම දැන්නෙන ගන්නවා.රුචි අරුචිකම් දැනෙද්දි තමයි කරපු ගොන්කම් තෙරෙන්නෙ.
ඇත්ත තෙරුම් අරගෙන ගැහැනු කෙනෙක් එක්කලා සෙනෙහසින් බැදිලා. හැමදෙයක්ම හොදින් පාලනය කරගෙන් ඉන්න මිනිස්සු ඉන්නවා මෙලොකෙ.

එ අය ඇවිල්ල වාසනාවන්ත මිනිස්සු. කොහොම උනත් සුභ නත්තලක් වෙවා ඔබ හැමටම

wath said...

එකට ජීවත්වෙන කොට තමයි එකිනෙකාකෙ ඇද කුද අඩුපාඩු පේන්න ගන්නේ. අනික හැමදාම දකින කුකුළගෙ කරමළේ සුදුලු නෙ. වෙන් වෙලා ඉන්න කොට අපි දන්නේ මවා පෙන්වපු දේ විතරයි. ඒ නිසා හැමදාම ආදරෙන් ඉන්න පුලුවන්. අන්න ඒකයි රහස....

Thejan said...

ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න. බුදු දහමේ නම් ඕක පැහැදිලිව කියවෙලා තියෙනවා. (අටලෝ දහම)

අපිට නොලැබීම් ව‍ගේම ලැබීමුත් තියෙනවා. ඒ නිසා ජීවිත‍ කාලය පුරාම අහිමි වුණු දෙයකට කඳුලු සලන එක මෝඩ කමක්.

අතීතය කරපින්නාගෙන ඉන්න එපා. ජේ.ආර්. ඉතිහාසය වැඩක් නෑ කිවුවෙත් ඒ නිසාමයි. හැම විටම අතීතය ආඩම්බර වීමට යමක් ඉතිරි කරන්නේ නෑ.

කරන්න ඕන වර්තමානය වඩා යහපත් කර ගැනීමයි. ඒ වෙනුවෙන් පියවර තැබීමයි.

එහෙම කාලයක් ගියාම ඔයාටම පෙනෙයි ඔයා තමන්ගේ අතීතය වෙනස් කරගෙන ඇති බව.

---හිතලා බලන්න. මං කිවිවේ හිතන්න තරම් වැදගත් දෙයක් නම්.---

Asanka said...

"ආදරය කරන කෙනාව marry කරන්න එපා, marry කරන කෙනාට ආදරය කරන්න එපා" කියල කතවක් තියෙනවා. මිනිස් සිත දෙබඩියි. ඒක හැදිලා තියෙන්නෙ එකිනෙකට සම්බන්ද නමුත් ප්‍රතිවිරුද්ද දේවල් වලින්. අහස-පොලව,දෙවියන්-යක්ශයා, පිරිමියා-ගැහැනිය, අම්මා-පෙම්වතිය... වගේ. ලොකු මාතෘකාවක්...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...