..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, December 18, 2009

ආදරය ආත්මාර්ථකාමීද ...................




අපි ඇත්තටම ආදරේ කරනවද ? හොදට හිතල බැලූවොත් අපි ආදරේ කරනවට වඩා අපි කරන්නේ ආදරේ ලබා ගන්න වෙහෙසෙන එක නේද?අනිත් අතට අපි ආදරේ කරන්නෙත් අපිට ආදරේ කරනව කියල අපි හිතන අයට විතරයි.

අපි පුංචි කාලේ අම්මට තාත්තට ආදරේ එයාලත් අපිට ආදරේ නිසයි.සහෝදර සහෝදරියොත් අපිට ආදරෙයි අපිත් පෙරලා එයාලට ආදරෙයි.ඊට පස්සෙ කරදඩු උස්මහත් වෙන කොට ඒ ලැඛෙන ආදරේ මදි වෙනව. අපි අපේ මහා මෙහෙයුම දියත් කරන්න පටන් ගන්නවා. ආදරේ සොයනව. මම, මට..  ආදරේ කරන කෙනෙක්.මම ආදරේ කරන කෙනා මට ආදරේ වෙන්න ඕන. අපි හිතන්නෙ එහෙමයි. පෙරලා දෙයක් බලා පොරොත්තු නොවී ආදරේ කරනව නම් ඒ ඛෙහොම ටික දෙනයි.

මේ පුංචි කතාව ඇත්ත කතාවක්.මට කීවේ මම ගොඩක් ආදරේ කරන ඒත් මට ආදරේ නොකරන කෙනෙක්.

ඒ බොහොම ප්‍රසිද්ධ අගනුවර පිරිමි පාසලක්.ඒ පාසලේ නියෝජ්‍යය විදුහල්පති බොහොම සැර පරුෂ කෙනෙක්. නමුත් දරුවන්ට ගොඩක් ආදරෙයි.ඒ වගේම මැදිවියත් ඉක්මවා සිටිය ඔහු අවිවාහකයෙක්. දිනක් ඔහුට පාසලට හසිදි පණිවිඩයක් ආවා. සිසුන් බලාඉද්දිම ඔහුගේ දෑසට කදුළු පිරුණ. ඔහුගෙ මව මිය ගිහින්. පාසල් දරුවො මළ ගෙදරට සහභාගි වෙන්න ගියා.ඔවුන්ටත් ඔහු ගැන දුකයි.ඔවුන් මළ ගෙදරදී දැක්ක සැරපරුෂ ප්‍රතාපවත් මිනිසා ඛෙහොම අසරණ විදිහට තම මවගේ දෙණ ලගට වෙලා ඉන්නවා. ඔහු අසලම ඔහුගේ සමවයසෙම ගැහැණු කෙනෙක් .... ඒ කවුද? කාගෙත් සිත් වල ඒ පැණය තිබුන. ඒ කවුද කියල කවුරුවත් දන්නෙ නෑ.

ඊට වසර 03 කට පස්සෙ ඔහු විශ්‍රාම  ගියා. ටික දිනකින් ආරංචිවුනා ඔහු විවාහ වෙලා කියල.සමහරුන්ට නම් ඒක විහිලූවක් වුනා. ඒත් දන්නවද ඔහු විවාහ වෙලා තියෙන්නෙ එදා මළ ගෙදරදි ඔහු ලග තනියට සිටි ඒ ගැහැණිය සමග.ඒ ඔහු තරුණකාලේ ආදරේ කළ සුන්දර තරුණිය. ඇයව විවාහ කරගන්නවට ඔහුගේ මව ඒ කාලේ කැමති වෙලා නැහැ. ඉතින් ඔහු මවගේ සිත රිදවලත් නැහැ.  තමන්ගේ ආදරේ වෙනුවෙනුවෙන් ජීවිතේම කැපකරල. ඔහු වෙනුවෙන් ඇයත් අවිවාහකව ඉදල.

මගේ
ප්‍රශ්ණය මේකයි ඔහු ජීවිතේ අකලට නැතිකරගත් කෙනෙක්ද.... අවසානයේ සියල්ල හිමිකර ගත් කෙනෙක්ද?

16 ප්‍රතිචාර:

වැප් said...

ජීවිතේ ජය ගත් අයෙක්

රවා said...

මගෙ අදහස් වලට අනුවනම් එ මනුස්සයා සියල්ල හිමිකර ගත් අයෙක්. මෙ කතාව ඇත්තම එකක් නම් මෙ ලොකෙ වඩාත්ම තෘප්තිමත් මනුස්සය එයා බව මට නිසැකයි. මිනිස්සු ඉපදුන දා ඉදන් කරන්නෙ හොයන එක. එක එක දෙ හොයනවා. හැබැයි. හැබැයි හම්බවෙන්නෙ කිප දෙනෙකුට විතරයි. එ අතරින් එක්කෙනෙක් මෙ.

uditha said...

සැබෑ මිනිසෙක්

wath said...

ඔහුගේ ජීවිතෙත් ඒ වයසේ වෙන කෙනෙක්ගේ ජීවිතෙත් බැලුවම .. ඔහුට නොලබුන දේ බොහෝමයි නේද.. ඉතින් කොහොමද ඔහු ජීවතේ දිණුව කෙනෙක් වෙන්නේ

ඔහුට සියල්ල නැතත් සියල්ල ලැබුන කෙනෙක්ද ? අනිත් අය බොහොමයක් සියල්ල තිබිලත් නැති අය වගේද?

මාරයාගේ හෝරාව said...

ඇත්තටම ජීවිතය දිනුවද පැරදුනාද කියලා තීරණය කරන්නේ කොහොමද? ජීවිතය තුලදී වරක් දිනුවත් එය සදාකාලික නොවෙ නම් එය ජයක් හැටියට දකින්න පුළුවන්ද? මෙහි කථානායකයා හට ඔහුගේ උත්සහයෙන් හෝ දෛවය විසින් ලබා දුන් දෙය එයයි. කෙසේ නමුත් මවගෙ කීකරු පුත්‍රයා හැටියටත් , පෙම්වතිය සමග එක් වීමට (අවසානයේ දී හෝ) හැකි වූ නිර්මල පෙම්වතා හැටියටත් ජීවිතයට යම් අරුතක් එකතු කරන්නට ඔහුට හැකි වූවත් සම්පූර්ණ ජීවිත කාලය පිළිබඳව සලකා බැලීමෙදී රිසි දේ නිසි වෙලාවට නොලැබීමෙ දුක ඔහු අඩුවක් නැතිව ලබන්නට නම් ඇති කියලා මට හිතෙනවා..

Supun Budhajeewa said...

"ජීවිතේ අකලට නැතිකරගත් කෙනෙක්"

Ravin Caldera said...

දවස් දෙක තුනකට කලින් මා මේ ගැන සිතුවා. එය‍ට ප්‍රස්තුතය වූයේ මා දන්න ගැහැණු ළමයෙක් මගේ මිත්‍රයකුට තැග්ගක් එවන්න ලිපිනය ඉල්ලා ගත්තා. මගේ කාමයේ අනෙක් කොණෝ ඉන්න මිත්‍රයා ඇයට අකමැතියි. එහෙත් ඇයට ඔහු ගැන සිත් බැදිලා... මා ද, අනුකම්පාවෙන් යුක්තව ලිපිනය දුන්නා. ඇය බේක් කරපු කුකිස් වගයක් එවා තිබුණා, ලිපියකුත් සමඟ අඩු තරමේ මා ගැන සඳහනක්වත් නැතිව. . . මා කල්පනා කළා කුකීස් කන අතර, ආදරය ගැන; මේ දවස්වල මා ඉංග්‍රීසියෙන් කවි ලියන්න හදන නිසාත්, ඇමරිකානු කවීන් සහ කාව්‍ය පිළිබඳ අධ්‍යනයක් කරන නිසාත් කවයකට මුල් පද කිහිපයක් ලියා තැබුවා මෙලෙස:
"Love is selfish,
Egocentric, exclusive,
Insensitive, & Narcissistic . . . "

එහෙත් මේ ප්‍රේම කතාව නම්, මා හිතන්නේ සැබෑ ආදර අන්දරයක්; සමහර විට දෙමාපියන් සැනසීමට අප අකමැති තීන්ඳු තීරණ ගත යුතු වෙනවා! එහෙත් ඒ තිරණ එකපාර්ෂික, අමනෝඥ, හිත‍ළු තීරණ නොවිය යුතු යි. සමහර විට ඔහුගේ සැරපරුෂ ගතිය ඔහු විඳී වේඳනාවේ දොරේගැලීමක් විට හැකි ය. එහෙත් අවසානයේ ඔහු ගේ හිත ගිය තැන, නතර වන්න ඔහුට හැකි වීම සතුටක්. . .

wath said...

සැර පරුෂ ගතියට හේතුව ඇත්තටම හිතේ හිරවුන දුක වෙන්න පුලුවන්. අනේ මමත් දුර ඉන්න හිතවත් කෙනෙක්ට පොඩි තෑග්ගක් යැවුව. ලැබුනද නැද්ද කියල තවම දන්නෙ නෑ. ඒකනම් වෙන අදහසකින් යැව්ව තෑග්ගක් නෙමෙයි. දැන් ආයෙත් ලියන්න ඉඩ කඩ තියනව නේද විභාග ඉවර නිසා.

රවා said...

අක්කෙ සාමන‍යෙන් ජීව විද්‍යත්මකව උනත් එදෙ පැහැදිලි කරන්න පුලුවන්. ගැහැනු කෙනෙක් ගෙ සෙනෙහස,ආදරය,සංගමය පිරිමිකෙනෙකුට හැම අතින්ම වටින දෙයක්. එ වගෙ කෙනෙක් සැර පරුෂ කෙනෙක් වෙන්න පුලුවන්. බලන්න ප්‍රසිද්ධ උදාහරන කොච්චර අපෙ සමාජයෙ තියනවද..

Supun Budhajeewa said...

"ජීවිතේ අකලට නැතිකරගත් කෙනෙක්

මෙ කියමන ගැනත් යමක් ලියන්න ඔනා.මෙය වැරදි කියලා කියන්නෙ නැහැ.
නමුත්

ගොඩාක් දවසකින් වැහිබිංදුවක් වත් වැටිලා නැති පොළවකට වැහිබිංදු වැටෙන කොට
වැස්සාකට පස්සෙ හඳ පායනකොට

ඇතිවන සුවය, හැගීම අර හැමදාම ලැබෙන දෙ නෙමෙ. එක දන්නෙත්, දැනෙන්නෙත් එ වගෙ දෙයක් අත්දැකල තියන අයම තමයි.
පරිත්‍යග, කැපකිරිම් කරන කරපු මිනිස්සුන් දන්නව එකෙ තියන රසය. මම දැනුත් කියන්නෙ . හැමතිස්සෙම හම්බ වෙන තැනිතලාවට වඩා කන්දකට පස්සෙ හම්බෙන පල්ලම වටිනවා.

කදුළුබිංදු said...

මට හිතෙන විදියට නංගි මේ පුද්ගලයා මේ ලෝකෙ ඉන්න තෘප්තිමත්ම පුද්ගලයා නොවුනට බුද්ධිමත්ම පුද්ගලයෙක් වෙන්න ඕන.මොකද අම්ම කෙනෙක්ගෙ හිත රිද්දල අපි ලබන ජය බොහෝම තාවකාලිකයි.අම්ම කෙනෙක් කවදාවත් දරුවෙකුට ශාප නොකළත් දරුවෙක්ගෙන් කෙරෙන හිත් රිදවීමකදි හෙලන සුසුමකට ලෝකයක් දවන්න පුළුවන් ඇති.ඔහු රැකගත්තෙ සදාකාලිව වෙනස් නොවෙන ආදරය.සමහර විට අම්මගෙ හිත රිදවල පෙම්වතිය බිරිද කර ගත්තනම් බිරිදගෙ ආදරේ මගදි වෙනස් වෙන්න තිබුන.අනේ ඔය මට දැනෙන හැටි.මම දන්න තරම නේ.

wath said...

ඒත් ඒ පුද්ගලයගෙ අම්මා කොයිතරම් හිතින් විදවන්න ඇද්ද? තමන්ගෙ දරුව අවිවාහකව ඉන්න එක ඒ අම්මට දුකක් වෙන්න ඇති. සමහරවිට අම්මාගෙන් සුයුම් ලෙස පලිගැීමක් ඔහු කළා කියල හිතන්න බැරිදි.

Supun Budhajeewa said...

@කදුළුබිංදු:
මොන විකාරයක්ද? කෙනෙක් වැඩ කරන්න ඕන තමන්ට හරියි කියල හිතෙන විදියටද නැත්නම් තව කෙනෙක්ට හරියි කියල හිතෙන විදියටද?

මාරයාගේ හෝරාව said...

මම හිතන විදිය හරිනම් මම හිතන්නෙ ඒ දේ තාමත් ඔහුට ලැබිලා නැහැ කියලයි.

තට්ටු වෙන මාරු said...

මම නම් හිතන්නෙ ඔහු නිවැරදි කෙනෙක්,
අම්මා ගේ හිත රිද්දුවෙත් නෑ,පෙම්වතිය රැවැට්ටුවෙත් නෑ.....
නමුත් ඔහුත් මනුස්සයෙක්.

සොඳුරු සිත said...

@ තට්ටු වෙන මාරු
හ්ම්... ඔවු ..ඔබ හරි..ඒත්...ගිය පු කාලය.. විල කරන්න පුලුවන් ද? ආපහු ගන්න පුලුවන් ද?

ස්තූථියි අදහස් වලට...

සාතන් said...

සාතන් නම් හිතෙන විදිහට මේ දෙන්න අවංකව ආදරේ කරල තියෙනව...
ඇත්තටම ආදරේ කරන දෙන්නෙක් බඳින්නම ඕනද?... සාතන් නම් හිතන්නෙ කසාද බදිනව කියන එක අත්‍යවශ්‍ය නෑ කියල...

(මේවට කමෙන්ට් නොදා ඉන්න බෑනෙ..)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...