..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, December 16, 2009

තවත් වසරක අවසානයට ...........


තවත් වසරක අවසානයට දන්නෙම නැතිව ලගා වෙලා. ආපහු හැරිලා බලන්න නම් මම කැමති නැහැ. මොකද කියනව නම් ගෙවුන කාලය ගැන හිතනඑක තැවෙන එක පලක් නැති දෙයක් නිසා.

මිනිසුන් කියන සත්ත්ව කොට්ඨාශය අමුතුම කොටසක්. සුන්දර මින්සුන් වගේම බොහොම අසුන්දර  (රූපයෙන් නොවේ  ) අයත් ඒ අතර ඉන්නවා. බොහොමයක් දෙනා හදුනා ගන්නට හැකි නම් ඔබට තේරේවි ඔවුන් සුන්දරයි කියල.

මෙය ලියන මමත් කියවන ඔබත් කෙතරම් වෙනස්ද භෞතිකව හිස ඇග කණ් නාස් ඇස් මෙකී නොකී දේවල් වලින් මිනිසුන් ලෙස සමාන වුනත් සිතින් අපි සෑම විටම කෙතරම් වෙනස් ද

මේ කණෙන් රිංගලා එහා කණෙන් යන අය
ගෝනි නැතිව කරේ යන අය
දෙකට ගණින්න බැරි අය
බබලා වගේ අය
හැමවෙලේම අඩන අය
හොස්ස ලගින් මැස්ස යන්න බැරි අය
හතර පෝයට සිල් ගන්න අය
බොහොම අසරණ අහිංසක අය
සල්ලාල අය
පවුල් බර කරට ගත්ත අය
ජීවතේ රස විදින්නෙ නැති අය
කකා බිබී ජොලි කරන අය
දවසට වේලක්වත් කන්න නැති අය
අයියෝ  ගොඩයි

ඔබත් මමත් මේ එහකට විතරක් නෙමෙයි කිහිපයකටම අයත් වෙන්න පුලුවන්... ඒකත් හොදයි.. එතකොට ජීවිතේ විවිධයි. නැත්තම් ඔක්කොම එක වගේ වුනාම කිසිම ගතියක් නැහැනේ නේද..

සමාජය ගැන හිතන්න ගියොත් අන්තිමට වෙන්නෙ එල්ලිලා මැරෙන්න. ඊට මීට වඩා හොදයි. මේක මෙතනින් නවතන එක. කෙහොම වුනත් 2010ට තව ටික දවසයි. කාගෙත් සිත් සතන් නැවුම් වෙන වෙලාවක ගැට ගැහුන නූල් බෝල ගැන කියන එක තේරුමක් නැහැ.... එහෙනම් කාටත්
 සුභ නව වසරක් වෙන්න කියලා කියන ගමන්මේ වසරේ මට කරන්න තියන ඉතිරි වැඩ කටයුතු ටික නිමකරන්න ඔං මම ගියා..............

5 ප්‍රතිචාර:

රවා said...

සුභ නව වසරක් වෙවා... අක්කෙ.

නිශාන්ත අනුරුද්ධ said...

තාම 2009ට ආයුබෝවන් කියන්න එපා.
ඒක තාම ඉවර නෑ...
2009, 2010 කියන්නේ නැතිව සඳුදා, අඟහරුවාදා කියලා ගැන්නොත් හොඳයි කියලයි මං කියන්නේ...

/නිශාන්ත

වැප් said...

ඒහාට මෙහාට පනින අය

malee_msg said...

ඔන්න ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.. !!!

wath said...

එහාට මෙහාට පනින අය ගැන නම් මොන කතාද

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...