..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, December 8, 2009

ඔයයි ... මමයි....


සද ළග තියන පුංච් තරුව ට සද පේනව වගේ මටත් මගේ සද පේනවා.......
ඒත් සදට පුංච් තරුව තියනවද කියලවත් වගක් නෑ වගේ..............
සමහර විට සදට තරුව අමතක වෙලාද........
නැත්තම් සදේ ආලෝකය නිසා  තරුව පේන්නෙ නැතිව ගිහින්ද.....

තරුව සදට ආදරේ තරම ... ලෙංගතු තරම් සද දන්නේ නෑ.....
තරුව තනිවෙලා අදුරේ හිටපු යුගයෙ තරුවට උදවුවට ආවෙ සද..
එදා ඉදන් තරුවේ ජීවිතේ වුනේ සද......
ඒත් තරුව දැන ගෙන හිටියේ නැහැ සද අයිති වෙන කෙනෙක්ට කියල......
සදටත් ඒවගක් තරුවට කියන්න බැරි වුනා....
අන්තිමට සද කරේ තරුව අදුරන්නේ නැති ගානට ඉන්න එක ...
ඒකට සදට සාධාරණ හේතු ඇති කියල තරුව හිතනව...
ඒත් තරුව තාමත් සද දිහාම බලන් සද ලගටම වෙලා ඉන්නව...
සදට තරුව ගැන බලන්න දැන් වෙලාවක් නෑ ....
තරුව මතක නැති වෙලාද ....
කමක් නෑ..............

සද නැතිව තරුවට තනියෙන් ඉන්න වෙනව කියල තරුව දවසක දැන ගන්න ඕන ........

10 ප්‍රතිචාර:

malee_msg said...

සඳට එළිය ලැබෙන්නෙත් තරුවකින් කියලා සඳ දැනගන්නත් ඕනි..

ප/ලි - මගේ අදහස මේ කථාව මැද්දට හරියන්නේ නැද්ද මන්දා..

මාරයාගේ හෝරාව said...

අපි කිසියම් තරුවකට සඳක් වෙනකොට, අපිත් තරුවක් වෙලා තවත් සඳකට ඇළුම් කරනවා. මෙක තමයි ප්‍රශ්නේ..
කොහොම උනත් ජීවිතේ කියන්නේ කියන්නේ පුදුම දෙයක්..

මාරයාගේ හෝරාව said...

මලානික රෑ අහස - දිදුළුවා එළිය කොට..
පායලා ආ කලට - සුදිලෙනා සරා සඳ..
තවත් මට පලක් නැත - උදුල තරු අහස් කුස..
මගේ සඳ මා ලගම - ඉදිවී තනි නොකර..

මාරයාගේ හෝරාව said...

ගලා එමින් හද මඩලට - මලානිකව තිබුනු ලොවට..
එළියක් වී රෑ අහසට - පායා ආ සුපුන් සඳක..
විලසින් ගෙන දී ජීවය - විගසින් ඔබ ගියා ඉවත..
එහෙම උනත් සඳ මඩලට - තිඛෙන සෙනෙහෙ තාමත් ඇත..
හැමදාමත් වෙනස් නොවෙ - එයයි මගේ පරම සුවය..

දුකා said...

මේ බ්ලොග් එකත් මම ෆේවරිට් බූක්මාර්ක් එකක් කරලා තියා ගත්තා නිදහස් වෙලාවක කියවන්න කියලා . . .

wath said...

මලී නගේ ....
ඇත්ත තමයි. සද බැබලෙන්නෙත් අනුන්ගෙ ආලෝකයකින් නේන්නම්.... අපි ඉර කියන්නෙත් තරුවක් නේන්නම්...... බලන් ගියහම පැත්තක ඉදන් නිස්සද්දව උපකාර කරන කෙනාව කාටවත් පේන්නෙ නෑ නේන්නම්............

දුකා
හොදයි ... බොහොම ස්තූතියි . මම ලියන ඒව කියවන්න අය ඉන්න එක සිතට සතුටක්....

NUWAN"s lane said...

මේ දෙන්නාම හිටියොත් අහස ගොඩාක් ලස්සන වේවි

ආදර කතාව said...

මගේ අත්දැකීම් වලටත් සමානයිදෝ කියල හිතෙනව. අද මම එක හුස්මට මුලු බ්ලොග් එකම කියවගන ගියා.

meepani said...

ඔයාගේ දුක් මුසු කවි හිතට මම හරි කැමතියි.

sadali's thought said...

ඔව්.. සදට තරුව ලගටම වෙලා ඉන්න ලැබෙන්නෙ නැහැ කියල තරුව තෙරුම් ගන්න ඔනෙ...
හිතට දැනුන ලස්සන ඇත්තක්

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...