..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, December 6, 2009

වෙරි මතට තිත

මත්පැන් පානය හොද දෙයක් නූනත් සමහරුන්ට මේ සත්‍ය තේරුම් යන්නෙ වෙන්න තියන හානිය වුනාට පස්සෙ. මත් පැන් පානය කිරීම නිසා ආතක් පාතක් නැතිව විකාර නටන අය වගේම කෙළින් හිට ගන්න බැරි තරම් වෙරි වූ අයට බොහොම හොද බේතක් ලූ කෙසෙල්........

කෙසෙල් කොහොමත් ගුණදායකයි. වෙරි අඩු කරන පලතුරක් කියල දැන ගෙන ඉන්න එකත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි සමහර වෙලාවට.

මෙහෙමනෙ කෙසෙල් වල විටමින් ඊ (E) තියනව. විටමින් ඊ චින්තනය නිරවුල් කරන්නට ඉවහල් වෙනවා. (රට පාලනය කරන ච්න්තනය නෙමෙයි හොදද.) එසේම මේ පලතුරෙහි පෘක්ටෝස් නැමැති සීනි වර්ගය තිඛෙනව. එය මධ්‍යසාර පරිවෘත්තීය ක්‍රියා වලිය ට ලක් කිරිම වේගවත් කරල වෙරි මත ඉක්මනින් අඩු කරන්න කටයුතු කරනව කියලා සොයා ගෙන තියනවලූ.

කොහොම වුනත් මේ ගැන අත්දැකීම් මට නැති නිසා. මේක ඇත්තද බොරුද කියල කියන්න පුලූවන් වෙන්නෙ ඔයාලටම තමයි..... අත්හදා බලපු අය ඉන්නව නම් ඒ ගැන කියන්න .. නැති අය අත්හදා බලන්න.....

11 ප්‍රතිචාර:

මාරයාගේ හෝරාව said...

බීලා හරි මත් වෙන්න හදන්නෙ වෙරි වෙන්න ඔන නිසානෙ ආයෙ මොකටද කෙසෙල් කාලා ඒක නැති කරගන්නෙ. එහෙම නම් ඉතින් බැරියෑ නොබී ඉන්න. අනිත් එක බොන එක මනස නිරවුල් කරන දෙයක්නෙ.. බොරුනම් අහල බලන්නකො අපේ ජනරාල් තුමාගෙන්.

NUWAN"s lane said...

බස්ස ගන්න නම් ඔච්චර වියදම් කරලා බොන්න ඔනද,,,හි ක් හි පුලුවන් නම් තව පෑයක් දෙකක් හරි තියගන්න පුලුවන් ක්‍රමයක් කියන්නකො...

රවා said...

මගෙ වයස 23 යි. අරක්කු වලින් කිසිදෙයක් කරන්න බැහැ. ප්‍රශ්න වලින් මිදෙන්නෙ ටික වෙලාවකට විතරයි. තාවකලික දෙයක්. හැම දෙටම පිලිතුර තමුන්ගෙ හිත, හදවත තුලින් ගන්න පුලුවන්. ඔය ප්‍රශ්න වලින් මිදෙන්න අරක්කු බොන්න ඔනෙ නැහැ. කන්න නැති මිනිහෙකුට බත් එකක් අරන්දෙන්න. ඉස්පිරිතාලෙකට ගිහින් ටිකක් වෙලා බලන් ඉන්න. අපෙන් පිහිට පතන මිනිස්සු ඔනා තරම් ඉන්නවා. එගොල්ලො උදව් ඉල්ලන්නෙ නැහැ. එගොල්ලන්ගෙ මුහුන දැක්කහම එ දෙ අපිට කියවන්න පුලුවන්. ඔනා තරම් මිනිස්සු ඉන්නවා දුක් විදින, තනිකමෙන් පාලුවෙන් මිරිකිලා.

අඩු වෙන් වියදම් කරලා බීලා වැඩියෙන් මත් වෙන්න ඔනා නම් කරන්න තියන්නෙ ස්ටොං බියර් එකක්යි, බල්ලන්ට ගහන එකෙන් බාගයයි, දෙවියන්ට ගහන එකෙන් බාගෙකුයි සල්ලි දිලා ගන්න. ඉටපස්සෙ තුනෙන් පොඩ්ඩ පොඩ්ඩ කලවම් කරලා සොඩා ටිකකුයි කලවම් කරලා දවසට විදුරු දෙක ගානෙ ඇතුලට දාගන්න. සතියම ෆන් එකෙ ඉන්න පුලුවන් අඩු වියදමකින්.

නමුත් මත් වෙන්න ඔනාම නම් කරන්න තියන්නෙ රා. රුපියල් 40 යි බොතලය බොතල් දෙකහමරකින් මුලු දවසම ෆන් එකෙ හිටියහැකි. සල්ලි යන්නනෙත් අපෙ සිංහල මනුස්සයෙකුටමයි. ගදයි. බඩටත් හොදයි. ගහෙන් බාපු ගමන් ගන්න ඔනා නම් පාන්දරින්ම ගන්න යන්න.

හරි මම මෙ ගැන අද මගෙ බ්ලොග් එකට යමක් එකතු කරන්නම්

ushower said...

Bonne prashna wisadaganna kiyanne parana seeyalane. Bonne math wenna. Hariyata badginnata kanawa wage math wenna bonawa :D

දසුන් මධුසංඛ වානගුරු said...

අහල බලන්නකො අපේ ජනරාල් තුමාගෙන්.[Anna hari ]

wath said...

අහල බලන්නකො අපේ ජනරාල් තුමාගෙන
Dikirata Balalluth Sakki lu...

malee_msg said...

තව තියනවා.. කෙසෙල් හොයා ගන්න බැරි නම්.. හොදට අයිස් ක්‍රිම් කන්න..
තමන්ගේ යාළුවා නොක් අවුට් වෙලා නම් දෙහි ගාන්න ඔළුවෙයි යටි පතුල් වලයි.

said...

මම කෙසෙල් විතරක් නම් ට්‍රයි කරලා නැහැ ඒත් ෆෘට් සැලඩ් වලටත් හරියනවා. අයිස් ක්‍රීම් නම් හරියටම හරි.

wath said...


නිදා ගැනීම බීම පොත් කියවීම...නේද ඔයාගෙ විනෝදාංශ ..... මත් වෙන්න බීලා මොකද මත නැති කර ගන්න පෘරුටි සැලට් කෑවේ ....

said...

වෙරි මත නැති කරගන්න නෙමෙයි වෙරි මත අඩු කරගන්නයි සැලඩ් කන්නේ.

wath said...

ahemanam Ganakata biwanam Ewarai ne... neththam nobima inna... Godak bila ..godak weri wela .. fruit sald kanna epa. Aparade Salli.........

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...